පිංතූරෙ බාගත්තු තැන නම් හරියට මතක නෑ |
මේ පඩිපෙල, මේ ශාලාව මගේ ජීවිතයට කොයි තරම් හුරුපුරුදු වුනත් සෑහෙන කාලෙකට පස්සෙ, ඒ කියන්නෙ මයෙ හිතේ සති හතර පහකට විතර පස්සෙ ආපු නිසාද කොහෙද ; මට හරි අමුත්තක් දැනුන... ශිෂ්‍ය නායකයො පිරිල ශිෂ්‍යයින් පරීක්ෂා කරන ගේට්ටුව ලඟදි කක්කුට්ට මගෙ දිහා වැරැද්දක් අල්ලන්න වගේ බලාගෙන ඉද්දි වත් මට ඒකෙ කිසි අමුත්තක් දැනුනෙ නෑ... …
ඊට පස්සෙ අපේ බි.සී. සර් ලඟට ඇවිත්," උඩට යන්න අදහසක් නෑ වගේ" කියල මගෙ පිටට තට්ටු කරනකම්ම මම මොනවදෝ කල්පනා කර කර හිටිය කියලයි පවනි නම් කීවෙ.. කලා අංශෙ ඇතුලෙ හමන හුළඟෙත් මොකක්දෝ වෙනසක් තියෙනව වගේ. එදා වාර විභාගෙ ලියද්දී ආව වගේ බෝ ගහේ ඉඳල ආදරණීය සීතල සුළඟ අද මාව හොයාගෙන ආවෙ නෑ.... මම හිතන්නෙ ඒකයි මට දැණුන වෙනස......
අම්මගෙ තනපුඩුවෙ එල්ලිලා කිරිබොන වසුපැටියෙක්ගෙ බෙල්ලෙ බැඳපු සීනුව නාද වෙන වෙලාවට ඇහෙන විදියෙ හඬක් මගෙ සවන් පත්ලටම කිඳාබහින්න වැඩි වෙලාවක් ගත උනේ නෑ. ඒ නාදෙ මගේ කර්ණශංඛයටදරන්න බැරි තරම් උන වෙලාවෙදි මගෙ සිතේ ඒකාග්‍රතාවය නැති වෙලා මට මොකක්දෝ වුනා... පවනි නම් කියන්නෙ ඒ වෙලාවෙ පංතියෙ හිටපු කොල්ලො ටික හිනා වුනේ මම ලේන්සුව අතේ ඔතන් ඒකෙ කෙළවරක් හප හපා ඉන්නව දැකල යි කියල... මන්ද.. මට ඒව මතක නෑ. :)
මම සාමාන්‍යයෙන් ඉස්කෝලෙ යනකොට ලේන්සු දෙකක් අරන් යනව... එකක් සාමාන්‍ය පාවිච්චියට.. අනික ඉඳගන්නකොට පුටුවට එළන්න... මම කැමති උනේ නෑ ඉස්කෝලෙ ඇරිල දූවිලි නාගෙන පිස්සෙක් වගේ යන්න.... මට යන්න තිබුනෙත් ප්‍රදේශයෙ ප්‍රධාන බාලිකා පාසලක් ලඟින් නෙ.. ;) ඉතින් සුදු දිග කලිසමෙ වටිනාකම ගෙදරට යනකම්ම රැකගන්න මම සෑහෙන මහන්සි උනා ඒ කාලෙ... ;) ඉතින් වැඩිපුරම ඉන්නෙ ඒ ලේන්සුව අතේ ඔතාගෙන තමයි...
ඔන්න ආයෙමත් අවුට් ඔෆ් ටොපික්... :-D
මගෙ වෙලාවද අවේලාවද කියන්න දන්නෙ නෑ, ඒත් තර්ක ශාස්ත්‍රය උගන්වන ගුරුතුමියයි සිංහල ගුරුතුමියයි අද පාසල් ඇවිත් තිබුනෙ නෑ... නැවතත් කලා අංශයෙ හොඳම පංතියක දකුණු පැත්තෙ තුන්වෙනි පේලියෙ මම තනියම ඉඳගෙන හිටිය... මගෙ සෙට් එකම මට පිටිපස්සෙ පේලියෙ..
කවුළුවෙ කම්බි අතරින්, ඈත පිට්ටනියත් ළඟම තිබ්බ අඹ ගහත් අතර දුර වෙනස නට එච්චරම දැණුනෙ නෑ. ඒ අඹ ගහට මම කී පාරක් නැගල තියෙනවද කියලවත් මට මතක නෑ.. ඒ තරම් මම අඹ කඩල ඇති ඉස්කෝලෙ හවස හිටපු දවස් වල.. එතකොටම ආයෙ ඔලුවට පොල්ලෙන් ගැහුව වගේ ඇරිසෝන අහනව " උඹ දැන්ම ෆේස්බුක් එන්නෙ නැද්ද කියල... හීන ලෝකෙන් පොඩ්ඩක් මිදිල අපි ෆේස්බුක් එකේ පැය ගානක් ෆෝන් වලින් මරා......ගත්ත. :)
ඉස්කෝලෙ ඇරිල නැහැ තවම... ආයෙමත් මට සුභය ව මතක් උනා... ඉතින් මම ඇරිසෝනවත් 10.30ට ඉස්කෝලෙ ගේට්ටුවෙන් එළියට දාල මම ආයෙ පොත් ටිකත් අරන් ඡායාරූප සංගම් කාමරේට ආව....
සුළඟේ ලෙලෙනා මල් සේ දඟ පා
ReplyDeleteඅප පාසල් ගිය කාලයේ
යාළුවො අද නැත වෙන අය එහි ඇත
කාලය මැවු වෙනසක අරුමේ........
සිරාවටම bro... ඒ කාලෙ නම්.. නියමයි..
ReplyDeleteඅහම්බෙන් ගොඩ වැදුනෙ....අවුරුදු 8 ක් තිස්සෙ දුටුව හුරුපුරුදු ආදරණිය විලෝ ගහක සුවඳ දැනුන නිසා කොමෙන්ට් එකක් නොදා යන්න හිතුනෙම නැහැ....සුභ පැතුම්.
ReplyDeleteලකී - අයියන්ඩියෙ දැන් ඒ ගහ එතන නෑ... ඉස්කෝලෙත් අපි වගෙම වෙනස් වෙලා.. උස් මහත් වෙල.... ලංකාවෙ ජාතික වෘක්ශය මැද හිටවපු ලස්සන පොකුණක් තමයි දැන් එතන තියෙන්නෙ.... මතක් වෙනකොටත් දෑසට කඳුළු උනන්නෙ අම්ම තාත්තට තරම් අපි තවමත් මේ පුදබිමට ආදරේ කරන නිසයි.... බොහොම ස්තූතියි සහෝදරය..
ReplyDeleteඒ කාලේ ආයේ එන්නේ නැහැ.. මතකය සුන්දරයි..
ReplyDeleteලියපු විදිහට මැවිලා පේනවා..
ජය ශ්‍රී !
එහෙනම් මගේ උත්සහය සාර්ථකයි....
ReplyDeleteබෝම ස්තූතියි ඔයාගෙ අදහසට....
මතක් වෙනකොටත් දුකයි.......
Deleteක්
Deleteඔව්... ආයෙමත් කවද නම් ඒ වගේ කාලයක් ලබන්නද....
Deleteමගේ ආදරණීය ඉස්කෝලෙ කෙසේ නම් අමතක කරම්....
ReplyDeleteසදාදර දෙවැනි මවුන් යෙහෙන් බෙලෙන් වැජඹේවා චිරාත් කල්...
Deleteවාව් හිතට වදින කතාවක්..ටිකක් දුකත් හිතුන...හදවතින්ම සුභ පතනවා අයියේ... :)
ReplyDeleteමමත් ඔය නා ගහ තියෙන තැනම තමා. මම කක්කුට්ටගේ අංශයේ 2010 උපෙල.
ReplyDelete