පිංතූරෙ ගත්තෙ >>--> මෙතනින් |
ඒත් ඒ කාලෙ මට ඕන වුනේ එක්කෙනෙක්ට විතරක් කොටු වෙන්න නෙමෙයි ( ඒකටත් හේතුවක් තිබුන ). ඒත් එහෙමයි කියල හැමෝටම ආදරෙයි කියල රවට්ටන්න අදහසක් මගෙ තුන් හිතකවත් තිබුනෙත් නෑ. මට ඕන වුනේ ඒ හැමෝගෙන්ම එක වගෙ ආදරේ ලබමින් ඒ හැමෝම අති සමීපතමයන් විදියට ඇසුරු කරන්න. ඒත් ඒ කාලෙ ඒ හිටපු එක්කෙනෙක් වත් මම තමන් තරම් සමීපව අනිත් අයව ඇසුරු කරනවට කැමති වුනේ නෑ. එක අතකට ඒක සාධාරණයි. ඒක මානුෂීය හැඟීමක්. ඒ දවස් වල මට මේ කාරණාව අපේ අයිය කෙනෙක් පිරිසිදු සිංහලෙන්ම පැහැදිලි කරල දුන්න. එයා කිවුවෙ,"රූ., ඔයා කරන්නෙ ආත්ම වංචාවක් වගේ දෙයක්" කියලයි. ඕක කවදාවත් හරියන දේකුත් නෙමෙයි කියලත් එයා මට කිවුව. ඒත් ඒ කාලෙ මගෙ වයසෙ ප්‍රශ්නයක් නිසා මම කීයටවත් ඒක පිළිගන්න කැමති වුනේ නෑ. ඒත් අද....
අද ඒක මටම පඩිසන් දුන්න කියල හිතෙනව. ඒ තරම් ගැඹුරු බැඳීමක් මගෙ ජීවිතේ තිබුනෙ එක්කෙනෙක් එක්ක විතරයි.... ඒ "I" නමුත්...
අනේ මම..මගේ හිත .. මට හිතාගන්න බැරි තරම් දුකින් බර වෙලා....
----කතෘ අඥාතයි----
හ්ම්ම් .. ජිවිතේ ගොඩක් දේවල් අපිට තේරෙනකොට අපි ඒ කාලෙන් ඈත්වෙලා .. ගොඩක් දුර ගිහින්..
ReplyDeleteඅපි ගොඩක් දුර..
Deleteඒත් ඒ අපි හිටපු තැන අද තවත් පරම්පරාවක් ඒ විදියටම ඉන්නව...
:)
ඇබන් උඹ දුටුගෑමුනු රජ වගේ නේ ඉදලා තියෙන්නේ,
ReplyDeleteඒත් මචන් ආදර සම්බන්දයක් කියන්නේ දෙන්නගෙම කෑමෑත්තෙන් පටන් ගන්න දෙයක්,ඒ වගේම ඔකේ දරුනු සීන් එක ඕක නවත්තන්න එක්කෙනෙක්ගේ කෑමෑත්ත ඇති,ඒක සාදාරනයි මචන්,මොකද මොකක් හරි ප්‍රශ්නයක් නිසා හෝ අකමෑත්ත නිසා හෝ,ජඩ කමට හෝ අතාරින්නේ එකට ඉන්න බෑරි නිසානේ,යන අයට යන්න දීපන් හොදම කෙනා උබ වෙනුවෙන් තාම ඇවිත් නෑ මචන් මේ අද්දෑකීමෙන් කියන්නේ ,ගිය කෙනාට වඩා 1000කින් හොද කෙනෙක් උඹට ලෑබෙනවා....
හෙහේ.... එහෙම හිට්ය අවුරුදු දෙකක් විතර.. :)
Deleteඒත් ඒක තාවකාලිකයි...
ස්තූතියි යාලු...
:)
hmm jiwithe ganna thirana gana depaarak nemei siya paarak hithanna ona
ReplyDeleteහරියට හරි...
Deleteඒත් සමහර දේවල් කොයි තරම් කිවුවත් වැඩක් නෑ.. ක්‍රියාවෙන්ම අවබෝධ වෙන්න ඕන...
:)
මට නම් කතාව තේරුනේ නැහැනේ
ReplyDeleteආදර සම්බන්ධතාවට පොඩ්ඩක් මෙහායින් තියෙන මහ ආත්මාර්ථකාමී බැඳීමක් මේක....
Delete:)
මගේ වයසෙ හැටියට මේ දිරව ගන්න බෑ....කොටු කේස් එකක් වගේනම් ඔන්න කමක් නෑ.
ReplyDeleteහෙහේ.. මේ කාලෙ මීට වඩා හොඳට පහු කරන්ට ඇති නේද ඕන්..?
Delete;)
හ්ම්ම්..පැහැදිලි මදි.. මට ටියුබ් හන්දාද මන්දා..
ReplyDeleteආදර සම්බන්ධතාවට පොඩ්ඩක් මෙහායින් තියෙන මහ ආත්මාර්ථකාමී බැඳීමක් මේක....
Delete:)
සමහර කොල්ලො කැමති කෙල්ලො ගොඩක් එක්ක ඉන්න...
ඒත් ඒක ටිකක් තාවකාලිකයි...
ඒකෙ ආත්මාර්ථකාමී ගතිය තේරුනාම වෙනස් වෙනව..
:)
මටත් තේරුනේ නෑනේ ....:(
ReplyDeleteසමහර දේවල් අපිටම රිටන් වෙන්නේ අපිත් හිතන්නෙම නැතුව.
ReplyDeleteහරියටම හරි... ඒකම තමයි මෙතනත් උනේ...
Delete:)
හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් මොනව සිද්ධවුනත් ඒදේ සෑහෙන්න බරපතලයි වගේ....
ReplyDeleteගොඩක් බරපතලයි...
Deleteගැඹුරටම දැනිල තියෙනව...
;)
oka wayase wereddakda manda.
ReplyDeleteBaninna kenek hoyagannama nethi unama wayasata benala hitha hada gannawa
බනින්න කෙනෙක් නැත්තම් නොබැන ඉන්නවනෙ අෆ්ෆ...
Delete:)
වයසෙ වැරැද්දම වෙන්නත් බෑ.... මේක තවත් වයස් වල අයට හිතෙන දෙයක් කියලයි මම නම් හිතන්නෙ,,,
:)
කළකම් පළ දීලා වගේ............
ReplyDeleteඔව්... හරියට හරි...
Deleteඒත් දැනට අවුරුද්දකට විතර කලින් තමයි පළ දුන්නෙ...
;)
කොල්ලො කාලෙකට ඔහොම හිතනවා.කෙල්ලො කොහොමද දන්නෙ නෑ.එකම ආදරයක් තාත්වික ලෝකයෙ තියනවද මන්දා.
ReplyDeleteමෙන්න මේක නම් අපි හැමෝටම අකමැත්තෙන් උනත් පිළිගන්න වෙනව මයෙ හිතෙ - "එකම ආදරයක් තාත්වික ලෝකයෙ තියනවද මන්දා."
Deleteස්තූතියි වර්ණ....