2010.07.27
පාඩම් කරන්ටය කියල සෙට් වුන දවසක.
පාඩම් කරන්ටය කියල සෙට් වුන දවසක.
මගේ පවනිත් ආගිය අතක් නෑ.ඇරිසෝනත් මගේ ඇඳට වෙලා ඉඳගෙන බරටම එෆ්.බී. ලොග් වෙලා. සුපුරුදු විදියටම ඉස්සර මගෙ හිතේ අදහස් මවපු තැඹිලි ගහ මගේ කාමරේ ජනේලෙන් පේනව. ඊට එහායින් තියෙන මම චූටි කාලෙ සෙල්ලම් ගේ හදපු අම්ම ලස්සනට වවපු (තල් ජාතියක්) තල් ගහත් හමන සුළඟ කෙරෙහි හැඟීමක් දැනීමක් නෑ වගේ ඊළඟ වැහි දවසෙ අකුණු සැර වැදිල තමන් මිය යන දිනය එනතුරු බලාගෙන ඉන්න හැටි මට පේනව.
මම චූටි කාලෙ එයාගෙ තල් අතු අම්ම විසි කරල තිබුන රෙදි පටි වලින් ගැට ගහල වැස්සට තෙමෙන්නෙ නැති වෙන්න සෙල්ලම් ගෙවල් හදපු හැටි මට මැවිල පේනව. මගෙ පොත්, පැන්සල්, ලේන්සු ඔක්කොම එතනින් තියාගෙන මහ වැහි වෙලාවක මම හිටපු හැටි, ඒ චූටි කාලෙ හිතේ කිසිම කහටක් නැතුව සතුටු වුණ හැටි මගෙ මතකෙට එනව. එකපාරට වැටුණු අත්තක් නිසා ඒ වැස්සෙ මගෙ සෙල්ලම් ගේ කැඩිල මගෙ පොත් එහෙම තෙමෙන්න ගත්තම අම්ම බැනපු හැටි, ඊට පස්සෙ වැස්සෙ තෙමීගෙන ඒව අරගෙන ගෙට දුවගෙන ආපු හැටි එදා වගෙම තවමත් මතකයි මට. මට නොදැනිම මගේ ඇහෙන් කඳුළු බින්දුවක් වැටුන හැටි.... සමාවෙන්න ඕනෙ. ඒක නම් වුණේ එදා නෙමෙයි.. මේක ලියන වෙලාවෙ.
මම එයාට ගොඩක් ආදරේ කළත් එයා මට එහෙම ආදරේ කලේ නෑ. එයාගෙ හැම අත්තකම කටු තිබුණ. එයා ඒ කටු වලින් ලෝකෙට රළු විදියට මුහුණ දුන්න කියලයි මට නම් හිතෙන්නෙ. අනේ ඒ කටු ඇනගෙන මම කී පාරක් නම් තුවාල කරගෙන තියෙනවද? ..... මම චූටි කාලෙ එයා මාත් එක්කමයි උස ගියෙ. ඒත්....
එයා ඊට පස්සෙ මගෙ ලෝකෙන් ටිකින් ටික ඈත් වුණා. ඒත් ඒ කාලෙ එයා ටිකින් ටික මගෙ ලෝකෙන් ඈත් වුණාද මම ටිකින් ටික එයාව මගෙ ලෝකෙන් ඈත් කලා ද කියන එක තවමත් රහසක්. නොදැනීම වසර ගණනාවක් ගත වෙලා ගියා. මගේ මතකෙනුත් ටිකින් ටික මැකිල ගියා........
ඒත් අද මම ඒ මතකය නැවත ආවර්ජනය කරනව. දැන් මට පේනව අපි දෙන්න කොයි තරම් දුරස් වෙලාද කියල. ඒ කාලෙ අපි දෙන්නම වැඩුනෙ එකට. ඒත් දැන් එයා මම වගේ පස් හය ගුණයක් පරිණතයි. මම මගේ තරුණ වියට එළැඹිලා. එයා එයාගෙ සැඳෑ සමය ගත කරනව. ඇත්තට මේ ලෝකෙ කොයිතරම් පුදුමාකාර ද? එක් කෙනෙක් තමන් සතුටින්ම ගත කරන කාලෙ පහු කරනකොට තවත් කෙනෙක් එයාගෙ දුක්ඛජනකම පරිච්ඡේදය ගත කරනව. අනේ... තවත් මේක දරාගන්න බෑ මට පවනිත් මයෙ ළඟ නැති නිසා.... මට දැනෙනව දැන් ලිවුව හොඳටම ඇති කියල....
මේ පහලින් තියෙන.. එක පාර දැකපුවම කිසිම විශේෂත්වයක් නොපෙනෙන උසම උස ගහ ගැන තමයි මම මගේ මෙච්චර වටින කාලය ගෙවාගෙන මේ පෝස්ට් එක ලිවුවෙ.....
කිසිදු සිදුවීමක් මනඃකල්පිත නැත. නම් ගම් සියල්ලද සත්‍ය ය.
හ්ම්ම් පුංචි කාලේ වුනු ඔය වගේ මගේ ළගින් හිටපු පණ නැති වස්තු ගොඩාක් මං ලාගත් තිබුනා
ReplyDeleteඒව කොච්චර කළත් හරිම අමරණීය ගතියක් දැනෙනව නේද...
Deleteම්ම්ම්ම්ම්...ලස්සනයි....මටත් ඔහොම තිබුනා..
ReplyDeleteඅපි හැමෝටම තම තමන්ගෙ ජීවිත වල එහෙම දේව තියෙනව නේද??
Deleteබෝම ස්තූතියි තරූ...
:)
කතා කරන්න හිතන්න බැරි වුණාට ගස් වලටත් පන තියනවා ..
ReplyDeleteඅමුතු ලිපියක්
ඔව්.. ඒක මගෙ සීය මම චූටි කාලෙ කියාදීපු දවසෙ ඉඳන් අද වෙනකනුත් විස්වාස කරන දෙයක්....
Deleteඅමුතුයි ??
ඔයාටත් බෝම ස්තූතියි සඳරු සහෝ...
මට නම් එහෙම ගස් තිබ්බෙ නෑ... හැබැයි මේ ලිපියට මම ආසයි..
ReplyDeleteපුංච් කාලේ ගොඩක් වෙලාවට අපි කතා බහ කරන්නේ මිතුරන් කර ගන්නේ මේ වගේ දේවල් තමයි..
ReplyDeleteඔව්... එයාල අපිට අනිත් යාලුවො වගේ වෙනස්කම් කලේ නෑ....
Deleteකලාතුරකින් ඒම කලත් ඒකට ගොඩාක් සාධාරණ හේතුවක් තිබුන එයාලට.. (අපේ වැරදි )
ස්තූතියි සහෝ..
ගහක්...... හොඳ යාලුවෙක්! :)
ReplyDeleteඔව්.. හිත්පිත් හැඟීම් තියෙනවයි කියල අපි විස්වාස කරන මිනිස්සුන්ටත් වඩා හොඳ යාලුවෙක් ගොඩාක් වෙලාවට...
Deleteස්තූතියි අලි පැටියෝ....
;)
මට අර රතු ඉන්දියානු නායකයා මතක් වුනා උපරිමයි බොල..
ReplyDeleteසියැටල් වෙන්ටැ නේ...?
DeletesAm (සෑම්) - මාව ළඟින්වත් තියන්න බැරි තරම් ශ්‍රේෂ්ට කෙනෙක්ව මතක් වුනා නම් මේ පෝස්ට් එකෙන්..... මම හිතනව මම ටිකක් සාර්ථකයි කියල....
Deleteබෝම ස්තූතියි සෑම්.....
Shani - හෑහ්?? :D
කතා කරන්න බැරි උනාට ගස් වලට පණ තියෙනවා... හුඟක් වෙනස් ලිපියක්... ලස්සනයි යාලු
ReplyDeleteඔව්.... එයාලගෙ නිහඬ සේවය අගය කරන්න ඕන අපි හැමදාම.....
Deleteස්තූතියි යාලු...
ගහක් ගැන ලියලා තිබ්බත් .... ඒක කියවද්දී ජීවිතය ගැන .... අනිත්‍ය බව ගැන ලොකු හැගීමක් දැනෙන තරමට හොදට ලියලා තියනවා....
ReplyDeleteඔව්.....
Deleteමටත් ඕන වුනේ අපේ සැබෑ ජීවිතයයි යථාර්තයයි ගොඩක් සමීප බව පෙන්නන්න... ඒත් ලිවුවෙ එහෙම හිතකින් නෙමෙයි... නොදැනීම ඒක එහෙම ලියවුනා...
බෝම ස්තූතියි ඔයාගෙ අදහසට..
ජීවීතේ මහ පුදුමාකාරයි කියන්නේ ඒකට තමා යාළු
ReplyDeleteඇත්තටම......
Deleteඔයාටත් දැනිල තියෙනවද මෙහෙම?
ඔයාවත් සාදරයෙන් පිළිගන්නව මගෙ මතක වස්තුවට... එන්න ආයෙමත් මේ පැත්තට ඇවිත් යන්න....
ස්තූතියි ඔයාට....