javascript:void(0)

Tuesday, June 10, 2014

..මගේ ආදර කතාව - 1..

..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."

             
                     මගෙ මේ ආදර කතාව පටන් ගන්නෙ  කොයි අවුරුද්දෙ ද කවද ද කියල නම් මම කියන්නෙ නෑ... හැබැයි ඔයාලට ඒක හොයාගන්න පුලුවන් වෙයි... ඒත් මම මේ කියන්න යන ආදර කතාවෙ කිසිම දෙයක් බොරුවක් නෙමෙයි.. ඒක මට දිවුරල කියන්න පුලුවන්...

මගේ මේ පුංචි ආදර කතාව සම්බන්ධව ලියවෙච්ච පෝස්ට් කීපයක් තියෙනව...මේ තියෙන්නෙ ඒවල තියෙන සමහර උපුටාගැනීම් සමඟ ලින්ක්...

"ඒ චරිතය හරි අමුතු විදියට මාව එයාට නතු කරගත්තෙ.... කොයි තරම් ද කියනව නම් දැඩි හිතක් එක්ක දැඩි ප්‍රතිපත්ති තිබුන මාව බලල් පැටියෙක් වගෙ එයා ඔන්ලයින් එන වෙලාවට මාවත් ඌන්ලයින් ගෙන්නව ගන්න සමත් උනා. තවත් පුදුමයක්. මගෙ ෆේස්බුක් යාලුවො හොඳටම දන්නව, මම ෆේස්බුක් දවසෙම ලොග් වෙලා හිටියත් ඔන්ලයින් නම් යන්නෙ නැති විත්තිය."

"ඒ වගේම මේ කෙල්ලත් එක්ක යාලු වෙන කොල්ල කොයි තරම් බුද්ධියෙන් වැඩ කරන කොල්ලෙක් වෙන්න ඕනද මේ කෙල්ලව හසුරවන්න? මම කියන්නෙ හොඳ විදියෙ කොල්ලෙක් ගැන. මොකද බුද්ධිමත් කොල්ලෙක් නම් මම තේරුම් ගත්ත වගේ මෙන්න මේක තේරුම් ගන්නව මේ සිද්ධියෙන්, "මේ ලෝකෙ තමන් ගොඩක්ම ආදරේ කරන තමන්ව චූටි කාලෙ ඉඳල ලොකුමහත් කරල අවුරුදු දහ අටක්ම හොඳින් බලාගත්තු තාත්තට මෙහෙම කරන්න පුලුවන් නම් එයාට වෙන කෙනෙක්ගෙ ආදරයක් වෙනුවෙන්.., ඒ අවුරුදු දෙක තුනක ආදරයක් තියෙන වෙන කෙනාට ඔයිටත් වඩා කොයි තරම් දේවල් කරන්න පුලුවන් වෙයි ද?.. තාත්තට මෙහෙම නම්..?" "

"අපි එහෙම අපේ හිත් රවටගන්නෙ.... අපේම හිත් හදාගන්න නේද කියලත් හිතෙනව... ඒක එහෙම නම්.. තමන්ගෙ හිත රවටගන්න එකෙත් වරදක් නෑ වගෙයි නේද?"

"එයාලටම එයාලව තේරුම්ගන්න බැරි... එයාලටම එයාල ගැන තේරෙනෙ නැති..එයාලටම එයාල බලාපොරොත්තු වෙන්නෙ මොනවද කියල තේරුම් ගන්න බැරි.. කොයි තරම් ඒක කියල දෙන්න හැදුවත් තේරුම්ගන්නෙ නැති අය ගැන(සමහර විට අර කියනවත් වගේ ඉන්න විසේකාර වයස නිසා ටිකක් තේරුම්ගන්න අමාරු කාලෙ නිසා වෙන්නත් ඇති.) එහෙම අය ආදරේ කියන දේ වැරදියට තේරුම්ගන්නව..."

"සමහර විට වෙන යාලුවෙක් එක්ක කතා කර කර සතුටු වෙනකොට තමන්ට ගොඩක් ආදරේ කෙනෙක් ඉන්නව නේද../..ආදරේ කරපු කෙනෙක් හිටිය නේද කියන එකත් අමතක වෙයි.. මොකද ඒක... ආදරේ... ඒක ආදරේම උනා නම් කෙල්ලෙක්ට/ කොල්ලෙක්ට තමන්ගෙ හෘද සාක්ෂියට එකඟව එහෙම දෙයක් කරන්න අමාරුයි.. කොයි තරම් උනත් වෙන කෙනෙක් තමන්ට ලං වෙද්දි තියා ලං වෙන්න හදනව කියල දැනෙනකොටත් ඒ කෙනා ගැන විකර්ෂණයක් ඇති වෙන්නෙ සැබෑ ආදරේ දි විතරමයි....."

මුලින්ම මගෙ කතාවෙ එන චරිත වලට ආදර්ශ නම් දෙන්නම්... ඇත්ත නම් කියන එක හරි නෑ නෙ....

ප්‍රධානම චරිතය - ආදරවන්තිය නයනි
ආදරවන්තියගෙ මව - මැණිකේ
ආදරවන්තියගෙ පියා - සමන්
ආදරවන්තියගෙ සහෝදරයා - විමල්
ආදරවන්තියගෙ යහලු චරිත - කුමුදු, මලිත්, සිතුම්, නිමන්ත, ශ්‍යාමල්, පළිඟු, ශෙහානි

මෙන්න චරිත ගැන විග්‍රහය -
                  මේ කතාවට ආදරවන්තියගෙ මව සම්බන්ධයක් නෑ.. මොකද ඇය මෙතන නෑ..   නයනි චූටි කාලෙ, මයෙ හිතේ පහ හය වසරෙ ඉඳන්ම ඈව බලාගන්නෙ ඇගේ පියා සමන් සහ පියාගේ දයාබර මෑණියන් හා ඇගේ සහෝදරයා විමල් විසින්.. පොඩි කාලෙ ඉඳලම නයනි ට පිරිමි ළමුන් ආශ්‍රය ඉඩක් දෙන්නෙම නෑ ඇගේ පියාණන් හා සහෝදරය..... ඈව පසුව ඇතුලු කරනව ගැහැණු ළමුන් පමණක් විතරක් ඉන්න පාසලකට හත වසරෙදි පමණ මගෙ මතකයට අනුව නම්..

කොටින්ම සාමාන්‍ය පෙළ හදාරද්දීවත් ඈව අමතර පංති යැවීමක් කරන්නෙ නෑ. මේ අතරතුර ඇගේ සහෝදරය දෙමවුපියන්ගේත් වැඩි කැමැත්තක් නැති උවත් විවාහ වී විදේශගත වෙනව. ඒ සඳහා වියදම් දරන්නේ නයනිගේ පියාණන් විසින්.මේ කාලය වන විට නයනිගේ පියාණන් හට පදිංචි ස්ථානත් කීපවරක්ම මාරු කරන්නත් සිද්ධ වෙනව යම් යම් ආර්ථික ප්‍රශ්න හා වෙනත් ගැටලු නිසාවෙන්..

මීළඟ කොටස ඊළඟ පෝස්ටුවෙන්.. අහම්බයකින් මුහුණුපොත තුළදී නයනි ව හමු වීම....


12 comments:

  1. ඊලග එකත් එනකම් බලන් ඉන්නම්කෝ අපි..
    ඇත්තටම මනස තේරුම් ගන්න මානසික වෛද්‍යය වරයෙක් නැත්නම් යෝගියෙක් වෙන්න ඔනා

    ReplyDelete
    Replies
    1. ඔව් ඒත් මේ හිත, මේ මනස මානසික වෛද්‍යවරයෙක් තරම්ම මම අධ්‍යයනය කරල තිබුන. ඒක ඔයාට උනත් මෙන්න මේ පෝස්ට් දෙක කියවපුවම තේරෙයි.
      1. http://mathakawasthuwa.blogspot.com/2012/10/1.html
      2. http://mathakawasthuwa.blogspot.com/2012/11/2.html

      මේ වගේම ප්‍රශ්නයක් වෙච්ච දවසක මම ඕක ලිවුවෙ. ඒත් කොල්ලෙක් සම්බන්ධ ප්‍රශ්නයක්. ඒත් ඒ කොල්ලට කිවුවම ඒ කොල්ලම තේරුම් අරන් අත ඇරිය නිසා මේ කතානායිකාව ආපහු තනි වෙච්ච නිසා මගෙ ලගටම ආව සමාව අරගෙන. එදා මම මේ පහල තියෙන පෝස්ටු 2 මුද්‍රණය කරල අරන් එයාට දීල මම කිවුව මේ තියෙන එකේ ඔයාට එහෙම දැනුනෙ නැති දෙයක් තියේ නම් යටින් ඉරක් අඳින්න කියල. එයා කියවල බලල එක ඉරක් වත් අඳින්නෙ නැතුව කොල දෙකම මට දීල ඇහුව, "ඔයා කොහොමද මගෙ හිත කියෙවුවෙ මේ විදියට හරියටම" කියල...
      :)

      Delete
  2. ඔන්න දුක හිතෙන ඒව නම් ලියන්න බෑ..


    මීට පොඩ්ඩා

    ReplyDelete
    Replies
    1. චුට්ටක් නම් දුක හිතෙයි... ඒත් හොඳයි ද බලන්නකො... ආදර කතාව ලස්සන උනාට අවසානය නම් ඒ තරම් ලස්සන නෑ පොඩ්ඩෝ....

      :)

      Delete
  3. හැමදේම ලියන්නකෝ එතකොට අපිටත් හොද ආදර කතාවක් දැන ගන්න පුළුවන්

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්... ඔන්න ඔක්කොම ලියල දානව...

      Delete
  4. අම්මේ මේ පේ පවනි නංග නේ. ඉතිං නගෝ ලියමු ලියමු අාදර කතාව

    ReplyDelete
    Replies
    1. ඔන්න නලින් අයියේ ඇරඹුම ගත්ත... ජූලි 12ට කලින් මේක ලියල ඉවර කරන්න තමයි සැළසුම් කරල තියෙන්නෙ.. එන්නකො අනිත් ඒව ටිකත් බලන්න.... ඒ ටිකත් ළඟදිම දානව...
      :)

      Delete
  5. හ්ම් ලියමුකො බලන්න ඉස්සරහට...
    අපි බලං ඉන්නං ඔයා ලියන කං

    ReplyDelete
    Replies
    1. ඔන්න ලියනව... දිගටෝම ඇවිත් කතාව ගැන කමෙන්ටුවක් දාන්ටෝනෙ... හොඳ ද....
      :)

      Delete
  6. ඇත්තම කතාව නේද අක්කියෝ? දිගටම ලියමු

    ReplyDelete
    Replies
    1. චරිත නාම හැර සියල්ල සත්‍යයි. දිගටම මගෙත් එක්ක ඉන්න.. මේ හැම කතාවකින්ම ඕන කෙනෙක්ට ඉගෙනගන්න දේවල් ගොඩක් හම්බ වෙනව.. ඒක ආදරේ ගැන විතරක් නෙමෙයි.. ගොඩක් දේවල් ගැන..
      එන්න නංගො මේ පැත්තෙ දිගටම...
      (Y)

      Delete

මම ලියන ඒව ගැන අදහසක් තියෙනව නම් ලියල යන්න... හැබැයි එහෙම නොකල කියල මම තරහ වෙන්නෙත් නෑ... :) කරදර කලේ නැතත් හිතේ කහටක් නැතුව එක කොමෙන්ටුවක් වත් දාල යන්න පුලුවන් නම් මට ඔයාලගෙ ඒ එක කොමෙන්ටුවක් රටකට රාජ්ජෙකට වඩා වටිනව.... ....