javascript:void(0)

Thursday, September 8, 2011

ලෙඩ වාට්ටුව..
..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."

ඇඟට නම් කිසි අමාරුවක් නැහැ.. ඒත් විශ්වාස කරන්න මම දැන් ඉන්නෙ කොළඹ නවලෝක රෝහලේ හයවෙනි තට්ටුවෙ අංක 6602 කියන කාමරේ ඇඳක් උඩ!! නැහැ...

නැහැ... ඔයාල හිතුව වැරදියි! මගෙ අසනීපෙකට නෙමෙයි මම මෙතනට ආවෙ. මගෙ මාමට ටිකක් සනීප නැති වුන නිසා එයාට බෙහෙත් ගන්නයි ආවෙ. ඒත් එයා ලඟ නවතින්න කවුරුවත් නැති නිසා මම කැමැත්තෙන්ම නැවතුනා.. ඒක කළ යුතුයි කියල මට හදවතින්ම දැනුන... මට ඇතිවෙච්ච ප්‍රශ්නත් එක්ක මම මාම එක්ක ලොකු බැඳීමක් ඇති වුණා කියලයි පවනි නම් කියන්නෙ..
ඇත්තම කිවුවොත් මම ඉන්නෙ කොන්ක්‍රීට් වනාන්තරයක කියල කිවුවොත් තමයි හරි. ඒත් එහෙම කිවුවට වායුසමීකරණය කරල තියෙන මේ කාමරේ ඉද්දි මගෙ හිත හරි එකඟ බවක් පෙන්නනව. තේරුමක් නැති අදහස්, පවනිත් ටිකින් ටික ඈතට යනව දැනෙනව. එයා තව ටිකක් ඈතට යනකම් ඊළඟ ඡේදය පටන් ගන්න මගේ අදහසක් නෑ.
මම හිතන්නෙ විනාඩි දෙකකට වඩා මට බලාගෙන ඉන්න වුනේ නැහැ. මම ළඟටත් ඈතටත් පෙනුනෙ ලොකු කුඩා ගොඩනැගිලි ගොඩක්. ඒ අතරින් පතර ගහක් කොළක් නොතිබුනාමත් නෙමෙයි. මට හොඳට පේනව කොම්පඤ්ඤ වීදියෙ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් තට්ටු විස්සක විතර ගොඩනැගිල්ල. ඒ දිහා එක දිගට ටිකක් වෙලා බලාගෙන ඉන්නකොට ටිකින් ටික මගේ ඇස් දෙක රිද්දෙන්න ගත්ත. ඒ නිසා මම ඒ දිහා බලාගෙන ඉන්න එක නවත්තලටිකින් ටික මගේ ඇස් දෙක එහා මෙහා කරනකොටයි දැක්කෙ හමන හුළඟට විරුද්ධ වෙලා හිටපු කොට්ටං ගහ. ඒක දකිද්දි මගෙ ඇස් දෙකට දැනිච්ච සනීපෙ ඔයාලටත් අත්විඳින්න පුලුවන් වුණා නම්, ඔයාලත් ගොඩක් පුදුම වෙයි. ඒ තරම් ඒ දසුන හරිම සනීපයි ඇස් දෙකට....
මම ඒ දර්ශනයට ගොඩක් ඇදිල ගියා. මම කාමරේ සඳළු තලයට ආව. ලෝකෙ තියෙන ලස්සනම දේ මොකක් කියලද ඔයාල හිතන්නෙ? ;) මම නම් හිතන්නෙ කාන්තාව තමයි මේ ලෝකෙ ලස්සනම!! (එහෙම නේද? ;) ) චිත්‍ර ශිල්පීන්ට අනුව නම් ලෝකෙ තියෙන ලස්සනම චිත්‍රය "නිරුවත් කාන්තා" රූපය යි.
ප.ලි. ඒත් ඔයාලට පුදුම ඇති මම මොන කෙහෙල්මලක්ද මේ කියවන්නෙ කියල... මට ඉදිරියෙන් තියෙන (මම තවම ඉන්නෙ මේ කාමරේ සඳළුතලේ ;) ) නවලෝක රෝහල් කාර්ය මණ්ඩලේ කාන්තා නේවාසිකාගාරෙ ඉන්න කෙල්ලො දෙන්නෙක් මාව බයිට් කරන්න හදනව. :) එයාල ඇත්තටම ලස්සනයි. මම එහෙම කිවුවෙ, අයිබ්‍රෝස් හදල කොන්ඩෙ අයන් කරල ලිප්ස්ටික් ගාගෙන කෘතිමව ලස්සන වෙන්න හදන අද කාලෙ සමහර ගෑණු ළමයින්ට වඩා අමුතු ලස්සනක් (ඒ මොකුත් නොකරපු)  එයාලගෙන් මම දැකපු නිසයි. ඔයාලට ඕනෙ නම් එයාල මට දුන්නු එයාලගෙ දුරකතන අංකත් මම ඔයාලට දෙන්නම්..... ;)
ඒත්..
ඒක හරි නැහැනෙ නේද?
ඒ ඇති....... 

5 comments:

  1. නම්බර් එක දැම්මනම් වටිනවා..

    //චිත්‍ර ශිල්පීන්ට අනුව නම් ලෝකෙ තියෙන ලස්සනම චිත්‍රය "නිරුවත් කාන්තා" රූපය යි.//

    අපි චිත්‍ර ශිල්පියෝ නෙවේ ඒත්...

    ReplyDelete
  2. ඒක හරි නැහැනෙ නේද?

    හෙහේ... මං දන්නව... මං දන්නව.. ඕක හැමෝගෙම මතය කියල.... නැත්තම් ඕක මගෙ ඔලුවටත් එයි යැ!
    ;)

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. අම්මපා ඇත්ත බන්.කෘතිමව පාට කරපු කාන්තා රුප වලට වඩා ස්වභාවික කාන්තා රූපේ කොච්චර ලස්සනද? කරුමේ උන්ට උන්ගේ තියන ස්වභාවික ලස්සන පෙන්නේ නැති එකනේ. :-)

    ReplyDelete
    Replies
    1. ඒකනෙ බං.... අනේ මන්ද... ලස්සනට ඉන්න කෙල්ලො කැත වෙන්න හදනව එක එක ජරාවවල් ගාගෙන... (අපේ ගෙට් එකෙත් එහෙම එකක් වුනාද මන්ද... ;) )
      ලස්සන නැති කෙල්ලෙක් නම් තව එහෙම කලත් කමක් නෑ.... මට නම් පොදුවේ ලස්සන කැත කියල නෑ හිත හොඳයි නම් හැම කෙල්ලම හොඳයි ඕන්...

      Delete

මම ලියන ඒව ගැන අදහසක් තියෙනව නම් ලියල යන්න... හැබැයි එහෙම නොකල කියල මම තරහ වෙන්නෙත් නෑ... :) කරදර කලේ නැතත් හිතේ කහටක් නැතුව එක කොමෙන්ටුවක් වත් දාල යන්න පුලුවන් නම් මට ඔයාලගෙ ඒ එක කොමෙන්ටුවක් රටකට රාජ්ජෙකට වඩා වටිනව.... ....