javascript:void(0)

Monday, August 29, 2011

...........................................කා.කා.ස..................................... ..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."

                 ම්.... තවත් එක නුපුරුදු නුහුරු අත්දැකීමක්.. මේ තරම් ජනාකීර්ණ නගරයක මේ වගේ නිස්කලංක පරිසරයක් තියෙනව කියල දැක්කමත් පුදුම හිතෙනව.. මම මේ කොහේ ගැන කතා කරනව කියලද පවනි හිතන්නෙඔව්, ඔයා හරියටම හරි. ඔයා කොහොමත් ඒක දැනගෙන සිටිය යුතුයි නෙ! ;) ඔව්, මේ වත්තල නගරය.. පෙළින් පෙළට වාහන ඇදෙන ඝෝෂාකාරී පරිසරයකින් යුක්ත වත්තල නගරය කෙළවරට වෙන්න තියෙන මඟුල්පොකුණ ආවේ මරියා කණිෂ්ට විද්‍යාලයෙ තුන ශ්‍රේණියෙ පන්තියක ඉඳගෙනයි මේ ලියන්නෙ. ඔයාලට පුදුම ඇති මම මොනවද එහෙ කරන්නෙ කියල? නේද?

              ඔව්, ඇත්ත මම අපේ තාත්තගෙ කා.කා.ස විදියට මැතිවරණ රාජකාරි වලටයි මම ඇවිත් ඉන්නෙ. තාත්ත මේ ඡන්ද මධ්‍යස්ථානෙ ජේෂ්ඨ ඡන්ද ස්ථානාධිපති. එයා කැමති වුනේ නෑ කා.කා.ස. විදියට පිට කෙනෙක්ව එක්කන් යන්න. ජීවිතේට ඒ වගේ රාජකාරියක් කරල නැති මට ම ඒ අත්දැකීම ලබාදෙන්නයි තාත්තටත් ඕනෙ වුනේ.. කොහොමත් තාත්ත අයියට වඩා මාත් එක්ක තමයි එකතු කියල පවනි නිතරම කියන කතාව ඇත්ත කියල හිතෙන්නෙ මේ වගේ වෙලාවට තමයි. රුපියල් සීයක් දීල ගත්තු පොල්කටු මුද්දත් මට මෙතැනදි අහිමි වුණා. ඒත් වෙනද වගේ දුකක් දැනෙන්න  තරම් මගෙ හිත පිරිල නෑ... ඒක හිස්! මේ වගේ තැනක තනියම ඉන්න තිබුන නම් කියල හිතුන වාර අනන්තයි.. ඒ අතරින්, වික්ටර් රත්නායක මහත්මයා ගායනා කරන ගීතයක් මට හොඳින්ම ඇහෙනව....;
      " තනි තරුවේ........
         ඔබත් ඔතැන ඔහොම ඉන්න.....
          මමත් මෙතැන මෙහෙම.. ඉන්නවා.... "
               ඒ ගීතයෙ උච්ච අවස්ථාව මගේ හදවතට තදින්ම කා වැදුන..," තනි තරුවේ.....වේ...." හිතාගන්න බැරි පුදුම විධියෙ දුකක් මට දැනුන..

           ගහ මොකක්ද කියල කියන්න හරියටම කියන්න දන්නෙ නැති වුනත් ඈතින් හිටපු වෘක්ෂ රාජය මගේ ජංගම දුරකතනයෙන් නික්මුණු වික්ටර් රත්නායක මහත්මයගෙ " හිත මිතුරු සුලඟ ළඟ එන වැහි වළාවට කියන්....." සිංදුවෙ තාලෙට නටමින් හිටිය. මම මීට වඩා තවත් අවුරුදු තුන හතරක් බාල වුණානම් මමත් ඒ ගහට නැගල ඒ ගහේ කොළත් එක්ක තාලෙට නටාවි නේදෝ යි කියලත් මට හිතුන....
          ඒත් මට ඒක කරන්න බැහැනෙ.... ඒ ගැන ගොඩක් දුක හිතුන නිසා මම තීරණය කලා එහා පැත්තෙ වතුර ටැංකියට නැගල ටිකක් වටපිටාව බලන්න....
 බැස්සම ඉතුරු ටික බලමුකො....
:D :D :D

                                                                     2010/01/25

4 comments:

  1. සෑම්ගේ තාත්තා සර් කෙනෙක් නේ, දවසක් මාවත් එක්ක යන්න හැදුවා දවසට ගෙවනවා. මම ගියේ නැහැ.. කම්මැලි කමට නැත්තම් යනවා

    ReplyDelete
  2. ඒ වුනාට ඕකට එක පාරක්වත් ගියා නම් ඒකෙ වටිනාකම කියල නිම කොරන්ට බෑ ඕන්....!!!
    කොයි තරම් බලවත් රස්සාවක්ද කියල හිතෙනව, එක දවසක් රාජකාරි කලත්, මහ සවුත්තු නමක් යටතේ වුනත්...

    ReplyDelete
  3. ඇත්තට අලුත් අත්දැකීමක් සෙට් වුනොත් ගිහින් බලන්ට ඕනේ.. මගේ ඡන්දෙ දාන්න වෙන්නේ නැහැ ඕං..

    ReplyDelete
  4. අයියෝ මටත් මගෙ ඡන්දෙ දෙතුන් පාරක්ම නැති වුනා ඔය ඩියුටියට ගිහිල්ල....
    ඒ වුනාට ඡන්දෙ දානවට වඩා ඩියුටි යන එක හොඳයි කියල හිතුන ඕන්...

    ReplyDelete

මම ලියන ඒව ගැන අදහසක් තියෙනව නම් ලියල යන්න... හැබැයි එහෙම නොකල කියල මම තරහ වෙන්නෙත් නෑ... :) කරදර කලේ නැතත් හිතේ කහටක් නැතුව එක කොමෙන්ටුවක් වත් දාල යන්න පුලුවන් නම් මට ඔයාලගෙ ඒ එක කොමෙන්ටුවක් රටකට රාජ්ජෙකට වඩා වටිනව.... ....