අද.....ලියන්න....... ලොකූ මාතෘකාවක් අරගන්නෙ නෑ මම.... ඒත් අපේ ජීවිත වලට ගොඩක් සමීප පුංචි කතා දෙකක් මතක් උනා ලියල දාන්න....
පළවෙනි එක - "ගෑණු අඬනව මිනිස්සු බොනව"
ඔය කියන කාරණා දෙක බෝම දරුණු විදියට... වෙන් කරන්න බැරි තරම් තදින් බැඳිල තියෙන දෙකක් කියලයි මට නම් හිතෙන්නෙ.. ඔය දෙකේ දෙපැත්තෙම වැඩි සාධාරණත්වයක් දකින්නෙ නෑ... හෙහේ... මොකද මිනිස්සු බොන එකේ ගතයුත්තක් ගෑණු දකින්නෙ නෑ වගෙම.. ගෑණු අඬන එකේ ගතයුත්තක් මිනිස්සු දකින්නෙත් නෑ... එහෙම නේද? :)
මම ,මිනිස්සු බොන එක හේතුවක් විදියට "දුක" ගන්නම්කො... කොහොමත් ජීවිතේට නොබී ම හිටපු සමහර අයත් "දුක" නිසා නෙ බොන්න පුරුදු වෙලා තියෙන්නෙ...
කෝම හරි කමක් නෑ... හේතු ගොඩක් තිබුනත්. මම එක හේතුවක් ගත්තොත් මේ දෙකටම පොදු; ගෑණු අඬන්නෙ දුක ට.... මිනිස්සු බොන්නෙ දුක ට කියල....
එතන ප්‍රශ්න දෙකක්,
1. දුකට ඇඬුවා කියා ගෑණුන්ට ලැබෙන්නේ මොනවා ද? (අඬන්න එපා කිවුවාට ගෑණු අඬන එක නවත්තනවා ද?)
2. දුකට බිවුවා කියා මිනිස්සුන්ට ලැබෙන්නේ මොනවාද? (බොන්න එපා කිවුවාට මිනිස්සු බොන එක නවත්තනවා ද?)
එහෙනම් අඩන්න එපා කියන මනුස්සය ද හරි බොන්න එපා කියන ගැහැණිය ද හරි? ප්‍රශ්නයක් නේද?
සංවාදයට විවෘතයි -- කමෙන්ට්ස්
විශේෂයි 1 - ----බොන එක ශරීර සෞඛ්‍ය පිරිහීමට හේතු වේ කියන තර්කයට එන්න කලින් මේ තත්වය ගැන හිතන්න කියන එක මගේ විශේෂ ඉල්ලීමක්! මොකද මම මේ කතා කරන්නෙ ඊට ගොඩාක් කලින් අවස්ථාවක් ගැන---
විශේෂයි 2 - ----(ගෑණු = මහත්මියන් සහ මෙනෙවියන්) (මිනිස්සු = සියලුම පිරිමින්)------
---------------------------------------------------------------------------------------------------------------------------
දෙවෙනි එක - "කෙල්ලෙක් හොයන්නෙ තමන් එක්ක තමන්ගෙ අනාගතය සාර්ථකව ගත කරන්න පුලුවන් කොල්ලෙක්ව... ඒත් කොල්ලෙක් හොයන්නෙ තමන්ගෙ අතීතය බොහොම සාර්ථකව ගත කරපු කෙල්ලෙක්ව...."
සාමාන්‍යයෙන් කෙල්ලෙක් (යාලු වෙන්න කලින් කොල්ලගෙ අතීතය ගැන දැනගත්තොත් නම් ඉතින් අප සරණයි.. යාලු වෙන එකකුත් නෑ) කොල්ලෙක් එක්ක ආදරෙන් බැඳුනට පස්සෙ ඒ කොල්ලගෙ අතීතය දැනගත්තොත්.... එච්චර හොඳ කෙනෙක් නෙමෙයි කියල... ඒ අතීතය හාරා අවුස්සල හොයල බලන්නවත්... කොල්ලව දාල යන්නවත් වැඩි කැමැත්තක් නෑ නේද? මොකද... කෙල්ලෙක් විදියට ඔයා හිතනව එයාගෙ අතීතෙන් වැඩක් නෑ.. දැන් මගෙත් එක්ක හොඳින් ඉන්නව නෙ..එයා හොඳ විදියට වෙනස් වේවි කියල...
1. ඒක එහෙම නේද?
ඔව් එහෙම නැති අයත් ඉන්න බව මම දන්නව......
කොල්ලෙක් සාමාන්‍යයෙන් කෙල්ලෙක්ගෙ "පස්සෙන් ගිහින්" නෙ යාලු වෙන්නෙ... නෑ ඉතින් මම කතා කලේ ප්‍රායෝගිකව... කෙල්ලෙක් කොච්චර කලත් කොල්ලෙක් ගැන හිතක් පහල වෙච්ච ගමන්ම ගිහින් කොල්ලගෙන් අහන්නෙ නෑ නෙ.. ඉස්සෙල්ලම කොල්ලට අඟවනව නෙ තමන් එයා ගැන උනන්දුයි කියන එක... අන්න ඒ නිසා ඒ ඒ තත්වත් එක්ක.. කොල්ලෙක් කෙල්ලෙක් එක්ක යාලු වෙන්න කලින්.. අර මම කියපු "පස්සෙන් යන "කාලෙ හරි තමන් ගැන උනන්දුයි කියල දැනෙන කාලෙ හරි කෙල්ල ගැන..
2. එයාගෙ අතීතය ගැන ඒව මේව විස්තර හොයනව නේද?
ඔව් එහෙම නැති අයත් ඉන්න බව මම දන්නව....
3. කතාවෙ ප්‍රායෝගික බව ගැන ඔයාලගෙ අදහස මොකක්ද?
විශේෂයි 1 ---තමන්ගෙ දක්ෂතාවය තමන්ගෙ මතය තරයේ ඔප්පු කරන්න උත්සහ නොකර තමන්ගෙ ස්වභාවය පිළිබඳව අවංකව හදවතින්ම උත්තර බලාපොරොත්තු වෙමි-----
Friday, December 28, 2012
Tuesday, November 13, 2012
වයස 14+ කෙල්ලන් & 18+ කොල්ලන්ට පමණයි --> 2
පළවෙනි කොටස කියවපු නැති අය ඒ කොටසත් කියවල මේක කියෙවුව නම් තමයි හොඳ... මෙන්න ---> 1 කොටස
....................................ඊට පස්සෙ පහු වෙලා කවුරු හරි කියපු දේවල් අහල හෝ වෙනත් කාගෙ හරි භාහිර බලපෑම් මත හෝ එහෙමත් නැත්නම් තමන්ටම ඇති වෙන ආසාවක් මත, ඇත්තටම තේරුම් අරන් හෝ නැතුව හෝ තේරුම් ගත්තු බවක් අඟවල අන්තිමේදි අර කොල්ලව අමාරුවෙ දානව..(එක්කො; අයියෙ මේක ආදරේ නෙමෙයි... අපි මේක නවත්තමු, අයියෙ මේකට ගෙදරින් කැමති වෙන එකක් නෑ අයියෙ.. මට දැන් තේරෙනව ගෙදරට පිටින් යන්න බෑ කියල මට.. අයියෙ මට සමාවෙන්න, අපි අතරෙ හැමදාමත් වෙන්නෙ රණ්ඩු..මම හිතන්නෙ ඒ අපේ නොගැළපීම නිසා වෙන්න ඇති. තව තව කල් අපි මෙහෙම ඉඳල ඉටු නොවෙන බලාපොරොත්තු තියන් ඉන්නවට වඩා ලොකු දුකක් විඳල හරි අපි වෙන් වෙමු..ඒක අපි දෙන්නටම හොඳයි වගෙ.. දෙපැත්තටම සාධාරණ.. බොහොම කපටි විදියට... හිත් රිදෙන්නෙ නැති බිඳෙන්නෙ නැති විදියට වෙන් වෙන්න ඕන පසුබිමයි බාසාවයි දාල වෙන් වෙයි ).........
අන්න එදාට කෙල්ලට ඒකෙ අරුමයක් නැති වෙයි. අඩු ගානෙ හිතට දැනෙන්නෙවත් නැති වෙයි. සමහර විට වෙන යාලුවෙක් එක්ක කතා කර කර සතුටු වෙනකොට තමන්ට ගොඩක් ආදරේ කෙනෙක් ඉන්නව නේද../..ආදරේ කරපු කෙනෙක් හිටිය නේද කියන එකත් අමතක වෙයි.. මොකද ඒක... ආදරේ... ඒක ආදරේම උනා නම් කෙල්ලෙක්ට/ කොල්ලෙක්ට තමන්ගෙ හෘද සාක්ෂියට එකඟව එහෙම දෙයක් කරන්න අමාරුයි.. කොයි තරම් උනත් වෙන කෙනෙක් තමන්ට ලං වෙද්දි තියා ලං වෙන්න හදනව කියල දැනෙනකොටත් ඒ කෙනා ගැන විකර්ෂණයක් ඇති වෙන්නෙ සැබෑ ආදරේ දි විතරමයි.....
ඒ වගෙම තමන්ට ආදරේ කරන කෙනෙක් ඉද්දි තමන්ට වෙන කාටවත් ලං වෙන්න හිතට දැනෙන අකමැත්ත.. වෙන කෙනෙක්ට හුස්ම පොදක් වත් දැනෙනවට තියෙන අකමැත්ත.. ආසාවෙන් හෝ බලෙන්ම හෝ වගෙ වෙන කෙනෙක්ට ලං වෙන උත්සහ කරනකොට... වෙන කෙනෙක් ලං වෙන්න උත්සහ කරනකොට දැනෙන ඒ පිළිකුල් සහගත හැඟීම.. ඒ විකර්ශණය ඇති වෙන්නෙ....සැබෑම ආදරේදි විතරමයි... සැබෑ ආදරබර හදවතක් තුළ විතරමයි... අනික ඒක බලෙන් ඇති කරගන්න පුලුවන් දේකුත් නෙමෙයි.. උත්සහ කරල බලෙන් ඇති කරගන්න බෑ ඒ වෙන කෙනෙක්ට ලං වෙන හෝ වෙන කෙනෙක් ලං වෙනකොට දැනෙන ඒ අකමැත්ත... ඒක හද පතුලෙන්ම එනව ඔබ සැබෑවටම ආදරයක් කරනව නම්.... පැහැදිළි ඇති ඒක මම හිතන්නෙ.... නේද?
මම මේක මේ ළඟකදි සිදු වෙච්ච සැබෑ සිදුවීමක් එක්ක උදාහරණයකට අරන් මෙහෙම පැහැදිළි කරන්නම්කො....හිතන්න.. ඔයාට ඉන්නව ඔයාගෙ පංතියෙ හොඳ යාලුවෙක්.... එයා කෙල්ලෙක්... ඔයාගෙ හොඳම යාලුවෙක්... යාලුවෙක් විතරයි.. හොඳ ද.. ;) එයා කියනව ඔයාට "මම දැන් කපල් ඩාන්ස් එකක් ප්‍රැක්ටිස් වෙනව මෙතන බෝයි කෙනෙක් එක්ක" කියල.. එහෙම කිවුව කියල ඔයාගෙ හිතට කිසි විශේෂ... හෘදයාංගම හැඟීමක්... හිත රිදෙන ගතියක් ඇති වෙනවද...? නෑ නෙ.. ඔයා කියයි... "එල එල... තවත් කොල්ලෙක් අමාරුවෙ කියල" :පී
දැන් අනිත් පැත්ත.. හිතන්න.. ඔයා කෙල්ලෙක්..... ඔයාට හරි ආසයි කොල්ලෙක් එක්ක ඩාන්ස් කරන්න.. ඔයාටත් ආදරේ කරන කෙනෙක්.. ආදර සම්බන්ධතාවක්... කොල්ලෙක් නෑ.. ඉතින්... ඔයාට ඕන ඔයාගෙ ගොඩක් දේවල් කියන යාලුවට මේකත් කියන්න.. මෙහෙම අවස්ථාත් ලැබෙනව කියල එයාට පේන්න කියල දාන්න... එයා මොනවද ඒ ගැන කියන්නෙ කියල එහෙම බලන්න... ;)
දැන් ඒකෙම අනිත් පැත්ත.... ඔයා කෙල්ල... ඔයාට ආදරවන්තයෙක් ඉන්නව...ඔයාට මෙහෙම අවස්ඨාවකට මුහුණ දෙන්න වෙනව... ඔයාට සිද්ධ වෙනව ඔයාගෙ යාලුවෙකුත් එක්ක එදාම අඳුනගත්තු කොල්ලො ටිකක් එක්ක යුගල නර්තනයකට සහභාගී වෙන්න.. ඔයාට බෑ කියන්න පුලුවන් උනත්.. මොකක්දෝ හේතුවක් නිසා බෑ කියා ගන්නත් බෑ... ඒ වගේම ඔයා හරි ආසයි එයාල ඇහුවම ඔයාට බෝයි කෙනෙක් නෑ කියල කියන්නත්... ඒ ඇයි කියන එක ඔයාටවත් තේරුම්ගන්න බෑ... (ඒත් ඕනම කොල්ලෙක් යටි අදහසකුත් සහිතව ඊටත් වඩා තමන්ගෙ යුතුකමක් විදියට ඔය වගෙ අවස්ථාවලදි කොල්ලෙක් ඉන්නවද කියන එක කෙලින්ම අහනව... ඒක අනිවා වෙන දෙයක්...) ඒ අතරෙ ඔයාට මතක් වෙනව.. ඔයාගෙ ආදරවන්තයව... වෙලාවකට හිතෙනව ..ආදරවන්තයෙක් නෑ කියල කිවුවට... එයාලට පේන්න මැසේජ් කරන්න ඕන බෝයි ට.. එයාලට නිකම් ඇඟවෙන්න අරින්න..හරියට එයාලට ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ල ඉන්නව වගෙ මටත් බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නව කියල...
ආයෙමත් ඔයාගෙ හිත වෙනස් වෙනව... එක්කො ඕන නෑ... මම කොල්ලෙක් නැති ගානටම ඉන්නව කියල.... ඔයාට ඩාන්ස් කරන්න ආසාවත් තියනව...ඒත් ආස නෑ වගෙත් දැනෙනව... මොකද ඔයාට චුට්ටක් ඔයාගෙ ආදරවන්තයවත් මතක් වෙනව... එයාට තුරුලු වෙනකොට දැනෙන... අමුතු ගතියත් මතක් වෙනව..
ඒත් ඊට වඩා ඔයාට මේ අලුත් කෙනාව අත්හදා බලන්න තියෙන ආසාව වැඩියි..ඔයාට හිතනව.. ඩාන්ස් කරන්න ඕන..කියල.. ඔයාට මොහොතක සතුට වෙනුවන්.. අමතක වෙනව ඔයාගෙ ආදරවන්තයව... ඩාන්සින් පාට්නර් එක්ක ඉන්න එකෙන් ලැබෙන සතුට උපරිමයෙන් බුක්ති විඳින්න...ආසාවකුත් ලාවට වගෙ ඔයාට ඇති වෙනව..
ආදරවන්තය ඕක කරන්න එපා කිවුවත් (එයාට ඔතනට ඇවිත් ඔයා ඕක කරනවද නැද්ද කියල බලන බැරි බව දන්න නිසා) "නෑ මම ඒක කරන්නෙ නෑ අයියෙ" කියල බොරුවක් කියල හරි අර සතුට ලබන්න ඔයාගෙ හිත හැදෙනව.. ඒ වගෙම ඒ අතරෙ... ඔයාම ඔයාගෙ හිත සාධාරණීකරණය කරගන්න උත්සහ කරනව... "මොකො මම මෙයා එක්ක ඩාන්ස් කලා කියල.... මෙයත් එක්ක යාලු වෙනව යැ" කියල...
ඒ සාධාරණ හිතත් එක්ක තව තවත් එයාට සමීප වෙලා සතුටින් ඉන්න ආසාවක් ඇති වෙනව... ඒ අතරෙ.. ඔයා දකිනව.. ඔයාගෙ ආදරවන්තයට වඩා.... එයාගෙ වෙනස්කම්... අත.. පය..ඇඟිලි වල සිනිදු හෝ රළු ගතිය.. ඇඟ... හැඩය.. ශක්තිය.... හිතට අල්ලන ගති ලක්ෂණ... එයාගෙ කතාව.. ඒ විලාශය.. හැඩ රුව.. වැඩ කරන විදිය එහෙම....
ඔක්කොම ඉවර උනාට පස්සෙ... අර අඳුනගත්තු යාලුවොත් ගියාට පස්සෙ.... ඔයාට මතක් වෙන්නෙම .... ඔයාගෙ.. ආදරවන්තයව නෙමෙයි... අර විශේෂ පුද්ගලයව... ඒ දැනුන හරි අමුතු හැඟීම්... අමුතු ආසාවල්... එයාගෙ විශේෂතා.. අමුතු දේවල්....මේ වෙනකොට කොටින්ම ඔයාටවත් නොදැනිම ඔයාගෙ ආදරවන්තයව දුරින් දුරට යනව.. මොහොතකට හෝ මේ දේවල් කල්පනා වෙන... මතක් වෙන වෙලාවෙදි ආදරවන්තයව අමතකත් වෙනව...
ඒ අතරෙ ඔයාට මහ අමූතු බය හිතෙන.. පාලු.. තනිකමක් දැනෙනව.. ඔන්න ඔයාට ආයෙ ඔයාගෙ ආදරවන්තයව මතක් වෙන මොහොත. කවූරුවත්ම ළඟ නැතුව.. වෙන කවදටත් වඩා තමන් ගොඩාක් තනියම.. කවුරුවත්ම නෑ.. තමන් තනි වෙලා කියල ලොකූ දරාගන්න බැරි තනිකමක් දැනෙන මොහොත.... ඒත්.... දැන් හිත ඇතුලෙ අර පුද්ගලයත් ඉන්නව... ඔයාට ඕන දැන් ඒ දැනුන... කරපු කියපු දේවල්... ඒ හැම දෙයක්ම ආදරවන්තයගෙන් හංගන්න....කොටින්ම ඒ පුද්ගලය ගැන ආදරවන්තයට කියල තිබුනට.. එයා තවත් එක් පුද්ගලයෙක් විතරමයි කියල ආදරවන්තයට ඇඟවෙන්න ඇරල... එයාට හොරෙන් අර පුද්ගලයව තව අධ්‍යයනය කරල බලන්න....
ඔයා ඒකට මොකක් හරි බොරුවක්... හෝ මොකක් හරි සාධාරණ හේතුවක් හොයාගන්නව.... ඔයාට...ආදරවන්තයගෙන් වහං වෙලා... අර පුද්ගලයට... ටිකක් සමීප වෙලා බලන්න... අන්න එතනින් අලුත්ම සිද්ධිය පටන් ගන්නව... මොකද තමන් ඇත්තටම ආදරේ කලා හෝ නොකල හෝ ඒ කොල්ල කරන්නෙ අපි කියනව වගෙ සිරා ආදරයක්.. ඉතින් "ඒකා"ට ඔයාගෙ හැම පුංචි වෙනසක්ම.. කොටින්ම ඔයාගෙ සිතුවිල්ලක වෙනසක්. කතාවෙ වචන වෙල පුංචි වෙනසක් පවා හොඳට දැනෙන නිසා...ඒ අලුත් වෙනසත් එක්ක අලුත්ම සිද්ධිය ඌට හොඳට දැනෙනව...
දැන් මේ මොහොත වෙනකොට.... ඔයාට දැනෙනව.... ඔයාගෙ ආදරවන්තයට වඩා අර පුද්ගලය ඔයාට සමීපයි වගෙ ගතියක්... එයා ඔයත් එක්ක නිතරම සම්බන්ධ වෙලා ඉන්න උත්සහ කරන ගතියක් දැනෙනව... එයා ඔයා ගැන උනන්දු බවක් පෙන්නන බව දැනෙනව... ඒ අතරෙ. ඔයාට.. ඒ වැඩ වලටත් බාධා කරමින් ඉන්න.. ඔයාගෙ නිදහස එයාගෙ සීමාවෙන් පිට යන්න නොදී හිරකරගෙන ඉන්නව වගෙ ඔයාට පේන.... ඔයාගෙම ආදරවන්තය එක්ක ඇති වෙන පුංචි විකර්ශනයත් එක්ක... ඔයාට එයා කරන හැමදෙයක්ම වරදක් වගේ පේන්න ගන්නව ටිකින් ටික... ඔයාගෙ හිත රිදවීමක් වගෙ දකින්න ගන්නව... ඔයාට කේන්ති යන හේතුවක් විදියට පේන්න ගන්නව ආදරවන්තයයි.. එයා කරන වැඩයි... (ඔයාට තේරෙන්නෙ නෑ ඇයි එයා එහෙම කරනෙ කියල... ඒත් ඔයාටත් ඔඩා හොඳින් එයා දන්නව ඇයි එසේ කළයුත්තෙ කියල..) ඒ කේන්ති යන්න යන්න...ඩාන්ස් කරපු කෙනා හොඳයි මූ වගෙ මගෙ හිත රිදවන්නෙ නෑ... මම අකමැති දේවල් කරන්නෙත් නෑ... ඒකයි මේකයි කියල හිතෙන අතරෙ ඔයාටත් නොදැනිම ඒ කෙනා සමීපම වෙලා ඔයාට ආදරවන්තයටත් වඩා.. (ඒත් තවම ඔයා එයා ගැන හරියට දන්නෙත් නෑ.. එයා මීට වඩා ඔයාට රලු වෙයි ද දන්නෙත් නෑ.. මොකද ඔයා එයාගෙන් සතුට ලැබෙන විදිය විතරමයි දැක්කෙත්)
මේ වෙනකොට ඔයාට ඔයාගෙ ආදරවන්තය උවමනා නෑ.. එයාගෙන් ලැබෙන ආදරේ කරුණාව.. සොයා බැලීම වගෙ එයාගෙන් ලැබෙන දේවල් උවමනාත් නෑ... ඒකමයි හිතේ වැඩ කරන්නෙ....
අර කතාවට කියන වගෙ නොකෙරෙන වෙදකමට කෝඳුරු හත් පට්ටයකුයි තවත් චුට්ටකුයි ඕන වගේ... ඔයාගෙ ආදරවන්තය මොන දේවල් කිවුවත්... ඒ හැමදෙයක්ම නොගැළපීම් ම වෙනව... ඔයාට ඕන අර අලුතෙන් හම්බ උනා කෙනාව තමන්ගෙ ආදරවන්තය කරගන්න මත් නෙමෙයි... (ඒත් ඔයාවත් දන්නෙ නෑ ඔයාගෙ යටි හිතේ එහෙම බලාපොරොත්තුවක් තියෙන නිසයි ඔයාගෙ උඩු හිතෙන් මේ විදියට හැම දෙයක්ම මෙහෙයවන්නෙ කියල..) ඒත් එයාට තව ටිකක් සමීප වෙන්න පුංචි ආසාවක් නැතුවමත් නෙමෙයි... කෝමහරි ඔයාට.... දැන් ඕන කෝම හරි ඔයාගෙ ආදරවන්තයගෙන් වෙන් වෙන්න...."ඊට පස්සෙ පහු වෙලා කවුරු හරි කියපු දේවල් අහල හෝ වෙනත් කාගෙ හරි භාහිර බලපෑම් මත හෝ එහෙමත් නැත්නම් තමන්ටම ඇති වෙන ආසාවක් මත ඇත්තටම තේරුම් අරන් හෝ නැතුව හෝ තේරුම් ගත්තු බවක් අඟවල අන්තිමේදි අර කොල්ලව අමාරුවෙ දානව...."
මෙන්න මෙතනදි කියපු අර (තමන්ට ඇති වෙන වෙනත් ආසාව නිසා) අමාරුවෙ දාන්න වස්තුබීජය වෙච්ච ඇත්තම හේතුව පිටට දාල තමන් නරක කෙනා වෙලා ප්‍රශ්නෙ අත ඇරුනොත් වැරදිකාරය වෙන්නෙ තමන්.. ඒ වගෙම... ඒක ආදරවන්තය දැනගත්තම.. සිද්ධ වෙන්න ඉඩ තියෙන... සිදුවිය හැකි දේවල්... ඔයාට හොඳට මැවිල පේනව.... අන්න එහෙම වෙලාවල් වලදි සමහර විට හොඳ විදියට නොවිසඳුන නිසා කොල්ල පිස්සු වැටිල කරන්න පුලුවන් දේවල් ගැන කලින් පෝස්ට් එකේ මම දැම්ම නෙ.. ඒ වගෙ දේවල් ගැනත් ඔයාට පොඩි බයක් ඇති වෙනව.. සිද්ධ වෙන්න පුලුවන් දේවල් ගැන ලොකු බයක් ඇති වෙනව....
මේක හොඳ විදියට විසඳෙන්න... ඊට පස්සෙ ඔයාට ඕන සාධාරණ හේතුවක්...සමහර විට... "දෙමවුපියො" ඔයාට මතක් වෙයි.. සමහර විට... "මොනව උනත් මට මගෙ අම්මගෙ තාත්තගෙ... අයියගෙ අක්කගෙ.. නැන්දල මාමලගෙ... බලාපොරොත්තු බිඳින්න බෑ අයියෙ.. ඒ දවස් වල මට ඒක් නොදැනුනට මම වෙනුවෙන් එයාල මහන්සි වෙන හැටි දකිනකොට මට දැන් ඒක හොඳටම තේරෙනව අයියෙ" කියල.... ඔයා කියයි... සමහර විට... "මට ඉගෙනගන්න එකයි ආදරෙයි බැලන්ස් කරගෙන කරගන්න බෑ අයියෙ... ඒ නිසා අපි ඒව ඉවර වෙනකම් මේක නවත්තමු...." කියයි ඒ වගෙ මොකක් හරි සාධාරණ හේතුවක් ඔයා හොයාගනීවි....
ඒත් මෙච්චර කල් ආදරෙන් ඉන්න.. ආදරෙ කරන්න... ප්‍රශ්නයක් උනෙ නැති දේවල්..... ටිකින් ටික කාලයත් එක්ක හෙමින් හෙමින් ප්‍රශ්න බවට පත් උනා නම් ඒක සාධාරණ බව හිතාගන්න තිබුන... ඒත්... කවද හරි මම එන්නෙ ඔයා ලගටමයි කියල කියපු, ඔයා ඇරෙන්න මට වෙන කවුරුවත් ඕන නෑ කියල දිවුරපු කෙනෙක්ට අර කලින් කියපු දේවල් ආදර සම්බන්ධයට එක පාරටම ප්‍රශ්නයක් උනාම.... ඒක සාධාරණ තර්කයකින් තොරව.... පිලිගනීවි කියල හිතනවද ආදරවන්තයෙක්...? අනික ඒක ඇත්තම හේතුව උනා නම්... ඔයාට ආදරවන්තයගෙන් හංගන්න දේවල් තියෙයි කියල හිතනවද ඔයා එයාට ඇත්තටම ආදරෙයි නම්...?? ආදරවන්තයට ඒ වෙනස නොදැනෙනවයි කියල හිතෙනවද?
එහෙම හිතෙනව නම් එහෙම හිතෙන්නෙ ඇත්තටම ඔයා එයාට ආදරයක් කරල නැති නිසයි කියන එක ඔයාට පිළිගන්න වෙනව නේද?
------------------------------------------------------------------------------------------------------------------
කවමදාවත් ආදරේ නිසා කිසිම කෙනෙක්ගෙ ජීවිතයක් එක්ක සෙල්ලම් කරන්න එපා. ආදරෙ කියන්නෙ ඕනම කෙනෙක්ගෙ ජීව්තය වගෙ තමයි... එහෙම උනාම තමන්ගෙ ජීවිතෙත් සෙල්ලමක් වෙනව කවද හරි...කාට හරි....-------------------------------------------------------------------------------------------------------------------
ප.ලි. - මේ කතාව හැම කොල්ලෙක්ටම/ හැම කෙල්ලෙක්ටම අදාල නොවේ... මා මේ කතා කරන්නෙ ඒ අතර සිටින එක් ආකාරයක කොටසක් පිළිබඳව මිසක සියළු අය පිළිබඳව නම් නොවේ... මෙහි මා කතා කරන්නේ සියළු කෙල්ලන් හා කොල්ලන් ගැන යැයි වරදවා වටහාගෙන අදහස් පළ නොකරණ ලෙස කාරුණිකව ඉල්ලා සිටිනව..
මුලදී කීවාක් මෙන්.. හොඳ අයද බොහෝමයක් සිටිත්... ඒ වගේම නරයක අයත් බොහෝමයක් සිටිත්... එකම කාණ්ඩයක වුවත් විවිද සිතුම් පැතුම් ඇති අය සිටිත්...
එහිත් සුලුතරයක් (එහෙම හිතනව මම) වු කොටසක් ගැන මෙහි කතා කර තිබෙත්..

Monday, October 29, 2012
18ට අඩු ආදරවන්තියන්ට සහ 18ට අඩු ආදරවන්තියන් ඉන්න 18ට වැඩි ආදරවන්තයන්ට ==> 1
![]() |
පිංතූරෙ ගත්තෙ --> මෙතනින් |
එයාලටම එයාලව තේරුම්ගන්න බැරි... එයාලටම එයාල ගැන තේරෙනෙ නැති.. එයාලටම එයාල බලාපොරොත්තු වෙන්නෙ මොනවද කියල තේරුම් ගන්න බැරි.. කොයි තරම් ඒක කියල දෙන්න හැදුවත් තේරුම්ගන්නෙ නැති අය ගැන(සමහර විට අර කියනවත් වගේ ඉන්න විසේකාර වයස නිසා ටිකක් තේරුම්ගන්න අමාරු කාලෙ නිසා වෙන්නත් ඇති.) එහෙම අය ආදරේ කියන දේ වැරදියට තේරුම්ගන්නව... කොල්ල ආදරේ කරනව.. තේරුම් කරල දෙන්න හදපුවම පිළිගන්නෙ නැතුව.... ආදරවන්තය එහෙම කියා දෙන්න හදනකොට... එයා එහෙම කරන්නෙ ආදරවන්තියගෙන් වෙන් වෙන්නයි කියල ආදරවන්තිය හිතල.. ඒ ගැන ආදරවන්තය එක්ක රණ්ඩු වෙන නිසා... කොල්ලොත් හිත රිදවන්න අකමැතිකමට ආදරේ කරනව. එයාල අදරේ කරන්නෙ ඇත්තටම... ඒත් කෙල්ල ආදරේද කරන්නෙ කියල ඒ කෙල්ලටවත් තේරුම්ගන්න අමාරුයි...
ඊට පස්සෙ පහු වෙලා කවුරු හරි කියපු දේවල් අහල හෝ,
වෙනත් කාගෙ හරි භාහිර බලපෑම් මත හෝ,
එහෙමත් නැත්නම් තමන්ටම ඇති වෙන ආසාවක් මත හෝ,
ඇත්තටම තේරුම් අරන් හෝ නැතුව හෝ තේරුම් ගත්තු බවක් අඟවල අන්තිමේදි අර කොල්ලව අමාරුවෙ දානව..
(එක්කො; අයියෙ මේක ආදරේ නෙමෙයි... අපි මේක නවත්තමු, අයියෙ මේකට ගෙදරින් කැමති වෙන එකක් නෑ අයියෙ.. මට දැන් තේරෙනව ගෙදරට පිටින් යන්න බෑ කියල මට.. අයියෙ මට සමාවෙන්න, අපි අතරෙ හැමදාමත් වෙන්නෙ රණ්ඩු..මම හිතන්නෙ ඒ අපේ නොගැළපීම නිසා වෙන්න ඇති. තව තව කල් අපි මෙහෙම ඉඳල ඉටු නොවෙන බලාපොරොත්තු තියන් ඉන්නවට වඩා ලොකු දුකක් විඳල හරි අපි වෙන් වෙමු..ඒක අපි දෙන්නටම හොඳයි වගෙ.. දෙපැත්තටම සාධාරණ.. බොහොම කපටි විදියට... හිත් රිදෙන්නෙ නැති බිඳෙන්නෙ නැති විදියට වෙන් වෙන්න ඕන පසුබිමයි බාසාවයි දාල වෙන් වෙයි )
මෙන්න මෙතනදි ආදරවන්තයො වගෙම ආදරවන්තියොත් තේරුම්ගන්න ඕන හොඳට... තමන්ට තේරුම් යන කාලෙට හෝ තමන්ට වෙන කෙනෙක් ළඟට යන්න ආසාවක් ඇති වෙන කාලෙකට හෝ තමන් යාලු වෙලා ඉන්න කෙනාගෙ ධනය බලය තත්වය ලස්සන කොයි තරම් අඩුද කියල පැහැදිළිව පේන කාලෙට හෝ...... ආදර සම්බන්ධතාවය නවත්තල එක පැත්තක් වලට ඇදල දාල අමාරුවෙ දාන්න... ඒ පැත්තෙ ඉන්න කොල්ල හෝ කෙල්ල ඔයාලට ඕන විදියට සෙල්ලම් කරන්න..ඕන වෙලාවට ලං වෙන්නයි එපා වෙලාවට ඈත් වෙන්නයි පුලුවන් තමන්ගෙ සෙල්ලම් බඩු නොවන වග!! ඒවත් තමුන් වගෙම හිත පිත් තියෙන ගැඟීම් දැනීම් තියෙන වටිනා ජීවිත මිසක තමන්ගෙ අත පල්ලෙන් වැටුන සෙල්ලම් බඩු නොවන බව...
අද ගෑණු ලමයින්ට සිද්ධ වෙන බොහෝමයක් අපරාධ වලට ප්‍රධානම හේතුව මේක බව මට ප්රත්යක්ෂ වෙලා තියෙනව... ඔප්පු කරන්නත් පුලුවන්.... තමන් ගොඩාක්ම ආදරේ කරපු තමන්ගෙ දුක සැප බෙදාගත්තු නිතරම තමන් එක්ක හිටපු කෙල්ලට පිහියෙන් කොටල මරන්න.. එයාගෙ ෆොටෝස් අන්තර්ජාලයට එකතු කරන්න.. වීඩියෝස් අන්තර්ජාලයට එකතු කරන්න...හෝ එහෙම කරන බවට තර්ජනය කරන්න...එහෙම කරල කෙල්ලගෙ චරිතය සම්පූර්ණයෙන්ම විනාස කරල තවත් කොල්ලෙක්ට ඒ කෙල්ල දිහා බලන්නවත් නොහිතෙන විදියට වැඩ සිද්ධ කරන්න.... කෙල්ලව උස්සන් ගිහින් දූෂණය කරල මරල දාන්න.... මේ කියපු දේවල් වලටත් වඩා දේවල් පවා.. තම්න්ගෙ ආදරවන්තියගෙන් මේ තරම් පළිගන්න... ඔයාලට හිතෙනවද කොල්ලොන්ට මානසික රෝග කියල?? නෑ... ඔය හැම කොල්ලෙක්ම වගේ (ඔක්කොම නෙමෙයි) ඔය සිද්ධි වලට කලින් හරිම ලස්සන හොඳ විදියෙ ජීවිත ගත කරපු අය. ඕන නම් ඔයාලත් හොයල බලන්නකො... එයාලව රවටල එයාලගෙ ජීවිත එක්ක සෙල්ලම් කරල එයාලව මානසික රෝගියො වෙන්න තරම් අසාධාරණයක් කරපු අය ගැන හොයල බලන එක සාධාරණැයි කියලයි මම නම් දැනටත් කියන්නෙ...
මේ කිවුවෙ කොල්ලොන්ගෙ පැත්තෙන්... කෙල්ලොන්ගෙ පැත්තෙනුත් මේක මේ වගෙමයි.. අහිංසක ලස්සන ජීවිත ගත කරපු කෙල්ලෙක් තමන්ගෙ ආදරවන්තයගෙ අලුත් ආදරවන්තියගෙ දුරකතන අංකය හොයාගෙන කුණුහරපෙන් බනින්න තරම් ඒ හිත් දරුණු වෙන්න... කොයි තරම් දෙයක් ඒ හිත් වලට වෙන ඕනද?
මතක තියාගන්න ආදරේ කරන දරුවනේ... "ආදරයයි වෛරයයි අතරෙ තියෙන්නෙ කෙස් ගහක පරතරයකි" කියලත් ලොකූ කතාවක් තියෙනව කියන එක...
එක ඔප්පු වෙන අවස්ථාත් ඔයාලගෙ ජීව්ත වලට ලැබෙන්න ඉඩ තියෙන බව...!!
හොඳ ආදරවන්තයො ආදරවන්තියො ඉන්නව.. එයාල මොනව උනත් එයාලගෙ ආදරෙන් පළිගන්නෙ වෛර කරන්නෙ නෑ. ඒත් ඒ බෝම සුළු පිරිසයි....
බහුතරය එහෙම නෑ කියල හොඳට මතක තියාගන්න ඕන...!
මේ කොටසට වැටෙන අදහස් නිගමනයෙන් අනතුරුව මෙම කතාවෙහි මීළඟ කොටස ලබන සතියේ..... මොකද ඔයාල හිතන්නෙ මේ ගැන?
---සියල්ල සත්‍ය සිදුවීම් ඇසුරිනි---
Friday, October 12, 2012
සඟවා ගනු මැන...
![]() |
"සඟවා ගනු මැන ඔබෙ රුව සොඳුරියෙ
අනිකෙකු නෙත් ඔබ මුව මත ගැටෙතැයි..
මා හද බිය වී..
සැළී සැළී යයි..."
අනිකෙකු නෙත් ඔබ මුව මත ගැටෙතැයි..
මා හද බිය වී..
සැළී සැළී යයි..."
අම්මියෝ... නිකම් පපුවට ඉඳිකටු වලින් අනිනව වගෙ...
හැම වෙලේම හැම දෙයක්ම ගැන හිතින් මවා ගන්න මට ඒකත් මැවිල පේනව.. උඩ ගිහින් පොළවට වැටෙන අළු බිඳිති දිහා බලාගෙන තනිකම - යතාර්ථය වගෙ දේවල් ගැන පැය ගාණක රසවත් දීර්ඝ මනෝභාවයන් මවන මට.. ඒකත් මැවිල පේනව...
පුරුදු වෙන හැටි...
ඇසට ඇස හමුවෙන විදියට....
අතින් අල්ලන්.... දෑත් පටලවන්...
අනිත් අත.. නාභියට ආසන්නෙ ඉනෙහි තවරාන...
විටෙක..
සුසුම් සුවඳ දැනෙන...
හද ගැස්ම ඔවුනතර.... දැනෙන තරමට සමීපව...
මේ එකින් එක මැවෙන මගෙ හිත තුල.... හරියට.. චිත්‍රපටියක් වගෙ...අම්මියෝ... තව කිවුවොත් නම් මගෙ පපුව හිර වෙලා මැරෙයි වගෙ.. :ඩී
ඒ මගෙ හැටි.... මගෙ ලිවීම් වගෙම මගෙ ගොඩක් දේවල් වලදි (මම කරන කියන දේවල්)මම හිතින් ඒ අනුරුවවල් චිත්ත රූප ඒ ලෝක මවා ගන්නව.
"මහ වන පියසෙක අඳුරු ගුහාවෙක
යම් දිනයක ඔබ සඟවා තබනෙමි...
හිරු රැස් බිඳැකුදු ඔබෙ රුව දුටු සඳ...
ඉරීසියාවෙන් පිරැවෙයි මා හද..
සඟවා ගනු මැන..."
යම් දිනයක ඔබ සඟවා තබනෙමි...
හිරු රැස් බිඳැකුදු ඔබෙ රුව දුටු සඳ...
ඉරීසියාවෙන් පිරැවෙයි මා හද..
සඟවා ගනු මැන..."
කවුරු හරි පපුවට ඉඳි කටු වලින් අනින කොට ඔයාම ඔයාගෙ වම් අතේ මහපොට ඇගිල්ලෙ අඟල් බාගයක් විතර දිග නියපොත්ත අනිත් අතින් උඩට ඇදල වෙර දාල හමෙන් නියපොත්ත ගලවල ගන්න හදනකොට... අන්න ඒ වගෙ වගෙයි ඒ වේදනාව මටත් දැන් දැනෙන්නෙ.....
එහෙම ගලෝල ගත්තම නියපොත්තට යටින් ගැහි ගැහි තියෙන ලේ පිරිච්ච මස් වැදැල්ල දකිනකොට දැනෙන අප්පිරියාව... කලන්තෙ වගෙ ගතිය.. ඔක්කාරෙට එනව වගෙ දැනෙන ගතිය... තමයි මටත් දැන් දැනෙන්නෙ....
"සොමි සඳවත ලෙස රුසිරු නොවී නම්...
දහසක් නෙත් ඔබ දුටුවද කම් නැත..
එනමුදු ඊයේ මට පෙන්වූ රුව...
තව නෙත් දෙකකට හිමිවිය යුතු නැත...
සඟවා ගනු මැන.."
දහසක් නෙත් ඔබ දුටුවද කම් නැත..
එනමුදු ඊයේ මට පෙන්වූ රුව...
තව නෙත් දෙකකට හිමිවිය යුතු නැත...
සඟවා ගනු මැන.."
ඒත්....
තවමත්.. මට වමනෙ ගියෙ නෑ..... කලන්තෙ හැදුනෙ නෑ.... ලේ බිඳක් වත් ඇඟෙන් එළියට ආවෙ නෑ....
පුදුමයි.... මට ඒක දරාන ඉන්න පුලුවන් වෙලා... දරාගෙන ඉන්න පුලුවන් කියන්නෙ???
මම ඉස්සර තරම් ආත්මාර්ථකාමී නෑ... මම ටිකින් ටික.... එහෙම වෙන එක අඩු වෙලා.... මට... කරන්නම අමාරු දේවල් උනත්.... කරන්න පුලුවන් වෙලා.... ඒ විශේෂ කෙනෙක්ගෙ සතුට වෙනුවෙන්... මගේම සතුට වෙනුවෙන්ම ගොඩාක් දුක දරාගත්තු... මම වෙනුවෙන්ම මගේ සතුට වෙනුවෙන්ම ගොඩාක් කැපකිරීම් කරපු... ඔයා වෙනුවෙන්..... ඔයාගෙ සතුට වෙනුවෙන්... මට ගොඩාක්ම දුක හිතෙන... මට ගොඩාක්ම වේදනාකාරී දේවල්... දරාගන්න පුලුවන් වෙලා... ඔන්න දැන් නම්... මට හිතෙනව... ඔයා කරපු දේවලුත් එක්ක... මමත් අපෙ ආදරේ වෙනුවෙන්... සාධාරණයක් කරල තියෙනව කියල.... සතුටුයි මට..
ඒ හැම දේකටමත් වඩා..... හැම දෙයක්ම ඔයා මට කියන එක... ගැන ගොඩාක් සතුටුයි මට..... මම අද මේ වගෙ දේකදි වගෙම හැම දේකදිම මම සතුටු වෙන්නෙ අන්න එ නිසා කියල මට හිතෙනව...
පරිස්සමට.. ඕක දුරදිග යන්න පුලුවන් මානසික රෝගයක් ලු... ;)
මානසික රෝගයක් කියන්නෙ... මෙහෙම දරාගන්න බැරි වීමේ මානසික රෝගයකුත් තියෙනවලු!!
මොනව උනත්... රස විඳින්න පුලුවන්.. ලස්සන සිංදුවක්.. ගොඩක් අය රස වින්දලත් ඇති මේ වගේ දේවල් ගැන එම වෙනකොට.. ඒත් ඉතින්.. ඕව එලිපිට කියන්න ලැජ්ජයි ලු නෙ.. ඔහොම ඉවසන් ඉන්න බෑ කියල කියන එක.. ;) බැරි වෙලාවත් මානසික රෝගියෙක් කියල හංවඩු ගැහුවොත් එහෙම.. නේද?
:ඩී
අහල බලන්නකො සිංදුව.... හරිම ලස්සනයි.... ===> මෙන්න
කෑම පැය වෙලේ ටිකක් හදිසියෙන් ලිවුවෙ... කියවනකොට සීග්‍රගාමී දුම්රියක් වගේ දැනුන නම් සමාවන සේක්වා...
පලි - ඔබගේ ආදරවන්තයා හෝ ආදරවන්තිය.... ඔහුගේ/ඇයගේ යහලුවන් සමඟ උත්සවයකදී සතුටු වන අවස්ථාවක... එක්වරම ඔහු හෝ ඇය මිතුරන් සමඟ යුගල නර්තනයක (කපල් ඩාන්ස් -කොල්ලයි කෙල්ලයි) යෙදීමට සූදානම් වන බව හෝ යුගල නර්තනයක යෙදෙන බව හෝ සහකරුවෙකු සමග යුගල නර්තනයක් පුහුණු වන බව හෝ ඔබට දැනගන්නට ලැබුණු විට ඔබත් මා මෙන් අයෙක් නම් ඔබගේ සිතුවිලි දාමයන් ද (චිත්ත වීදි) එම මොහොතේ... මීට සමාන විය හැක.... ඔබටත් මෙවන් සිතුවිලි ඇති විය හැක.......
අත්දැකීම් තිබේ ද????
;)
Friday, September 28, 2012
අප සරණයි නේහ්?
මම 12 වසරෙ ඉන්න කාලෙ මම ප්‍රධාන විෂයන් තුනටම
අමතර පංති ගියා. ඒත් ඒ අවුරුද්ද ඇතුලත කවමදාවත් උදේ වරුවෙ ඉස්කෝලෙ නොයා
පංති එන්න වෙන විදියට උදේ වරුවෙ අමතර පංති දාල නෑ කිසිම අමතර පංති
ගුරුවරයෙක්. උසස්පෙළ පළමු වසර තුළ උදෑසන පාසල් කාලය අවහිර වන පරිදි පෙ.ව.8
සිට ප.ව.2 දක්වා පංති දැමීම කිසිදු අමතර පංති ගුරුවරයෙකු විසින් සිදු
නොකරන දෙයක්!!! ඒක සාමාන්‍ය සිරිතක් වගේ. කොහොමත් පළමු වසර තුළ එහෙම පංති දැම්මොත් ළමයි
එන්නෙ නැති බව එයාල දන්නව . මොකද උසස්පෙළ පළවෙනි අවුරුද්ද
පැමිණීම අනිවාර්යයෙන්ම බලනව. ඒක ඔනෑම උසස්පෙළ හදාරන ශිෂ්‍යයෙක් දන්නව. අනික
එහෙම ඉස්කෝලෙ නොයා පංතිය යන්න බයයි... බැරිම වෙලා වත් මම 12 වසරෙ ඉද්දි මට එහෙම
පංතියක් වැටුන නම් අපේ අම්මල තාත්තල කීයටවත් එදාට ඒ පංතියට යවන්නෙ නෑ.
ඉස්කෝලෙ යන්න.. ගිහින් ඉස්කෝලෙ ඇරිල ඕන නම් ඒ පංතියට යන්න.. එහෙම බැරි නම්
ඉස්කෝලෙ ඇරිල ගෙදර එන්න කියල තමයි එයාල කියන්නෙ. ඒත් මම කෝම හරි නාහෙන් අඬල
හරි පංති යන්න ගෙදරින් අවසර ගත්ත නම්, එදාට අපෙ අම්ම හරි තාත්ත හරි එනව
මගෙත් එක්ක, කවුද මේ සතියෙ දවසක ඉස්කෝලෙ කට් වෙන විදියට පංති දාපු ගුරුවරය
කියල බලන්න....යි මම පංතියට යනවද කියල බලාගන්නත් එක්ක...
ඒ මම කොල්ලෙක් වෙලා අපේ අම්මලගෙ තාත්තලගෙ විමසිලිමත් බව... හොයා බලන බව... හිතන්න කෙල්ලෙක්ගෙ දෙමවුපියෙක්/භාරකාරයෙක් උනාම මීට වඩා කොයි තරම් සැළකිලිමත් වෙන්න ඕනද කියල...?
එහෙම සතියෙ දවසක ඉස්කෝලෙත් නොයවා සම්පුර්ණ දවසක පංතියකට (Full day class)යවන්න තරම්..?? එහෙම යන.. පංතිය.. තියෙන්නෙ කොහෙද? කවුද උගන්නන ගුරුවරය කියලවත් සොයා නොබලන්න තරම්?
එතනදි මම ප්‍රධාන දුර්වල තැන් කීපයක්ම දකිනව..
* උසස්පෙළ පළමු වසර තුළ පාසල් කාලය තුළ (7.30-1.30) විශේෂයෙන්ම කිසිදු ප්‍රධාන නගරයක අමතර පංති නොපැවැත්වෙන බව (12 වසරේ අධ්‍යාපනය ලබන සිසුන් සඳහා)නොදැනීම, ඒ පිළිබඳ අනවබෝධය...(ලෝකය සමාජය පිළිබඳ අවබෝධයක් නොමැතිකම, common sense නැති වීම )
* එසේ පංතියක් පැවැත්වෙන්නේ නම්, ඒ අදාල පංතිය පැවැත්වෙන ස්ථානය, අදාල ගුරුවරයා හා අදාල පංතිය පැවැත්වීමට හේතුව පිළිබඳ නොසැළකිලිමත් වීම. (කොහොමත් කලින් හේතුව missing නම් මේකත් missing නෙ :ඩී)
*5ට පංතිය අවසන් වන බව කී තම දියණිය 6 වන විටත් නොපැමිණෙන විට පංති පැවැත්වෙන ස්ථානයට ගොස් අදාල පංතිය නිම වීමට ප්‍රමාද වන හේතුව පිළිබඳව වත් සොයා නොබැලීම. අඩුම තරමින් අදාල පංතිය පැවැත්වෙන ස්ථානයට ගොස් ඒ අසල සිටින නිසි පුද්ගලයෙකුගෙන් වත් මේ වනතුරුත් පැවැත්වෙන පංතිය කුමක්දැයි සොයා නොබැලීම.
*6.30 වන විටත් තම දියණිය නොපැමිනීම නිසා පංතිය අසලට යන විට වෙනත් දෙසක සිට දියණිය පැමිණි විට, එසේ පැමිණෙන්නට හේතුව, අදාල පංතිය පැවැත්වුන ස්ථානය හා අදාල ගුරුවරයා පිළිබඳ විමසා එවෙලේවත් එම ගුරුවරයා හමු නොවීම. විශේෂයෙන්ම උසස්පෙළ හදාරණ තරුණ දැරියකගේ පියෙක්.
* මේ සියල්ලටමත් වඩා තම දියණිය හදාරණ විෂයයන්, අදාල විෂයයන් සඳහා සහභාගී වන අමතර පංති, ඒවා පැවැත්වෙන ස්ථාන මෙන්ම එම අමතර පංති මෙහෙයවන ගුරුවරු පිළිබඳව ඇති ඉතා දැඩි අනවබෝධය... නොදැනීම... නොසැළකිලිමත් වීම.
* දියණිය අදාල දිනයේදි සහභාගී වූ අමතර පංතිය, පංතියේදී කරන ලද ඉගැන්වීම් පිළිබඳ දැනගැනීම සඳහා ඇති නිසි ක්‍රම්වේදයන් නොදන්නාකම. (අවම අවබෝධය, ලෝකය පිළිබඳ නොදැනීම මෙන්ම මේ සියල්ලටත් වඩා තම දියණිය පිළිබඳ නොදැනීම )
(රැකියාවක නියුතු වන මගේ පියා මසකට වරක් වත් මගේ අදාල පංති ප්‍රවේශපත්‍රය, මාගේ අදාල දිනයන් සඳහා වන සටහන් පරීක්ෂා කර ඇත... ඔහුට නොහැකි විට මෙන්ම මට හොරෙන්ද මාගේ මෑණියන් ඒ සියල්ල සිදු කර ඇත :ඩී....ඒ මගේ දෙමවුපියන්ගේ "නිසි ක්‍රම්වේදයන්" පිළිබඳ දැනීමය :ඩී )
කොල්ලොන්ට නම් හරි වටිනව මේ වගෙ කෙල්ලන්ව? නේද?
ඒ උනාට....? පව් නේද අර අසරණ අම්ම තාත්ත?
හොඳ කොල්ලෙක්ට අහු උනොත් නම් හොඳයි...
ඒත්...
මම වගෙ කොල්ලෙක්ට අහු උනොත් නම්... අප සරණයි නේහ්? :ඩී
ඒ වගේම මේ කෙල්ලත් එක්ක යාලු වෙන කොල්ල කොයි තරම් බුද්ධියෙන් වැඩ කරන කොල්ලෙක් වෙන්න ඕනද මේ කෙල්ලව හසුරවන්න? මම කියන්නෙ හොඳ විදියෙ කොල්ලෙක් ගැන. මොකද බුද්ධිමත් කොල්ලෙක් නම් මම තේරුම් ගත්ත වගේ මෙන්න මේක තේරුම් ගන්නව මේ සිද්ධියෙන්, "මේ ලෝකෙ තමන් ගොඩක්ම ආදරේ කරන තමන්ව චූටි කාලෙ ඉඳල ලොකුමහත් කරල අවුරුදු දහ අටක්ම හොඳින් බලාගත්තු තාත්තට මෙහෙම කරන්න පුලුවන් නම් එයාට වෙන කෙනෙක්ගෙ ආදරයක් වෙනුවෙන්.., ඒ අවුරුදු දෙක තුනක ආදරයක් තියෙන වෙන කෙනාට ඔයිටත් වඩා කොයි තරම් දේවල් කරන්න පුලුවන් වෙයි ද?.. තාත්තට මෙහෙම නම්..?" ;) හෑහ් :@ මම බුද්ධිමත් ලු... ලොල්!!
මගෙ දැනුන විදියට නම් මම කරන්නෙ මෙන්න මෙහෙම දෙයක් -
මේ ගැන සම්පූර්ණ අදහස් ඕන මට ඔයාලගෙන්.... ඔයාල මේ ප්‍රශ්නෙ දකින විදිය... ඔයාට දැනුන විදිය... මට දැනුන විදියට මම කරනවයි කියපු දේව ගැන ඔයාගෙ අදහස..... මම හිතන්නෙ.. මේකට දරුවො ඉන්න දෙමවුපියො වගෙම ආදරවන්තයින්ගෙත් අදහස් ගොඩක් ඇති මේ ගැන...
---------ස්තූතියි---------
---හිතන්න ඒ කාලෙ අපේ අම්මලට තාත්තලට සමාජය ගැන තිබුන දැනුම අවබෝධය කොයි තරම් ද කියල.... Common sense එක?---
එහෙම දවසකට මාව තියා, අපේ උඩහ ගෙදර ඉන්න තනකොළ කපන මනුස්සයගෙ පුතාව වත් ඒ මනුස්සය යවන්නෙ නෑ පංති..!! ( ඌ එහෙම ගිය දවසක මාට්ටු උනා තාත්තටම :ඩී ) ඔන්න අපි නම් ගමේ. අපි සල්ලිකාර ලොකු තානාන්තර තියෙන ලොකු මිනිස්සුත් නෙමෙයි... :පී
ඒ මම කොල්ලෙක් වෙලා අපේ අම්මලගෙ තාත්තලගෙ විමසිලිමත් බව... හොයා බලන බව... හිතන්න කෙල්ලෙක්ගෙ දෙමවුපියෙක්/භාරකාරයෙක් උනාම මීට වඩා කොයි තරම් සැළකිලිමත් වෙන්න ඕනද කියල...?
එහෙම සතියෙ දවසක ඉස්කෝලෙත් නොයවා සම්පුර්ණ දවසක පංතියකට (Full day class)යවන්න තරම්..?? එහෙම යන.. පංතිය.. තියෙන්නෙ කොහෙද? කවුද උගන්නන ගුරුවරය කියලවත් සොයා නොබලන්න තරම්?
එහෙම යවල 5ට ඇරෙනවයි කියපු පංතියට ගිය තමන්ගෙ දුව,
එක්කන් එන්න ගිය තාත්තට 6.30 වෙද්දිත් දුවව දකින්න වත් නොලැබුනාම...?
පරක්කු නිසා පංතිය ළඟට ගියාම දුව වෙන පැත්තක ඉඳන් පංති ඇරෙන්න පරක්කු උනා
කියාගෙන ළඟට එද්දි වත්..?
එතනදි මම ප්‍රධාන දුර්වල තැන් කීපයක්ම දකිනව..
* උසස්පෙළ පළමු වසර තුළ පාසල් කාලය තුළ (7.30-1.30) විශේෂයෙන්ම කිසිදු ප්‍රධාන නගරයක අමතර පංති නොපැවැත්වෙන බව (12 වසරේ අධ්‍යාපනය ලබන සිසුන් සඳහා)නොදැනීම, ඒ පිළිබඳ අනවබෝධය...(ලෝකය සමාජය පිළිබඳ අවබෝධයක් නොමැතිකම, common sense නැති වීම )
* එසේ පංතියක් පැවැත්වෙන්නේ නම්, ඒ අදාල පංතිය පැවැත්වෙන ස්ථානය, අදාල ගුරුවරයා හා අදාල පංතිය පැවැත්වීමට හේතුව පිළිබඳ නොසැළකිලිමත් වීම. (කොහොමත් කලින් හේතුව missing නම් මේකත් missing නෙ :ඩී)
*5ට පංතිය අවසන් වන බව කී තම දියණිය 6 වන විටත් නොපැමිණෙන විට පංති පැවැත්වෙන ස්ථානයට ගොස් අදාල පංතිය නිම වීමට ප්‍රමාද වන හේතුව පිළිබඳව වත් සොයා නොබැලීම. අඩුම තරමින් අදාල පංතිය පැවැත්වෙන ස්ථානයට ගොස් ඒ අසල සිටින නිසි පුද්ගලයෙකුගෙන් වත් මේ වනතුරුත් පැවැත්වෙන පංතිය කුමක්දැයි සොයා නොබැලීම.
*6.30 වන විටත් තම දියණිය නොපැමිනීම නිසා පංතිය අසලට යන විට වෙනත් දෙසක සිට දියණිය පැමිණි විට, එසේ පැමිණෙන්නට හේතුව, අදාල පංතිය පැවැත්වුන ස්ථානය හා අදාල ගුරුවරයා පිළිබඳ විමසා එවෙලේවත් එම ගුරුවරයා හමු නොවීම. විශේෂයෙන්ම උසස්පෙළ හදාරණ තරුණ දැරියකගේ පියෙක්.
* මේ සියල්ලටමත් වඩා තම දියණිය හදාරණ විෂයයන්, අදාල විෂයයන් සඳහා සහභාගී වන අමතර පංති, ඒවා පැවැත්වෙන ස්ථාන මෙන්ම එම අමතර පංති මෙහෙයවන ගුරුවරු පිළිබඳව ඇති ඉතා දැඩි අනවබෝධය... නොදැනීම... නොසැළකිලිමත් වීම.
* දියණිය අදාල දිනයේදි සහභාගී වූ අමතර පංතිය, පංතියේදී කරන ලද ඉගැන්වීම් පිළිබඳ දැනගැනීම සඳහා ඇති නිසි ක්‍රම්වේදයන් නොදන්නාකම. (අවම අවබෝධය, ලෝකය පිළිබඳ නොදැනීම මෙන්ම මේ සියල්ලටත් වඩා තම දියණිය පිළිබඳ නොදැනීම )
(රැකියාවක නියුතු වන මගේ පියා මසකට වරක් වත් මගේ අදාල පංති ප්‍රවේශපත්‍රය, මාගේ අදාල දිනයන් සඳහා වන සටහන් පරීක්ෂා කර ඇත... ඔහුට නොහැකි විට මෙන්ම මට හොරෙන්ද මාගේ මෑණියන් ඒ සියල්ල සිදු කර ඇත :ඩී....ඒ මගේ දෙමවුපියන්ගේ "නිසි ක්‍රම්වේදයන්" පිළිබඳ දැනීමය :ඩී )
------සත්‍ය සිදුවීමක් ඇසුරිණි-----
කොල්ලොන්ට නම් හරි වටිනව මේ වගෙ කෙල්ලන්ව? නේද?
ඒ උනාට....? පව් නේද අර අසරණ අම්ම තාත්ත?
හොඳ කොල්ලෙක්ට අහු උනොත් නම් හොඳයි...
ඒත්...
මම වගෙ කොල්ලෙක්ට අහු උනොත් නම්... අප සරණයි නේහ්? :ඩී
ඒ වගේම මේ කෙල්ලත් එක්ක යාලු වෙන කොල්ල කොයි තරම් බුද්ධියෙන් වැඩ කරන කොල්ලෙක් වෙන්න ඕනද මේ කෙල්ලව හසුරවන්න? මම කියන්නෙ හොඳ විදියෙ කොල්ලෙක් ගැන. මොකද බුද්ධිමත් කොල්ලෙක් නම් මම තේරුම් ගත්ත වගේ මෙන්න මේක තේරුම් ගන්නව මේ සිද්ධියෙන්, "මේ ලෝකෙ තමන් ගොඩක්ම ආදරේ කරන තමන්ව චූටි කාලෙ ඉඳල ලොකුමහත් කරල අවුරුදු දහ අටක්ම හොඳින් බලාගත්තු තාත්තට මෙහෙම කරන්න පුලුවන් නම් එයාට වෙන කෙනෙක්ගෙ ආදරයක් වෙනුවෙන්.., ඒ අවුරුදු දෙක තුනක ආදරයක් තියෙන වෙන කෙනාට ඔයිටත් වඩා කොයි තරම් දේවල් කරන්න පුලුවන් වෙයි ද?.. තාත්තට මෙහෙම නම්..?" ;) හෑහ් :@ මම බුද්ධිමත් ලු... ලොල්!!
මගෙ දැනුන විදියට නම් මම කරන්නෙ මෙන්න මෙහෙම දෙයක් -
- ඉස්සෙල්ලම එයාගෙ අවංකකම මට පෙන්නන්න කියනව.
- එයාට, මට පිටින් ලෝකෙත් එක්ක සම්බන්ධ වෙන්න පුලුවන් මාර්ග හොයාගෙන එයාට නොදැනෙන්ඩ ඒ මාර්ග වලින් හුවමාරු වෙන දේවල් ගැන හොඳ සැළකිල්ලකින් ඉන්නව....
- ඊට පස්සෙ හොඳ උපක්‍රමයක් යොදල එයාගෙ අවංකකම පරීක්ෂා කරනව.
- (ඒ මොහොත වෙනතුරු එයා මට අවංකව කටයුතු කරල තියෙනව නම්... මගෙන් කිසි දෙයක් හංගල නැත්තම් හොඳයි. මට විස්වාසය තියන්න පුලුවන්. ඒත් අර දෙවෙනි කරුණ දිගටම කරනව.)
- (එයා මගෙ විස්වාසය බිඳල තියෙනව නම්, එක වතාවක් හෝ දෙපාරක් සමාව දෙනව. ඒත් තුන් හතර පාරක් සමාව දෙන්න යන්නෙ නම් නෑ. )
- මේ සියල්ල සිදු වෙනව වගේම ඒ මාර්ග වලින් හුවමාරු වෙන දේවල් මම දැනගන්න විදිය කෝමටවත්ම එයාට දැනගන්න අරින්නෙ නෑ.
- විස්වාසය තියන්න බැරි නම් ඒ හේතුවත් ඇතුළුව ප්‍රායෝගික නොවන හේතුවක් දාල සම්බන්ධය නවත්තන බවක් අඟවනව... එතනදි එයාගෙ තීරණය මත සම්බන්ධය නවත්තන හෝ දිගටම ගෙනියන එක තීරණය කරනව.
මේ ගැන සම්පූර්ණ අදහස් ඕන මට ඔයාලගෙන්.... ඔයාල මේ ප්‍රශ්නෙ දකින විදිය... ඔයාට දැනුන විදිය... මට දැනුන විදියට මම කරනවයි කියපු දේව ගැන ඔයාගෙ අදහස..... මම හිතන්නෙ.. මේකට දරුවො ඉන්න දෙමවුපියො වගෙම ආදරවන්තයින්ගෙත් අදහස් ගොඩක් ඇති මේ ගැන...
---------ස්තූතියි---------
Sunday, September 23, 2012
බැඳුනු පෙම් බිඳුණු කල...
නෙළන්න බැරි මල
බුදුන්ට පූජා වේවා කියා
කියම් මිස
වෙන කුමක් කියම් ද මම;
ප්‍රේමයට ලොබ බැඳ
පෙම් සුව නොලද කල
"ආදරයත් හරියට මිරිඟුවක්" වගේ
කියනු මිස
කුමක් කියමි ද මම;
බැඳුනු පෙම් බිඳුණු කල
විරහවත් වින්දනීයැයි
කියනු මිස වෙන
කුමක් කියමි ද මම..?
මේකත් හරියට මිදි තිත්තයි කිවුව වගේ කතාවක්...
අපි අපේම හිත් රවටගන්න මොහොතවල් කීපයක්...
ඒත්...
අපි එහෙම අපේ හිත් රවටගන්නෙ.... අපේම හිත් හදාගන්න නේද කියලත් හිතෙනව... ඒක එහෙම නම්.. තමන්ගෙ හිත රවටගන්න එකෙත් වරදක් නෑ වගෙයි නේද?
Monday, September 3, 2012
සඳ දිය දෙවුන සේ...
අද නම් මගෙ පෝස්ට් එක සිංදුවක්... හැමදාම ලියන එක අද අහන්න.. අගය කර කර රස විඳින්න මෑත කාලයේ බිහි වෙච්ච ලස්සන සිංදුවක් බ්ලොගේට දාන්න හිතුන... අර අපි කියනව මගෙ "මම අහන විදියෙ සිංදු" මේ කාලෙ බිහිවෙන්නෙ බොහොම සීමිත ප්‍රමාණ වලින්... ඒ මම ආස සිංදු... මේ තියෙන්නෙත් ඒ වගෙ එකක්... මේක කියන්නෙ මාලනී බුලත්සිංහල මහත්මිය සමඟ අසංක ප්‍රියමන්ත මහත්මා කිවුවම.. අසංක ප්‍රියමන්ත කියල දකිනකොටත් මට ටිකක් පුදුම හිතුන.. මොකද නම ගිය සංගීත කණ්ඩායම් එක්ක කැසට් පට වලට සිංදු කියන.. අර්ථයට වැඩි තැනක් නොදෙන ගායකයෙක් විදියෙ මහ අමුතු ප්‍රතිරූපයක් තමයි එතුමා ගැන මගෙ හිතේ තිබුනෙ... මන්ද.. ඉතින් ඒක මට දැනුන විදිය නෙ.. ඔයාලට ඒක වෙනමම විදියකට දැනෙන්නත් පුලුවන්. හැබැයි මේ ගීතය නිසා ඒ ප්රතිරූපයෙ නම් පුංචි වෙනසක් වුනා කියල මට දැනුන...
මේක යුග ගීයක්.. ආදරවන්තය තම් ආදරවන්තියට ආදරෙයි ගොඩාක්... තම ප්රියම්බිකාවගෙ මුහුණෙ එක පුංචි හිනාවක තියෙන වටිනාකම එයාට කියාගන්න බැරි තරම්..
ඒත් ඒ ආදරේට බාධා ගොඩයි... අම්ම තාත්ත ඇතුළු නෑදෑ සනුහරේ ම මේ දෙන්නගෙ ආදර කතාවට විරුද්ධයි.. ඒත් ආදරවන්තය ගොඩාක් ආදරෙයි තමන්ගෙ ආදරවන්තියට... ඒ එකක්වත් එයාට ප්‍රශ්න නෙමෙයි එයාලගෙ කතාවට.. ඒත්...
ඒත්.. ආදරවන්තියට ඒක ලොකු ප්‍රශ්නයක්...දෙන්නට එක වහලයක් යටට යන්න.. ඒ මවාගත්තු පොදි බැඳගත්තු බලාපොරොත්තු වලින් පිරිච්චි ලෝකෙක තනි වෙන්න.. ඒ දෙන්නට... ආදරවන්තියගෙ දෙමවුපියන්ගෙන් එල්ල වෙන බාධාව ආදරවන්තියට බාධාවක් වෙලා තමන්ගෙ ආදර කතාවට...
එයාලගෙ මාර්ගය හරස් කරල කුළ බේදය...
ආදරවන්තයගෙ තවමත් කිසිම අදහසක් නෑ මේ සම්බන්ධය නවත්තන්න... තවමත් එයා ඒ මවාගත්තු ඒ දෙන්නගෙ ලෝකය නඩත්තු කරමින් ගොඩ නගමින් ඉන්නව.... ඒත්...ඒත් ආදරවන්තිය????
එයා ආදරවන්තය කියන හැමදේක ප්‍රති අර්ථය ජනිත කරවල මේ දේ සිදු නොවෙන දෙයක් බවට අඟවන්න ලොකු උත්සහයක් ගන්නව... එහෙම නේද?
මුළදි ආදරවන්තය වැඩිය ගැඹුරින් හිතන්නෙ නෑ මේ ආදර්වන්තිය කියන්න හදන්නෙ මොකක්ද කියන දේ... එයාට දැනෙන්නෙ එයා කියන හැම දේකම ගැළපීමක් ගොඩනගන්න තම ප්‍රියම්බිකාව උත්සහ කරනව කියල.. ඒත්.... අන්තිමේදි ආදරවන්තයට දැනෙනව.. මේ තමන්ගෙ ආදරවන්තිය පුන පුනා කියන දේ.. කියපු දේවල් තුළ ගැබ් වෙලා තියෙන්නෙ.. දෙදෙනාගෙ නොගැළපෙන... එකතු නොවෙන බව කියල...
ආදරවන්තියගෙ කෙසේ වෙතත් මේ ආදරවන්තයගෙ බැඳීම තම ආදරවන්තිය කෙරෙහි.. ගොඩාක් ශක්තිමත්.... එයා තවමත් හිතනව... ඔය මොන දේ උනත් අපි දෙන්නට එකතු වෙන්න පුලුවන් කියල.. ඒක එහෙම වෙන්න පුලුවන්... ඒත් ආදරවන්තියට බෑ.. එයා මෙ ගීතයෙ මුළ ඉඳලම එයාගෙ හිතින් මේ සම්බන්ධෙ නතර කරල ඉවරයි..
"කඩඉම ළඟ ඉඳන් වත් නුඹ හැමදාම - මට අත වනාපන් නළියන නළ සේම " - මෙන්න මේ කොටසට තමයි මම මේ ගීතයෙ වැඩිපුරම ආස.... හරි අමුතු විදියට දැනෙනව ඒ කොටසෙ දි... හරියට.. මම... ගෙයි වැට කඩුල්ල අයිනෙ ඉඳන්... ඈතින්.. මගෙන් ඈත් වෙලා යන කෙනෙක්ට... අත වනනව වගෙ.... මැවිල පේනව මට... ගීත රචකයගෙ වෑයම සාර්ථකයි කියන එක එතනදි මට හොඳටම ඔප්පු වුනා කියල පස්සෙ මට හිතුන,,,
මෙන්න.. ඔයාලත් අහලම බලන්නකො ලස්සන වීඩියෝ එකකුත් එක්කම තියෙනව :) -
මේක යුග ගීයක්.. ආදරවන්තය තම් ආදරවන්තියට ආදරෙයි ගොඩාක්... තම ප්රියම්බිකාවගෙ මුහුණෙ එක පුංචි හිනාවක තියෙන වටිනාකම එයාට කියාගන්න බැරි තරම්..
සඳ දිය දෙවුන සේ සිනහව පිපුනාම - නුඹ කොයි තරම් සුවඳ ද මගෙ සිත ගාව
දෑ කුල සිරිත් සිටි සඳ මග අවුරාන - හමු වී වැළපෙමුද මෙලෙසින් හැමදාම
දෑ කුල සිරිත් සිටි සඳ මග අවුරාන - හමු වී වැළපෙමුද මෙලෙසින් හැමදාම
ඒත් ඒ ආදරේට බාධා ගොඩයි... අම්ම තාත්ත ඇතුළු නෑදෑ සනුහරේ ම මේ දෙන්නගෙ ආදර කතාවට විරුද්ධයි.. ඒත් ආදරවන්තය ගොඩාක් ආදරෙයි තමන්ගෙ ආදරවන්තියට... ඒ එකක්වත් එයාට ප්‍රශ්න නෙමෙයි එයාලගෙ කතාවට.. ඒත්...
ඒත්.. ආදරවන්තියට ඒක ලොකු ප්‍රශ්නයක්...දෙන්නට එක වහලයක් යටට යන්න.. ඒ මවාගත්තු පොදි බැඳගත්තු බලාපොරොත්තු වලින් පිරිච්චි ලෝකෙක තනි වෙන්න.. ඒ දෙන්නට... ආදරවන්තියගෙ දෙමවුපියන්ගෙන් එල්ල වෙන බාධාව ආදරවන්තියට බාධාවක් වෙලා තමන්ගෙ ආදර කතාවට...
එයාලගෙ මාර්ගය හරස් කරල කුළ බේදය...
නෑඹුල් පැතුම් අහසට නැඟ රහසේ ම - දිළිසෙන්නේ ද පුර පස දිළි සඳ ගාව
ඒ හඳ ඇයිද දියවක දී මුලු රෑම - දියවී ගිහින් රැඳුනේ තරු ඇස ගාව
ඒ හඳ ඇයිද දියවක දී මුලු රෑම - දියවී ගිහින් රැඳුනේ තරු ඇස ගාව
ආදරවන්තයගෙ තවමත් කිසිම අදහසක් නෑ මේ සම්බන්ධය නවත්තන්න... තවමත් එයා ඒ මවාගත්තු ඒ දෙන්නගෙ ලෝකය නඩත්තු කරමින් ගොඩ නගමින් ඉන්නව.... ඒත්...ඒත් ආදරවන්තිය????
එයා ආදරවන්තය කියන හැමදේක ප්‍රති අර්ථය ජනිත කරවල මේ දේ සිදු නොවෙන දෙයක් බවට අඟවන්න ලොකු උත්සහයක් ගන්නව... එහෙම නේද?
ළය මත පිපුණු උණුසුම් සුසුමක සුවඳ - සෝදා හල හැකිද ගැරහුම් රළ ගාව
කඩඉම ළඟ ඉඳන් වත් නුඹ හැමදාම - මට අත වනාපන් නළියන නළ සේම
කඩඉම ළඟ ඉඳන් වත් නුඹ හැමදාම - මට අත වනාපන් නළියන නළ සේම
මුළදි ආදරවන්තය වැඩිය ගැඹුරින් හිතන්නෙ නෑ මේ ආදර්වන්තිය කියන්න හදන්නෙ මොකක්ද කියන දේ... එයාට දැනෙන්නෙ එයා කියන හැම දේකම ගැළපීමක් ගොඩනගන්න තම ප්‍රියම්බිකාව උත්සහ කරනව කියල.. ඒත්.... අන්තිමේදි ආදරවන්තයට දැනෙනව.. මේ තමන්ගෙ ආදරවන්තිය පුන පුනා කියන දේ.. කියපු දේවල් තුළ ගැබ් වෙලා තියෙන්නෙ.. දෙදෙනාගෙ නොගැළපෙන... එකතු නොවෙන බව කියල...
ආදරවන්තියගෙ කෙසේ වෙතත් මේ ආදරවන්තයගෙ බැඳීම තම ආදරවන්තිය කෙරෙහි.. ගොඩාක් ශක්තිමත්.... එයා තවමත් හිතනව... ඔය මොන දේ උනත් අපි දෙන්නට එකතු වෙන්න පුලුවන් කියල.. ඒක එහෙම වෙන්න පුලුවන්... ඒත් ආදරවන්තියට බෑ.. එයා මෙ ගීතයෙ මුළ ඉඳලම එයාගෙ හිතින් මේ සම්බන්ධෙ නතර කරල ඉවරයි..
මට නම් දැනුනෙ ඔන්න ඔහොමයි.... :)
"කඩඉම ළඟ ඉඳන් වත් නුඹ හැමදාම - මට අත වනාපන් නළියන නළ සේම " - මෙන්න මේ කොටසට තමයි මම මේ ගීතයෙ වැඩිපුරම ආස.... හරි අමුතු විදියට දැනෙනව ඒ කොටසෙ දි... හරියට.. මම... ගෙයි වැට කඩුල්ල අයිනෙ ඉඳන්... ඈතින්.. මගෙන් ඈත් වෙලා යන කෙනෙක්ට... අත වනනව වගෙ.... මැවිල පේනව මට... ගීත රචකයගෙ වෑයම සාර්ථකයි කියන එක එතනදි මට හොඳටම ඔප්පු වුනා කියල පස්සෙ මට හිතුන,,,
ඔයාලට කෝමද ඒක දැනුනෙ?
මෙන්න.. ඔයාලත් අහලම බලන්නකො ලස්සන වීඩියෝ එකකුත් එක්කම තියෙනව :) -
Wednesday, August 8, 2012
ත්‍රීවීල් කුමාරය...
පොඩි වෙනසක්.... බරටම දැනෙයි ද නම් මන්ද.....
සුරංගනා කතාවක වගේ කුමාරිකාවක් ඇවිල්ල කතා කලා මට...
මම ගත් කටටම "බෑ" කිවුව....
ඉතින්...
අදටත් මම නිදහස්....
අර කුමාරි තවත් කුමාරයො හත් අට දෙනෙක්වම හීන ලෝක වල තනි කරල දැන් නමවෙනි කුමාරයගෙනුත් අහන්න යනවයි කියන්නෙ....
මම කිවුවෙ මේ අපේ කුමාරය...
අර ත්‍රීවීල් කුමාරය...
;)
ටියුබ් ලයිට් සඳහා අදම බැලාස්ට් උපකරණයක් පාවිච්චි කරන්න...
;)
December 6, 2011 at 8:34pm
Saturday, July 14, 2012
අහසයි පොළවයි එකතු වෙන්නෙ
අහසයි පොළවයි
එකට එකතු වෙන්නෙ
ක්ෂිතිජයෙදි ලු...
ඒත්...
ඒක,
හැබෑවටම වෙන්නෙ නැතිලු...
ඒකටත්
මිනිස්සු
මිරිඟුවක් කියල කියනව;
ඒත් ඒ මිරිඟුවට
මම ආදරෙයි..
ගොඩාක් ආදරෙයි.
ඒත්;
ඒ දෙන්නටම
ලස්සන
ජීවිත කතාවක් තියෙනව,
--මට--
එහෙම කතාවක් නැති වුණත්....
එකට එකතු වෙන්නෙ
ක්ෂිතිජයෙදි ලු...
ඒත්...
ඒක,
හැබෑවටම වෙන්නෙ නැතිලු...
ඒකටත්
මිනිස්සු
මිරිඟුවක් කියල කියනව;
ඒත් ඒ මිරිඟුවට
මම ආදරෙයි..
ගොඩාක් ආදරෙයි.
ඒත්;
ඒ දෙන්නටම
ලස්සන
ජීවිත කතාවක් තියෙනව,
--මට--
එහෙම කතාවක් නැති වුණත්....
Friday, July 13, 2012
හිතට දැනෙන හැඟීම්
.......................කෙනෙක්ගෙ හිතට දැනෙන හැඟීම්... ඒ ආවේගයන්... ඒ දුක දැනෙන තවත් හිතක් තියෙනව නම්... ඒක කොයි තරම් උත්තරීතර මනුෂ්‍ය ගුණාංගයන්ගෙන් පිරුණ හිතක් වෙන්න ඕනද...?
......................එහෙම හිතක් තියෙන පුද්ගලයෙක් ඉන්නව නම්.. ඒ පුද්ගලයගෙ යාලුවෙක් වෙන්න පුලුවන් වීම පවුම් පහමාරක සුදු රත්තරන් මාලයක් කරේ දාගෙන ධවල මන්දිරයෙ දිවා භෝජන සංග්‍රහයකට සහභාගී වීමට ලැබීමටත් වඩා වාසනාවක් කියලයි මට නම් හිතෙන්නෙ... ඒක එහෙම වුනත් එහෙම පුද්ගලයෙක්ව හොයන්න මට කල්ප කීයක ආතම කීයක් ඉපදෙන්න වෙයි ද දන්නෙ නෑ කියල පවනි කියනව.... ඒකටත් හේතුවක් තියෙනව...
....................සමහර අයට ඒ අද්විතීය හැකියාව උපතින්ම පිහිටල තිබුනත්....
.......................................... ඒ අය.... ඒ හැකියාව... ඒ දේ නිසා අමාරුවෙ වැටෙන්න කැමති නෑ...
ඔයාලට දැනිල තියෙනවද ඒක.....?
මන්ද... මට නම් හොඳටම දැනිල තියෙනව ඒක....
.............................ඉස්සර නම්.. මිනිස්සු.. එහෙම නෑ.. තමන්ගෙ හැකියාව.. හැමෝගෙම යහපත වෙනුවෙන්... සමීපතමයන්ගෙ..... දුක සතුට බෙදා හදා ගැනීම වෙනුවෙන් යොදවන්න සූදානමින් හිටිය...
ඒත් දැන් එහෙම නෑ....
..........................එහෙම නෑ කියන එකට හේතුව... අර මම කලින් කියපු "..අමාරුවෙ වැටෙන්න කැමති නෑ.." කියන එක කියලයි මට නම් හිතෙන්නෙ...
.....................ඒකට අර ගොඩක් අය කියනව වගෙ "කිසිම දෙයක් ඕනවට වැඩියෙන් ඕනම නෑ" කියල කියන කතාවත් එක්ක පදනම් වෙලා තියේ කියලයි මට හිතෙන්නෙ..
කොහොමද ඒක ඔයැයිලට දැනෙන්නෙ?
මටත් වඩා ඒ අත්දැකීම ඔයාලට ඇති කියල මට හිතෙනව....
ප. ලි. - මේ ළඟඳි දවසක කවුදෝ කෙනෙක් දාල තිබුන ස්ටේටස් වලින් මට තේරුනා,,,, එයාටත් ඒ ප්‍රශ්නෙ ඒ විදියටම ඇති වෙලා තියෙනව කියල...

Thursday, July 12, 2012
.....මා.....
මේ සා අති මහත් වූ සයිබර් අවකාශයේ මට මහා සෙට් නැත... කුඩා සෙට් ද නැත.. කුඩා සෙට් හෝ මහත් සෙට් තියා... මට මා වත් නැත...
සිතිවිලි සමූහයක් ම පමණක් වීමි.. කුඩා සිතුවිල්ලක් වීමි.. සිතිවිලි වලට පණ පොවන්නෙක් වීමි... පණ පෙවූ සිතුවිලි තුලින් මා මගේ රුව සිත්තම් කරන්නෙක් වීමි... සිතිවිලි වලින් රූ අඳින්නෙක් වීමි..
සිතිවිලි සමූහයක් ම පමණක් වීමි.. කුඩා සිතුවිල්ලක් වීමි.. සිතිවිලි වලට පණ පොවන්නෙක් වීමි... පණ පෙවූ සිතුවිලි තුලින් මා මගේ රුව සිත්තම් කරන්නෙක් වීමි... සිතිවිලි වලින් රූ අඳින්නෙක් වීමි..
සිත්තම් කල රූ තුළින් "මා" මවාගන්නෙක් වීමි.. මවාගත් "මා" හට අයිතිවාසිකම් කියන්නෙක් වීමි... මවාගත් "මා" තුළින් "මා" ලක්ෂණ සිත්තම් කරන්නෙක් වීමි... මවාගත් "මා" හා "ඔබ" සසඳන්නෙක් වීමි.. "මා" හා "ඔබ" සිත්තම් කලෙමි... සිතුවිලි මැව්වෙමි..කුඩා සිතුවිලි මැවුවෙමි... සිතුවිලි සමූහයක්ම මැවිවෙමි..
සිතුවිලි සමූහයක් ම වන්නෙමි... කුඩා සිතුවිල්ලක් ම වන්නෙමි.. සිත්තම් කල රූ තුළින් පණ පෙවූ සිතුවිලි මකා දමන්නෙක් වන්නෙමි... සිත්තම් කළ රූ තුළින් මවාගත් "මා" මකා දමන්නෙක් වන්නෙමි... අයිතිවාසිකම් කියූ "මා" සතු අයිතිවාසිකම් බිඳ දමන්නෙක් වන්නෙමි...
සිතුවිලි බිඳ දමන්නෙක් වන්නෙමි..
-----------------------------------------------මම------------------------------------------------
මා පුංචිම පුංචි මිනිසෙක් වෙමි... මහත් වූ මිනිස් සමූහයක් අතර පුංචිම පුංචි තිතක් තරම්වත් නොවන්නෙමි..

අහර සිඟමන් යැද්දෙක් වීමි... අයුතු වෙළඳාම් කරන්නෙක් වීමි.... වීදි සරන්නෙක් වීමි. මහ මග නිදන්නෙක් වීමි.. අතොරක් වූ මිනිස් සිත් සමග ගැටුනෙක් වීමි... සටන්කරුවෙක් වීමි.... ජයගන්නට උත්සාහ දරන්නෙක් වෙමි....
- ජය -
- ජය -
Wednesday, July 11, 2012
---"කලා" කරපු හිත්---
ටිකක් නුපුරුදු තැනක්. පවනිත් ටිකක් පුදුමෙන් වගෙ හිටියෙ. නැහැ. ඒ හැටි පුදුමෙකුත් නැහැ. ඒ අනුරාධපුරේ බාප්පලගෙ ගෙදර (ඒකයි පොඩි වෙනස ).
බාප්පගෙ පුංචි දුව සඳුනි,
කලා විශයයන් වලින් උසස්පෙළ හදාරන්න බලාපොරොත්තු තියාගෙන හිටියෙ ඒ දවස් වලත්..
සඳුනි නංගි දෙතුන් පාරක්ම මගෙ ළැඟට ඇවිත් ගියා. එහෙම ගිය වෙලාවක පවනි මට කියපු දේවල්......මාව පුදුම කලා...! එයාට නංගිගෙ ඇස් දෙක දැකපු ගමන්ම හිතුනලු, දැන් නම් ඒ හිත කාට හරි අයිති වේගෙන යනව වගෙ කියල.
ඒක මම මෙහෙම කිවුවොත්....., ආශාවල් පොදි බැඳගත්තු ලෞකික මිනිස්සු වෙච්ච අපි අතරෙ ගැහැණු ළමයින්ට විතරක් ඇති වෙන විදියෙ පුංචි ඉරිසියාවක් මගෙ ගැන හිතිල තියෙනව කියලයි පවනි මට කිවුවෙ. මම මගෙ ජංගම දුරකතනය එයාට දීල යනව කියල කියපු වෙලාවෙ මනස දියුණු කරපු අය විස්තර කරල තියෙනව වගෙ, සඳුනි නංගිගෙ හිතේ ඇති වුන චෛතසික වීදියම මම එයාගෙ ඇස් දෙක තුළින් දැක්ක. ඔන්න අපි මාතෘකාවෙන් පිට පැනල කියල පවනි කෑ ගහනව... පිස්සි.. මේක මගෙ මාතෘකාව... එයාගෙ නෙමෙයි නෙ!!!
මගෙ මූණ ඉස්සරහ රාක්කෙ අංශක තිහක විතර ඇලයට තියල තියෙන පිටු දෙසීයෙ පොත් දහය දැක්කම මගේ හිත අවුරුදු දෙකක් විතර ආපස්සට ගියා මටත් නොදැනිම.
ඒ දවස් වල පොත් වලට ඉටිකොළ වලින්, බ්‍රවුන් පේපර් වලින් පිටකවර දාන විලාසිතාව ටිකක් පරණ වෙලයි තිබුනෙ. අලුත්ම විලාසිතාව වෙලා තිබුනෙ පහසුවෙන් ගලවන්න උනත් පුලුවන් ටිකක් ඝණකම ඉටි කවර මාදිළිය. මම මේ හැම දෙයක්ම ඉලෙක්ට්‍රොනික් අකුරුකරණය කරන්න කලින් ලියාගන්න පොතට දාල තියෙන්නෙත් එහෙම කවරයක්. ගම්පහ බණ්ඩාරණායකේට ගිය මොරාල් එකත් නිසා හැම පොතකම මුල ඉඳන් දෙවෙනි පිටුවෙ යටම දකුණු පැත්තෙ කෙළවරේ ලියල තිබුනෙ මගෙ නමයි, පංතියයි, ඉස්කෝලෙ නමයි.
ඒ කාලෙ අනෙක් අංශ තුනේම හිටිය කොල්ලො හිතන් හිටියෙ කොච්චර කළත් සයන්ස් කාරයො, බයෝ කාරයො, කොමර්ස් කාරයො වගෙ නෙමෙයි, ලෝකය තියෙන විදියට දකින තිකෝණමිතික පෛතගරස් ප්‍රමේයන් කලාත්මක විදියට දකින අනිත් අංශ තුනේම අයට වඩා නිදහසේ සැහැල්ලුවෙන් ඉන්න ටිකක් අහංකාර කොල්ලො සෙට් එකක් විදියට (අහංකාර නම් නෑ ඒම කිවුවට )........
අපේ කලින් හිටපු අයියල අපිට හදල දීල තිබුන ඒ වැදගත්කම (කාඩ් එක ) කුඩු කරගන්නෙ නැතුව වැදගත් විදියටම තියාගන්න වුවමනාවක් (අපේ අංශභාර ගුරුතුමිය ඔලුවෙන් හිටගෙන නෑ කිවුවත් - දන්නෝ දනිති ;) ) කලා අංශයෙ කොල්ලන්ගෙ හදවත් වල බොක්කෙන්ම රැඳිල තිබුන.
මට මතකෙට මේව ආවෙ එවෙලෙ මගෙ ළඟ හිටපු මම වගේම එයාලගෙ ප්‍රදේශයෙ එකම ප්‍රධානම බාලිකා පාසලට යන සඳුනි නංගිව, නංගිගෙ පොත් මේසෙ නංගි හැසිරෙන විදිය, කතා කරන විදිය දැක්කමයි. මට වගේම නංගිටත් ඉස්කෝල නිසා උරුම වෙච්ච දේවල් එක්ක අපි දෙන්නගෙ පුංචි පුංචි සමානාත්මකතාවන් මම හොඳින්ම දැක්ක එවෙලෙ.
මම හිතන්නෙ බොහොම නිහඬව... වෙන වෙනම අධ්‍යයනය කරන්න පුලුවන් නම්... අපිට ගොඩක් දේවල් තේරුම් ගන්න.. හරි පුදුම සමානකම් දකින්න පුලුවන් වේවි මීටත් වඩා...
මට දැනෙනව "කලා" කරපු හිත් වල අන්න ඒ වෙනස....
ඔයාටත් දැනිල තියෙනවද කියල හදවතින් අහල බලන්න...
...නම් ගම් මනඃකල්පිතයි...
Tuesday, July 10, 2012
මිතුරු සුළඟ
ඈතින් පේන බෝධියෙ බෝ පතක ඉඳන් ආපු සීතල සුළං රැල්ල ඈත ඉඳන් මාව හොයාගෙන ආව. ඒකට විරුද්ධ වෙච්ච පිහිඹියා ගහ, එයාගෙ මුළු ධෛර්යයම යොදවල මුළු ඇඟම හොළවල පිම්බත් බෝ පතක ඉඳන් ආපු මගේ මිතුරු සුළඟ එයාවත් පරාද කරගෙන ආඩම්බරෙන් මගෙ ළඟට එනව මම දැක්ක.එතකොට මම ඇස් පියාගෙන මගේ හිත ඇඟේ රෝම කූපයක කෙළවර තියාගෙන ඒ සනීපය විඳගන්න බලාගෙන හිටියත්....;
....
...
..
.
ඒක එහෙම වුනේ නෑ....!!!
.
..
...
....
ළඟට ආපු මගෙ පංති භාර ගුරුතුමිය එකපාරටම මගේ මිතුරු සුළඟ ගිලල හපයක් කරල දාල, "නිදාගත්ත ඇති.. දැන් නැගිටින්න" යි කියල කිවුවම මම හිටපු තව්තිසා දිව්‍ය ලෝකෙ ඉඳන් දඩොග් ගාල ආර්ට් එකේ කොරිඩෝව උඩට වැටුන...
Monday, July 9, 2012
Thursday, July 5, 2012
අහගෙන ඉන්න...
![]() |
ගත්තෙ >>--> මෙතනින් |
;;;;....................;;;
අහගෙන ඉන්න ඒ පුංචි කුරුල්ලො දෙන්න මොනවද මුමුනනව...
අපි දෙන්න දිහා බලාගෙන මොන මොනවද මුමුනනව....
අපි දෙන්නගෙ ආදරේ ගැන මුමුනනව.....
;;;;....................;;;
අහගෙන ඉන්න ඒ පුංචි කුරුල්ලො දෙන්න අදත් මොනවද මුමුනනව...
අපි මෙතනට වෙලා ඉඳන් අපේ හීන ලෝක මැව්ව හැටි....
මතක් කර කර උන් මොනවද මුමුනනව....
;;;;....................;;;
අහගෙන ඉන්න අපි දෙන්නම අද මෙතන නැතත්....
අහන් ඉන්න ඒ පුංචි කුරුල්ලො දෙන්න අදත් මොනවද මුමුනනව...
ගෙවපු කාලෙ මතක් වෙවී මෙතන ඉඳන් මම දුක් වෙන හැටි.....
බලන් ඉඳන්…
අහන් ඉන්න ඒ පුංචි කුරුල්ලො දෙන්න අදත් මොනවද මුමුනනව...
;;;;....................;;;
November 3.2011 at7:51am
Wednesday, June 27, 2012
වැස්සත් එක්ක ප්‍රශ්නත් හේදිලාම ගිහින්...
" වැස්සත් එක්ක ප්‍රශ්නත් හේදිලාම ගිහින් වගේ...
ආයෙත් අපි හිනා වෙනවා....
හැම වෙලේම වැස්ස අපිට ගේන්නෙ සතුටක්..
ඒත්,
ඇයි හැමතැනම මඩ වලවල් විතරක් ඉතුරු වෙලා??
ඒක නම් ප්‍රශ්නයක්???
චූටි කාලෙ වගේ, ඒවට පනින්න තිබ්බා නම්...
අපෝ......
එහෙම කරන්න එපාලු, අපි දැන් ලොකු ළමයිලු...
හැමෝම එහෙම කියනවා.... "
---උපුටා ගැනීමකි---
copyrights©(- Edited by Hasz Salvatore & Hashan Salinda -)

මම ආසයි මේකෙ එක පාරටම පේන්නෙ නැති යථාර්තයට... මම ටිකක් අඳුරන නංගි කෙනෙක් ලියල තියෙන්නෙ... මට ඒකට උත්තරයක් ලියන්නම හිතුන... ඒ නිසයි මෙහෙම ලිවුවෙ..... අපි අපේ ජීවිත වලදි ප්‍රශ්න එක්ක හරි හරියට ගැටෙනව... ඒ ප්‍රශ්න නිසා අපිට පොත පතින් ඉගනගන්න බැරි විදියෙ ලොකු දැණුම් සම්භාරයක් ලැබනව... සමහරු එයින් වැටෙනව... සමහරු ඒක කාගෙන ඉන්නව.. සමහරු ඒව අභිබවා යනව... අන්තිමට කියපු දෙගොල්ලන්ටම ටිකක් රළු උනත් ජයග්‍රාහී මාර්ගයක් විවෘතයි...
ඒක මට දැනුනෙ මෙහෙමයි... -
ඒක මට දැනුනෙ මෙහෙමයි... -
වැස්සත් එක්ක
ප්‍රශ්න හේදි හේදි ගියත්...
ඉවර වෙන්නෙ නෑ..
අපේ ප්‍රශ්න....
කවදාවත්...
දුකයි සැපයි අතරෙ
තියෙන්නෙ..
වෙන් කරන්න බැරි
බැඳීමක්..
වැස්ස අපිට සතුටක්..
මඩ වලවල් අපිට දුකක්...
වැස්ස නැත්තම් මඩ වලවලුත් නෑ..
සතුට නැත්තම් දුකත් නෑ....
මඩ වලවලුයි...
වැස්සයි නැත්තම්....
අපිට කවදාවත්ම....
ජීවිතේ ගැඹුර දැනෙන්නෙත් නෑ...
"එහෙම කරන්න එපාලු,
අපි දැන් ලොකු ළමයිලු"
කියල
අපෙ අම්මල කියන්නෙ ඒ වගෙ...
Subscribe to:
Posts (Atom)