javascript:void(0)

Tuesday, December 22, 2015

..උත්සාහක ප්‍රේමයක්..

..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."



රළු ගලක්..
සියුමැළිව..
පිරිමැද්දෙමි..
මතු වෙ යැයි..
පැතුමින්..
ප්‍රේමයක්;
නමුදු,
පසක් විය එය..
රළු..
කලු ගලක් මැ බව..
එහෙත්,
උත්සහය එලෙසමැ යි...
මිරිඟු පසුපස....
 හඹා යන,
අසීමිත.....
 ආසාවමැ යි..,
ඒ...


----සත්‍ය සිදුවීමක් ඇසුරිනි---

Tuesday, October 27, 2015

....පරතරය.......


..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."


....පරතරය....



එකිනෙකට වෙනස් ජීවිත කතා දෙකක්...

ගමන් මාර්ග දෙකක්...

එක මගක් නම් කවදාවත් එක් නොවන බව සැබැවි....

පීලි දෙක අනන්තය දක්වා සිල්පර කොටන් මත තම දුරස් බව රැකගෙන ගමන් කරනු ඇත....

එහෙත්..

අනෙක් මග?

රේල් පීල්ලෙන් කාලක තරම් වත් ගැහැට විඳ නැති මගීන් දෙදෙන....

ඇලීම්... ගැටීම්.. බිඳීම්...

තවත් අපූරු කතාවක...

තේරුම් ගත නොහැකි;
ළාමක මිනිස් සිත්... 


Thursday, May 21, 2015

....සීරුවෙන් හිටගෙන උපේක්ෂාව පුරුදු වෙන්නට........


..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."

පිංතූරය උපුටාගත්තෙ --> මෙතනින්

සුභ සිහින දකින්න... 
කල්පිතය යථාර්තය සමඟ ගළපවන්න... 
අටලෝ දහමට කම්පා නොවී 
ලැබෙන 
නොලැබෙන 
හැම දේම 
සමානව විඳ දරාගන්න... 
එන්න මතකවස්තුවට... 
සීරුවෙන් හිටගෙන උපේක්ෂාව පුරුදු වෙන්නට... 
ජීවිතේටම යහපතක් වෙන්න....

Thursday, March 19, 2015

උපාධිය - The Graduation


..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."

පිංතූරෙ ගත්තෙ --> මෙතනින්
මම දකිනව පිංතූර...
ගොඩක් පිංතූර....
සමහර ඒව දකිනකොට මට දුකයි...
මට ඒව දකිනකොට හිතෙනව, මමත් ඒ පිංතූර වල ඉන්න හිටපු කෙනෙක් නේද කියල. මම ඒ පිංතූර වල නෑ නේද කියල හිතෙනකොට හිතට මාර දුකයි...
ඊළඟට............
කවද හරි දවසක..........
 මම ඒම ඉන්න පිංතූර දකිනකොට.......
 එතකම් ගත වෙන්නෙ මගෙ ජීවිතේ වටිනා කාලය නේද කියල හිතෙනකොට, ජීවිතේ යම් ස්ථාවරයකට එන්න හිතන් හිටපු කාලය නේද කියල හිතෙනකොට හිතේ පතුලක ඉඳන් ඉහලට එන ඒ සියුම් දුක මිශ්‍ර වේදනාව ගිණියම් වෙච්ච ලෝදිය ටිකක් බිංදු බිංදු ඔලුවට හලාගත්තත් නොදැනී යන එකක් නෑ මයෙ හිතෙ...


මම ගුරුවරුන්ට බනින්න කැමති නෑ.... 
මොකද මමත් ගුරුවරයෙක් නිසා...


ඒ වගෙම මම පිණට ඉගෙන ගන්න ගියෙත් නෑ... 
ලක්ෂ ගාණක් වියදම් කරලයි මම ඉගෙනගන්න ගියෙ.
ගෙදරින් සල්ලි අරන් ගෙවුවෙත් නෑ... 
ගෙවපු සල්ලි ඔක්කොම වගෙ
 මම 
ණය වෙලා
වැඩ කරල
මහන්සියෙන් හොයපු සල්ලි...
මම කාටවත් බනින්නෙ නෑ... 
අපහාස කරන්නෙත් නෑ... 
මට මේ වෙන දේවල් ගැන ලොකු දුකකුත් නෑ, 
මහ ලොකු කලකිරීමකුත් නෑ....
 මේ මම පහුගිය ආත්ම වල හරි මේ ආත්මෙ හරි කරපු කියපු දේවල් තමයි මේ ලැබෙන්නෙ.
ලැබෙන්න තියන දේවල් මට ලැබෙයි, 
නොලැබෙන දේවල් නොලැබී යයි... 
ඒත් මම මගෙ උත්සහය වත් 
මගෙ ගේම වත් අත අරින්න කිසිම සූදානමක් නෑ,
 විස්වාසෙන් කියන්න පුලුවන්, 
මම ඒක අත අරින එකකුත් නෑ...!
මහ ඉහළින් දිනන්න කියල ලොකූ ආසාවකුත් නෑ, 
ඒ වගෙම පරදින්න බයත් නෑ....!
මහ ඉහළින් දිනන්න තරම් දේවල් 
මගෙ ජීවිතේ ඇත්තෙත් නෑ...!


----ජය----