"
---උපුටා ගැනීමකි---
copyrights©
මම ආසයි මේකෙ එක පාරටම පේන්නෙ නැති යථාර්තයට... මම ටිකක් අඳුරන නංගි කෙනෙක් ලියල තියෙන්නෙ... මට ඒකට උත්තරයක් ලියන්නම හිතුන... ඒ නිසයි මෙහෙම ලිවුවෙ..... අපි අපේ ජීවිත වලදි ප්‍රශ්න එක්ක හරි හරියට ගැටෙනව... ඒ ප්‍රශ්න නිසා අපිට පොත පතින් ඉගනගන්න බැරි විදියෙ ලොකු දැණුම් සම්භාරයක් ලැබනව... සමහරු එයින් වැටෙනව... සමහරු ඒක කාගෙන ඉන්නව.. සමහරු ඒව අභිබවා යනව... අන්තිමට කියපු දෙගොල්ලන්ටම ටිකක් රළු උනත් ජයග්‍රාහී මාර්ගයක් විවෘතයි...
ඒක මට දැනුනෙ මෙහෙමයි... -
ඒක මට දැනුනෙ මෙහෙමයි... -
වැස්සත් එක්ක
ප්‍රශ්න හේදි හේදි ගියත්...
ඉවර වෙන්නෙ නෑ..
අපේ ප්‍රශ්න....
කවදාවත්...
දුකයි සැපයි අතරෙ
තියෙන්නෙ..
වෙන් කරන්න බැරි
බැඳීමක්..
වැස්ස අපිට සතුටක්..
මඩ වලවල් අපිට දුකක්...
වැස්ස නැත්තම් මඩ වලවලුත් නෑ..
සතුට නැත්තම් දුකත් නෑ....
මඩ වලවලුයි...
වැස්සයි නැත්තම්....
අපිට කවදාවත්ම....
ජීවිතේ ගැඹුර දැනෙන්නෙත් නෑ...
"
කියල
අපෙ අම්මල කියන්නෙ ඒ වගෙ...
ප්‍රශ්න කියන ඒවා හෝදලා යවන්න පුලුවන් නම් කොච්චර නම් දෙයක්ද ?
ReplyDeleteවැරදිලාවත් එහෙම උනා නම් අපි අපේ පුංචි කාලෙ හිටිය වගෙම හරිම සැහැල්ලුවෙන් ඉඳීවි නේද?
Delete:)
හ්ම්ම්ම්ම්ම්...
ReplyDeleteවැස්ස........
අපි නම් ආසයි නෙ..
Delete;)
ඇත්තටම වැස්සට අහුවෙලා හරි ප්‍රශ්න දියවෙලා යනවනම්...
ReplyDeleteදෙන්නටම හිතුණ විදිය ලස්සනයි...
අපි හිතන හැම දෙයක්ම ඒ විදියටම සිද්ධ වෙනව නම්.. කොයි තරම් හොඳ ද....
Deleteස්තූතියි ඔයාටත් සිහින සිත්තම්...
:)
ප්‍රශ්න ප්‍රශ්න ප්‍රශ්න :(((
ReplyDeleteමිනිස්සු අහන්න අකමැතිම.. ඒ වගෙම මිනිස්සු ගොඩක් දේවල් ඉගෙනගන්න... ප්‍රශ්න...!!
Delete//වැස්සත් එක්ක ප්‍රශ්නත් හේදිලාම ගිහින් වගේ.//
ReplyDeleteඒ වැස්සොත්නේ..............
ඒත්...................
වළාකුළු අහසට ඇවිත්
මොනවාද මේ හැටි
කරන්නේ සරදම්............
අපිට බලාපොරොත්තු දීල.. මුළා කරනව ද මන්ද...
Deleteහ්ම්ම් ලස්සනයි පවනි අක්කෙ.. :)
ReplyDeleteස්තූතියි හිරු හිමාවී....
Delete:)
ඇත්ත.... අපිට එක ප්‍රශ්නයක් ආවම ඒක තමා ලෝකේ තියෙන ලොකුම ප්‍රශ්නේ... නමුත් ඒක ඉවර වෙලා විසඳුමක් ලැබුණට පස්සේ ඊළඟට එන ප්‍රශ්නේ.... ඒක තමා දෙවෙනියට ලෝකේ තියෙන ලොකුම ප්‍රශ්නේ... ඉවරයක් නෑ...
ReplyDeleteතමන්ට වඩා ප්‍රශ්න තියන මිනිස්සු දිහා බලල ඒ ප්‍රශ්න එක්ක ඒ මිනිස්සුන්ට ඔය තරම් සතුටින් ඉන්න පුලුවන් නම් මට තියෙන ප්‍රශ්නත්.. ප්‍රශ්නද කියල හිත හදාගන බොහොම හොඳින් අපේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න පුලුවන් නම්... සතුටින් ඉන්න පුලුවන් නම්.. කොච්චර දෙයක් ද..?
Deleteනේද?
වැස්ස සෝදා දමනවා
ReplyDeleteප්‍රශ්න මෙන්ම
විටෙක හිතේ
සැනසීමද
හැමදේම සෝදන නිසානේ හැමදාම
Deleteඅළුත් වගේ හිත තියෙන්නේ
හරියට හරි ජනරඟ සහෝ...
Delete:)
@ ජිංජිබිරිස් - ;)
සෑහෙන්නේ හිතන්න ඕන ප්‍රශ්නයක් නේ පවනි අය්යේ :ඩ්
ReplyDeleteලස්සනයි නිසදැස
හෙහේ... ඔව්නෙ නේද....!
Delete:ඩී
ස්තූතියි ඔයාටත් මලේ...
එක දිගට හැලෙන වැහි නම් දරාගන්න ටිකක් අමාරුයි...
ReplyDeleteහ්ම්ම්ම්ම්ම්....
Deleteඑක දිගට හැලෙනකොට නම් දරාගන්න ටිකක් අමාරුයි තමයි..
ඒත් උත්සහය අත අරින්න හොඳ නෑ....
උත්සහ කරන්න ඕන.. ප්‍රශ්න වලට විරුද්ධව නැඟී ඉන්න...
කොච්චර ලොකු වුනත් මම තවමත් ආසයි පොඩි එකෙක් වගේ ජීවිතේ විඳින්න
ReplyDeleteමමත්....
Deleteවැස්සෙ තෙමෙන්නෙ..
තෙමි තෙමී සෙල්ලම් කරන්න..
වෙලට වෙලා සරුංගල් යවන්න...
"එහෙම කරන්න එපාලු,
ReplyDeleteඅපි දැන් ලොකු ළමයිලු"
එහෙම කියන හැමෝම
ඉස්සර දවසදි
ලොකු ළමයි වෙලා ඉද්දි
එහෙම කලාලු
අපිත් දවසක වැඩිහිටියෝ උනා
එහෙම කියයිලු
හරියට හරි...
Deleteඒක රවුමක් වගේ....
අපිට කිවුව.. අපිත් කියාවි...
අපේ උන් උන්ගෙ උන්ටත් කියාවි...
අපි බලන් ඉඳල අපේ මතක අලුත් කරගනීවි...
වැස්ස වැහැලා මඩ වළවල් හදනවා
Deleteප්‍රශ්න ඇවිත් හිත රිද්දනවා
ඒත් අපිට
වැස්ස නැතුවත් බෑ
ප්‍රශ්න නැතුවත් බෑ