javascript:void(0)

Thursday, August 25, 2011

හඳ මාම..... ---> :) ..:|මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම.....

          මතකද? චූටි කාලෙ අපිට කිරියි පැණියි ගෙනත් දෙන;
                    "හඳ මාම"?

        අම්ම චූටි කාලෙ කියනව පුතාගෙ මූණ හඳක් වගෙයි කියල (ඔව්, හැබැයි මට නම් නෙමෙයි..!!). ඒ හඳ එළියෙන් දිව්‍යාංගනාවොමල් පෙති වල ලස්සන සිංදු ලිව්ව කියල කියනව....? මතකද හඳේ සුදු හාවෙක් ඉන්නව කියල....
ඒත්... 
       ඒත් කවදාවත් ඉර ගැන එහෙම කියල තියෙනවද?? මතකද චූටි කාලෙ චිත්‍ර කතා වල ඉර මාම තරහෙන් රවාගෙන ඉද්දි හඳ මාම හිනාවෙන හැටි ඇඳල තිබුන විදිය.. සමාවෙන්න... ඉරට "මාම" කියල කතාවත් නොකරන තරමට අපි ඉරත් එක්ක තරහයි... ඒ කාලෙ අපි ඉර ගැන හිතුවෙ කිසිම කරුණාවක්, හිතේ තෙත ගතියක් නැති දරුණු සතෙක් විදියට... ඒත්....
      ඒත් දැන් ඒක සාධාරණයි කියල ඔයාට හිතෙනවද? අම්ම ඔයාගෙ මූණ උපමා කලේ කිසිම ජීවයක් නැති ආවාට වලින් පිරිච්ච කාන්තාරයක් වගේ චිත්ත රූපයක් මවාගෙනයි කියල ඔයාටහිතෙනවද? පැණි බිංදුවක් තියා දිය පාරක ලකුණක් වත්..? ඒත් ඉදිරියට විද්‍යාව එහෙම දේවලුත් හොයාගනීද මන්ද.... ඒත් බලන්න ඉර දිහා... නෑ එපා!!! ඔයාගෙ ඇස් දෙක පිච්චෙයි. ඒ තරම් එයා දරුණුයි...  ඒත්...
          ඒත් එයා අපිට කොයි තරම් අනුකම්පා කරනවද? අනික හඳ වගේ නෙමෙයි, අපිට යුක්තිය පසිඳල වැරදි කරපු අයට දඩුවම් නියම කරන එකත් එය කරනව... ඒත් ඒ එයාගෙ නපුරුකමටවත් අපිට නපුරක් කරන්නවත් නෙමෙයි... අපිටම යහපතක් කරන්නයි... එයා එයාගෙ හිත උණු කරගෙන ඒකෙ බලයෙන් එයාගෙ රශ්මිය ඈතට විහිදුවල අපිට, අපේ පොළවට, ගස් වැල් වලට ජීවය පිඹිනව... විද්‍යාව යාන්තමට වත් ඉගෙනගත්තු අය වෙච්ච අපි දන්නව ප්‍රභාසංස්ලේශනයට ඉර එලිය අත්‍යවශ්‍යයි කියල. හිතන්න එයා එයාගෙ හිත උණු කරගන්න කොයි තරම් දුක් විඳිනව ඇත්ද?
          වංචාකාර හඳ ඒ අහිංසක ඉර'ගෙ එළිය අරගෙන ඒව අපට දීල හොඳ හිත දිනාගන්න හදනව කියල හිතෙන්නෙ නැද්ද? ඒත් ඒ රශ්මියට පුළුවන්ද අපට ජීවය දෙන්න?? බැහැ නේද? ඒත්.....
ඒ තරම් අපිට උදව් කරන පරාර්ථකාමී ඉර'ට අපි සලකන විදිය හරි ද? 
"අහිංසක ඉර'ට වංචා කරල රවටල අනුන්ගෙ පානෙන් එළිය බලන සඳට උපමා ගෙතුවෙ කුමටද?"
:)

6 comments:

  1. බ්ලොග් එකම වගේ කියෙව්වා.. මෙච්චර හොද ලිපි තිබිලත් ඇයි කවුරැත් බලලා නැත්තේ..

    ජය පතමි..

    ReplyDelete
  2. ඒම තමයි සහෝ... අපි වැඩිය පබ්ලිස් නෑ නෙ ඕන්....
    අනික කැමති අය බැලුවාවෙ, අකමැති අය නොබැලුවාවෙ, කම්මැලියි කියල හිතෙන අයත් නොබැලුවාවෙ කියන මතයෙ තමයි මම ඉන්නෙ...
    ඉතින් ඒක ඒ තරම් දෙයක් නෙමෙයි ඒ නිසා....
    කොහොම වුනත් මයෙ පෝස්ට් ඔක්කොම පිලිවෙළට කියවල ඒවට අදහස් ඉදිරිපත් කළාට ගොඩක්ම ස්තූතියි සහෝදරය ඔයාට......

    ReplyDelete
  3. බලාන ගියාම එ් කතාවත් හරි..... ප්‍රභාසංස්ලේශණේට දායක වෙලා අපට කන්න දෙන්නෙත් ඉර නෙ!

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතින් සයන්ස් කරපු ළමයි වෙච්ච අලිය මල්ලි මටත් වඩා හොඳින්ම දන්නව ඇතිනෙ ජීවය පවතින්නෙ එයා මත කියන එක.... ( දැන් නම් වෙනස් වෙලාද දන්නෙ නෑ... සයන්ස් කාරයො හරි අමුතු අමුතු දේවල් හොයාගන්නවනෙ :D )

      තෑන්ක්ස් වේවා ඕන්...
      :)

      Delete
  4. මිනිස්සු කවි ලියන්නෙත් තමන්ට ගොඩාක් ලඟ දේවල් ගැනනේ ...

    ReplyDelete
    Replies
    1. ඔව්... ඒත් මේක හඳට කවියට විතරක් සීමා වෙච්ච දෙයක් නෙමෙයි කියලයි මට දැනෙන්න... මේ කල්පිතය සමාජ යථාර්තය එක්ක ගලපනකොට... මේ සමාන තැන් සැබෑ ලෝකෙත් ගොඩක් තියේ....

      ස්තූතියි ඔයාටත් ශෂී...

      Delete

මම ලියන ඒව ගැන අදහසක් තියෙනව නම් ලියල යන්න... හැබැයි එහෙම නොකල කියල මම තරහ වෙන්නෙත් නෑ... :) කරදර කලේ නැතත් හිතේ කහටක් නැතුව එක කොමෙන්ටුවක් වත් දාල යන්න පුලුවන් නම් මට ඔයාලගෙ ඒ එක කොමෙන්ටුවක් රටකට රාජ්ජෙකට වඩා වටිනව.... ....