javascript:void(0)

Sunday, February 26, 2012

"තනි සෙට් එක"

..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."

_______________________________________________________________
සියල්ලට පෙර -  මගෙන් වෙච්ච වරද මම පිළිගන්නව. මම හිතන්නෙ මේකට සම්බන්ද හැමෝමත් දන්නව මට එහෙම කරන්න වුනේ ඇයි කියන්නත්.... ඒක නිසා මම වැරදිකාරයෙක් වුනත්... මාව හලල දාන්න.... මට වෙනස්කමක් කරන්න තරම් ඒක ඒ තරම් දෙයක් කියල.... මම ඒ දවස් වල විස්වාස කලෙත් නෑ දැන් විස්වාස කරන්නෙත් නෑ.... මම මගෙත් එක්ක වැඩ කරපු උන් වෙනුවෙන් ගොඩක් දේවල් වෙනුවෙන් මට ප්‍රශ්නඇති වෙන්න පුලුවන් තරමේ අය එක්ක මම කතා කරල තියෙනව... බැනුම් අහල තියෙනව... ඒත් මම මෙහෙම සැලකුවෙ නෑ කාටවත්... මට දුකයි....ඒත් එක අතකට සතුටුයි.... දුකයි මට මෙහෙම වෙච්ච එකට... සතුටුයි මට මෙහෙම කරන අයව තේරුම්ගන්න පුලුවන් වෙච්ච එකට....
ජය වේවා...
_______________________________________________________________

                            හිතාගන්න බැරි තරමට දේවල් ගොඩක් වෙනස් වෙලා. ඒ දවස් වල මගෙත් එක්ක බොක්කෙන්ම හිනා වෙච්ච මිනිස්සු අද මගෙත් එක්ක හිනා වෙන්නෙ නිකම් මූනිච්චාවට වගෙ. බොක්කෙන්ම හිටපු මගෙත් එක්ක කාපු බීපු කතා කරපු මිනිස්සු අද කතා නොකර බැරි නිසා කතා කරන තත්වෙට පත් වෙලා. මම මොකක් හරි දේකට කොහෙ හරි යනකොට, "මචන් හෙට කිරිබත්ගොඩ යනව, උබලත් එනවද කියල" සෙට් එකේ හැමෝටම කියල යන තරම් බැදීමක් මගෙ තිබුනට එයාලත් එක්ක, එයාලගෙ එහෙම තිබිල නෑ වගෙ. අද උන් සම්පූර්ණයෙන්ම මාව හලල දාල. යන්න කලින් කතා නොකලත් ගියාට පස්සෙ වත්," මචන් එදා අපි එහෙ ගියා, උඹට කියන්න බැරි වුනානෙ"කියලවත් නොකියන තරමට උන් වෙනස් වෙලා...වෙනදට සෙට් වෙලා මගෙන්," අද අපිට පංතිද බං, ආයෙ අපිට පංති තියෙන්නෙ කවදද බං"කියල කියල මගෙත් එක්ක කතා කරපු අපෙ උන්ගෙන් මට පංති තියෙන දවස් අහගන්න වෙලා. එක අතකට ඒ වෙනස් වීමෙ අසාධාරණත්වෙකුත් නෑ.... (දන්නෝ දනිති )

                 මම හිටියෙ කෙල්ලො තුන් දෙනෙක් විතරක් හිටිය පංතියක. ඒ පංතියෙ අපි හතරදෙනා බොක්කෙන්ම ෆිට් වෙලා උන්න. පස්සෙ එතනට ආපු මගෙ හොඳ යාලුවෙක් වෙච්ච හතරවෙනියෙක්(කොල්ලෙක්)  නිසා තත්වෙ සම්පූර්ණයෙන්ම වෙනස් වුනා. අපි එයාට "පෙන්ටියම් ෆයිව්" කියමුකො. ඒ නිසා "අපේ සෙට් එකෙන්" නොදැනීම කැඩිල ගිහින් "අපි දෙන්නගෙ සෙට් එක" බවට පත් වුනා. "අපි දෙන්නගෙ සෙට් එක"ත් සෑහෙන ෆන් එකේ හිටිය සෑහෙන කාලයක් "ලොකු සෙට් එක"ත් එක්කත් සෙට් වෙලා.



               ටික දවසක් ගියා... ඊට පස්සෙ  පටන් ගත්තු අලුත් පන්තියත් එක්ක පෙන්ටියම් ෆයිව් පෙන්ටියම් සික්ස් වෙලා "අපි දෙන්නගෙ සෙට් එකෙන්" අයින් වෙලා "ඒ දෙන්නගෙ සෙට් එක" හදාගත්ත... මට මගේ "තනි සෙට් එක"ට ඉබෙම සෙට් වෙන්න වුනා.

             දැන් තත්වය සම්පූණයෙන්ම වෙනස්!!! දැන් "අපේ සෙට් එක"යි "ඒ දෙන්නගෙ සෙට් එක"යි "ලොකු සෙට් එක"යි ඔක්කොම දැන් සෙට් වෙලා සෑහෙන ෆන් එකේ ඉන්නව....
අන්තිමේ ස්වාධීන සෙට් ගොඩක් හදන්න මූලිකත්වය ගත්තු ඒව නඩත්තු කරපු මට අද මගේ "තනි සෙට් එක"ත් එක්ක තනියම සෙට් වෙන්න වෙලා... දුකේ බෑ...!!!


               ඔය අතර මුල් දවස් වල අපිත් එක්ක වැඩිය එකට හිටියෙ නැති, "අපේ සෙට් එකේ" හිටියෙත් නැති ටික කාලයක් අපිත් එක්ක වැඩ කරල දැන් "අපේ සෙට් එකේ", "ලොකු සෙට් එකේ" සහ තවත් එකී මෙකී නොකී සෙට් දෙක තුනකම ඉන්න පස්වෙනියෙකුත් (කෙල්ලෙක්) හිටිය මේ සෙට් එකේ. අපි එයාට "බීක්" කියල කියමුකො. පෙර කී සෙට් සියල්ල දැන් මගෙත් එක්ක නැති වුනත් මෙතනින් තවම මාව හලල නැති මේ බීක් ගැන විතරක් චුට්ටක් විතර තවම මට සතුටු වෙන්න පුලුවන්. අනිත් සෙට් හැමෝම මාව හලල තියෙනකොට කාලයක් මගෙත් එක්ක වැඩ කරපු එක යුතුකමක් විදියට වත් සිද්ධ වෙන දේවල් ගැන ටිකක් හරි මාව දැනුවත් කරපු එක ගැන තවමත් මම එයාට කාරුණිකව ස්තූති කරනව.

             මී ළඟට අපේ වැඩ වලට සෙට් වීමෙන් පෙර කී සෙට් සියල්ලට ඇතුලත් වූ දැන් මුල් ස්ථානයක සිටින්නාවූත් හයවැනියෙකුත්(කොල්ලෙක්) හිටිය. අපි එයාට..... නෑ ඕනෙ නෑ.... අපි එයා ගැන කතා නොකර ඉමු.... මගෙත් එක්ක සෑහෙන කාලයක් හිටපු සෙට් එක මෙහෙම වෙනකොට මෑතකදි අපේ සෙට් ඔක්කොටම සෙට් වෙච්ච මගෙත් එක්ක ගොඩක් ෆිට් වෙච්ච (ඒ දවස් වල - දැන් නම් කතා නොකර බැරි කමට වගෙ ලයින් එකක් තියෙන්නෙ ) කෙනෙක් ගැන ආයෙ අමුතුවෙන් දෙයක් කතා කරන්න තරම් මගෙ හිතේ පිරෙන්න තියා එක මාත්‍රයක් නෑ.. හිස්....

       දැන් කෝමටවත් කතා කරන්න දෙයක් මට ඉතුරු වෙලාම නෑ.... ඔන්න ඕකයි මම දැන් ඉගෙනගන්න IT Institute එකේ මට තියෙන තත්වෙ....
මේක මෙහෙම නෙමෙයි කියන්න මේකට සම්බන්ද කවුරු හරි ඉන්නවනම් මෙතම කමෙන්ට් එකක් දාවි කියල මම විස්වාස කරනව..


2012.02.16
@ d staff room
කිසිදු සිදුවීමක් මනඃකල්පිත නැත. නම් ගම් සියල්ලද සත්‍ය ය. 

16 comments:

  1. ජීවිතේට ඇයෝ එනවා- යනවා. එච්චරයි. කවදාවත් කිසිම කෙනෙක් රැදෙන්නේ නෑ. ඕනෙ නම් ටික කාළයක් වැඩිපුර ඉදී. එච්චරයි. ඕක කෙටියෙන්ම කියනවනම් උඹ එතෙන්ට ගියේ යාළුවෝ අදුන ගන්න නම් දුක් වෙයන්. නැතුව ඉගෙන ගන්න හිතාගෙන නම් ඒ වැඩේ කරගෙන පාඩුවේ හිටපන්..

    අනික තව දෙයක්- කොයිම වෙලාවකවත් කිසිම කෙනෙකුටවත් "වාතයක්" වෙන තැනට පත්වෙන්න එපා. මම හිතනවා උඹ එහෙම නෑ කියලා.

    ReplyDelete
    Replies
    1. ඔව්... ඒක හරි.... මට ඒ ගැන සතුටුයි.... මොකද මම තවමත් මේ වෙන හැම දෙයක් දිහාම බෝම උපේක්ෂාවෙන් බලාගෙන විඳ දරාගෙන මගේ ඉගෙන ගන්න වැඩ කටයුතු ටික කිසි වෙනසක් නැතුව බෝම පිළිවෙලට කරගෙන යනව...

      නෑ මචෝ... පුංචි පික්සුවක් කරල අනිත් අයව සතුටින් තිබ්බට ඒවට එයාල මට මොන විදියට සැලකුවත් එයාලට වද දිදී වාතයක් වෙන්න මට බෑ, මට පුරුදු නෑ.. වෙලත් නෑ....
      ඔබගේ නිගමය සත්‍ය වේ.

      හිතේ තියෙන දේ එලියට දාන්න ලොකු පෝස්ට් එකක් ලිවුවට මේව මට දේවල් නෙමෙයි... දෙයක් නෑ... නා කි යා මාව හම්බ වෙච්ච වෙලාවෙ මාව හොඳට තේරුම් අරන් තියේ.... බෝම ස්තූතියි සහෝ...

      Delete
  2. ඕවා වීද දරාගන්න වෙනවා මචෝ ඒකනේ කියන්නේ වෙනස් වන ලෝකයේ වෙනස් නොවන එකම දෙය වෙනස් වීම කියලා
    ඇත්තම කියනව නමි පෝස්ට් එක කියවගෙන එන කොට සෙට් එකෙන් සෙට් එකට මාරු වෙලා මට මට මාවත් මාරු උනා හරිම කොමිපිලිකේටඩ් මචෝ

    ReplyDelete
    Replies
    1. ඒක හරි... ඔය වෙනස්වීම අපි කාටවත්ම අමුතු දේවල් නෙමෙයි.. ඒත් එක පාරට දෙයක් උනාම ඒක හරි ලොකුවට දැනෙනව... ඒත් පස්සෙ අපිටම හිතෙනව ගත යුත්තක් නැත ය කියල.... ඉතින් අපි පුරුදු වෙනව දරාගන්න...

      ඔතන තියෙන්නෙ "සෙට්" ප්‍රශ්නයක්...
      මෙන්න මේ සෙට් ටික පිළිවෙලින් -
      1."අපේ සෙට් එකෙන්"
      2."අපි දෙන්නගෙ සෙට් එකෙන්"
      3."ඒ දෙන්නගෙ සෙට් එක"
      4."ලොකු සෙට් එකේ"

      ඔක්කම සෙට් එක්ක හිටපු මම දැන් "තනි සෙට් එක"... :D :D :D

      බෝම ස්තූතියි අදහසට...

      Delete
  3. ඇත්තටම ඉතිං මටත් නම් තේරුණේ නෑ... කමක් නෑ ඊළඟ පෝස්ට් එකට එන්නම් යාලු..

    ReplyDelete
    Replies
    1. හහා... ඔව්.. ඒක ටිකක් පැටලිලි සහගතයි වගෙ තමයි....

      කෝම වුනත් මගෙත් එක්ක ඉන්න එකට බෝම ස්තූතියි යාලු....

      Delete
  4. හපොයි... අගක් මුලක් තේරුනේ නෑ මට..ප්‍රාර්ථනාගේ ස්ටේටස් එකට දාපු කමෙන්ට් එකක් දැකල ඒකෙන් පාර හොයාගෙන තමයි මේ පැත්තට ආවේ. බලමු. ඊළඟ එකවත් තේරෙයිනේ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝ මේ පැත්තට ආවට...
      ඔව්... පස්සෙ තමයි මටත් තේරුනේ ටිකක් අවුල් සහගතයි කියල...
      ඔන්න තවත් පෝස්ට් දෙක තුනක්ම දැම්ම...
      වෙලාවක් තියේ නම් ඇවිත් යන්ට ආයෙමත්...

      Delete
  5. Appa machan meke ena පෙන්ටියම් ෆයිව් man kiyala man dannawa. eth ban දෙන්නගෙ සෙට් එක හදාගත්ත kiyala ubawa heluweth ne. uba තනි සෙට් එක hadagena inna hinda da danne ne ubata ohoma hithenne.clz eke mona seen tibbath බොක්කෙන්ම හිනා වෙච්ච මිනිස්සු,කාපු බීපු මිනිස්සු,උන් වෙනස් වෙලා kiyala hithannath epa. unatath awl athi kiyala hitha hadaganin.wisheshayen ekata bipu mawa. uba meka demmatath ස්තූති කරනව...
    (දන්නෝ දනිති)

    ReplyDelete
    Replies
    1. වෙනස් වෙලා නැත්තම් මම ඒ ගැන සතුටුයි....
      නැතත් ඒකෙ දෙයක් නෑ.... පුරුදුයි මචං මට....
      තෑන්ක්ස් මේ පැත්තෙ ආවට....

      Delete
  6. hmmmmm....harima patalawillak....hithaganna ba mona kiyannada kiyala dr.....ane manda therenne na....anyway duk wenna epa akkiyaaa.....

    ReplyDelete
    Replies
    1. ඔය මගෙත් එක්ක සෙට් බෙදිල ගිය හැටි...
      ඔය සෙට් හැම එකකම මුලින්ම හිටපු මම වෙනම සෙට් එකක් උන හැටි..
      හෙහේ... මේක තේරුම්ගන්න නම් මේකෙ තියෙන සෙට් ටික අංක දාල කොලේක වත් ලියාගෙන ආයෙ කියවන්න වෙනව... නේද?
      :ඩී

      Delete
    2. heheheheheeeee
      ඒක තමයි......එහෙමවත් කරල බලමුකෝ එහෙනම් :D

      Delete
  7. ගෑනු ලමයි ගෙ සමහර set වල නං ඒක වෙනව. මටත් උනා a/l වලට වෙන ස්කෝලෙකටනෙ ගියෙ. සර් ට "බික්"කියන ලමය හිටිය වගේ මටත් යලුවො කීප දෙනෙක් හිටිය .(වෙලාවට. නැත්තන් මට පිස්සු හැදෙයි. මොකද මීට කලින් වෙලා නෑ නෙ). මම ඒකෙන් තේරුම් ගත්ත අපිව ඕන නැති අය ව අතඇරල දාන්න ඕන කියලා . ඒ set එක නං විසිරුනා.(මං හිටියේ නැති හිංද නං නෙමෙයි .��)ඇයි දන්නේ නැ විසිරුනා . මං අලුත් යාලුවො හොයාගත්ත. එයාලා නං ඇත්තටම මාර හොඳයි . සර් ත් ඒවගේ වෙලාවට අතඇරල දාන්න .(මං ඒක සර් ට කියන්න ඕන නෑ. සර් ඒ සම්බන්ධයෙන් සෑහෙන්න දන්නව නේද .) මං ගොඩක් කියෙව්ව නේද ?.අලුත් යාලුවො හොයාගන්න.සර් ට සුබපතනව.දිගටම ලියන්න....☺️

    ReplyDelete
  8. ගෑනු ලමයි ගෙ සමහර set වල නං ඒක වෙනව. මටත් උනා a/l වලට වෙන ස්කෝලෙකටනෙ ගියෙ. සර් ට "බික්"කියන ලමය හිටිය වගේ මටත් යලුවො කීප දෙනෙක් හිටිය .(වෙලාවට. නැත්තන් මට පිස්සු හැදෙයි. මොකද මීට කලින් වෙලා නෑ නෙ). මම ඒකෙන් තේරුම් ගත්ත අපිව ඕන නැති අය ව අතඇරල දාන්න ඕන කියලා . ඒ set එක නං විසිරුනා.(මං හිටියේ නැති හිංද නං නෙමෙයි .��)ඇයි දන්නේ නැ විසිරුනා . මං අලුත් යාලුවො හොයාගත්ත. එයාලා නං ඇත්තටම මාර හොඳයි . සර් ත් ඒවගේ වෙලාවට අතඇරල දාන්න .(මං ඒක සර් ට කියන්න ඕන නෑ. සර් ඒ සම්බන්ධයෙන් සෑහෙන්න දන්නව නේද .) මං ගොඩක් කියෙව්ව නේද ?.අලුත් යාලුවො හොයාගන්න.සර් ට සුබපතනව.දිගටම ලියන්න....☺️

    ReplyDelete

මම ලියන ඒව ගැන අදහසක් තියෙනව නම් ලියල යන්න... හැබැයි එහෙම නොකල කියල මම තරහ වෙන්නෙත් නෑ... :) කරදර කලේ නැතත් හිතේ කහටක් නැතුව එක කොමෙන්ටුවක් වත් දාල යන්න පුලුවන් නම් මට ඔයාලගෙ ඒ එක කොමෙන්ටුවක් රටකට රාජ්ජෙකට වඩා වටිනව.... ....