javascript:void(0)

Tuesday, January 17, 2012

ආදරණීය රහසක්

..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."

  
මේක කියවන්න කලින් මේ වෙලාවෙ මම ඉන්න තැන ගැන දැනගන්න මෙතනට>>----->ලෙඩ වාට්ටුව>>-----> එන්නකො..... නැත්නම් නිකම් කරකෝල අත ඇරිය වගේ වෙයි,,,
                 
                       මේ මොහොතේ නවලෝක රෝහලේ හයවෙනි තට්ටුවෙ කාමරේක සඳළුතලයෙ ඉන්න මට, දහවල පුරා ප්‍රචණ්ඩකාරීව හැසිරුණු මහ බලවත් සූර්යයා බස්නාහිර අහස් කෙළවරේ අඳුරු වළාවකට හිස නමාගෙන බැසගෙන යනව හරි අපූරුවට පේනව...කවදත් මම හඳට වඩා ආදරේ කලේ "ඉර" ට. මට තවමත් තේරුම්ගන්න බෑ මේ අරුම පුදුම පුද්ගලය ගැන. හැමෝම කියන දෙයින් මම අදහස් කරන සියලුම ජීවී අජීවී වස්තූන් ආදියෙ පැවැත්ම පවතින්නෙ එයා මත වන නිසයි. ඒත් ඒ තරම් බලසම්පන්න පුද්ගලය හවස හය විතර වෙද්දි තිබිච්ච ආඩම්බරකම්, දඩබ්බරකම්, ප්‍රචණ්ඩකම් සියල්ල අත ඇරල හරිම නිහතමානීව අපිටත් ආයුබෝවන් කියාගෙනම යන්න යනව. ඒ පුද්ගලයගෙ බලය හොරකම් කරගෙන පාවිච්චි කරන අයට, දඬුවම් කරන්න විතරක් නෙමෙයි විනාසම කරන්න පුලුවන් වුනත් එයා එහෙම නොකරන එක ගැන මට හරිම පුදුමයි. (ඒ කාලෙ නම් එහෙම හිතුනට දැන් නම් මට ඒක පුදුමයක් නෙමෙයි)

                           දැන් වෙලාව හයයි තිස් අටයි. දැන් එයා නැහැ. ඒත් තවමත් එයා ලෝකය ලස්සන කරමින් ඉන්නව. මම මේ ඉන්න අංක හයසිය දෙක කාමරේ නැවතිලා හිටපු කිසිම කෙනෙක් මේ දර්ශනය දකින්න තරම් වාසනාවන්ත වෙන්න නැතුව ඇති. ඒ ඇයි කියන්න නම් මට තේරෙන්නෙ නැහැ. ( සමහර විට මේ කාමරය වායුසමීකරණය කරල තියෙන නිසා වෙන්න ඇති. අවුරුදු ගාණකට ඒ දොර ඇරල නම් නැති බව ඒකෙ තිබුන දූවිලි වලිනුත්, දොර හිර වෙල තිබුන තරමිනුත් තේරුණා. කොහෙද ඉතින් මටත් ඕන්නැති කෙහෙම්මලක් නෑ නෙ)

                       ඉර එළිය බස්නාහිර අහසෙ වැහි වළාකුළු වලට වැටෙනකොට අහසෙ ඇඳෙන සිතුවම, ඒ දුබල ආලෝක ධාරාව එක්ක ඇඟේ රෝම කූප වලට දැනෙන ඒ ස්පර්ශය... ඒ හැඟීම... කලාත්මක අදහස් තියෙන ස්වභාවධර්මය රසවිඳින්න පුලුවන් කෙනෙක්ට හැර වෙනත් කෙනෙක්ට නම් ඒක විඳින්න ටිකක් අපහසුයි කියලයි පවනි නම් කියන්නෙ.  ඒ හැඟීම ඒ ස්පර්ශය ඇඟේ රෝම කූපයක කෙළවරට සිත මෙහෙයවල විඳගන්න පුලුවන් නම්, ඒක අසීස් දෙවඟනගේ මුදු මොලොක් තොල්පෙති සිපගන්නවට වැඩි තෘප්තියක් ඒකෙන් ලබන්න පුළුවන් කියලයි මට නම් හිතෙන්නෙ....

                       ඒ අතරෙ මම ගොඩක් ආදරේ කරන මගේ දුක අහන නිල් අහස කළු වළාකුළු වසාගෙන ඉන්නව. තවමත් ඉර එළිය යාන්තමින් කාන්දු වෙන වළාකුළු හිදැසක් අතරින් පේන මගේ දයාබර නිල් අහසට ගොඩාක් ආදරණීය රහසක් මම කීව. දැන් ඉතින්....තවදුරටත් ඒක රහසක් නෙමෙයි. දැන් ඒක නිල් අහසත් දන්නව. දැන් එයත් බලාගෙන ඉඳීවි...ඒ රහස... ඒ මගේ හීනය සැබෑ වෙයි ද කියල..... අනේ මට ඒ සිත්තම නැවත නැවත විඳගන්න ඒක සිත්තම් කරගන්න කැමරාවක් මගෙ ළඟ තිබුන නම්.....

18 comments:

  1. ඔයාගෙ මාමට ඉක්මන් සුවය පතනවා! :) :)

    ReplyDelete
    Replies
    1. බෝම ස්තූතියි සහෝ.....
      එයාට දැන් හොඳයි.....
      ඒක මට ලොකු හයියක්...

      Delete
  2. පවනියෝ රෝහලේ ඉන්නේ මාමාව බලාගන්නද? හොද ළමයෙක්නේ ඔයා

    ReplyDelete
    Replies
    1. ඔව්නෙ මැණිකෙ........
      මම ප්‍රශ්ණ ගොඩක ඉඳපු වෙලාවක මාව ගොඩගත්තු අයගෙන් ප්‍රධානම කෙනෙක් නෙ....
      මාමව බලාගන්නවට අමතරව කරපු වැඩ දැන් ඉතින් මාට්ටු නෙ..
      ;)

      Delete
    2. ආ.. දැන් මැණිකෙ කෙනෙක් වෙලාද.. හික්.

      Delete
    3. ඔව් ඉතින් මයෙ මැණිකෙ නෙ මේ....
      :)

      Delete
  3. ගිලානෝපස්ථානය උත්තම පුන්‍යකර්මයක් බව බුදුහාමුදුරුවෝ වචනයෙන් විතරක් නෙවෙයි පූතිගත්ථතිස්ස තෙරුණ්ට උවටැන් කරලා භාවිතාවෙනුත් ඔප්පු කලා..ඒකට ආදර්ශයක් වෙන්න ලැබීම ගැන ඔබටත් සතුටු විය හැක

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්... මටත් ගොඩක් සතුටුයි.... ඒ ගැන මාමට ස්තූතිත් කළා මම.... ඒ ගමන නොයන්න මට මේ වගේ අදහසක් හිතට එන්නෙ නෑ නෙ....

      බෝම ස්තූතියි ජනරඟ සහෝ...

      Delete
  4. අහ් උඹ සෑහෙන්න හොඳ වැඩ කරනවනේ.. . එළ එළ...

    ReplyDelete
    Replies
    1. හෙහේ... මට ඕව නුපුරුදු දේවල් නෙමෙයි නෙ....
      අපි එහෙමයි...
      කොහොමත් අපි ඉතින් නරක වැඩ කරන්නෙ නෑ නෙ...
      ;)

      Delete
  5. ගිලානෝපස්ථානය කියන්නේ ලොකු පිංකමක්...

    ReplyDelete
    Replies
    1. ඔව් හැමෝටම කරන්න අවස්ථාව නොලැබෙන ගොඩක් පින් සිද්ද වෙන දෙයක්...

      Delete
  6. මාත් ඔය පුණ්‍යක්‍රියාව කීප සැරයක්ම කරලා තියෙනවා පවනියෝ..

    ReplyDelete
    Replies
    1. පිං සිද්ද වෙන වැඩ කරන්න කම්මැලි වෙන්න හොඳ නෑ කියල මමත් ඉගෙනගන තියේ.. ඒකෙන් ලැබෙන පින ආත්ම ගානකට සෑහෙන බවත් අහල තියෙනව... ඒ නිසා සතුටු වෙන්න ඕන....

      බෝම ස්තූතියි යාලු....

      Delete
  7. අපි කරන දේවල් විතරයි ඉතුරු වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. බෝම වටින කියමනක්.....

      ස්තූතියි සහෝ...

      Delete

මම ලියන ඒව ගැන අදහසක් තියෙනව නම් ලියල යන්න... හැබැයි එහෙම නොකල කියල මම තරහ වෙන්නෙත් නෑ... :) කරදර කලේ නැතත් හිතේ කහටක් නැතුව එක කොමෙන්ටුවක් වත් දාල යන්න පුලුවන් නම් මට ඔයාලගෙ ඒ එක කොමෙන්ටුවක් රටකට රාජ්ජෙකට වඩා වටිනව.... ....