javascript:void(0)

Saturday, July 14, 2012

අහසයි පොළවයි එකතු වෙන්නෙ


..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."



අහසයි පොළවයි
එකට එකතු වෙන්නෙ
ක්ෂිතිජයෙදි ලු...
ඒත්...
ඒක,
හැබෑවටම වෙන්නෙ නැතිලු...

ඒකටත්
මිනිස්සු
මිරිඟුවක්
කියල කියනව;
ඒත් ඒ මිරිඟුවට
මම ආදරෙයි..
ගොඩාක් ආදරෙයි.
ඒත්;
ඒ දෙන්නටම
ලස්සන
ජීවිත කතාවක් තියෙනව,
--මට--
එහෙම කතාවක් නැති වුණත්....











11 comments:

  1. Replies
    1. හැමදේකින්ම රස විඳිනව කියන්නෙ මේක වෙන්න ඇති නේද?

      Delete
  2. අපි තාමත් ජීවත් වෙන්නේ ඒ මිරිගුවේම තමයි.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නෙ..ඒ.. මිරිගුවෙ සුන්දරත්වය නිසාම වෙන්නත් ඇති නේද?

      Delete
  3. ඒ දෙන්නටම
    ලස්සන
    ජීවිත කතාවක් තියෙනව,
    --මට--
    එහෙම කතාවක් නැති වුණත්....

    ජීවිතේට ගන්න ලස්සන ඉලක්කයක් එතකොට ඔයාටත් නොදනිම
    ඒ දෙන්නටම
    ලස්සන
    ජීවිත කතාවක් තියෙනව,
    --මට--
    වගේම කියලා

    ReplyDelete
    Replies
    1. අහ්... ලස්සනයි...
      ස්තූතියි මලේ...

      Delete
  4. :) දැන් මගේ "වර්ක්ශොප් එක" ලියන්නෙ නැද්ද

    ReplyDelete
  5. මොකද බං සද්දයක් නැත්තේ

    ReplyDelete

මම ලියන ඒව ගැන අදහසක් තියෙනව නම් ලියල යන්න... හැබැයි එහෙම නොකල කියල මම තරහ වෙන්නෙත් නෑ... :) කරදර කලේ නැතත් හිතේ කහටක් නැතුව එක කොමෙන්ටුවක් වත් දාල යන්න පුලුවන් නම් මට ඔයාලගෙ ඒ එක කොමෙන්ටුවක් රටකට රාජ්ජෙකට වඩා වටිනව.... ....