javascript:void(0)

Wednesday, November 29, 2017

තවත් එක හිතක්...


..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."




සුසර කරන්නට...
තවත් එක තනුවකට...
හැකි වෙයි ද මට...
වළාකුලක් වෙයි ද,
තවත් එක දුරින් පා වෙලා යන...
දැවටෙයි ද මා වටා..
තුනී මිහිඳුම මෙන්...


Saturday, November 18, 2017

සිතුවිලි ගොඩ ගැහුණු පැටලුන හිතක්... ඔයාටත් තියෙනව ද?


..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."

Image result for complicated mind



හරිම සංකීර්ණයි හිත. කෙළවරක් නැති එක එක විකාර සිතුවිලි. කිසි පිළිවෙලක් සැලසුමක් නැති වැඩ. ලියෝ එකේ වැඩ. සභාපති වෙලත් කිසි දෙයක් සැළසුම් කරල කරන්න හිත එකලාසයක් නෑ. අම්බානක බැනුම්. ඉන්ස්ටිටියුට් එකේ වැඩ. කළමණාකාරවරයා වෙලත් තවම ඊළඟ බඳවා ගැනීම් ගැන අදහසක් නෑ... ආයතන කළමණාකරු උනත් ගොඩක් වැඩ මගේ අනුදැනුමට පිටින්.

        ආයතන සේවකයින්... සමහර වෙලාවට පවරන වැඩ නිසි වගකීමකින් තොරව ක්‍රියාත්මක කරනව. මට ඕන වැඩ කොයි තරම් කිවුවත් ඒ විදියට සිද්ධ වෙන්නෙ නෑ. ලියෝ එකේ, මගෙ නිළධාරීන් බහුතරයක් පවරන වැඩ නිසි ලෙස ක්‍රියාත්මක කරන්නෙ නෑ. වගකීමෙන් වැඩ කරන්නෙ නෑ. එකක්, ඔවුනුත් කාර්යබහුලයි මම වගේම. OL ICT පංතියේ ළමයි කරපු වැඩ ගොඩක් තවමත් එලෙසම මගෙ පුටුව එහා පැත්තෙ.

        ආයතනයෙ, ලියෝ සමාජයෙ ONE MAN SHOW එකක් කරන්න වෙලා මට. ඔලුව වැඩ වලින් පිරිල අවුල් ජාලයක් වෙලා. ජංගම දුරකතනය ඔහේ නාද වෙනව. ඇමතුම ලබා ගන්න අදහසක් නෑ. ව්‍යාකූල වෙලා මගෙ හිතම ගොඩක්. උපදෙස් දෙන්න අය ගොඩයි. ක්‍රියාත්මක කරන්න කවුරුවත් නෑ... ලියලම අතත් රිදෙනව හුඟ කාලෙකින් පෑනකින් මේ තරම් ලියපු නිසා....

මෙහෙම ව්‍යාකූල වෙලා තියෙනව ද ඔයාලගෙ හිතත්?

Friday, March 10, 2017

මෙය අවසානය ද?


..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."

හරිම පුදුම දවසක්..... මම මේ ඉන්න තැන මෙච්චර කාලෙකට මගෙ හිත මෙහෙම නිදහස් උනාමයි.  අද මට කියන්න තියෙනව කතාවක්.... විශේෂ කතාවක්.... සමහර විට ඔයාලට නම් ඒ තරම් වැදගත් වෙන එකක් නෑ... ඒත් මාව දන්න අයට නම් මේ කතාව කියවලම බලන්න හිතෙයි. නොදන්න අයටත් කතාව කියවල බලල මාව අඳුනගන්න හිතේවි සමහර විට.
අද මම ඉන්න තැන මම බලෙන් ඉල්ලල ගත්තු තැනක් නෙමෙයි. මේ තැන මට උත්සහයකින් තොරවම ලැබුන දෙයක්...

මේ දක්වා ආපු ගමන මම මීට කලින් පෝස්ට් දෙකක් විදියට ලියල තියෙනව... මම හිතන්නෙ ඒ දෙකත් කියවල බැලුවොත් පොඩි අදහසක් එයි මම මේ ඉන්න තැන ගැන.

පළමු පෝස්ටුව  -->  එදා සහ අද -- 1
දෙවන පෝස්ටුව --> එදා සහ අද -- 2

ශිෂ්‍යයෙක්... ශිෂ්‍ය සංගමයේ උප සභාපති, ශිෂ්‍ය සංගමයේ සභාපති, භාහිර කථිකාචාර්යවරයෙක් විදියට ආපු ගමනෙ.. අද මම එතන කළමනාකාර තනතුරටත් ඇවිත්.... 

තනියම සල්ලි හොයාගෙන ඩිප්ලෝමා පාඨමාලාව හදාරල, තනියම සොයාගත් සහ ණයට ගත් මුදල් වලින් උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාව හදාරල, තනියම සොයාගත් සහ ණයට ගත් මුදල් වලින් උපාධියත් අවසන් කරල මම ආපු ගමන එච්චරම සුන්දරම පහසුම ගමනක් නෙමෙයි... මුදල් ප්‍රශ්න.. ආයතනය සහ ගුරුවරු සමග යම් යම් ගැටුම් එක්ක.. අවාසනාව කියන දේ ටොන් ගාණකුත් එක්ක...

ආපු ගමන දිහා හැරිල බලනකොට නම් ලොකු සතුටක් තියෙනව. දුක් විඳගෙන ආපු ගමනෙ අපේ බාසාවෙන් කියනව නම් ආතල් ගත්තෙත් නැතුවම නෙමෙයි... ඒ කාලෙ මගෙත් එක්ක හිටපු අය නම් ඒව දන්නව ඉතින්...


බය නැතුව කියන්න පුලුවන් අද මේ තත්වෙට එනකම් මම ලබාගත්තු හැම දෙයක්ම මම 100%ක්ම මහන්සි වෙලා ලබාගත්තු දේවල්. මේ ගමනෙදි මම තේරුම් ගත්ත... තමන්ට දෙයක් කරගන්න ඕන නම්... සමහර විට අපි ඒ බලාපොරොත්තු වෙන කාලය ඇතුලතම නැති උනත්... මිළ අධික සිහිනයක් උනත්... තමන්ට උවමනාවක් තියෙනව නම් ලබාගන්න පුලුවන්. 

ආදරය... අධ්‍යාපනය.... එකට පටලවගෙන... එකක් ඉහලට යනකොට අනෙකින් වැටිල ඒකෙන් ඉහලට යනකොට ආපහු අනිත් එකෙන් වැටිල... සමබර නැතුව ගෙවපු අනන්තවත් සිදුවීම් එක්ක...

අද මම ඉගෙනගත්තු ආයතනයේම කළමනාකාර තනතුරට පත් වෙලා..  ගුරු ජීවිතයේදි වගෙම... ළමයින්ට අසාධාරණයක් නොවෙන්න වගකීම්න් උගන්නපු එකේ ප්‍රථිපල අද මට ලැබිල තියෙනව කියල මට හිතෙනව.

මේ වෘත්තියට මම අලුත්. ඒත් අත අරින්න හෝ සැලෙන්න සූදානමක් නෑ.. තරඟය ගොඩක් වැඩියි. නමුත් අත අරින්න සූදානම් නෑ... ඕන්න ඕකයි ඉතින් මට අපේ බ්ලොග් කියවන ලියන අයට කියාගන්න විදියක් නැතුව මෙච්චර හිතේ තියන් උන්නෙ. ඒ කාලෙ ඉඳන් මගෙත් එක්ක උන්න දැනටත් ඉන්න සහෘද බ්ලොග් ලියන්නෝ සහ කියවන්නෝ වෙනුවෙන් ඔන්න මගෙ අලුත්ම තත්වය ගැන පෝස්ටුවක් දැම්ම...
අදහසක් තියේ නම් දාල යන්න...

2017 ජනවාරි 18 වෙනිද වැඩ බාරගත්තට ඔන්න අදයි ඉතින් හිත නිදහස් උනේ.  :D

ලේසි නෑ... ලංකාවෙ පෞද්ගලික අංශයෙන් ආරම්භ උන පලවෙනිම තොරතුරු තාක්ෂණ ආයතනයේ ගම්පහ ශාඛාව තමයි ඈ...

ඔය ගම්පහ අවට ඉන්න කම්පියුටර් කෝස් හොයන අය මේකට එවන්ඩලා.... බුහහහහහා... :D :D :D




Saturday, November 26, 2016

..මේ ගමන...

..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."

Image From - link
(....සිතට සිතුන දේ.... )😶😶
🌝සිසිල් සුලගත් විටෙක ,
🌞 උණුසුම් සුලගත් ගත දැවටෙන්නේ.
ප්‍රියයන් ද නොදන්නාවුනද දස දහසක් හමුවන්නේ... 
😙සුන්දර පෙම්වතුන්👫 🙌👦තනිකඩයන් 🙆හට තැවුල් ගෙනෙමින් ගමන් කරන්නේ..
කොලයක් කඩදහියක් කුරුටූ ගාන්නට නොහැකයන්ද, 
ජීවිතයේ නිති සුව ද අතෘප්තියද විදින්නවුන් ද, 
හමුවන මේ ගමන... 
සමහරුන් අයිතීන් වලින් අගතැන්පත් කරගත් රාජ්‍ය 
👑සිහසුන් ඇති ඒ දෙස දෙපතුල් 😓කකියමින් 😓ගමන් කරන්නට වන, 
තවත් අයවලුන්ට ජීවිතය ජීවත් කරවන
 තවත් අයවලුන්ට ජීවිතය අවසාන කරන,
 දසදහසක් ජනයාගේ සරණය..
 😌 වන මේ ගමන.😊😊

🚇🚆 දුම්රිය ගමනයි..🚉🚈


Written by - Natasha Silva 

හුඟ කාලෙකට පස්සෙ.... හිතට අල්ලල ගිය..... ලස්සන ලියමනක්.... අහම්බෙන් වගේ..... මුහුණුපොතේ... හමුවුන මිතුරියකගෙන්..... උපුටා ගැනීමක්... ඇගේ අවසරයෙන්....






Wednesday, November 2, 2016

විරුද්ධව පිළිවෙතට...


..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."




කුරුල්ලනි එන්න
පියාඹා එන්න
හමන තද සුළඟට
විරුද්ධව එන්න...

රශ්මියෙනි එන්න
බබුළුවන් එන්න
තුෂර ගල් ගැසුණු
තිර දවා ලන්න....

රෝගියෙනි එන්න
ඉක්මනින් එන්න
ඉක්මනින් යන්න
හිතන්නෙම නැතුව...

ඇඳට වී ඉන්න
"ටිකට්"එක එනතුරු
නොඉඳ "මෙහි" යන්න
විරුද්ධව පිළිවෙතට...


--Word 11 stories--
-General Hospital, Gampaha -