javascript:void(0)

Tuesday, July 10, 2012

මිතුරු සුළඟ


..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."

                               

                 ඈතින් පේන බෝධියෙ බෝ පතක ඉඳන් ආපු සීතල සුළං රැල්ල ඈත ඉඳන් මාව හොයාගෙන ආව.   ඒකට විරුද්ධ වෙච්ච පිහිඹියා ගහ, එයාගෙ මුළු ධෛර්යයම යොදවල මුළු ඇඟම හොළවල පිම්බත් බෝ පතක ඉඳන් ආපු මගේ මිතුරු සුළඟ එයාවත් පරාද කරගෙන ආඩම්බරෙන් මගෙ ළඟට එනව මම දැක්ක.එතකොට මම ඇස් පියාගෙන මගේ හිත ඇඟේ රෝම කූපයක කෙළවර තියාගෙන ඒ සනීපය විඳගන්න බලාගෙන හිටියත්....;

....
...
..
.
ඒක එහෙම වුනේ නෑ....!!!

.
..
...
....
                 ළඟට ආපු මගෙ පංති භාර ගුරුතුමිය එකපාරටම මගේ මිතුරු සුළඟ ගිලල හපයක් කරල දාල, "නිදාගත්ත ඇති.. දැන් නැගිටින්න" යි කියල කිවුවම මම හිටපු තව්තිසා දිව්‍ය ලෝකෙ ඉඳන් දඩොග් ගාල ආර්ට් එකේ කොරිඩෝව උඩට වැටුන...




23 comments:

  1. සිහින තමයි මුළු ජීවිතයටම පාට එකතු කරන්නේ

    ReplyDelete
  2. මේක දිගටම ලියන්න මග නවත්තන්න එපා......:)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි...
      ඔව්... නවත්තන්නෙ නම් නෑ...

      Delete
  3. දැකලා පුරුදු තැනක්.. කොහෙද මේ??

    ReplyDelete
  4. ''ළඟට ආපු මගෙ පංති භාර ගුරුතුමිය එකපාරටම මගේ මිතුරු සුළඟ ගිලල හපයක් කරල දාල, "නිදාගත්ත ඇති.. දැන් නැගිටින්න" යි කියල කිවුවම මම හිටපු තව්තිසා දිව්‍ය ලෝකෙ ඉඳන් දඩොග් ගාල ආර්ට් එකේ කොරිඩෝව උඩට වැටුන...''

    මේ ටික නියමයි! :)

    ReplyDelete
    Replies
    1. හෙහේ.. ස්තූතියි....
      ඕක ඇත්තටම මට වෙච්ච සිද්ධියක්...
      :)

      Delete
  5. Replies
    1. ඒක නේන්නම්.. ලස්සන හීනයක් බලන්න තිබුන චාන්ස් එක නෙ නැති කලේ...
      :D

      Delete
  6. අනේ මගේ ඉස්කෝලේ....

    වදින්නං මේ නම වෙනස් කොරගනින්... මට හිතෙන්නෙම කෙල්ලෙක් කියලා බං

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  7. Replies
    1. අපලාදෙ මගෙ සොඳුරු හීනේ.....
      :D

      Delete
  8. අයියෝ සංසාරේ......

    ReplyDelete
    Replies
    1. අපලාදෙ මගෙ සොඳුරු හීනේ.....
      :D

      Delete
  9. හම්මා බණ්ඩාරනායකේ art 1 තමා මුළු sch පද්දතියම run කරේ sch එකට ආවම පමලුකොටම ඇස ගැටෙන්නේ මොකද්ද ආර්ට් එක ආර්ට් එකක් නැත්තන් sch1 ලොවෙත් නැ අපි ආදරෙයි අම්මේ

    ReplyDelete
  10. ""ඒක එහෙම වුනේ නෑ....!!! හේ හේ...හීනයක් වුනාට ඇත්තක් වගෙයි...

    ReplyDelete
    Replies
    1. හෙහේ... ඇත්ත වගේ නෙමෙයි අෆ්ෆ... ඒක ඇත්ත තමයි..
      :)

      Delete
  11. Bandaranayake art comess siance kiyala wenasakk na yaluwe!! eka mathaka tiyagen coment karanna!!

    ReplyDelete

මම ලියන ඒව ගැන අදහසක් තියෙනව නම් ලියල යන්න... හැබැයි එහෙම නොකල කියල මම තරහ වෙන්නෙත් නෑ... :) කරදර කලේ නැතත් හිතේ කහටක් නැතුව එක කොමෙන්ටුවක් වත් දාල යන්න පුලුවන් නම් මට ඔයාලගෙ ඒ එක කොමෙන්ටුවක් රටකට රාජ්ජෙකට වඩා වටිනව.... ....