javascript:void(0)

Wednesday, June 11, 2014

..මගේ ආදර කතාව - 2..

..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."


ආදර කතාවෙ පළවෙනි කොටස ---> මෙතනින්

මගේ ආදරවන්තියව මට හමු වීම
               මම ඒ වෙනකොට මගෙ ජීවිතේ ගොඩක් දේවල් නැති කරගෙන තිබුනෙ... සමහර දේවල් මගෙ කැමැත්තෙන්ම අත ඇරිය. මගෙ යාලුවො මට කතා කලේ ෆේස්බුකා කියල... මට අත අරින්න බෑ කිවුව ෆේස්බුක්. මම ෆේස්බුක් අත ඇරිය. ෆෝන් එක අත අරින්න බෑ කිවුව, ෆෝන් එකත් විකුණල දැම්ම.. කොණ්ඩෙට තියෙන ආසාව අත අරින්න බෑ කිවුව... තට්ටෙම ගෑව.. ඒ විතරක් නෙමෙයි මගෙ කායික මානසික සෞඛ්‍යයයත් මම බොහොම දරුණු විදියට නැති කරගෙන තිබුන.. මේ ඒ කාලය -->  විදවීමයි වින්දනයයි එකතු වෙන තිත..

              ආයෙමත්.... මට ගෙදර කරන්න තරම් විශේෂ වැඩක් නොතිබුන අතර වර්ක්ශොප් එකේ වැඩට ගියා. ඒ අතර මම අපේ ප්‍රදේශයේ ජනප්‍රිය ආයතනයක තොරතුරු තාක්ෂණ ඩිප්ලෝමාවක් හදාරන්න ගියා. ඒ කාලයේ පංති එන යහලුවන් එක්ක සම්බන්ධ වෙන්න ජංගම දුරකතනය සහ ෆේස්බුක් නැවත භාවිතය පටන් ගත්ත.

      ඔන්න ඔය කාලෙ මගෙ නෑදෑ වෙන අක්ක කෙනෙක් එයාගෙ දුව ගැන ලැබුන තොරතුරක් මත මගෙන් උදවුවක් ඉල්ලුව. එයාගෙ දුව එයාට හොරෙන් ෆේස්බුක් එකවුන්ට් එකක් හදාගෙන ද කියල බලන්නයි කියල. ඔන්න ඉතින් මම හොයන්න පටන් ගත්ත. එයාගෙ නම ශලිනි. මම කොයි තරම් හෙවුවත් එහෙම එකක් හම්බ උනේ නෑ, ඒ කිවුවෙ අර මගෙ නංගි කෙනාගෙ කියල සැක කල හැකි එකවුන්ට් එකක්. ඒත් මට දෙයක් හම්බ උනා!! ඒ ශලිනි කියල ෆේස්බුක් එකවුන්ට් එකක් , මගෙ ලිස්ට් එකේ යාලුවො කීපදෙනෙකුත් ඒ එකවුන්ට් එකේ හිටිය. මේ අර නංගිද කියල පොඩි සැකයක් තිබුන නිසා කෝකටත් කියල රික්වෙස්ට් එකක් දැම්ම. ඔන්න මගෙ ආදර කතාවෙ ආරම්භය... මීට වසර 3,4කට පමණ පෙර ශලිනි නම් අන්වර්ථ නාමයකින් මුහුණු පොතේ සැඟවී සිටි මගේ ආදරවන්තිය හමු වීම. 

මුලදි මම ඈ එක්ක මැසේජ් කලේ ඇගේ පිංතූර වලට කමෙන්ට් කලේ මේ අර මට හොයන්න කියපු නංගි ද කියල පුංචි සැකයකුත් එක්ක. ඒත් පසුකාලීනව ඒ සැකය දුරු වෙලා මේ කියපු ශලිනි මගෙ හොඳම යාලුවෙක් උනා. මේ කාලය ඇතුලත මම ගොඩක් දේවල් මගෙ ආදරවන්තිය පිළිබඳව දැනගත්ත. ඈ ගැන ගොඩක් අධ්‍යයනය කලා.


මීළඟට ඈ පිළිබඳව මගේ අධ්‍යයනය, ඇගේ විස්තර, ඇගේ අතීතය.... මීළඟ පෝස්ටුවෙන් බලාපොරොත්තු වන්න...

සැ. යු. - මෙම පෝස්ටුව තුළ මෙයට සම්බන්ධ ලින්ක් කීපයක්ම දමා තිබේ.

4 comments:

  1. ඈ..........................
    මේක මාර ලව් ඉට්ටෝරියක් යව්ගන එන්නේ...
    ඇඩැංස් ඔංලි දාන්න ඔට්ටු නෑ හොදේ...
    අපි තාම පොඩි ළමයි

    ReplyDelete
    Replies
    1. ඔව්... මේකෙ මුලයි මැදයි මාරයි... අවසානය ජුගුප්සාජනකයි..
      :D

      නෑ නෑ... මේකෙ වැඩිහිටියන්ට පමණයි කොටස් සියල්ල කපා කොටා ඉවත් කර දමා ඇත. ;)

      Delete
  2. මට පොඩි නොපහදිලිතාවයක් තියෙනවා අක්කේ. ඔයා මේක ලියන්නේ පිරිමි චරිතයේ පැත්තෙන්ද ? නොදන්නාකමට ඇහුවේ දිගටම ලියමු (y)

    ReplyDelete
    Replies
    1. ඔව්... මම මේක මුළින්ම ලියන්නෙ පිරිමි චරිතය පැත්තෙන්. පසුව මේ ප්‍රශ්නෙ ආදරවන්තියගෙ පැත්තෙන් කොහොමද දකින්නෙ කියලත් ලියනව නංගො....

      Delete

මම ලියන ඒව ගැන අදහසක් තියෙනව නම් ලියල යන්න... හැබැයි එහෙම නොකල කියල මම තරහ වෙන්නෙත් නෑ... :) කරදර කලේ නැතත් හිතේ කහටක් නැතුව එක කොමෙන්ටුවක් වත් දාල යන්න පුලුවන් නම් මට ඔයාලගෙ ඒ එක කොමෙන්ටුවක් රටකට රාජ්ජෙකට වඩා වටිනව.... ....