වෙනදට මගේ දුක අහන නිල් අහස, අද නපුරු කළු වළාකුළු වහගෙන. එයත් මට ඔරවනව. ඉස්සරහ බිත්තියෙ ඇඳල තියෙන අවුරුදු ගාණක් පරණ, පුංචි අලි පැටියත් මට ඔච්චම් කරනවද මන්ද කියලත් මට හිතෙනව.
මගෙ උත්තර පත්තරේ මම ම ලියපු අකුරු මට විරිත්තනව. ප්‍රශ්න පත්තරේ හිටිය එක "ඊ" යන්නක් මගෙ කණට රිංගල,"පවනි...ට අද නම් ලොජික් මතක නෑ" කියල කෑ... ගහනව.
ඒ අහගෙන හිටපු තවත් අකුරු ටිකක් පෑනත් එක්ක එකතු වෙලා උත්තර පත්තරේ වම් පැත්තෙ කොනට වෙන්න,"පවනි...ට ලොජිc කෙළ වේ" කියල ලියනව.
මට තරහ ගිහින් ඒ අකුරු ටිකයි පෑනයි අල්ලල බැම්මට උඩින් office එක ඉස්සරහ පොකුණට වීසි කළා. ඒක දැකපු මගෙ මහපොට ඇඟිල්ලෙ නියපොත්ත හූ කියනව.
මම ඒ ඔක්කොගෙන්ම අහනව "තමුසෙල ඔහොම මගෙ හිත විකාර කරද්දි මම කොහොමද උත්තර ලියන්නෙ?".
ඒම කියපුවම එයාලට මං ගැන ගොඩාක් දුක හිතිල කලින් හිටිය තැන් වලටම යනව. මට එයාල ගැන අනුකම්පාවකුත් හිතෙනව. ඒත් තව විනාඩි පහෙන් පේපර් එක එකතු කරනව...
:(