javascript:void(0)

Sunday, January 1, 2012

මතු සම්බන්ධයි......

..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."


නොදනිමි
යා යුතු මග
මංමුලා වී
සිටින්නෙමි;
මානසිකත්වය ගඩොලින
බැඳි මහා
බලපොරොත්තු
ඉලක්ක
අරමුණ
පවුරු
බිඳී......
සුණු විසුණු වී ඇත!!
නැවතත්
යා යුතු මග සොයා
බලාපොරොත්තුව
හෙට දින
අරුණලු,
නැගෙන තුරා
නොමියෙමි..!!

7 comments:

  1. බලාපොරොත්තු තියනවනං කමක් නෑ! හැබැයි තිබීමම විතරක් මදි :D

    ReplyDelete
  2. බලාපොරොත්තු තමයි අපිව ජීවත් කරන්නෙ...


    ප.ලි.

    රිප්‍රෙෂ් වෙන වාරයක් ගානෙ එන මේ පිළිගැනිමේ ඩයලොග් බොක්ස් එක නම් හරි කරදරයක්...කිව්වට සමාවෙන්න

    ReplyDelete
  3. තනි අලියා - ඔයා අදහස් කලේ මොන වගේ බලාපොරොත්තුද මල්ලි???
    :D

    ඒක ඇත්ත... ඒව බන්දේසියක දාල කවුරුවත් අපිට ගෙනත් දෙන්නෙ නෑනෙ... අපි ඒ කරා යා යුතුයි,,,,

    ලකී - මම ඒ විදියෙ බලපොරොත්තු එකක්වත් නැතුව හිටිය කාලයක් තිබුන. ඒ කාලෙ මමත් තේරුම්ගත්ත පුංචි බලාපොරොත්තුවක් වුනත් අපේ ජීවිත වලට ඒක කොයි තරම් වටිනවද කියල....

    ආහ්... එහෙමද... මටත් ඕක හිතුන... ඒත් කවුරුවත් මට මූනට කිවුවෙ නැති නිසා මම හිතුවෙ ඒක ඒ තරම් අවුලක් වෙලා නැතුව ඇති කියල....

    බොහොම ස්තූතියි ඒ කොමෙන්ටුවට..
    :)

    ReplyDelete
  4. මම කිව්වෙ.... ඔය කොල්ලංව / කෙල්ලන්ව අල්ලගන්නව වගේ එ්ව්ව නෙවේ... කරන දෙයකින් ඉදිරියට යාමක් වගේ දෙයක්, for eg: ඉගෙනගන්න වැඩ ව්‍යාපාරික වැඩ ect ect

    ReplyDelete
  5. තනි අලියා - මම කිවුවෙත් එවුව නම් නෙමෙයි.. :D

    හැබැයි කිවුව කතාව එක්ක මමත් එකඟයි...

    ReplyDelete
  6. නියමයි ජීවිතය ජිවත් කරවන බලාපොරෙත්තු..

    බ්ලොග්වල් එහෙන් මෙහෙන් පවනි‍ගේ කමෙන්ට් දැකලා සෑමා මේ පැත්තට ආවේ ජය පතමි.. ඒ පැත්තේ එන්ට..

    ReplyDelete
  7. තෑන්ක්ස් වේවා ඕන්....

    අනිවා අනිවා...
    ඒ පැත්තෙ එන්නම්කො ඇවිත් යන්ට...

    ReplyDelete

මම ලියන ඒව ගැන අදහසක් තියෙනව නම් ලියල යන්න... හැබැයි එහෙම නොකල කියල මම තරහ වෙන්නෙත් නෑ... :) කරදර කලේ නැතත් හිතේ කහටක් නැතුව එක කොමෙන්ටුවක් වත් දාල යන්න පුලුවන් නම් මට ඔයාලගෙ ඒ එක කොමෙන්ටුවක් රටකට රාජ්ජෙකට වඩා වටිනව.... ....