javascript:void(0)

Monday, September 3, 2012

සඳ දිය දෙවුන සේ...


..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."

                                     අද නම් මගෙ පෝස්ට් එක සිංදුවක්... හැමදාම ලියන එක අද අහන්න.. අගය කර කර රස විඳින්න මෑත කාලයේ බිහි වෙච්ච ලස්සන සිංදුවක් බ්ලොගේට දාන්න හිතුන... අර අපි කියනව මගෙ "මම අහන විදියෙ සිංදු" මේ කාලෙ බිහිවෙන්නෙ බොහොම සීමිත ප්‍රමාණ වලින්... ඒ මම ආස සිංදු... මේ තියෙන්නෙත් ඒ වගෙ එකක්... මේක කියන්නෙ මාලනී බුලත්සිංහල මහත්මිය සමඟ අසංක ප්‍රියමන්ත මහත්මා කිවුවම.. අසංක ප්‍රියමන්ත කියල දකිනකොටත් මට ටිකක් පුදුම හිතුන.. මොකද නම ගිය සංගීත කණ්ඩායම් එක්ක කැසට් පට වලට සිංදු කියන.. අර්ථයට වැඩි තැනක් නොදෙන ගායකයෙක් විදියෙ මහ අමුතු ප්‍රතිරූපයක් තමයි එතුමා ගැන මගෙ හිතේ තිබුනෙ... මන්ද.. ඉතින් ඒක මට දැනුන විදිය නෙ.. ඔයාලට ඒක වෙනමම විදියකට දැනෙන්නත් පුලුවන්. හැබැයි මේ ගීතය නිසා ඒ ප්‍රතිරූපයෙ නම් පුංචි වෙනසක් වුනා කියල මට දැනුන...

                   මේක යුග ගීයක්.. ආදරවන්තය තම් ආදරවන්තියට ආදරෙයි ගොඩාක්... තම ප්‍රියම්බිකාවගෙ මුහුණෙ එක පුංචි හිනාවක තියෙන වටිනාකම එයාට කියාගන්න බැරි තරම්..


සඳ දිය දෙවුන සේ සිනහව පිපුනාම - නුඹ කොයි තරම් සුවඳ ද මගෙ සිත ගාව
දෑ කුල සිරිත් සිටි සඳ මග අවුරාන - හමු වී වැළපෙමුද මෙලෙසින් හැමදාම


ඒත් ඒ ආදරේට බාධා ගොඩයි... අම්ම තාත්ත ඇතුළු නෑදෑ සනුහරේ ම මේ දෙන්නගෙ ආදර කතාවට විරුද්ධයි.. ඒත් ආදරවන්තය ගොඩාක් ආදරෙයි තමන්ගෙ ආදරවන්තියට... ඒ එකක්වත් එයාට ප්‍රශ්න නෙමෙයි එයාලගෙ කතාවට.. ඒත්...
ඒත්.. ආදරවන්තියට ඒක ලොකු ප්‍රශ්නයක්...දෙන්නට එක වහලයක් යටට යන්න.. ඒ මවාගත්තු පොදි බැඳගත්තු බලාපොරොත්තු වලින් පිරිච්චි ලෝකෙක තනි වෙන්න.. ඒ දෙන්නට... ආදරවන්තියගෙ දෙමවුපියන්ගෙන් එල්ල වෙන බාධාව ආදරවන්තියට බාධාවක් වෙලා තමන්ගෙ ආදර කතාවට...
එයාලගෙ මාර්ගය හරස් කරල කුළ බේදය...


නෑඹුල් පැතුම් අහසට නැඟ රහසේ ම - දිළිසෙන්නේ ද පුර පස දිළි සඳ ගාව
ඒ හඳ ඇයිද දියවක දී මුලු රෑම - දියවී ගිහින් රැඳුනේ තරු ඇස ගාව

ආදරවන්තයගෙ තවමත් කිසිම අදහසක් නෑ මේ සම්බන්ධය නවත්තන්න... තවමත් එයා ඒ මවාගත්තු ඒ දෙන්නගෙ ලෝකය නඩත්තු කරමින් ගොඩ නගමින් ඉන්නව.... ඒත්...ඒත් ආදරවන්තිය????
එයා ආදරවන්තය කියන හැමදේක ප්‍රති අර්ථය ජනිත කරවල මේ දේ සිදු නොවෙන දෙයක් බවට අඟවන්න ලොකු උත්සහයක් ගන්නව... එහෙම නේද?


ළය මත පිපුණු උණුසුම් සුසුමක සුවඳ - සෝදා හල හැකිද ගැරහුම් රළ ගාව
කඩඉම ළඟ ඉඳන් වත් නුඹ හැමදාම - මට අත වනාපන් නළියන නළ සේම


මුළදි ආදරවන්තය වැඩිය ගැඹුරින් හිතන්නෙ නෑ මේ ආදර්වන්තිය කියන්න හදන්නෙ මොකක්ද කියන දේ... එයාට දැනෙන්නෙ එයා කියන හැම දේකම ගැළපීමක් ගොඩනගන්න තම ප්‍රියම්බිකාව උත්සහ කරනව කියල.. ඒත්.... අන්තිමේදි ආදරවන්තයට දැනෙනව.. මේ තමන්ගෙ ආදරවන්තිය පුන පුනා කියන දේ.. කියපු දේවල් තුළ ගැබ් වෙලා තියෙන්නෙ.. දෙදෙනාගෙ නොගැළපෙන... එකතු නොවෙන බව කියල...

ආදරවන්තියගෙ කෙසේ වෙතත් මේ ආදරවන්තයගෙ බැඳීම තම ආදරවන්තිය කෙරෙහි.. ගොඩාක් ශක්තිමත්.... එයා තවමත් හිතනව... ඔය මොන දේ උනත් අපි දෙන්නට එකතු වෙන්න පුලුවන් කියල.. ඒක එහෙම වෙන්න පුලුවන්... ඒත් ආදරවන්තියට බෑ.. එයා මෙ ගීතයෙ මුළ ඉඳලම එයාගෙ හිතින් මේ සම්බන්ධෙ නතර කරල ඉවරයි..

මට නම් දැනුනෙ ඔන්න ඔහොමයි.... :)

"කඩඉම ළඟ ඉඳන් වත් නුඹ හැමදාම - මට අත වනාපන් නළියන නළ සේම " - මෙන්න මේ කොටසට තමයි මම මේ ගීතයෙ වැඩිපුරම ආස.... හරි අමුතු විදියට දැනෙනව ඒ කොටසෙ දි... හරියට.. මම... ගෙයි වැට කඩුල්ල අයිනෙ ඉඳන්... ඈතින්.. මගෙන් ඈත් වෙලා යන කෙනෙක්ට... අත වනනව වගෙ.... මැවිල පේනව මට... ගීත රචකයගෙ වෑයම සාර්ථකයි කියන එක එතනදි මට හොඳටම ඔප්පු වුනා කියල පස්සෙ මට හිතුන,,,


ඔයාලට කෝමද ඒක දැනුනෙ?


මෙන්න.. ඔයාලත් අහලම බලන්නකො ලස්සන වීඩියෝ එකකුත් එක්කම තියෙනව :)  -


28 comments:

  1. හ්ම්ම්ම්ම්ම්....

    ReplyDelete
  2. පෝස්ට් එක කියෙව්වා.....

    මට් මොන් සින් ද....?

    ReplyDelete
    Replies
    1. හිකිස්...
      ඒක රසවිඳීම...
      :ඩී

      Delete
  3. පොස්ට් එක නම් කියෙව්වා.. පස්සේ හෙමිට සින්දුවත් අහලා බලන්න ඕනේ..
    ජය වේවා..!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝ....

      ඒ වගේම සාදරයෙන් පිළිගන්නව ඔයාවත් මතක වස්තුවට...

      Delete
  4. මෑත කාලීනව බිහිවෙන සිංදු මෙලෝ රහක් නෑ තමා.මං හිතන්නේ අසංක පියමන්තට කොහෙදො යන සිංදුවක් කකුල් දෙක ගාවට වැටෙන්න ඇති.සොරි නිකමට කිවුවේ.

    කොහොම උනත් මේ සිංදුව මාත් රසවිදින ලස්සන සිංදුවක්... තාමත් මං මේ සිංදුව රසවිදිනවා.. කිව්වා වගේම නිකන් දුක මිශ්‍ර කරගත්තු අමුතු හැගීමක් දැනෙනවා..

    ReplyDelete
    Replies
    1. ඔව්... මටත් මේක අහපු මුල්ම වතාවෙ ඒ වගෙ තමයි දැනුනෙ...
      ඒත් අසංක ප්‍රියමන්ත කියන්නෙත් හොඳ ගායකයෙක්...

      ඒක තමයි දැනෙන්නෙ.. අහි අමුතු දුක මිශ්‍ර විරහ හැඟීමක් වගේ...

      Delete
  5. තව ටිකක් සින්දුව ඇතුලට ගියා නම් හොඳයි කියල හිතෙනවා කොහොම උනත් "කඩඉම ළඟ ඉඳන් වත් නුඹ හැමදාම - මට අත වනාපන් නළියන නළ සේම " කොටස මාරම විදියට හිතට දැනෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව්....
      මටත් පස්සෙ නම් දැනුන තව ටිකක් ගීතය තුළට එබිල බැලුව නම් හොඳයි කියල....

      +++++++

      Delete
  6. පදරචනය නම් විශිෂ්ටයි
    සින්දුවත් අහන්නම්...

    ReplyDelete
    Replies
    1. ඔව්.. මමත් මුලින්ම මේ ගීතය අහල රස විඳල තිබුනෙ නෑ...
      මගේ ගුරුවරයෙක් තමයි මේ පද පේලි ටික මට ලියාගන්න දුන්නෙ...
      එදා ඉඳන් හරිම ආසාවෙන් හිටියෙ මේ ගීතය හොයාගන්න....

      ස්තුතියි...
      :)

      Delete
  7. හ්ම්ම්..ආදරේ ගැන කියන ලියන දේවල් නම් අනේ මන්ද අප්පා..

    ReplyDelete
    Replies
    1. එපා වෙලා නේද...
      :ඩී

      මට නම් ඒකෙ රසවත් බවක් දැනුන.. පද පේලි අතර..
      ඒ නිසයි... ඔයාලටත් දැනගන්න ඒක ලියල දැම්මෙ...

      Delete
  8. ධමිමික ස‍‍දරුවන් - අසංග ප්‍රියමන්ත ගේ පරණ සින්දු අහල නැති ය දන්නේ නෑ ඒවගේ තියෙන ලස්සන. හොදට හොයල බලන්න පරණ සින්දු ගැන.

    ReplyDelete
    Replies
    1. ඔව්... ඒ කාලෙ.. මම කියන්නෙ මුල්ම යුගයෙ ලස්සන ගීත බිහි වෙලා තිබුන එතුමාගෙන්... ඒත් පසුකාලීනව.. ඒක වාණිජ පරමාර්ථ වලට කොටු උන ගතියක් තමයි තිබුනෙ.. අන්න එතනදි... එතුමන්ගෙ අතින්.. අර්ථයට තැනක් දීම කියන කාරණාව ගිලිහුණා කියලයි මට නම් හිතෙන්නෙ...

      Delete
  9. ම්ම්ම්ම්ම්...ලස්සනයි...

    ReplyDelete
  10. අසංක මුල් කාලෙ සම්බන්ධ වුණ නිර්මාණ ඉතා ඉහළ මට්ටමක තිබුණා. ඒත් අද වෙනකොට එහෙම තත්ත්වයක් නැහැ. කොටින් ම දැන් මිනිහ සිංදු කියන්නෙත් තමන්ගේ තියෙන ඔරිජිනල් හඬ වෙනස් කරලයි. ඒකට එයාට සාධාරණ හේතු තිබුණත් ශ්‍රාවකයින්ට ඒකෙන් සිද්ධවෙන්නේ ලොකු අසාධාරණයක්......
    අදටත් විඳින්න පුළුවන් මේ සිංදුවත් ඒ මුල් යුගයේ බිහිවුණ තවත් එක් වටිනා නිර්මාණයක්.
    ඒ අතීතය ආයේ සැරයක් මතක් කළාට බොහොම ස්තූතියි.......

    ReplyDelete
    Replies
    1. ඔව්.. එතුමන්ගෙ බොහොම හොඳ රසිකයෙක්ගෙ වැදගත් අදහසක්...
      +++++++++

      අර උඩින් දාපු ඇනෝට දුන්න උත්තරේ වගෙම තමයි උදාර සහෝටත් දෙන්න තියෙන්නෙ...
      "මුල්ම යුගයෙ ලස්සන ගීත බිහි වෙලා තිබුන එතුමාගෙන්... ඒත් පසුකාලීනව.. ඒක වාණිජ පරමාර්ථ වලට කොටු උන ගතියක් තමයි තිබුනෙ.. අන්න එතනදි... එතුමන්ගෙ අතින්.. අර්ථයට තැනක් දීම කියන කාරණාව ගිලිහුණා කියලයි මට නම් හිතෙන්නෙ..."
      එහෙම නේද?
      අන්න එතනදි තමයි මම හිතන්නෙ ඔයා ඔය කියන විදියෙ අසාධාරණය සිදු උනේ එයාගෙ සමීප රසිකයින් ට....

      ස්තූතියි ඔයාගෙ අදහසටත්...

      Delete
  11. ලස්සන සින්දුවක් ....!!

    ReplyDelete
  12. මමත් ආස ලස්සන ගීතයක්..!
    හදිස්සියෙන් ලියැවුණ සටහනක්ද මන්දා.. ගීතය ගැන තව ටිකක් ලියැවුණානම්..
    අගෙයි සහෝ. සටහන ගොඩක්.. :)

    ReplyDelete
    Replies
    1. ඔව්... ලස්සන ගීතයක්...

      ඔව්... මටත් හිතුන... මට තව ටිකක් ගීතය ඇතුළට එබිල බලන්න තිබුන නම් හොඳයි කියල.... ඔයා හරි... ඒක බෝම කෙටි කාලයක් තුළ හදිසියෙ ලියපු එකක් නන්ඳු...

      ස්තූතියි නන්ඳු...

      Delete
  13. :) ow math godak aasa song 1k. Mta mathaka widyata oka liyala thyenne Mr. Nilar Cassim. Mn hari nm Oken mean wenne tamil grl knk & sinhala boy knk gana. (hariyata ma mathaka na, bt mata mathaka widyata nm ehema mean 1k thama thyenne) gud post 1k akkiyo :)

    ReplyDelete
    Replies
    1. හොඳයි නංගො....
      ඒ ගැන තව ටිකක් හොයල බලන්න මගෙ අදහසක් තියෙනව..
      මූලිකවම මට මේකෙ පද රචනයට හිත ගිය නිසයි සිංදුව අහල බලල රසවින්දනයක් වගෙ දෙයක් ලිවුවෙ....
      සැබෑ සිදුවීම මට දැණුන විදියයි ඔය...

      ස්තූතියි පොඩ්ඩි...

      Delete
  14. කඩඉම ළඟ ඉඳන් වත් නුඹ හැමදාම - මට අත වනාපන් නළියන නළ සේම
    මටත් ඔච්චරම තමයි! එ්කත් අඩමානයි! :( :'(

    ReplyDelete
    Replies
    1. හා හා....
      අඩමානෙට ආදරේ කරන්නෙ බලාගෙන...
      දුක් විඳින්න වෙයි ගොඩක් පසුකාලීනව...

      පරිස්සමින්...

      Delete
  15. සෙනෙහසකට අරුතක් පුරවන්නට. .

    (මෙකට මොකො)

    ReplyDelete

මම ලියන ඒව ගැන අදහසක් තියෙනව නම් ලියල යන්න... හැබැයි එහෙම නොකල කියල මම තරහ වෙන්නෙත් නෑ... :) කරදර කලේ නැතත් හිතේ කහටක් නැතුව එක කොමෙන්ටුවක් වත් දාල යන්න පුලුවන් නම් මට ඔයාලගෙ ඒ එක කොමෙන්ටුවක් රටකට රාජ්ජෙකට වඩා වටිනව.... ....