javascript:void(0)

Friday, July 13, 2012

හිතට දැනෙන හැඟීම්


..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."




.......................කෙනෙක්ගෙ හිතට දැනෙන හැඟීම්... ඒ ආවේගයන්... ඒ දුක දැනෙන තවත් හිතක් තියෙනව නම්... ඒක කොයි තරම් උත්තරීතර මනුෂ්‍ය ගුණාංගයන්ගෙන් පිරුණ හිතක් වෙන්න ඕනද...?

......................එහෙම හිතක් තියෙන පුද්ගලයෙක් ඉන්නව නම්.. ඒ පුද්ගලයගෙ යාලුවෙක් වෙන්න පුලුවන් වීම පවුම් පහමාරක සුදු රත්තරන් මාලයක් කරේ දාගෙන ධවල මන්දිරයෙ දිවා භෝජන සංග්‍රහයකට සහභාගී වීමට ලැබීමටත් වඩා වාසනාවක් කියලයි මට නම් හිතෙන්නෙ... ඒක එහෙම වුනත් එහෙම පුද්ගලයෙක්ව හොයන්න මට කල්ප කීයක ආතම කීයක් ඉපදෙන්න වෙයි ද දන්නෙ නෑ කියල පවනි කියනව.... ඒකටත් හේතුවක් තියෙනව...

....................සමහර අයට ඒ අද්විතීය හැකියාව උපතින්ම පිහිටල තිබුනත්....
.......................................... ඒ අය.... ඒ හැකියාව... ඒ දේ නිසා අමාරුවෙ වැටෙන්න කැමති නෑ...
ඔයාලට දැනිල තියෙනවද ඒක.....?
මන්ද... මට නම් හොඳටම දැනිල තියෙනව ඒක....

.............................ඉස්සර නම්.. මිනිස්සු.. එහෙම නෑ.. තමන්ගෙ හැකියාව..  හැමෝගෙම යහපත වෙනුවෙන්... සමීපතමයන්ගෙ..... දුක සතුට බෙදා හදා ගැනීම වෙනුවෙන් යොදවන්න සූදානමින් හිටිය...
ඒත් දැන් එහෙම නෑ....


..........................එහෙම නෑ කියන එකට හේතුව... අර මම කලින් කියපු "..අමාරුවෙ වැටෙන්න කැමති නෑ.." කියන එක කියලයි මට නම් හිතෙන්නෙ...

.....................ඒකට අර ගොඩක් අය කියනව වගෙ "කිසිම දෙයක් ඕනවට වැඩියෙන් ඕනම නෑ" කියල කියන කතාවත් එක්ක පදනම් වෙලා තියේ කියලයි මට හිතෙන්නෙ..

කොහොමද ඒක ඔයැයිලට දැනෙන්නෙ?

මටත් වඩා ඒ අත්දැකීම ඔයාලට ඇති කියල මට හිතෙනව....


ප. ලි. - මේ ළඟඳි දවසක කවුදෝ කෙනෙක් දාල තිබුන ස්ටේටස් වලින් මට තේරුනා,,,, එයාටත් ඒ ප්‍රශ්නෙ ඒ විදියටම ඇති වෙලා තියෙනව කියල...















4 comments:

  1. හ්ම් කතාව ඇත්ත...ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නැත....

    ReplyDelete
  2. ඔව් ඇත්ත මේ කතාව මන් කියන පුද්ගලයාටත් සමනයිද මන්දා ?

    ReplyDelete
  3. හ්ම්ම්..එකඟයි සහෝ..

    ReplyDelete
  4. මම කියන්නෙනම් ඒ හැගීම තාම හැමෝටම දැනෙනව. ඒත් වගකීම්, තරගය සහ ගොඩක් දේ නිසා අපි අපිවම පාගගෙන දුවන්න යනව!

    අයියෝ පවනි :P

    ReplyDelete

මම ලියන ඒව ගැන අදහසක් තියෙනව නම් ලියල යන්න... හැබැයි එහෙම නොකල කියල මම තරහ වෙන්නෙත් නෑ... :) කරදර කලේ නැතත් හිතේ කහටක් නැතුව එක කොමෙන්ටුවක් වත් දාල යන්න පුලුවන් නම් මට ඔයාලගෙ ඒ එක කොමෙන්ටුවක් රටකට රාජ්ජෙකට වඩා වටිනව.... ....