මම තනිකම... පාලුව.. අලුතින් පුරුදු වෙන කෙනෙක් නෙමෙයි... ගොඩක් අය වගෙම
මමත් ඒකෙ පතුලටම වැටිච්ච... පස්සෙ ඒ පතුලටම වෙලා ඒක රස වින්ද කෙනෙක්.... ඒ
පතුලෙ ගොඩක් භයානව වගෙම ගොඩක්ම ගැඹුරු තැන් ස්පර්ශ කරපු කෙනෙක්.....
ඉතින්.. මට ආයෙ ඒකෙ අමුත්තක් නම් නෑ.... මොකද මම ඒකට හැඩගැහිල... හුරු වෙලා
තිබුන..
කාලයක් මම මගෙ ෆෝන් එකට 50 කාඩ් එකක් දාපුවම මාස එක හමාරකට වඩා ඒක
පාවිච්චි කලා... මට මොබිටෙල් එකෙක්, යාලුවො එක්කෙනෙක් දෙන්නෙක්ගෙන් හැර
වැඩිය මැසේජ් ආවෙත් නෑ.. කෝල් නම් කොහොමටවත්ම නෑ.... ඒ දවස් වල ඉඳලම අපේ
ගෙදර පරිසරය මාව හැඩගස්සල තියෙන විදිය නිසා එන කෝල් එකක්වත් ආන්සර් කරන
පුරුද්දක් මට නෑ නෙ.. :) ඒ නිසා.. මට ෆෝන් එක මහ දෙයක් උනේ නෑ.. ඒකත් එකක්
විතරමයි..... කොටින්ම... මම සමහර වෙලාවට ෆෝන් එක පාවිච්චි කලෙත් නෑ...
(මම බ්‍රිටිශ් කවුන්සිල් ගිහින් ඉවර වෙනකොටත් මගෙ ෆෝන් එකක් තිබුනෙ නෑ කියල
ගොඩක් අය දන්නව). අනික ෆේස්බුක්. මම කාලයක් ෆෝන් එකට ෆේස්බුක් එකට ඇලිලම
හිටිය කියන කතාව පිළිගන්නව.. ඒකට සාක්ෂිත් ඕන තරම්... ඒත් අර මම කලින්
කියපු.... පාලුවෙ තනිකමෙ ගිලෙන්න ටිකින් ටික පටන් ගන්නවත් එක්කම... ඒ හැම
දෙයක්ම අත අරින්න පුලුවන් මහ අමුතු හයියක් මගෙ හිතට ආව.... මම ඒක
ක්‍රියාත්මක කලා.... අන්න ඒ තමයි මම ගොඩක් තනි වෙච්ච මම බ්‍රිටිශ්
කවුන්සිල් එහෙම ගිය කාලෙ.... :) විස්වාස කරන්න ඒ කාලෙ මම ෆෝන් එකක්
පාවිච්චි කලේ නෑ. මම ඉන්ටර්නෙට් ගියෙ ෆෝන් එක කනෙක්ට් කරල නිසා ෆෝන් එක
නැවැත්තුවයින් ඉන්ටර්නෙට් යන එකත් අත ඇරිය මම.. ෆේස්බුක් නම් ඩිඇක්ටිවේට්ම
කරල දැම්ම.....
ඒත්... ඒ කාලෙ... මට අමුතුවෙන් දැනෙන්න
තනිකමක් පාලුවක් තිබුනෙ නෑ මගෙ ජීවිතේ. එහෙමයි කියල ඒ කාලෙ මගෙ ජීවිතේ
විවිධත්වයක් තිබුන කාලෙකුත් නෙමෙයි.... පාලුවක් තනිකමක් නැති උනාට...
නොදැනුනාට.. කරන්න වැඩක් නැතුව...උදේට කාල ආයෙ දවල්ට කනකම් ඇඳට වෙලා
බිත්තිය දිහා බලාගෙන හිටපු කාලයකුත් තිබුන.. ඒත්.. එහෙමයි කියල.. මට
කම්මැලි ගතියක්.... පාලුවක්.. තනිකමක්... මගෙ හිතේ අහලකවත් තිබුනෙ නෑ.. මම
හොඳට කෑව..බිවුව... මට කිසි ලෙඩක් තිබුනෙත් නෑ,,,, මම ඒක ෆට්ටෙටම වින්ඳ...
ඒත්
අද.... මට හරි අමුතුයි... එච්චර පුරුදු වෙලා හිටපු මාව හොඳටම වෙනස් කලා එක
චරිතයක්... ඒ චරිතය ගොඩාක් පාලුවෙන්.. තනිකමෙන් හිටපු චරිතයක්... කොටින්ම
365 දවසම ගෙදරට වෙලා හිටපු කරන්න විශේෂ වැඩක් නැතිකමට...දවසම වගෙ ෆේස්බුක්
එකට වෙලා හිටපු චරිතයක්... ඒ කාලෙ මම දවසටම එක පාරයි ෆේස්බුක් එන්නෙ.... ඒ
එන්නෙ අලුත් පිංතූර, කොමඩි ටිකක් බලල පොඩ්ඩක් සතුටු වෙලා අලුත් දෙයක් බලල
යන්න මිසක ෆේස්බුක් එක හැමදාම කියනව වගෙ "connecting people" වෙන්න නම්
නෙමෙයි. ඒ චරිතය හරි අමුතු විදියට මාව එයාට නතු කරගත්තෙ.... කොයි තරම් ද
කියනව නම් දැඩි හිතක් එක්ක දැඩි ප්‍රතිපත්ති තිබුන මාව බලල් පැටියෙක් වගෙ
එයා ඔන්ලයින් එන වෙලාවට මාවත් ඌන්ලයින් ගෙන්නව ගන්න සමත් උනා. තවත්
පුදුමයක්. මගෙ ෆේස්බුක් යාලුවො හොඳටම දන්නව, මම ෆේස්බුක් දවසෙම ලොග් වෙලා
හිටියත් ඔන්ලයින් නම් යන්නෙ නැති විත්තිය.
එහෙමයි
ඒ චරිතය මාව වෙනස් කරගත්තෙ...
දවසට එක පාරක් කෑම කන ගමන් විතරක් ෆේස්බුක්
ගිය මාව ගෙදර ඉන්න කොයි වෙලෙත් ෆේස්බුක් එකට ගෙන්නවගන්න ඒ චරිතය සමත් උනා.
(මගෙ ෆේස්බුක් එකේ ඕන තරම් චරිත ඉඳීත්දිත් මේ අමුතු චරිතය තමයි මට අල්ලල
ගියෙ ඒක කරපු වැඩ ටික නිසා, මොකද එයාට කලින් ඉඳල අවුරුදු ගාණක ඉඳන් මගෙ
ෆේස්බුක් එකේ හිටිය චරිත වලටවත් ඒ වැඩ ටික කරන්න සමත් නොවුන නිසා..).
කොටින්ම මාව උදේ ඇහැරුණ වෙලාවෙ ඉඳල වැඩට යනකනුත්, ආයෙ කෑම කන පැයේදිත්,
ආයෙමත් වැඩ ඇරිල ආපු ගමනුත් මාව එයාට ඕන විදියට ෆේස්බුක් ඔන්ලයින්
ගෙන්නවගත්ත. ඒ චරිතය ගැන පොඩ්ඩක් හොයන්න ඇති වෙච්ච අමුතු ආසාව නිසාම මමත්
එයාට විතරක් ඔන්ලයින් දාල ෆේස්බුක් යනව ඒ දවස් වල..
ෆෝන්
එක ගෙදර දාල වැඩට, පංති වලට පවා ගිය මට.. අන්තිමේ වොශ් රූම් ගිහින් එන
ටිකටත් ෆෝන් එක ඈත් කරන එක පවා අපහසු තත්වයකට ගේන්න ඒ චරිතය සමත් උනා..
කොහොම හරි ඒ චරිතය මාව ෆෝන් එකටයි ෆේස්බුක් එකටයි ඇබ්බැහි කලා. ඒ චරිතය නම්
කොහොමත් ඒ දෙකටම ඇබ්බැහි වෙලයි හිටියෙ. :)
ඒත් අද.... අද හරි අමුතුයි....
ඒ
චරිතය දැනට දවස් දෙකකට විතර කලින් එයාලගෙ බාප්පලගෙ ගෙදර ගිහින්. ඒ නිසා
ෆෝන් එකෙන් මැසේජ් කරන්නවත් ෆේස්බුක් එකෙන් මැසේජ් කරන්නවත් ටිකක් අමාරුයි
ලු. බාප්පයි ඒ කට්ටියයි නිතර එයාගෙ ෆෝන් එක ගැන විමසිල්ලෙන් ලු. ගියපු
දවසෙම එයාගෙ ෆෝන් දෙකෙන් එකක් බලන්න කියල ඉල්ලගෙන මැසේජ් කෝල් එහෙම ඔක්කොම
බැලුව ලු. වෙලාවට එහෙ යන්න කලින් ඒකෙ ඔක්කොම ඩිලීට් කරල තිබුන නිසා ශේප්
වෙලා. ඊයෙ දෙවෙනි දවස. ඊයෙ නම් ඔය ඔක්කොම හිටියත්... කීපවතාවක්ම හොරෙන්ම
ෆෝන් එකෙන් ෆේස්බුක් ලොග් වෙලා මට මැසේජ් කරා. චැට් කරා. ඒත් අද.... අද
තුන්වෙනි දවස... අද දවසටම උදේ ආපු ගුඩ් මෝනින් මැසේජ් එක විතරමයි..... මට
ෆෝන් එක ෆේස්බුක් එක නැතුව ජීවත් වෙන්න බැරි තත්වෙට පත් කරපු කොයි වෙලෙත්
හැම විනාඩියකම ෆෝන් එකෙන් ෆේස්බුක් එකෙන් මගෙ ලගට වෙලා ඉඳන් මාවත් ලඟින්
තියාගත්තු ඒ චරිතෙ... නිහඬයි දවසම...
මාව දාල ගිහින් නම් නෑ... මට ඒ චරිතය එක්ක තරහ යන්නෙත් නෑ...
ඒත්..
මෙහෙම වෙලාවට මට හිතෙනව අර ඉස්සර වගේ, "ශේහ්... ආදරේ නොකර හිටිය නම් මෙහෙම වෙන්නෙ නෑ නෙ" කියල...
ඔව්... එහෙම වෙන එකක් නම් නෑ තමයි... ඒත් එහෙම උනා නම් අඩු ගානෙ මම උන්නද මලා ද කියල වත් බලන්න කෙනෙක් ඉතුරු වෙන්නෙත් නෑ නෙ මට...
ඒකෙත් දෙපැත්තක් හැම එකකම වගේ.... නේද...
:)
ප.ලි.
- මේක මම ගොඩාක් ඉස්සර... ගොඩාක් ඉස්සර ලියපු එකක්....අදට වලංගු නැති එකක්
(මට ) ඒත් අමතක වෙන්න කලින් පෝස්ට් කරල දාන්න හිතුන.... මොකද මේක ගිය
අවුරුද්දෙ ලියපු එකක්.... :)
මටත් එහෙම කාලයක් තිබුණා...
ReplyDeleteමගේ කථාවේ නම් ඔය චරිතය කථාවෙන් අයින් වුණා.
ඔය කථාවෙදි ඒක එහෙම නොවුණ නම් මට ඒ ගැන ගොඩක් සතුටුයි බං...
බං????
Deleteඔහොමද කතා කරන්නෙ අහ්?
ඒ වුනාට ස්තූතියි අදහසට...
අතාත්වික ලෝකයක් තුල ගොඩනැගෙන බැදිමකට තාත්වික ලෝකය තුල ඹතරමි වටිනාකමක් දිම සාදාරණද?
ReplyDeleteඅතාත්වික ලෝකය තුළ ඔය බැඳීම ඇති වෙන්නෙ ඇහැට දැකල කනට ඇහිල නෙමෙයි.... අදහස් වලින් නේද?
Deleteඒක මගෙ වචනෙන් කිවුවොත් දැකල යාලු වෙනවට වඩා අදහස් සමාන බැව දැනිල යාලු වෙන එක හොඳයි නේද?
ඒක සිද්ධ වෙන මාධ්‍ය නම් අතාත්වික තමයි.. ඒත්....
මටත් ඔය වගේ කාලයක් තිබුනා ,,,,,,,,,මගේ කතාවම ලියලද මන්දා
ReplyDeleteගොඩක් කතාවල් ඔය වගේ තමයි පුංචි පුංචි වෙනස්කම් තිබුනට....
Delete:)
සමහර විට
ReplyDeleteසමහර විට???
Deleteඅනේ මන්දාය!
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
අඩවි රජ බබා ය.... රජා රාජ කුමාරියෙක් අල්ලනවා නම් මේ ක්‍රමේන්ම තමා ය.. සැබැ ලෝකයේ නම් රජා වැඩිය තොදොල් වෙන්නට ලජ්ජා බව බොහෝ දෙනෙක් ප්‍රසිද්ධියේත් කියා තියෙන්නේ ය.....
Delete:P
අඩෝ මැජික්කාරයා , මෙන්න කෙල්ල ලේන්සු හංගන්ඩ ඇදුම් හිල් කරනවා
ReplyDeleteඅඩා..... අටම් අයියා.... සල්ලි සල්ලි කියලා බලන්නෙ නැතිව කෙල්ලටත් ඒව ටිකක් පුරුදු වෙන්ට තව ලේන්සු ටිකක් ගෙනත් දෙන්ට.... පව් නෙ මොක උනත්.. තවම පොඩි එකා නෙව....
Delete:D
ෆෝන් එක ගෙදර දාල වැඩට, පංති වලට පවා ගිය මට.. අන්තිමේ වොශ් රූම් ගිහින් එන ටිකටත් ෆෝන් එක ඈත් කරන එක පවා අපහසු තත්වයකට ගේන්න ඒ චරිතය සමත් උනා.. කොහොම හරි ඒ චරිතය මාව ෆෝන් එකටයි ෆේස්බුක් එකටයි ඇබ්බැහි කලා. ඒ චරිතය නම් කොහොමත් ඒ දෙකටම ඇබ්බැහි වෙලයි හිටියෙ. :)
ReplyDeleteඅනේ හොදියි ඉතින් :DDDDDDDDDDDDDDDDDDD
හෙහේ.... ඇයි අවුල් ද ලොකු පුතා??
Delete:D
පට්ට කතාව.
ReplyDeleteස්තූතියි...
Delete:)
මම තනිකම... පාලුව.. අලුතින් පුරුදු වෙන කෙනෙක් නෙමෙයි... ගොඩක් අය වගෙම මමත් ඒකෙ පතුලටම වැටිච්ච... පස්සෙ ඒ පතුලටම වෙලා ඒක රස වින්ද කෙනෙක්.... ඒ පතුලෙ ගොඩක් භයානව වගෙම ගොඩක්ම ගැඹුරු තැන් ස්පර්ශ කරපු කෙනෙක්..... ඉතින්.. මට ආයෙ ඒකෙ අමුත්තක් නම් නෑ.... මොකද මම ඒකට හැඩගැහිල... හුරු වෙලා තිබුන..
ReplyDeleteniyamai...!!
ReplyDelete