javascript:void(0)

Thursday, July 12, 2012

        .....මා.....  


..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."


 මේ සා අති මහත් වූ සයිබර් අවකාශයේ මට මහා සෙට් නැත... කුඩා සෙට් ද නැත..  කුඩා සෙට් හෝ මහත් සෙට් තියා... මට මා වත් නැත...

සිතිවිලි සමූහයක් ම පමණක් වීමි.. කුඩා සිතුවිල්ලක් වීමි.. සිතිවිලි වලට පණ පොවන්නෙක් වීමි... පණ පෙවූ සිතුවිලි තුලින් මා මගේ රුව සිත්තම් කරන්නෙක් වීමි... සිතිවිලි වලින් රූ අඳින්නෙක් වීමි..
සිත්තම් කල රූ තුළින් "මා" මවාගන්නෙක් වීමි.. මවාගත් "මා" හට අයිතිවාසිකම් කියන්නෙක් වීමි... මවාගත් "මා" තුළින් "මා" ලක්ෂණ සිත්තම් කරන්නෙක් වීමි...  මවාගත් "මා" හා "ඔබ" සසඳන්නෙක් වීමි.. "මා" හා "ඔබ" සිත්තම් කලෙමි... සිතුවිලි මැව්වෙමි..කුඩා සිතුවිලි මැවුවෙමි... සිතුවිලි සමූහයක්ම මැවිවෙමි..

සිතුවිලි සමූහයක් ම වන්නෙමි... කුඩා සිතුවිල්ලක් ම වන්නෙමි.. සිත්තම් කල රූ තුළින් පණ පෙවූ සිතුවිලි මකා දමන්නෙක් වන්නෙමි... සිත්තම් කළ රූ තුළින් මවාගත් "මා" මකා දමන්නෙක් වන්නෙමි... අයිතිවාසිකම් කියූ "මා" සතු අයිතිවාසිකම් බිඳ දමන්නෙක් වන්නෙමි...
සිතුවිලි බිඳ දමන්නෙක් වන්නෙමි..



-----------------------------------------------මම------------------------------------------------

මා පුංචිම පුංචි මිනිසෙක් වෙමි... මහත් වූ මිනිස් සමූහයක් අතර පුංචිම පුංචි තිතක් තරම්වත් නොවන්නෙමි..

අහර සිඟමන් යැද්දෙක් වීමි... අයුතු වෙළඳාම් කරන්නෙක් වීමි.... වීදි සරන්නෙක් වීමි. මහ මග නිදන්නෙක් වීමි.. අතොරක් වූ මිනිස් සිත් සමග ගැටුනෙක් වීමි... සටන්කරුවෙක් වීමි.... ජයගන්නට උත්සාහ දරන්නෙක් වෙමි....


- ජය -






30 comments:

  1. ජුන්ජං ම කතාවද මේ ?

    ReplyDelete
    Replies
    1. ඉස්පෙලිං වැරදුනා..

      ජුන්ජං ඔයා ගැන කතාවද මේ?

      Delete
  2. අනිත් අය ගැන් දැන ගන්න කලින් තමන්ව තේරුම් ගන්න එකනම් ඉතාම වටිවා...

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත සහෝ,,,,
      තමන් ගැන අවබෝධ කරගන්න ඕන...


      ස්තූතියි සහෝ...

      Delete
  3. ඇත්තටම අපි කවුද ?

    ReplyDelete
    Replies
    1. ... අතරේ හොයනව හොයනව මේ..
      අපි කවුරුද...
      ;)

      ඔයා නම් රොබින් නෙ..
      :ඩී

      Delete
  4. හ්ම්ම් තමන්ව තේරුම් ගන්න එක තරම් අමාරු දෙයක් නම් තවත් නැ

    ReplyDelete
    Replies
    1. ඔව්....
      තත්පරයක් තත්පරයක් පාසා වෙනස් වෙන අපිට අපිවම තේරුම්ගන්නව තරම් අමාරු දෙයක් නෑ තවත්...

      Delete
  5. හැබෑටම මං කවුද ඈ...... :0

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්...
      වල් රජා නෙව..
      :පී


      එසේම වේවා ඕන්....
      :ඩී

      Delete
  6. බොන්ඩ ඕන ප්‍රශ්නයක්...........

    ReplyDelete
    Replies
    1. හෙහේ... අපිට ආයෙත් එහෙම දවසක් එයි නෙහ්?
      ;)

      Delete
  7. Replies
    1. ස්තූතියි හිරුහිමාවී.........

      Delete
  8. මාර බුවෙක් නේ ;ඩ

    //මා පුංචිම පුංචි මිනිසෙක් වෙමි... මහත් වූ මිනිස් සමූහයක් අතර පුංචිම පුංචි තිතක් තරම්වත් නොවන්නෙමි..// මාද එසේමයි
    ජය!!

    ReplyDelete
    Replies
    1. ආහ් හහ් හා....
      :ඩී


      ස්තූතියි පුබුදු සහෝ...

      Delete
  9. Godak lassanai :) aththatama api mayawak passe duwanawa witharai :(

    ReplyDelete
    Replies
    1. ඔව්... අපි හැමෝම දුවන්නෙ මායාවක් පස්සෙ තමයි...
      ඒත් ඒක අවබෝධ කරගන්න බයයි.. අවබෝධ කරගත්තට පස්සෙ වෙන දේ ගැන අදහසක් නැති නිසා බයයි.. වෙයි කියල හිතෙන දේවල් ගැන දුකයි...

      ස්තූතියි පවනි නංගෝ....
      :)
      හෙහේ.. පොඩි පවනියි ලොකු පවනියි....
      :)

      Delete
  10. නියම සහ අරුත්බර අදහසක්...
    ඇත්තටම අපේ බොහෝ දෙනෙක් මහා ලොකුවට තමන්ට තියෙන නම්බු නාම,තනතුරු,සල්ලි,පිරිස් බලය නිසා මහා ලොකුවට කතා කලට හැසිරිනාට...
    අපි හැමෝම ලේ,මස්,ඇට,නහර වල එකතුවකින් ගොඩ නැගුන එකම පිරිසක්...

    තමන් කවුද කියල තේරුම ගත්තහම....අනුන්ව තේරුම ගන්න පහසුයි...

    ජයම වේවා!!!

    ReplyDelete
    Replies
    1. හොඳයි....
      මගේ උත්සහය සාර්ථකයි...

      අපි අපිව තේරුම් ගැනීමයි වැදගත්...


      ස්තූතියි සහෝ...

      Delete
  11. අහ්හ් ඔයාව මමනම් දන්නවා ඔව්ව්

    ReplyDelete
    Replies
    1. ආහ් හහ් හා....

      මේ ඉතින් මයෙ මැණික නෙව....
      :)
      මැණික ඉතින් මොකො මයෙ ගැන නොදන්නෙ....
      :)

      Delete
  12. අදහන්න වටිනව....

    ReplyDelete
  13. මම
    මා පුංචිම පුංචි මිනිසෙක් වෙමි... මහත් වූ මිනිස් සමූහයක් අතර පුංචිම පුංචි තිතක් තරම්වත් නොවන්නෙමි..

    අහර සිඟමන් යැද්දෙක් වීමි... අයුතු වෙළඳාම් කරන්නෙක් වීමි.... වීදි සරන්නෙක් වීමි. මහ මග නිදන්නෙක් වීමි.. අතොරක් වූ මිනිස් සිත් සමග ගැටුනෙක් වීමි... සටන්කරුවෙක් වීමි.... ජයගන්නට උත්සාහ දරන්නෙක් වෙමි....


    - ජය -

    රුවා අයියේ ඔව් උබට ජය වේවා මම ලොකු පුතා

    ReplyDelete
    Replies
    1. ලොකු පුතා අමතක නෑ මට.. අමතක වෙන්නෙත් නෑ එහෙම ලේසියෙන්...

      ස්තූතියි මලේ....

      Delete
  14. තමන්ට තමන්ව තෙරුම් ගන්න පුළුවන් වෙන් එක ලොකු දෙයක් මොකද අනිත් අය තමත් තෙරුම් ගන්න විදියට වඩා තමන් තමන් ගැන තෙරුම් ගන්න විදිය වෙනස් වෙන නිසා..... ඒ වෙනස තමන්ට තමන් ගැන ඇති ආත්මවිස්වාසයයි :)

    ReplyDelete
  15. අපි නොදන්න පවනියා... :D වැදගත් මෙවුවා එකක්.. හැබැයි මට තේරුනේ නැහැ :/ ... ල ල ල

    ReplyDelete

මම ලියන ඒව ගැන අදහසක් තියෙනව නම් ලියල යන්න... හැබැයි එහෙම නොකල කියල මම තරහ වෙන්නෙත් නෑ... :) කරදර කලේ නැතත් හිතේ කහටක් නැතුව එක කොමෙන්ටුවක් වත් දාල යන්න පුලුවන් නම් මට ඔයාලගෙ ඒ එක කොමෙන්ටුවක් රටකට රාජ්ජෙකට වඩා වටිනව.... ....