javascript:void(0)

Friday, March 29, 2013

එදා සහ අද -- 1


..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."

අද මම ලියන්නෙ යන්නෙ අලුත්ම තත්වය මගෙ ගැන....ඒත් ඒකට කලින් පොඩ්ඩක් වටේ කැරකිලා එන්න ඕන මාතෘකාව ගැන හොඳ අදහසක් එන්න... :)  ඒ නිසා පුංචි වටයක් ගිහින් එමු....

        ඔයාලට මතක නම් නැතුව ඇති..ඒත් සමහර අයට නම් මතක ඇති.. කාලයක් මම ඉගෙනගත්තු IT Institute එකේ මට තිබුන තත්වය ගැන... මම එතන ශිෂ්‍යයෙක් විදියට එන්න පුලුවන් ඉහළම තැන වෙච්ච ශිෂ්‍ය සංගමයේ සභාපති තනතුරෙත් හිටිය කාලයක්... ඒත් මගෙන්ම වෙච්ච වරදක් නිසා මට ඒ හැම දෙයක්ම නැති වෙලා අන්තිමට මට එතන ඇතිවෙච්ච බොහොම ශෝචනීය තත්වය ගැන පෝස්ටුවක් පවා ලිවුව... මේ තියෙන්නෙ ඒක --> තනි සෙට් එක

            අද මම ගොඩක් සතුටින්... එදා මගෙත් එක්ක හිටපු "බීක්" අදටත් එදා වගෙම මගෙත් එක්ක ඉන්නව.. හරිම හොඳ අක්ක කෙනෙක්, මගෙ ජීවිතේට හම්බ වෙච්ච.... අදටත් මම ගොඩක් ගරු කරනව බීක්ට මගෙත් එක්ක වෙනස් නොවී හිටපු එකට.....

             ඒ වගේම මම දැනට හදාරණ විෂය සම්බන්ධව මට හමු වෙච්ච වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගුරුවරයෙක් වෙච්ච මගෙ සහෝදරයෙක් වගේ ඉන්න අයිය කෙනෙකුත් ඉන්නව.. මේ අයියට පිං සිද්ධ වෙන්න අද මම සෑහෙන තැනකට ඇවිත් ඉන්නව... ඒ වගේම ඉදිරියත් මාව අත අරින්නෙ නෑ කියන ලොකු විස්වාසෙත් මගෙ හිතේ තියෙනව...අදටත් මම සලකන්න පුලුවන් හැම වෙලාවකම මට පුලුවන් තරමින් සලකනව මගෙ ඒ ගුරුතුමාට.... ගුරුතුමා උනාට ඉතින්.. මගෙ අයිය කෙනෙක් වගේ නිසා අයිය කියල තමයි ඉතින් කතා කරන්නෙ නම්.. ;)

            ඔන්න දැනුයි මගෙ කතාව... ඉතින් අර කලින් පෝස්ට් එකේ කිවුව වගේ තත්වයක් මට, මම ඉගෙනගත්තු IT Institute එක තුළ ඇති වෙලා තිබුන නිසා මම සභාපති උනත් නිකම් නමට විතරක් සභාපති කෙනෙක් වෙලයි තිබුනෙ.... මාව දැනුවත් කිරීමකින් තොරවත් ගොඩක් දේවල් සිද්ධ වෙලත් තිබුන.. ඒකෙ අසාධාරණකමක් දකින්නෙත් නෑ මම එක අතකට... හැබැයි ගොඩක් දුක හිතුන, මට වැඩ කරන්න පුලුවන් කාලෙ මම රැකියාවට පවා යන්නෙ නැතුව ඒ ආයතනය වෙනුවෙන් ගොඩක් කැපවීම් කරල තියෙද්දිත් මේ වගෙ පුංචි දෙයක් මූලික කරගෙන මට එහෙම සලකපු එක ගැන පුංචි දුකක් ඇති නොවුනමත් නෙමෙයි....

       ඒත් මම මගේ ජීවිතේ සිද්ධ වෙන දේවල් වලින් ඉගෙනගන්නව වගෙම ඒ වෙච්ච දේවල් වලිනුත් මම ගොඩක් දේවල් ඉගෙනගත්ත.... ඒ තමයි මගේ මේ ආයතනය තුළ වැඩ ගන්න පුලුවන් අයගෙන් උපරිම වැඩ ගත්තට පස්සෙ එහෙම කෙනෙක් හිටියද කියලත් අමතක කරන තැනක් බව දැනගත්තු එක.... ඒක මට අයියල කීපදෙනෙක්ම කියල තිබුනත් එදා තමයි හොඳින්ම දැනගත්තෙ... ඒක දැනගත්තු එකෙත් ලොකු වටිනාකමක් තියනව.... අඩු ගානෙ දැන් මම ඒ බව තේරුම් අරන් වැඩ කරන්න පුලුවන්කමක් ලැබිල තියෙනව.... එහෙම නොවුන නම් අදටත් මම මගෙ වැඩත් පාලු කරගෙන මැරීගෙන වැඩ නෙ ඒකෙ... :)


-----------අපි අපේ ජීවිත වල දැණුමට අමතර ගොඩක් දේවල් කොච්චර කියල දුන්නත් ඒව ඇත්තටම ඉගෙනගන්නෙ අත්දැකීම් තුළින්.... මම ඒක ගොඩාක් විස්වාස කරන දෙයක්..-----------
       ඒ දවස් වල මගෙත් එක්ක එක පිම්මෙ, හැල්මෙ දුවපු ගොඩක් අය නෑ එතන...කීප දෙනෙක් විතරක් ඉන්නව.. ගොඩක් අය ආගිය අතක් නෑ... සමහර අය මට වඩා ගොඩක් ඉහළින් යන්නෙ (මට නම් දැක්කම හිනාත් යනව :D ). සමහරු ඉස්සර තරම් ෆිට් නෑ.ඒත් ඉස්සර වගේ දැන් මට ඒක ප්‍රශ්නයක් නෙමෙයි....එදා මම අවබෝධ කරගත්තු දේවල් එක්ක, එක එක්කෙනා එක්ක වැඩ කරන්න ඕන කොහොමද,ආශ්‍රය කරන්න ඕන කොහොමද, පිටින් පෙනුනට ඇතුළ කොහොමද කියල හොඳ අවබෝධයකින් ඉන්න නිසා සහ යථා ස්වභාවය දන්න නිසා මට දැන් ඒ කිසි දේක ගාණක් නෑ... මගෙ ගමන යන්න ඒ කිසි කෙනෙක් ප්‍රශ්නයක් නෙමෙයි කියල මම තේරුම් අරන් ඉන්නව හොඳින්..

මේක දැනටමත් දිග වැඩියි නේද? ඒ  නිසා හොඳම කොටස ඊළඟ පෝස්ට් එකෙන් දාන්නම්කො...


රසවත්ම කොටස - මීළඟ කොටසින් හමුවෙමු...

 ප.ලි. -  සමහර විට මේ පෝස්ට් එකට හරි හැටි කමෙන්ට් එකක් දාන්න ගොඩක් අයට අදහසක් නැතුව ඇති....  ඒත් ඊළඟ පෝස්ට් එක දැම්මම නම් මම මේ කතාව කිවුවෙ මොකටද කියල තේරෙයි..

තනි සෙට් එක පෝස්ට් එකට නාකියා දාපු කමෙන්ට් එක මට ගොඩක් ප්‍රයෝජනවත් උනා... ඒ නිසා කියන්න ඕන නාකියා ටත් බෝම ස්තූතියි මට ඒ ලබා දුන්න උපදෙසට..        



16 comments:

  1. Replies
    1. හෙහේ.... ඒ දන්න ටික කාලෙට වඩා ගොඩාක් ලොකු කාලයක් ගැනයි මේ කතාව දරුවො....
      :)

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. හේ...හේ... මල්ලියා ඕවා ගනන් ගන්න එපා.. මිනිස්සුන්ට වැරදුණේ නැත්තම් කවදාවත් හරියන්න බෑ.. මිනිස්සුන් වැ‍ටුණේ නැත්තම් කවදාවත් නැඟිටින්නේ නෑ.. ළමයින්ට වරදින එක සාධාරණයි ඒ නිසා තමා ළමයි කියන්නේ.. ඒකේ අනික් පැත්ත වෙනකොට ළමයි අසරණ වෙනවා.. ළමයෙක් විදියට උඹට අත් වුනෙත් ඒ ඉරණම.. පෞද්ගලිකවම උඹට කරපු වැඩේ මට උනා නම් මම ඔහොම ඉන්නෙත් නෑ..ඒ නිසයි මල්ලි මම දාලා යන්න හරිම කාලේ ආවම තත්පරයක්වත් නොඉඳ ගියේ..

      Delete
  3. හොදයි....

    ReplyDelete
  4. මිනිස්සු විවිධාකාරය

    ReplyDelete
    Replies
    1. ඒක තේරුම් අරන් ඒ විදියට වැඩ කරන එක තමයි වැදගත්....

      Delete
  5. ම්ම්.....එක තමා මෙ සමාජ ක්‍රමයෙ හැටි... :) අන්තිමට දුකක් ඉතුරු වෙන්න කලින් තමන් ගෙන මුලින්ම හිතන්න පුරුදු වෙන්න වෙනවා.

    ReplyDelete
    Replies
    1. එක එක පුද්ගලය එක එක විදිය.. වෙනස්... ඉතින් ඒ එක එක්කෙනාගෙ හැටි හොඳින් තේරුම් අරන් ගැටෙන්නෙ නැතිව වැඩ කරන්න පුරුදු උනාම.. ඔය ප්‍රශ්න අඩුයි.... මම ඒක හොඳින් තේරුම්ගත්ත...
      :)

      Delete
    2. තේරුම් ගත්ත කියල හිතුවට ඇත්තටම බැලුවොත් තේරුම් අරන් නෑ... තව කෙනෙක්ව තේරුම් ගන්නවාට වඩා තමාවම තේරුම් අරන් ජීවත් වෙන එක ගොඩාක් හොදයි..එක ලේසියි..
      :)

      Delete
    3. ඒක ඇත්ත..... ඒත් සමාජෙ එක්ක නොගැටී ජීවත් වෙන්න නම් එයාලවත් පොඩ්ඩක් තේරුම්ගන්න වෙනව... නැත්තම් එක්කො අපිට දුක.. නැත්තම් අපි රැවටෙනව...

      Delete
  6. Ai me chirage comment 1 remoe karala? oya institute eka gena hodatama danna kenekne eya.apith dannawa oya institute eka gena.....
    :)

    ReplyDelete
    Replies
    1. අපි නම් දන්නේ නෑ...ලූ

      Delete
  7. හේ...හේ... මල්ලියා ඕවා ගනන් ගන්න එපා.. මිනිස්සුන්ට වැරදුණේ නැත්තම් කවදාවත් හරියන්න බෑ.. මිනිස්සුන් වැ‍ටුණේ නැත්තම් කවදාවත් නැඟිටින්නේ නෑ.. ළමයින්ට වරදින එක සාධාරණයි ඒ නිසා තමා ළමයි කියන්නේ.. ඒකේ අනික් පැත්ත වෙනකොට ළමයි අසරණ වෙනවා.. ළමයෙක් විදියට උඹට අත් වුනෙත් ඒ ඉරණම.. පෞද්ගලිකවම උඹට කරපු වැඩේ මට උනා නම් මම ඔහොම ඉන්නෙත් නෑ..ඒ නිසයි මල්ලි මම දාලා යන්න හරිම කාලේ ආවම තත්පරයක්වත් නොඉඳ ගියේ..

    ReplyDelete
  8. සර් දන්නව නේද අර කතාවකුත් තියෙන්නේ දරකපන කෙනෙක් කැලේකට ගියාම මුලින් ම කපන්නෙ හොදට වැඩුනු කෙලින් තියන ගස් කියලා . සර් ඒහින්දා සතුටු වෙන්න සර්ත් හොදට වැඩුනු කෙලින් තියන ගහක් කියලා.

    ReplyDelete

මම ලියන ඒව ගැන අදහසක් තියෙනව නම් ලියල යන්න... හැබැයි එහෙම නොකල කියල මම තරහ වෙන්නෙත් නෑ... :) කරදර කලේ නැතත් හිතේ කහටක් නැතුව එක කොමෙන්ටුවක් වත් දාල යන්න පුලුවන් නම් මට ඔයාලගෙ ඒ එක කොමෙන්ටුවක් රටකට රාජ්ජෙකට වඩා වටිනව.... ....