නෙළන්න බැරි මල
බුදුන්ට පූජා වේවා කියා
කියම් මිස
වෙන කුමක් කියම් ද මම;
ප්‍රේමයට ලොබ බැඳ
පෙම් සුව නොලද කල
"ආදරයත් හරියට මිරිඟුවක්" වගේ
කියනු මිස
කුමක් කියමි ද මම;
බැඳුනු පෙම් බිඳුණු කල
විරහවත් වින්දනීයැයි
කියනු මිස වෙන
කුමක් කියමි ද මම..?
මේකත් හරියට මිදි තිත්තයි කිවුව වගේ කතාවක්...
අපි අපේම හිත් රවටගන්න මොහොතවල් කීපයක්...
ඒත්...
අපි එහෙම අපේ හිත් රවටගන්නෙ.... අපේම හිත් හදාගන්න නේද කියලත් හිතෙනව... ඒක එහෙම නම්.. තමන්ගෙ හිත රවටගන්න එකෙත් වරදක් නෑ වගෙයි නේද?
හ්ම්ම් අදහස ලස්සනයි.
ReplyDeleteස්තූතියි මයෙ මැණික...
Delete:*
කුමක් කියමිද...කියෝනකොට හිතුනෙම මිදි තිත්තයිමයි කියලා....
ReplyDeleteකියෝනකොට හිතුනෙම මිදි තිත්තයිමයි කියලා....
Delete+++++++++++++
සත්තකින්ම ඇත්ත... අපි ජීවිතේ ගොඩක් තැන් වල දි හිත් රවට්ටගන්නවා...ඔයා හරි
ReplyDeleteඅපි එහෙම අපේ හිත් රවටගන්නෙ.... අපේම හිත් හදාගන්න නේද?
Delete:)
මිදි ඇත්තටම තිත්තද??????
ReplyDeleteකාල බලල නැතෙයි...?
Delete;-)
රස දැනිල නැතෙයි..?
;-)
හ්ම්ම්..............
ReplyDeleteඑකඟයි...
Delete:)
මාත් මේ දවස්වල ඔහොම තමා හිතන් ඉන්නේ :/
ReplyDeleteහුඟක් අයට එහෙම තමයි හිතන්න වෙලා තියෙන්නෙ යාලු..
Deleteඅපි එහෙම අපේ හිත් රවටගන්නෙ.... අපේම හිත් හදාගන්න නේද කියලත් හිතෙනව... ඒක එහෙම නම්.. තමන්ගෙ හිත රවටගන්න එකෙත් වරදක් නෑ වගෙයි නේද?
කන කන එකා මූන අැඹුල් කරගෙන ඉන්නව දකිනවනං වෙන මොනාද හිතාගන්න ඔ්න??
ReplyDeleteඅලි මල්ලිට බය හිතිල වගෙ..
Delete;)
හිත් හදාගන්න ඕන කියන එක තමයි නේද ඉතින්...
:)
මේවා අපි අපේම හිත් එවට්ටගන්න කරන මවාගත් සංකල්ප විතරයි.
ReplyDeletehttp://samakayawate.blogspot.com
සිතිවිලි සමූහයක් ම පමණක් වීමි.. කුඩා සිතුවිල්ලක් වීමි.. සිතිවිලි වලට පණ පොවන්නෙක් වීමි... පණ පෙවූ සිතුවිලි තුලින් මා මගේ රුව සිත්තම් කරන්නෙක් වීමි... සිතිවිලි වලින් රූ අඳින්නෙක් වීමි..
Deleteසිත්තම් කල රූ තුළින් "මා" මවාගන්නෙක් වීමි.. මවාගත් "මා" හට අයිතිවාසිකම් කියන්නෙක් වීමි... මවාගත් "මා" තුළින් "මා" ලක්ෂණ සිත්තම් කරන්නෙක් වීමි... මවාගත් "මා" හා "ඔබ" සසඳන්නෙක් වීමි.. "මා" හා "ඔබ" සිත්තම් කලෙමි... සිතුවිලි මැව්වෙමි..කුඩා සිතුවිලි මැවුවෙමි... සිතුවිලි සමූහයක්ම මැවිවෙමි..
http://mathakawasthuwa.blogspot.com/2012/07/blog-post_12.html
hmm... :(
ReplyDeleteඅපි එහෙම අපේ හිත් රවටගන්නෙ.... අපේම හිත් හදාගන්න නේද කියලත් හිතෙනව... ඒක එහෙම නම්.. තමන්ගෙ හිත රවටගන්න එකෙත් වරදක් නෑ වගෙයි නේද?
Deleteඑකඟයි නේද මගෙත් එක්ක...
:)
ගොඩක් වෙලාවට හිත රවටාගෙන අපිට ජීවත් වෙන්න වෙනවා..
ReplyDeleteඅපි එහෙම අපේ හිත් රවටගන්නෙ.... අපේම හිත් හදාගන්න නේද කියලත් හිතෙනව... ඒක එහෙම නම්.. තමන්ගෙ හිත රවටගන්න එකෙත් වරදක් නෑ වගෙයි නේද?
Deleteඅන්න ඒ නිසයි මම කියන්නෙ එහෙම හිත හදාගන තමන් වැටුන වලෙන් ගොඩ එන්න.. තමන්ගෙ හිත රවටගන්න එකෙත් වරදක් නෑ කියල...
බෝම වටින අදහසක්...
++++++++++++++
ස්තුතියි....
:)
නොලැබි පෙම
ReplyDeleteඅයිති නැ මට
වෛරයක් නැ හිතේ..
දුකක් පමණි ඉතිරි
අහිංසක මගේ සිහිනයන් කෙරේ...
ලස්සන නිර්මාණයක් යාළු..
හ්ම්ම්ම්ම්
Deleteඔයාගෙ අදහසත් ලස්සනයි....
Deleteස්තූතියි Red Riding Hood....
:)