javascript:void(0)

Friday, June 8, 2012

පාපොච්චාරණය.

..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."

පිංතූරෙ ගත්තෙ >>--> මෙතනින්
                              පවනි කියන විදියට ඒ මැසේජ් එක දැකල තප්පර ගානක් ඇතුලත මාව ඇඳ උඩට ඇදගෙන වැටිල තියෙනව. ඒ කෙසේ වෙතත් පණ වගෙ රකින මගෙ ජංගම දුරකතනය, මට කල්පනාව එනකොට තිබුනෙ බිම වැටිලයි. ඒක කොහොම උනාද කියල මටවත් හිතාගන්න බෑ. මමත් කාලයක ඒ වගේ අදහස් හිතේ පුරෝගෙන හිටිය. අඩුම තරමින්.. මගෙම වචන වලින් කියතොත් තියෙන ඇහැට කනට පේන ගෑණු ළමයි පස් හය දෙනෙක් විතර මාව එයාලගෙ ඉතා සමීප යාලුවෙක් විදියට ඇසුරු කළා. එයින් තුන් දෙනෙක් විතර එයාලත් එක්ක ආදර සම්බන්ධතා පවත්වන්න මට ආරාධනා කළා.

                        ඒත් ඒ කාලෙ මට ඕන වුනේ එක්කෙනෙක්ට විතරක් කොටු වෙන්න නෙමෙයි ( ඒකටත් හේතුවක් තිබුන ). ඒත් එහෙමයි කියල හැමෝටම ආදරෙයි කියල රවට්ටන්න අදහසක් මගෙ තුන් හිතකවත් තිබුනෙත් නෑ. මට ඕන වුනේ ඒ හැමෝගෙන්ම එක වගෙ ආදරේ ලබමින් ඒ හැමෝම අති සමීපතමයන් විදියට ඇසුරු කරන්න. ඒත් ඒ කාලෙ ඒ හිටපු එක්කෙනෙක් වත් මම තමන් තරම් සමීපව අනිත් අයව ඇසුරු කරනවට කැමති වුනේ නෑ. එක අතකට ඒක සාධාරණයි. ඒක මානුෂීය හැඟීමක්. ඒ දවස් වල මට මේ කාරණාව අපේ අයිය කෙනෙක් පිරිසිදු සිංහලෙන්ම පැහැදිලි කරල දුන්න. එයා කිවුවෙ,"රූ., ඔයා කරන්නෙ ආත්ම වංචාවක් වගේ දෙයක්" කියලයි. ඕක කවදාවත් හරියන දේකුත් නෙමෙයි කියලත් එයා මට කිවුව. ඒත් ඒ කාලෙ මගෙ වයසෙ ප්‍රශ්නයක් නිසා මම කීයටවත් ඒක පිළිගන්න කැමති වුනේ නෑ. ඒත් අද....

                 අද ඒක මටම පඩිසන් දුන්න කියල හිතෙනව. ඒ තරම් ගැඹුරු බැඳීමක් මගෙ ජීවිතේ තිබුනෙ එක්කෙනෙක් එක්ක විතරයි.... ඒ "I" නමුත්...

අනේ මම..මගේ හිත .. මට හිතාගන්න බැරි තරම් දුකින් බර වෙලා....

                                                                                                                          ----කතෘ අඥාතයි----

23 comments:

  1. හ්ම්ම් .. ජිවිතේ ගොඩක් දේවල් අපිට තේරෙනකොට අපි ඒ කාලෙන් ඈත්වෙලා .. ගොඩක් දුර ගිහින්..

    ReplyDelete
    Replies
    1. අපි ගොඩක් දුර..
      ඒත් ඒ අපි හිටපු තැන අද තවත් පරම්පරාවක් ඒ විදියටම ඉන්නව...
      :)

      Delete
  2. ඇබන් උඹ දුටුගෑමුනු රජ වගේ නේ ඉදලා තියෙන්නේ,
    ඒත් මචන් ආදර සම්බන්දයක් කියන්නේ දෙන්නගෙම කෑමෑත්තෙන් පටන් ගන්න දෙයක්,ඒ වගේම ඔකේ දරුනු සීන් එක ඕක නවත්තන්න එක්කෙනෙක්ගේ කෑමෑත්ත ඇති,ඒක සාදාරනයි මචන්,මොකද මොකක් හරි ප්‍රශ්නයක් නිසා හෝ අකමෑත්ත නිසා හෝ,ජඩ කමට හෝ අතාරින්නේ එකට ඉන්න බෑරි නිසානේ,යන අයට යන්න දීපන් හොදම කෙනා උබ වෙනුවෙන් තාම ඇවිත් නෑ මචන් මේ අද්දෑකීමෙන් කියන්නේ ,ගිය කෙනාට වඩා 1000කින් හොද කෙනෙක් උඹට ලෑබෙනවා....

    ReplyDelete
    Replies
    1. හෙහේ.... එහෙම හිට්ය අවුරුදු දෙකක් විතර.. :)
      ඒත් ඒක තාවකාලිකයි...

      ස්තූතියි යාලු...
      :)

      Delete
  3. hmm jiwithe ganna thirana gana depaarak nemei siya paarak hithanna ona

    ReplyDelete
    Replies
    1. හරියට හරි...
      ඒත් සමහර දේවල් කොයි තරම් කිවුවත් වැඩක් නෑ.. ක්‍රියාවෙන්ම අවබෝධ වෙන්න ඕන...
      :)

      Delete
  4. මට නම් කතාව තේරුනේ නැහැනේ

    ReplyDelete
    Replies
    1. ආදර සම්බන්ධතාවට පොඩ්ඩක් මෙහායින් තියෙන මහ ආත්මාර්ථකාමී බැඳීමක් මේක....
      :)

      Delete
  5. මගේ වයසෙ හැටියට මේ දිරව ගන්න බෑ....කොටු කේස් එකක් වගේනම් ඔන්න කමක් නෑ.

    ReplyDelete
    Replies
    1. හෙහේ.. මේ කාලෙ මීට වඩා හොඳට පහු කරන්ට ඇති නේද ඕන්..?
      ;)

      Delete
  6. හ්ම්ම්..පැහැදිලි මදි.. මට ටියුබ් හන්දාද මන්දා..

    ReplyDelete
    Replies
    1. ආදර සම්බන්ධතාවට පොඩ්ඩක් මෙහායින් තියෙන මහ ආත්මාර්ථකාමී බැඳීමක් මේක....
      :)

      සමහර කොල්ලො කැමති කෙල්ලො ගොඩක් එක්ක ඉන්න...
      ඒත් ඒක ටිකක් තාවකාලිකයි...
      ඒකෙ ආත්මාර්ථකාමී ගතිය තේරුනාම වෙනස් වෙනව..
      :)

      Delete
  7. මටත් තේරුනේ නෑනේ ....:(

    ReplyDelete
  8. සමහර දේවල් අපිටම රිටන් වෙන්නේ අපිත් හිතන්නෙම නැතුව.

    ReplyDelete
    Replies
    1. හරියටම හරි... ඒකම තමයි මෙතනත් උනේ...
      :)

      Delete
  9. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් මොනව සිද්ධවුනත් ඒදේ සෑහෙන්න බරපතලයි වගේ....

    ReplyDelete
    Replies
    1. ගොඩක් බරපතලයි...
      ගැඹුරටම දැනිල තියෙනව...
      ;)

      Delete
  10. oka wayase wereddakda manda.
    Baninna kenek hoyagannama nethi unama wayasata benala hitha hada gannawa

    ReplyDelete
    Replies
    1. බනින්න කෙනෙක් නැත්තම් නොබැන ඉන්නවනෙ අෆ්ෆ...
      :)

      වයසෙ වැරැද්දම වෙන්නත් බෑ.... මේක තවත් වයස් වල අයට හිතෙන දෙයක් කියලයි මම නම් හිතන්නෙ,,,
      :)

      Delete
  11. කළකම් පළ දීලා වගේ............

    ReplyDelete
    Replies
    1. ඔව්... හරියට හරි...
      ඒත් දැනට අවුරුද්දකට විතර කලින් තමයි පළ දුන්නෙ...
      ;)

      Delete
  12. කොල්ලො කාලෙකට ඔහොම හිතනවා.කෙල්ලො කොහොමද දන්නෙ නෑ.එකම ආදරයක් තාත්වික ලෝකයෙ තියනවද මන්දා.

    ReplyDelete
    Replies
    1. මෙන්න මේක නම් අපි හැමෝටම අකමැත්තෙන් උනත් පිළිගන්න වෙනව මයෙ හිතෙ - "එකම ආදරයක් තාත්වික ලෝකයෙ තියනවද මන්දා."

      ස්තූතියි වර්ණ....

      Delete

මම ලියන ඒව ගැන අදහසක් තියෙනව නම් ලියල යන්න... හැබැයි එහෙම නොකල කියල මම තරහ වෙන්නෙත් නෑ... :) කරදර කලේ නැතත් හිතේ කහටක් නැතුව එක කොමෙන්ටුවක් වත් දාල යන්න පුලුවන් නම් මට ඔයාලගෙ ඒ එක කොමෙන්ටුවක් රටකට රාජ්ජෙකට වඩා වටිනව.... ....