javascript:void(0)

Tuesday, September 27, 2016

..අසනි ගැබ..

..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."




අසනි ගැබ

හිස් අහසට හැකි උනාට
සිත් අහසට හැකි උනා ද,
දවස ගානෙ පිරුණු සිතුම්
හිස් කරන්න කිසිම දාක?





Thursday, September 22, 2016

..දුර්වලයා..

..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."


දක්ෂ ලමයෙක්ට උගන්නල හොඳ තැනකට අරගන්න ගුරුවරු එමටයි.... ඒ වගේ ලමයින්ට උගන්නන්නත් ගුරුවරු ගොඩක් කැමතියි හොඳට, ඉක්මනට ඉගෙන ගන්න නිසා...
ඒත් දුර්වල ළමයෙක්ට උගන්නල හොඳ තැනකට අරගන්න උත්සහ කරන ගුරුවරු අල්පයි.. ඒ වගේ ළමයින්ට උගන්නන්නත් ගොඩක් ගුරුවරු කැමති නෑ, මොකද ඉක්මනට, හොඳින් ඉගෙනගන්න ඒ ළමයි දක්ෂ නැති නිසා....
ඒ වගේම එහෙම ළමයින්ට උගන්නන ගුරුවරුන්ට සාමාන්‍ය ගුරුවරයෙක්ට වඩා හොඳ ඉවසීමක්, සංයමයක් තියෙන්නෙ ඕන. එහෙම දරුවෙක් එහෙම ගුරුවරයෙක්ගෙන් අධ්‍යාපනය ලබන්න පිං කරල තියෙන්න ඕන....


රටේ ලෝකෙ හොඳ කෙනෙක්ව තව තවත් හොඳ මගට යොමු කරල යහමග යොදවන්න පුලුවන්, එහෙම කරන අය එමටයි... එහෙම හොඳ කෙනෙක්ව තව තවත් යහමගට යොමු කරන්න කවුරු උනත් කැමතියි, ගොඩක් උනන්දුයි....
ඒත් රටේ ලෝකෙ, මේ සමාජෙ ඉන්න නරක කෙනෙක්ව හොඳ මගට යොමු කරල යහමග යොදවන්න පුලුවන්, එහෙම කරන අය අල්පයි. මොකද ඒ කාර්ය එතරම් ලේසි නැති නිසා වගෙම සමහර අවස්ථාවල ඒක අවධානම් හෝ අවධානමක් අරගෙන කරන්න ඕන දෙයක් වන නිසා...
ඒ වගේම එහෙම නරක හෝ නරකට යොමු වෙමින් සිටින් හෝ නරකින් මිදෙන්න උත්සහ කරන අයව යහමගට ගන්න උදවු දෙන, ක්‍රියා කරන පුද්ගලයින්ට ලොකු ඉවසීමක්, හොඳ සංවේදීභාවයක් වගේම ඒ සඳහා හදවතින්ම නැගෙන සිතුවිලි පහල වෙන්න ඕන... එහෙම පුද්ගලයෙක්ගෙන් අවවාද අනුශාසනා හෝ උපදෙස් ලබන්නත් මිනිස්සු පිං කරල තියෙන්න ඕන...


මම දක්සයව අත ඇරල දුර්වලයට අත දෙන කෙනෙක්, දක්සයට අත දෙන්න අය ගොඩයි සමාජෙ, ඒ නිසා මම හැම වෙලේම වැඩි අවධානයක් දෙන්නෙ මගෙ පංති වල අදක්ෂ දුර්වල ළමයට....
ඒ වගේම හොඳ මිනිස්සු එක්ක එකතු වෙලා හොඳ දේවල්, යහපත් දේවල් කරන අයට වඩා මම හැම වෙලේම උත්සහ කරන්නෙ නරකට යොමු වෙච්ච හෝ නරකට යොමු වෙමින් ඉන්න කෙනෙක්ව යහපත් දේවල් කරන්න එකතු කරගන්න එක....
වෙන කාටවත් වඩා මම ඒක හොඳින්ම දන්නව, මට ඒක හොඳින්ම දැනෙනව... මොකද මමත් කාලයක් ඒ වගේ අදක්ෂයෙක්, දුර්වලයෙක්, නරකට යොමු වෙච්ච කෙනෙක්, යහපත් චේතනාවෙන් ක්‍රියා නොකල කෙනෙක්... ඒත් අද මම වෙනස්..කර්මය විස්වාස කරනව..... අටලෝ දහමට වෙනස් නොවී හිටියම ලබාගන්න පුලුවන් දේවල් ගැන මම ම අත්දැකීම්න් ඉගෙනගත්තු දේවල් තියෙනව... මම ඒ සියල්ලම මගෙ එක්ක ඉන්න හැමෝටම කියල දෙනව.... ඒව අහන අය අහනව, නැති අයත් ඉන්නව... ඒත් පුංචි සිතුවිල්ලක් හරි වෙනස් වෙනව නම් ඒක මගෙ ජයක්... ඔයාලගෙත් ජයක්...
ජය වේවා...