javascript:void(0)

Wednesday, June 27, 2012

වැස්සත් එක්ක ප්‍රශ්නත් හේදිලාම ගිහින්...


..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."



" වැස්සත් එක්ක ප්‍රශ්නත් හේදිලාම ගිහින් වගේ...
ආයෙත් අපි හිනා වෙනවා....
හැම වෙලේම වැස්ස අපිට ගේන්නෙ සතුටක්..
ඒත්,
ඇයි හැමතැනම මඩ වලවල් විතරක් ඉතුරු වෙලා??
ඒක නම් ප්‍රශ්නයක්???
චූටි කාලෙ වගේ, ඒවට පනින්න තිබ්බා නම්...
අපෝ......
එහෙම කරන්න එපාලු, අපි දැන් ලොකු ළමයිලු...
හැමෝම එහෙම කියනවා.... "

---උපුටා ගැනීමකි---
copyrights©(- Edited by Hasz Salvatore & Hashan Salinda -)

මම ආසයි මේකෙ එක පාරටම පේන්නෙ නැති යථාර්තයට... මම ටිකක් අඳුරන නංගි කෙනෙක් ලියල තියෙන්නෙ... මට ඒකට උත්තරයක් ලියන්නම හිතුන... ඒ නිසයි මෙහෙම ලිවුවෙ..... අපි අපේ ජීවිත වලදි ප්‍රශ්න එක්ක හරි හරියට ගැටෙනව... ඒ ප්‍රශ්න නිසා අපිට පොත පතින් ඉගනගන්න බැරි විදියෙ ලොකු දැණුම් සම්භාරයක් ලැබනව... සමහරු එයින් වැටෙනව... සමහරු ඒක කාගෙන ඉන්නව.. සමහරු ඒව අභිබවා යනව... අන්තිමට කියපු දෙගොල්ලන්ටම ටිකක් රළු උනත් ජයග්‍රාහී මාර්ගයක් විවෘතයි...

ඒක මට දැනුනෙ මෙහෙමයි... -

වැස්සත් එක්ක
ප්‍රශ්න හේදි හේදි ගියත්...
ඉවර වෙන්නෙ නෑ..
අපේ ප්‍රශ්න....
කවදාවත්...

දුකයි සැපයි අතරෙ
තියෙන්නෙ..
වෙන් කරන්න බැරි
බැඳීමක්..

වැස්ස අපිට සතුටක්..
මඩ වලවල් අපිට දුකක්...
වැස්ස නැත්තම් මඩ වලවලුත් නෑ..
සතුට නැත්තම් දුකත් නෑ....
මඩ වලවලුයි...
වැස්සයි නැත්තම්....
අපිට කවදාවත්ම....
ජීවිතේ ගැඹුර දැනෙන්නෙත් නෑ...
"එහෙම කරන්න එපාලු,
අපි දැන් ලොකු ළමයිලු
"
කියල
අපෙ අම්මල කියන්නෙ ඒ වගෙ...

26 comments:

  1. ප්‍රශ්න කියන ඒවා හෝදලා යවන්න පුලුවන් නම් කොච්චර නම් දෙයක්ද ?

    ReplyDelete
    Replies
    1. වැරදිලාවත් එහෙම උනා නම් අපි අපේ පුංචි කාලෙ හිටිය වගෙම හරිම සැහැල්ලුවෙන් ඉඳීවි නේද?
      :)

      Delete
  2. හ්ම්ම්ම්ම්ම්...
    වැස්ස........

    ReplyDelete
  3. ඇත්තටම වැස්සට අහුවෙලා හරි ප්‍රශ්න දියවෙලා යනවනම්...

    දෙන්නටම හිතුණ විදිය ලස්සනයි...

    ReplyDelete
    Replies
    1. අපි හිතන හැම දෙයක්ම ඒ විදියටම සිද්ධ වෙනව නම්.. කොයි තරම් හොඳ ද....

      ස්තූතියි ඔයාටත් සිහින සිත්තම්...
      :)

      Delete
  4. ප්‍රශ්න ප්‍රශ්න ප්‍රශ්න :(((

    ReplyDelete
    Replies
    1. මිනිස්සු අහන්න අකමැතිම.. ඒ වගෙම මිනිස්සු ගොඩක් දේවල් ඉගෙනගන්න... ප්‍රශ්න...!!

      Delete
  5. //වැස්සත් එක්ක ප්‍රශ්නත් හේදිලාම ගිහින් වගේ.//
    ඒ වැස්සොත්නේ..............
    ඒත්...................
    වළාකුළු අහසට ඇවිත්
    මොනවාද මේ හැටි
    කරන්නේ සරදම්............

    ReplyDelete
    Replies
    1. අපිට බලාපොරොත්තු දීල.. මුළා කරනව ද මන්ද...

      Delete
  6. හ්ම්ම් ලස්සනයි පවනි අක්කෙ.. :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හිරු හිමාවී....
      :)

      Delete
  7. ඇත්ත.... අපිට එක ප්‍රශ්නයක් ආවම ඒක තමා ලෝකේ තියෙන ලොකුම ප්‍රශ්නේ... නමුත් ඒක ඉවර වෙලා විසඳුමක් ලැබුණට පස්සේ ඊළඟට එන ප්‍රශ්නේ.... ඒක තමා දෙවෙනියට ලෝකේ තියෙන ලොකුම ප්‍රශ්නේ... ඉවරයක්‌ නෑ...

    ReplyDelete
    Replies
    1. තමන්ට වඩා ප්‍රශ්න තියන මිනිස්සු දිහා බලල ඒ ප්‍රශ්න එක්ක ඒ මිනිස්සුන්ට ඔය තරම් සතුටින් ඉන්න පුලුවන් නම් මට තියෙන ප්‍රශ්නත්.. ප්‍රශ්නද කියල හිත හදාගන බොහොම හොඳින් අපේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න පුලුවන් නම්... සතුටින් ඉන්න පුලුවන් නම්.. කොච්චර දෙයක් ද..?
      නේද?

      Delete
  8. වැස්ස සෝදා දමනවා
    ප්‍රශ්න මෙන්ම
    විටෙක හිතේ
    සැනසීමද

    ReplyDelete
    Replies
    1. හැමදේම සෝදන නිසානේ හැමදාම
      අළුත් වගේ හිත තියෙන්නේ

      Delete
    2. හරියට හරි ජනරඟ සහෝ...
      :)


      @ ජිංජිබිරිස් - ;)

      Delete
  9. සෑහෙන්නේ හිතන්න ඕන ප්‍රශ්නයක් නේ පවනි අය්යේ :ඩ්
    ලස්සනයි නිසදැස

    ReplyDelete
    Replies
    1. හෙහේ... ඔව්නෙ නේද....!
      :ඩී

      ස්තූතියි ඔයාටත් මලේ...

      Delete
  10. එක දිගට හැලෙන වැහි නම් දරාගන්න ටිකක් අමාරුයි...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්ම්....
      එක දිගට හැලෙනකොට නම් දරාගන්න ටිකක් අමාරුයි තමයි..
      ඒත් උත්සහය අත අරින්න හොඳ නෑ....
      උත්සහ කරන්න ඕන.. ප්‍රශ්න වලට විරුද්ධව නැඟී ඉන්න...

      Delete
  11. කොච්චර ලොකු වුනත් මම තවමත් ආසයි පොඩි එකෙක් වගේ ජීවිතේ විඳින්න

    ReplyDelete
    Replies
    1. මමත්....
      වැස්සෙ තෙමෙන්නෙ..
      තෙමි තෙමී සෙල්ලම් කරන්න..
      වෙලට වෙලා සරුංගල් යවන්න...

      Delete
  12. "එහෙම කරන්න එපාලු,
    අපි දැන් ලොකු ළමයිලු"

    එහෙම කියන හැමෝම
    ඉස්සර දවසදි
    ලොකු ළමයි වෙලා ඉද්දි
    එහෙම කලාලු

    අපිත් දවසක වැඩිහිටියෝ උනා
    එහෙම කියයිලු

    ReplyDelete
    Replies
    1. හරියට හරි...
      ඒක රවුමක් වගේ....
      අපිට කිවුව.. අපිත් කියාවි...
      අපේ උන් උන්ගෙ උන්ටත් කියාවි...
      අපි බලන් ඉඳල අපේ මතක අලුත් කරගනීවි...

      Delete
    2. වැස්ස වැහැලා මඩ වළවල් හදනවා
      ප්‍රශ්න ඇවිත් හිත රිද්දනවා
      ඒත් අපිට
      වැස්ස නැතුවත් බෑ
      ප්‍රශ්න නැතුවත් බෑ

      Delete

මම ලියන ඒව ගැන අදහසක් තියෙනව නම් ලියල යන්න... හැබැයි එහෙම නොකල කියල මම තරහ වෙන්නෙත් නෑ... :) කරදර කලේ නැතත් හිතේ කහටක් නැතුව එක කොමෙන්ටුවක් වත් දාල යන්න පුලුවන් නම් මට ඔයාලගෙ ඒ එක කොමෙන්ටුවක් රටකට රාජ්ජෙකට වඩා වටිනව.... ....