javascript:void(0)

Wednesday, February 29, 2012

විදවීමයි වින්දනයයි එකතු වෙන තිත.....

..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."



මගෙ ජීවිතේට ආදරේ කරන,

මගෙන් ලැබෙන ආදරේට ආදරේ කරන,

මගෙ අදහස් වලට ආදරේ කරන කෙනෙක් ඇවිත්

"රූ... ඔය දේවල් නවත්තන්න"

කියනකම් මම මේ දේවල් නවත්තන්නෙ නැහැ.........

වෙන කාටවත් නවත්තන්නත් බැහැ!!!!

ඒම නවත්තන්න වුවමනාවකුත් නෑ...


මීටත් වඩා මාව විනාස වෙයි.......

ඒත් ඒ වෙනකම් මම මගෙන්ම පලි ගනීවි...

මටම රිදව ගන්නකොට,

මට හුස්ම ගන්න අමාරු වෙන හැම වෙලාවකම ඒ දැනෙන වේදනාවට මම ගොඩක් ආදරෙයි....

ඒ ඇයි කියන්න මට තේරෙන්නෙ නැහැ!!!


[*විදවීමයි වින්දනයයි එකතු වෙන තිත.....*Thursday, 04 November 2010]

මේක මම ගොඩාක් කලින් ලියපු එකක්... ඒ වුනාට ඒ දැනුන අදහසට, ඒ හැඟීමට මම ගොඩක් ආසයි.... මේක මට එහෙම ලේසියෙන් අමතක වෙන එකකුත් නෙමෙයි.... මොකද මේක මට නිතරම දැනෙන දෙයක් නිසා...ඒත් මට දැනෙනව මේක මට දැනුන වෙලාවට වඩා මම දැන් හිතන විදිය ටිකක් වෙනස් කියල...

27 comments:

  1. Replies
    1. හ්ම්ම්...???
      මොනව හරි දෙයක් හංගනවද මන්ද.....
      :(

      Delete
  2. දරුණු ආදරයක්!!!!
    ලස්සනයි ඒත් ?

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්.... ටිකක් දරුණුයි වගෙ තමයි නේහ්?
      :)

      ඒත්??

      Delete
  3. ඔය අදහසම මගේ හිතේ ගොඩක් කැකෑරි තියෙන එකක්...ඒත් මට අද වෙනකන් ඒක වචන වලට ගලපගන්න උනේ නැහැ..., ඔයා ඒක පුදුම ලස්සනට කරල තියෙනව..

    ReplyDelete
    Replies
    1. මට ඔයාට විතරක් නෙමෙයි විශේෂයෙන්ම පිරිමි ළමයින්ට නම් මේක ගොඩක් දැනෙන දෙයක්... මොකද මට ගොඩක් එහෙම අය හම්බ වෙල තියේ... සමහරක් නම් දැන් යන්තම් ගොඩ ගිහින් තියේ... ඒත් සමහරු නම් දැන් අඳුරගන්නත් බැරි තරමට වැහැරිලා.... සමහරුන්ට වචන තුනක් එක දිගට කියාගන්න බෑ කැස්ස.!!! අනේ මන්ද.. ආදරයක් නිසා උන්ට වෙලා තියෙන දෙයක්... විනාසම වෙලා. තවත් ගොඩක් අය ඉදිරියටත් ඉඳීවි මේ වගෙ ආදරයෙන් පැරදිලා තමන්ගෙන්ම පළිගන්න අය....

      බෝම ස්තූතියි සහෝ ඔයාගෙ අදහසට...

      Delete
  4. ආදරේ දැනෙන්නෙ ලගින් ඉන්නවාට වඩා දුරින් ඉන්න කොට
    වැඩිපුර මතක් වෙන්නෙ අමතක කරන්න හදන කොට
    වටිනා කම දැනෙන්නෙ වෙන් වුන දාට
    ආදරේ දෙන්නෙ හැමදේම කනපිටට

    ReplyDelete
    Replies
    1. බෝම වටින කියන ඇත්තම ඇත්ත කතාවක් සහෝ...
      හැමදේම කනපිට දීල අන්තිමේ එක කොටසක් මේ වගේත් ඉන්නව කියන එක තමයි මට මතක් කරල දෙන්න ඕනෙ වුනේ...

      Delete
  5. Replies
    1. ගොඩක් ස්තූතියි තරූ ඔයැයිටත්...

      Delete
  6. තේරුම්ගන්න ගොඩාක් අමාරු උනා

    ReplyDelete
    Replies
    1. ඔව්.....
      ගොඩක් අයට ඔය වගෙ වීම නිසා උඩින් කියල තියෙන විදියෙ කට්ටිය ගොඩක් ඇති වෙනව කියල කියන්නයි මට ඕනෙ වුනේ..... සමහරවිට මේ දේ ආදරේ කරපු අනෙක් පාර්ශවයට දෙයක් නොවීම සහ එක් පාර්ශවයකට දෙයක් වීම නිසා ගොඩක් අය විඳවනව මම මගෙ ඇහැට දැකල තියෙන දෙයක්...
      ගැහැණු ළමයි වගෙම විශේෂයෙන්ම මේකෙන් වැඩි හානියක් කරගන්නෙ පිරිමි ළමයි...

      ස්තූතියි මැණික ඔයාට...

      Delete
  7. ග්‍රීක් වගේ නොවැ !

    ReplyDelete
    Replies
    1. හෑහ්... ඒ මොකෝ සහෝ ඒ??

      Delete
  8. දරුණු ආදරයක් වගේ.........
    නියමයි ..........අදහස් ටික....

    ReplyDelete
    Replies
    1. පළවෙනි ආදරේ නිසා ජීවිතේම නන්නත්තාර කරගත්ත කෙනෙක්ට දැනෙන මේ ආදරේ, දරුණුයි වගෙ දැනෙන එක සාධාරණයි..!!

      ස්තූතියි සහෝ ඔයාටත්.....ඔයාගෙ අදහසට...

      Delete
  9. අදහස නම් පන්කාදුයි...

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්... ඔය ළමයට ඒක හොඳට තේරෙනව වගෙ දැන් ගොඩක් දේවල්.....
      :)
      ස්තූතියි ළමයො....

      Delete
  10. හ්ම්ම්ම්ම්ම්ම්.....අමුතුයි...

    ReplyDelete
    Replies
    1. අමුතුයි???
      ඇයි ඒ?

      අමුත්තක් දකිනවද ඔයැයි මේකෙ??

      Delete
    2. හ්ම්ම්ම්ම්ම් අනේ මන්ද....

      Delete
  11. හ්ම්ම්ම් හිතෙන විඳවනකොට දැනෙන දුක වචන වලට හරියටම එක්කාසු කරගන්න හරි අමාරුයි ඒත් මේ ටික කියවද්දී නම් .........

    ReplyDelete
    Replies
    1. අමුත්තක් දැනුන නේද කියාගන්න බෑ ටත්?

      ගොඩක් අය මේක විඳල ඒත් කියාගන්න බැරුව ඉන්න බවක් තමයි පේන්නෙ.. නේද?
      :)

      Delete
  12. ම්ම්ම් :)
    හරිම ලස්සනයි අක්කියො
    ඉස්සර මටත් ඔය වගෙ හන්ගීමක් තිබුන.
    ඒත් දැන් ඒ අදහස් නැහැ.
    තමන්ට ආදරෙ කෙනෙක් කවදාවත් තමන්ව දාල යන්නෙ නඒ. ඒ තමන්ව වටින්නෙ නැති කෙනෙක් වෙනුවෙන් ජීවිතෙ විනාස කරගෙන තමන්ව වටින අයට දුකක් දෙන එක ටිකක් අසාදරණයි කියල හිතෙනව. :)
    මොකක් උනත් හිතට වදින ලස්සන නිර්මානයක්...!

    ReplyDelete
    Replies
    1. ඔව්... මටත්.... ඉස්සර ඔහොම උනාට මමත් දැන් ඔහොම නෑ.....
      සමහර විට ඒ අපි අපේ වයසත් එක්ක ගොඩක් ගොඩක් දේවල් තේරුම්ගන්න නිසා වෙන්න ඇති.........

      ඒත් අපි පහු කරපු ඔය වයස පහු කරන අලුත් පරම්පරාවත් අපි වගේම ඔය දේ ඔය වයසෙදි තේරුම් ගන්නෙ නැති එක ගැන නම් ටිකක් දුකයි නේද?

      Delete

මම ලියන ඒව ගැන අදහසක් තියෙනව නම් ලියල යන්න... හැබැයි එහෙම නොකල කියල මම තරහ වෙන්නෙත් නෑ... :) කරදර කලේ නැතත් හිතේ කහටක් නැතුව එක කොමෙන්ටුවක් වත් දාල යන්න පුලුවන් නම් මට ඔයාලගෙ ඒ එක කොමෙන්ටුවක් රටකට රාජ්ජෙකට වඩා වටිනව.... ....