ටිකක් නුපුරුදු තැනක්. පවනිත් ටිකක් පුදුමෙන් වගෙ හිටියෙ. නැහැ. ඒ හැටි පුදුමෙකුත් නැහැ. ඒ අනුරාධපුරේ බාප්පලගෙ ගෙදර (ඒකයි පොඩි වෙනස ).
බාප්පගෙ පුංචි දුව සඳුනි,
කලා විශයයන් වලින් උසස්පෙළ හදාරන්න බලාපොරොත්තු තියාගෙන හිටියෙ ඒ දවස් වලත්..
සඳුනි නංගි දෙතුන් පාරක්ම මගෙ ළැඟට ඇවිත් ගියා. එහෙම ගිය වෙලාවක පවනි මට කියපු දේවල්......මාව පුදුම කලා...! එයාට නංගිගෙ ඇස් දෙක දැකපු ගමන්ම හිතුනලු,
දැන් නම් ඒ හිත කාට හරි අයිති වේගෙන යනව වගෙ කියල.
ඒක මම
මෙහෙම කිවුවොත්....., ආශාවල් පොදි බැඳගත්තු ලෞකික මිනිස්සු වෙච්ච අපි අතරෙ
ගැහැණු ළමයින්ට විතරක් ඇති වෙන විදියෙ පුංචි ඉරිසියාවක් මගෙ ගැන හිතිල තියෙනව කියලයි පවනි මට කිවුවෙ. මම
මගෙ ජංගම දුරකතනය එයාට දීල යනව කියල කියපු වෙලාවෙ මනස දියුණු කරපු අය විස්තර කරල තියෙනව වගෙ, සඳුනි නංගිගෙ හිතේ ඇති වුන චෛතසික වීදියම මම එයාගෙ ඇස් දෙක තුළින් දැක්ක. ඔන්න අපි මාතෘකාවෙන් පිට පැනල කියල පවනි කෑ ගහනව... පිස්සි.. මේක මගෙ මාතෘකාව... එයාගෙ නෙමෙයි නෙ!!!
මගෙ මූණ ඉස්සරහ රාක්කෙ අංශක තිහක විතර ඇලයට තියල තියෙන පිටු දෙසීයෙ පොත් දහය දැක්කම මගේ හිත අවුරුදු දෙකක් විතර ආපස්සට ගියා මටත් නොදැනිම.
ඒ දවස් වල පොත් වලට ඉටිකොළ වලින්, බ්‍රවුන් පේපර් වලින් පිටකවර දාන විලාසිතාව ටිකක් පරණ වෙලයි තිබුනෙ. අලුත්ම විලාසිතාව වෙලා තිබුනෙ පහසුවෙන් ගලවන්න උනත් පුලුවන් ටිකක් ඝණකම ඉටි කවර මාදිළිය. මම මේ හැම දෙයක්ම ඉලෙක්ට්‍රොනික් අකුරුකරණය කරන්න කලින් ලියාගන්න පොතට දාල තියෙන්නෙත් එහෙම කවරයක්. ගම්පහ බණ්ඩාරණායකේට ගිය මොරාල් එකත් නිසා හැම පොතකම මුල ඉඳන් දෙවෙනි පිටුවෙ යටම දකුණු පැත්තෙ කෙළවරේ ලියල තිබුනෙ
මගෙ නමයි, පංතියයි, ඉස්කෝලෙ නමයි.
ඒ කාලෙ අනෙක් අංශ තුනේම හිටිය කොල්ලො හිතන් හිටියෙ කොච්චර කළත් සයන්ස් කාරයො, බයෝ කාරයො, කොමර්ස් කාරයො වගෙ නෙමෙයි, ලෝකය තියෙන විදියට දකින තිකෝණමිතික පෛතගරස් ප්‍රමේයන් කලාත්මක විදියට දකින අනිත් අංශ තුනේම අයට වඩා නි
දහසේ සැහැල්ලුවෙන් ඉන්න ටිකක් අහංකාර කොල්ලො සෙට් එකක් විදියට (අහංකාර නම් නෑ ඒම කිවුවට )........
අපේ කලින් හිටපු අයියල අපිට හදල දීල තිබුන ඒ වැදගත්කම (කාඩ් එක ) කුඩු කරගන්නෙ නැතුව වැදගත් විදියටම තියාගන්න වුවමනාවක් (
අපේ අංශභාර ගුරුතුමිය ඔලුවෙන් හිටගෙන නෑ කිවුවත් - දන්නෝ දනිති ;) ) කලා අංශයෙ කොල්ලන්ගෙ හදවත් වල බොක්කෙන්ම රැඳිල තිබුන.
මට මතකෙට මේව ආවෙ එවෙලෙ මගෙ ළඟ හිටපු මම වගේම එයාලගෙ
ප්‍රදේශයෙ එකම ප්‍රධානම බාලිකා පාසලට යන සඳුනි නංගිව, නංගිගෙ පොත් මේසෙ නංගි හැසිරෙන විදිය, කතා කරන විදිය දැක්කමයි. මට වගේම නංගිටත් ඉස්කෝල නිසා උරුම වෙච්ච දේවල් එක්ක අපි දෙන්නගෙ
පුංචි පුංචි සමානාත්මකතාවන් මම හොඳින්ම දැක්ක එවෙලෙ.
මම හිතන්නෙ බොහොම නිහඬව... වෙන වෙනම අධ්‍යයනය කරන්න පුලුවන් නම්... අපිට ගොඩක් දේවල් තේරුම් ගන්න.. හරි පුදුම සමානකම් දකින්න පුලුවන් වේවි මීටත් වඩා...
මට දැනෙනව "කලා" කරපු හිත් වල අන්න ඒ වෙනස....
ඔයාටත් දැනිල තියෙනවද කියල හදවතින් අහල බලන්න...
...නම් ගම් මනඃකල්පිතයි...