javascript:void(0)

Tuesday, July 1, 2014

මගෙ හද මඩල මල් යහනකි ප්‍රභාවතී..

..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."


මගෙ හද මඩල මල් යහනකි ප්‍රභාවතී...
"මගෙ හද මඩල මල් යහනකි ප්‍රභාවතී...
ඔබෙ හද මඩල කටු යහනකි ප්‍රභාවතී..
කටු යහනේ ඉන්නට බෑ ප්‍රභාවතී...
මල් යහනෙන් බැස පලයන් ප්‍රභාවතී.."

                   මේ ගීතය කියන්නෙ ටිකක් දුක්පත් කොල්ලෙක්. ඒ කොල්ල යාලු වෙලා ඉන්න කෙල්ලට පණ වගේ ආදරෙයි... දෙන්න බොහෝම ආදරෙන් කල් ගෙවනව.... සතුටින් ඉන්නව ටික කාලයක්... මේ කාලය තුල තමන්ගෙ පෙම්වතිය ගැන තමන් නොදත් ඇගේ ගති ලක්ෂණ ටික ටික මේ කොල්ලට තේරුම් යනව... කොල්ලට තේරෙනව...

       කොල්ල වගේ ආදරේ තේරුම් අරගෙන ආදරේ කරන කෙනෙක් නෙමෙයි කියල මේ කෙල්ල... ඒක දැනෙන්නෙ කෙල්ල කරන යම් යම් දේවල් එයාගෙ හදවත ගොඩක් රිදෙන්න පටන් ගත්තම...

              කොල්ලට දැනෙනව තමන්ගෙ හදවත තරම් අවංක ආදරේ කියන දේ හොඳින් තේරුම්ගත්තු හදවතකට නෙමෙයි තමන් ආදරේ කරන්නෙ කියල... ඒ මොහොතේ එයා උපමා කරනව තමන්ගෙ හදවත මල්යහනාවක් ලෙසට. මේ විදියට තමන්ගෙ හදවත බිඳින කෙල්ලගෙ හද මඩල එයා උපමා කරනව කටු යහනකට. යහනක් කියන්නෙ සනීපෙන් නිදාගන්න වැතිරෙන්න පුලුවන් තැනක්. ඒත් මේ යහන කටු වලින් සැදුනු එකක්... ඒ නිසා නිදාගන්න පුලුවන් උනාට යහනෙ වේදනාවල් වැඩියි කටු ඇනෙන නිසා.. හැබැයි මේ වෙනකොට මේ දෙන්න දරෙන් වෙලිල ඉන්නෙ.. ඒ කටු යහනෙ නිදාගෙන උන්නෙ.. ඒත් තව දුරටත් එහෙම කරන්න බෑ.. ඒ නිසා මේ තරුණය ආයාචනා කරනව තමන්ගෙ මල් යහනක් වගේ තියෙන හද මඩලෙන් කටු යහනක් වූ තරුණියට ඉන් පිට වෙලා යන ලෙස...

             ඊට පස්සෙ මේ තරුණය තම ආදරවන්තිය සම්බන්ධ අතීතාවර්ජනයක් කරනව.. පලමු වර හමු වෙලා දෙන්න ආදරෙන් වෙලිල... සිනා සිසී දෝතින් යහන සැදූ ලියේ කියන එක මම එක්තරා රූපකයක් විදියටත් දකිනව. ඒ තුළින් රචකය ගම්‍ය කරන්න හදනව ඈගේ කැමැත්තෙන්මයි මේ ආදරවන්තය සමඟ පෙමින් වෙළෙන්නෙ. ඈගේ ආසාව නිසයි මේ ආදරවන්තය සමඟ පෙමින් වෙළෙන්නෙ. මෙතනදි සිනා සිසී දෝතින් යහන තැනූ ලියේ කියන එකෙන් කියවෙනව දෙන්න බෝම කැමැත්තෙන්.. ආදරෙන්.. ආසාවෙන්... මේ විදියට ආදරෙන් වෙලිල එකතු වෙන්නෙ...

"සිනා සිසී දෝතින් යහන තැනු ලීයේ..
මුවාවට ගොසින් ඉකිබිද හැඩුව ලීයේ..
මටම නොවයි කාටත් පෙම් බැන්ද ලීයේ..
මදෙස බල බලා නාඩන් කුමාරියේ.."

             ඒ අතරතුර.... තමන්ගෙ ආදරවන්තිය ටික ටික තමන්ගෙ හිත රිදවන බව තේරුම්ගන්නව. "මටම නොවෙයි කාටත් පෙම් බැන්ඳ ලියේ" කියමින් මේ තරුණය එක එල්ලේම කියා සිටිනව එයාගෙ හිත රිදෙන්න තරම් තමන්ගෙ ආදරවන්තිය කරපු වරද මොකක්ද කියල.. ආදරවන්තිය දන්නෙ නෑ.. ආදරේ කියන්නෙ එක්කෙනෙක් වෙනුවෙන් විතරක්ම ඇති වෙන්න පුලුවන් දෙයක් ය කියල.. ඒක වරදක් නෙමෙයි.. ඒක නොදැනීම. ආදරේ ගැන නොදැනීම.. නොවැටහීම විදියටයි මේ තරුණය දකින්නෙ.. ඒත් තමන් එක්ක හැසිරෙන විදියට තමන්ගෙ ආදරවන්තිය නොදැනීම නිසා හෝ වෙනත් අයත් සමඟත් හැසිරීම, ඒ අයටත් තමාට මෙන්ම ආදරය කිරීම මේ සත්‍ය ප්‍රේමවන්තයගෙ හිත ගොඩක් රිදවනව.

       ආදරවන්තිය මේ තරුණය දිහා බල බල හඬනව.. තවමත් ඈ ට සත්‍ය ප්‍රේමය තේරුම්ගත නොහැකියි. ඈට අවශ්‍ය පිරිමින් කීප දෙනෙක්ටම ආලය කරන්න
, ඈට දැනෙන්නෙ නෑ ආලය යනු එක් අයෙක්ට පමණක් පිදිය යුතු පිදිය හැකි දෙයක් කියා.. කොටින්ම ඈ සිතුවත් ඈ ප්‍රේම කරන බව සිදු වෙන්නෙ ඈ එකිනෙකා ආශ්‍රය කිරීමක් පමණයි. කිසිදු ආලයක් ඈ තුළ නැත. නමුත් ඈ එය ආලය ලෙස සිතයි. තමන්ට ආලය කරන පෙම්වතා මෙන්ම ඈ ආලය කරන අනෙක් තරුණයන් ද එක්ක ගත් කල ඈ ට එක් අයෙක් තෝරාගත නොහැකියි. ඒ නිසා තම ආදරවන්තයා දිහා බලමින් ඈ තීරණයක් ගත නොහැකිව හඬමින් පසු වේ. ඒට හඬන්නට සිදු වන්නේ ඈට ආලය කල මෙම තරුණයා ඈට ඇගේ ආලය තෝරාගැනීම සඳහා තීරණාත්මක අවස්ථාවක් ඈ වෙත ලබා දී ඇති නිසයි.      
    ඒ තීරණාත්මක අවස්ථාවට තරුණයා එළැබෙන්නේ පෙර කොටසේදී කතා කල ඇගේ කටු යහනක් වන් වූ හදමඩල තුල තව දුරටත් රැඳී සිටිය නොහැකි නිසාවෙනි. එක්කෝ මල් යහනෙන් ඈ බැස යායුතු ය. නැති නම් කටු යහන මල් යහනක් බවට පත් කරගතයුතුය.

"
පිල් ගොමුවකින් පිල් ගොමුවට ඇදුණු ලීයේ..
මල්වර සුවඳ ඇදී වරලස ඉනුව ලීයේ..
පවලම් පොටෙන් ගිලිහුණු තාරකාවියේ..
කරපු පවට නාඩන් දෙවතාවියේ.."

                  පිල් ගොමුවක් උපතින්ම පිහිටන එකම ලස්සනම සතා තමයි මොණරා. මොණරා කියන්නෙ පිරිමි සතා. ඉතින් පිල් ගොමුවකින් පිල් ගොමුවට ඇදුනු ලියේ කියන උපමාවෙන් තනිකරම කතා කරන්නෙ මේ කතා නායිකාව වෙච්ච තරුණියගෙ අනාගතේ ගැන. මේ වෙනකොට අර පහු ගිය කොටසෙදි වෙච්ච තීරණාත්මක අවස්ථාවෙදි කටු යහන මල් යහනෙන් බැස යන්න තීරණය කරනව. ඒ කිවුවෙ තමන්ගෙ ආදරවන්තය අත හැරල තමන් ආලය කරපු වෙනත් කෙනෙක් වෙතට ගිහින්. ඈ සෙබඩක්. මොණරාගෙ ගැහැණු සතෙක්. ස්වභාවයෙන්ම සෙබඩ යනු ලස්සනට තටු විහිදිය හැකි ලස්සන සහකාරයන් සොයා යන සත්ව කොටසක්. අනික තමයි සෙබඩක් එක සහකාරයෙක් ළඟ දිගටම රැදෙන්නෙ නෑ.. ඉන්න සහකාරයට වඩා ලස්සන පිල් කළඹක් හිමි අයෙක් වේ නම් ඈ පසුබට වෙන්නෙ නෑ ඒ මොහොතෙම එම සහකාරයා වෙත යන්න.. ගෙල බැඳි මංගල මාලය ඈට යම් සීමාවක් වී තිබුනත් ඈ එය ගලවා තම නිදහස සොයා යනව. ඈත් අර කී සෙබඩ මෙන් සහකාරයන් සොයා යනව. නමුත් සෑ හට එක් සහකාරයෙක් සමග දිගු කලක් සිටිය හැකි වන්නේ නෑ.. ඒ නිසා නිතර ඈ සහකාරයන් මාරු කරනව. ඒ වගේම ඈ ගැන ඇගේ හැටි ගැන දන්නා සහකාරයක් ඈ මන් ළඟ වැඩිකල් තියාගැනීමට යුහුසුළු වෙන්නෙත් නෑ. නමුත් ඈ ට මග වැරදිලා. ඈත් අර සෙබඩිය මෙන් පිල් ගොමුවෙන් පිල් ගොමු සොයා ගොස් යම් දිනක අතරමන් වෙනව, මග වරදාගන්නව....කවුරුවත් ඈ තබාගන්න ට කැමති වෙන්නෙ නෑ....
            තමුන් ගැන සියල්ල දැන සිටි
, තමුන්ට පණ මෙන් ආලය කර, තමුන් ව ආදරෙන් බලාගත් තම ප්‍රථම ආදරවන්තයා ඈ හට එක්කෝ තමන් ගෙන් ඉවත් වෙන ලෙස හෝ කටු යහන මල් යහනක් කර ඒ මත තමන්ට සැතපෙන්නට ඉඩ දෙන ලෙස ඉල්ලූ අවස්තාව මේ තරුණියට සිහි වෙනව. තමුන් ගත් අනුවණ තීරණය වැටහෙනව. ආලය යනු කුමක්දැයි ටිකින් ටික වැටහෙන්නට ගන්නව... නමුත් ඈ ප්‍රමාද වැඩියි. ඈ තේරුම් ගන්නව.. 
 හඬනව.. 
මහ මුහුද තරම් කඳුළු වගුරුවමින් ඈ කළ වරද ගැන පසුතැවෙමින් හඬනව.. 
අන්න ඒ මොහොතේ බැස යන කටු යහනට අත වනමින් හදවතින්ම සුභ පැතු තම හිටපු ආදරවන්තය කොහේදෝ ඉඳන් මේම කියනව..... "කරපු පවට නාඩන් දෙවතාවියේ". ඒත් එහෙම කියනව හැර ආදරවන්තයට වෙන කරන්න දෙයක් නෑ, ආදරවන්තිය ඒ වනවිටත් ගොඩක් ප්‍රමාද වෙලා වැඩියි...

ගායනය - ගුණදාස කපුගේ මහතා

අහල බලන්න මෙතනින් - https://www.youtube.com/watch?v=oSAlR5akyJU

ප.ලි. - මේක මගෙ ආදර කතාවත් එක්කම ලිවුවෙ මම මේ ගීතය තේරුම් කරල දුන්න මේ විදියටම ඇයට. එවෙලෙ ඈ අහනව ඕක කියල දැන් ඔයා කියන්නෙ මම එහෙමයි කියල ද කියල... මම කිවුව ඒක මම කියන්න ඕන දෙයක් නෙමෙයි. ඔයා කරපු දේවල් එක්ක ඔයාම හිතල බලන්න කියල... මොකද මේ වෙනකොට ඈ මාව අත ඇරල තවත් කොල්ලෙක්ට බලාපොරොත්තු ඇති වෙන විදියට වැඩ කරල ඒ කොල්ලව අත ඇරල දැන් තවත් කොල්ලෙක් එක්කත් යාලු වෙලා ඉන්න නිසා. මම මේ කෙල්ල ගැන හොඳටම දන්න නිසා හොඳයි, ඒත් අර කිසි දෙයක් දන්නෙ නැතුව ආදරෙන් අන්ධ වෙලා ඉන්න අර අහිංසක කපටි කොල්ල පව්. ඒ කොල්ලට හිතන්න තිබුන මාවත් අත ඇරල එයාගෙ හොඳම යාලුවටත් බලාපොරොත්තු දීල අත ඇරපු තමන්ටත් කවද හරි ඒ දේම වෙයි ද කියල... මේ කෙල්ලත් කොල්ලත් මේ දවස්වල ඉන්නෙ මීගමුවෙ. කොල්ලනේ මේ කෙල්ලගෙන් ටිකක් පරිස්සම් උනොත් හොඳයි ඔය මීගමුව පැත්තෙ ඉන්න කොල්ලො...

10 comments:

  1. ඔබේ කතාවත් සමග ගැලපුවේ යම් ද්වේෂයකින්දැයි මට හිතෙනව...
    මෙමෙ කිව්වට තරහ ගන්න එපා...
    ඔබ විචාරය කරල තියෙනව අගෙයි...
    නමුත් ඔබ පසු සටහනක් ලෙස ඔබේ කතාව ලිවීම නිසා ඔබේ චිත්තය තුල තියෙන ද්වේෂයක ලක්ඹන පෙනෙනව.. සාහිත නිමැවුමක් සමග එය පාහන්නට යත්ත දැරීම එතරම් නුවණට හුරු යමක් නොවේ කියලයි මට හැගෙන්නෙ..
    නමුත් ඔබේ විචාරය නම් ඉතා අගෙයි

    ReplyDelete
    Replies
    1. ඔව්... ඒකෙත් පුංචි දෙයක් තියෙනව... ඒත් අනේ මන්ද ඒක ද්වේශයක් ද කියන්න නම්... හැබැයි ඒ ගීතයෙයි ඇගේ වැඩකටයුතු වලයි ලොකූ සමානකමක් මම දැක්ක... මගෙ ප්‍රියතම ගායකය ගුණදාස කපුගේ මහත්මය.. ඉතින් එක පාරටම මට මේක මතක් උනා. අපේ සම්බන්ධතාවය නැති උනත් හොඳ යහලුවෙක් විදියට මට පුංචි උපදෙසක් දෙන්න හිතුන. ඒකයි කෙලින්ම නොකිය මේ ගීතයෙ තේරුම් කරල ඈ ට කිවුවෙ... බුද්ධිමත් කෙල්ලෙක් නම් මම හිතන්නෙ අර අන්තිමට අහපු ටික අහන්න උවමනාවක් නෑ නේද? තේරෙනව නේද තමන් යන මඟ වැරදි බව? ඒ නිසයි මෙහෙම ලිවුවෙ සහෝ...

      Delete
  2. මටත් මෙහෙම අත්දැකිමක් තියෙනවා. මන් තව පොඩ්ඩෙන් මහ දුකක් විදන් අදරෙ කරපු මගෙ මැනිකව අතාරිනව. එකි හැදුවෙ මාව බැදගන්න. ගෙවල් වලට කියල 04 වෙනි කොල්ල අතැරිය මාව හ්ම්බුවෙල සතියෙන්.කොල්ලො 04ක්ට බූට් තියලා තොරගන්න බැරිව. එකි කිය්නව ටික දවසක් යනකොට එකිට කොල්ල එප වෙනවලු. හොද අත්තක් දැක්කම එල්ලෙනවා. සල්ලි තියෙනවනම් වාහන තියෙනවනම් ටක් ගල අහුවෙන්වා.තත්වෙට බලයට අදරේ.. මාවත් හොදට ඇන්දුවා.හැබැයි දවස් 10යි, මටම තෙරුනා එ අදරෙ තරම..එත් මගෙ මැනික ජිවිතේ හැමදාම වගේ මගේ දුකෙ සැපෙ මන් එක්ක හිටියා මැනික මහ මෙරු පර්වතෙ වගෙ නොසැලි හිටියා අවුරුදු 07ක් මට කිසිම දෙයක් නති කලෙත්... ඇ විශ්වස කලා ඇගෙ අදරෙ ගැන මට වඩා. ගෙදර ප්‍රශ්න වත් ගෙදර කැමත්තටත් වඩ වැදගත් ශක්තිමත් ආදරෙ කිය්ලා. එහෙම දෙයක් උනත් එයා මාව පිලිගත්තා. අම්මකෙනෙක් වගෙ.. හිතවත් රිදෙවුවෙනැ සමාව ඉල්ලනකොට..ජිවිතෙට පාඩමක් කරගන්න කිය්න එක විතරයි කිවෙ. එතරම් අදරෙකට පයින් ගැහුවනම් මන් අද විනශවෙලා අරකි හින්දා.

    ReplyDelete
    Replies
    1. "ටික දවසක් යනකොට එකිට කොල්ල එප වෙනවලු" එහෙම ඕන වෙලාවට සෙට් කරගන්නයි එපා වෙන වෙලාවට අත අරින්නයි කොල්ලො සෙල්ලම් බඩු නෙමෙයි නේද?
      එහෙම කරන්න පුලුවන් සෙල්ලමට ආදරේ කරන කොල්ලොන්ට නම්... ඒත් සිරා ආදරේ කරන උන්ට එහෙම කරන එක අපරාධයක් නෙ...
      අර අවුරුදු 7ක් ආදරේ කරපු කෙල්ල රත්තරන්... එයාව ගොඩාක් හොඳින් පරිස්සම් කරන්න, ගොඩක් ආදරෙන් බලාගන්න... හොඳටම ගොඩක් කල් ඉඳන් දන්න අඳුරන වෙන කිසිම දේකටත් වඩා හොඳින්ම තේරුම් ගන්න පුලුවන් කෙල්ලෙක්ට ආදරේ කරන්න...

      Delete
  3. මයි ස්ටෝරි ටූ හි හී.....

    ReplyDelete
  4. මන් ආස සින්දුවක් ^_^
    පවලම් පොටින් ගිලිහුන තාරකාවියේ කියන පදේ ගැන මට තියෙන්නේ ප්‍රශ්නයක්???

    ReplyDelete
    Replies
    1. ඉස්සරකාලේ කාන්තාවකගේ පිරිසිදු බව සොයා ගැනීමට උපකාරී වූ දෙයක්

      Delete
    2. >> ඉතා අෑත අතීතයේ සමහර කුලවල ස්ත්‍රීන්ගේ පිරිසුදු බව පරීක්‍ෂා කරන්න පවලම් පොට යොදාගෙන තියෙනවා. මනාලියගේ නාඹියට පහළින් බඳින මාලයේ පෙන්ඩනය වැනි කොටස මනාලයාගේ මව පරීක්‍ෂා කරද්දී ඇය ඉදිරියේ එය සෙළවුණොත් එම ස්ත්‍රිය අපිරිසුදු කාන්තාවක් බව මනමාලයාගේ මවට තීරණය කරන්න පුළුවන් <<

      Delete
  5. Almost my story too. :)

    ReplyDelete

මම ලියන ඒව ගැන අදහසක් තියෙනව නම් ලියල යන්න... හැබැයි එහෙම නොකල කියල මම තරහ වෙන්නෙත් නෑ... :) කරදර කලේ නැතත් හිතේ කහටක් නැතුව එක කොමෙන්ටුවක් වත් දාල යන්න පුලුවන් නම් මට ඔයාලගෙ ඒ එක කොමෙන්ටුවක් රටකට රාජ්ජෙකට වඩා වටිනව.... ....