javascript:void(0)

Wednesday, April 25, 2012

මගෙ ඊළඟ පෝස්ට් තුන...????


..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."

         මීළඟට මම ලියන්න යන්නෙ මම තාප්ප පෝස්ටර් අධ්‍යයනය කරපු කාලෙ හදුනගත්තු සුවිශේෂී ස්ථානයක කුරුටු ගාල තිබුන නිර්මාන තුනක් ගැන.... ඒ තුනම මගේ නිර්මාන වලට වඩා ගොඩක් ලස්සනයි...

             ඒත් විශේෂයෙන්ම කියන ඕනෙ ඒව කවුරු ලියපුවද.. කවද ලියපුවද කියල නම් මම හරියටම දන්නෙ නෑ... කොටින්ම ඒවයෙ මුල් අයිතිකාරයො කවුද කියන්න මම දන්නෙ නෑ... කොටින්ම ඒව මගෙ නිර්මාන නෙමෙයි..

හැබැයි ඊට කලින් මම දැනගන්න ආසයි ඒ නිර්මාන පළ කරනවට කට්ටිය කොයි තරම් කැමති ද කියල......

බලමු... සාධාරණ පිරිසක් ඒ ටික පළ කරනවට කැමති උනොත්.... මගෙ ඊළඟ පෝස්ට් තුන ඒ තුන වේවි....

බලමු.... කට්ටියගෙ කමෙන්ට් වලින්....


ඒ පෝස්ට් තුන පළ කරනවට කැමති අය මෙතන යටින් කමෙන්ට් කරන්න බලන්න.....

Sunday, April 15, 2012

සංගීතය


..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."

පිංතූරෙ ගත්තෙ >>--> මෙතනින්
                  
               සංගීතය විශ්ව භාෂාවක් බව ඔබත් පිළිගන්නවද?? බොහොම හොදයි.. මම විශ්වාස කරනව ඔබ ඒක පිළිගන්නව කියල.....හරි...අපි එහෙම හිතමුකො....

        අද දිනය 2010 අගෝස්තු දා හතර....මට දීල තියෙනව තර්ක ශාස්ත්‍රය හා විද්‍යාත්මක  ක්‍රමය කියල ප්‍රශ්න පත්තරයක්....සිංහල දෙමළ ඉංග්‍රීසි කියන භාෂා තුනෙන්ම එක ප්‍රශ්න පත්‍රය බැගින් දීල තියෙනව...මෙහෙම හිතන්න.. දක්ෂ...බුද්ධිමත් මිනිහෙක් ඉන්නව..ඒත් එයාගෙ ඇස් පේන්නෙත් නැහැ... කතා කරන්නත් බැහැ... හිතන්න එය කොහොමද මේ තර්ක ශාස්ත්‍රය ඉගෙන ගන්නෙ??? සංගීතය විශ්ව භාෂාවක් නම් ඔයාලට පුලුවන්ද එයාට ඒ භාෂාවෙන් තර්ක ශාස්ත්‍රය උගන්වන්න??  සංගීතය විශ්ව භාෂාවක් නම් හැමෝටම ඒක තේරුම්ගන්න පුලුවන් වෙන්න ඕනනෙ!!!!
    සාමාන්‍ය මිනිස්සු වගේ සංගීතයෙන්ම ප්‍රශ්න පත්‍රයට උත්තර සපයන්න....

                  ඉතින් මම ලියනව මගෙ ප්‍රශ්න පත්‍රයේ " මා ප්‍රශ්න පත්‍රය මුද්‍රණය කර තිබෙන කිසිදු භාෂාවක් නොදන්නෙමි... මා හට සංගීතය නැමැති විශ්ව භාෂාවෙන්  නිර්මාණය කරන ලද තර්ක ශාස්ත්‍රය හා විද්‍යාත්මක ක්‍රමය i නැමැති ප්‍රශ්න පත්‍රය එම විශ්ව භාෂාවෙන් මුද්‍රණය කර හෝ කුමන හෝ අයුරකින් ලබා දෙන්න" කියල...






ලොල් ය.....

:ඩී


ප.ලි. - මේ නිර්මානයෙන් සංගීතය කියන විෂය හෑල්ලුවට ලක් වීමක් උනා වගෙ නම්. අනේ මට සමාවෙන්න.... මම එහෙම දෙයක් අදහස් කලේ නෑ... මට ඕන වුනේ මගෙ ප්‍රශ්න පත්‍රය ගැන පොඩි අදහසක් දෙන්න විතරයි.. ඇත්තටම මට සමාවෙන්නෙ ඕනෙ ඒකට.. ඉල්ලනව ඔයාලගෙන් එහෙම අදහසකින් නැතුව මේ නිර්මාන දිහා බලල ඒ අදහස ගන්න කියල...

Monday, April 9, 2012

අවුස්සල බලන්න

..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."

කුණුගොඩකි 
මාගේ ජීවිතය...

එන්න කපුටනි...
අවුස්සා බලන්න
මගෙ ජීවිතය..
ආයෙත්;
ඉඩ ලැබෙන එකක්
 නෑති වෙයි...

Sunday, April 1, 2012

පුංචි බලාපොරොතුවක්

..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."


කියන්න මට...
දුක හිතෙන්නෙ නැති
දෙයක්..

මම දන්නව..
ඔයා..
කියන්න හදන්නෙ...
මට ගොඩාක්
දුක හිතෙන දෙයක් බව....
අනේ.......



කියන්න මට...
දුක හිතෙන්නෙ නැති
දෙයක්....

මගෙ හදවතට....
පුංචි සතුටක්...
දෙන්න පුලුවන්..
කතාවක්...



කියන්න මට....
දුක හිතෙන්නෙ නැති
දෙයක්...

ජිව්තේ ගැන...
ආදරේ ගැන.....
කවදාවත්ම..
අමතක කරන්න...
බැරි දෙයක්...



කියන්න මට....
දුක හිතෙන්නෙ නැති 
දෙයක්....

මට ජීවත් වෙන්න..
බලාපොරොතුවක්...
වෙන්න පුලුවන්..
දෙයක්..

ඔය මොකුත් නැතුව...
දෙන්න මට..
ජීවත් වෙන්න..
"පුංචි බලාපොරොතුවක්"....

Tuesday, April 5, 2011