javascript:void(0)

Wednesday, December 14, 2011

තනිකම...

..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."


             

            ඔන්න එකෝමත් එක දවසක ඒ කියන්නෙ දෙසැම්බර් අට වෙනි අඟහරුවාද හවස හතර හමාරට විතර අතරමං වෙලා හිටපු පවනි ආයෙමත් ඇවිත් මගෙ මේසෙ ඉස්සරහ පුටුවෙ වාඩි වෙලා ඉන්නව. එයාගෙ තැඹිලි පාට ඉරි ඉරි තියෙන ගවුම තැන් තැන් වලින් ඉරිල! ඒ සමහර තැන් වලින් යට සායත් පේනව! ගවුමෙ කර ගාවිනුත් ගොඩක් ඉරිල. එයා එතන ඉඳගෙන හිටියෙ හරියට සුන්නත් කරල වැසිකිලි යන්න අමාරුවෙන් ඉන්න සෝමාලියානු ජාතික ගැමි කෙල්ලෙක් වගේ. මම එහෙම කිවුවෙ මොකක්දෝ කියාගන්න බැරි අපහසුතාවකින් එයා එතන හිටපු නිසයි. ගොඩක් දුක හිතෙන විදියට එයා මං දිහා බලාගෙන ඉන්නව දැක්කත්, මට ඒ බැල්මෙන් මිදෙන්න උවමනාවකුත් ඒ වෙලාවෙ තිබුනෙ නෑ.

            හීතල හුළං හමන නත්තල් මාසෙ වුනත් මගෙ කාමරේ ජනේලෙන් පිටත මට පෙනුන එක ගහක් වත් එක දශමයක් වත් හෙල්ලුනේ නෑ. හරිම නිහඬයි. මම පිට කරන එක හුස්ම බිඳක් ඒ ගහක කොළයක් හෙලවෙන්න හේතුවක් වේවිදෝ යි ඉතාම දරුණු බියජනක හැඟීමක් මගෙ හදවත පතුලටම කිඳාබැහැල තිබුන. ඒ අතරින් ඒ නිහඬතාවයත් බිඳගෙන දෙපැත්තට වැනි වැනී පුංචි හිම කැටිති වැටෙනව මම ජනේලෙන් දැක්ක. 

            මගෙ ඇස් අදහගන්නත් බෑ. පිංතූර වලින්, වීඩියෝ වලින් දැක්කට මම කවදාවත් ඇත්තටම හිම වැටෙනව දැකල තිබුනෙ නෑ. එක චූටි හිම බිංදුවක්ගේ ඉස්සරහ පොකුනට වැටෙනව මම බලාගෙන හිටිය... නෑ....
නෑ... ඒ....

          ඒ හිම නෙමෙයි. යෝධයින්ගෙ කඳුළු. අපේ වත්තට එහා වත්ත සම්පූර්ණයෙන්ම එළි කරල මහ දැවැන්ත ගස් කපල ඒවට ගිණි තියල. ඒ ඇවිලුණු අළු මගේ පපුවත් තද කරගෙන බිමට වැටෙනව නේදෝ යි කියල මට හිතුන. "මහ බල කණු" වගේ කොන්ද කෙළින් තියාගෙන හිටපු ගස් පොළවට දණ ගස්සවල. ඒ ගස් අඬනවයි කියල පවනි මට ඒ වැටෙන අළු කෑලි පෙන්නනව. දැන් ඒ වත්තෙ කිසිම ගහක් නෑ. හාවො, මීමින්නො, මුගටි එහෙම හිටපු කැලේ... ඒත් දැන් ඒ කැලය එතන නෑ.  ඒක මගෙ මතකයෙ අංශුමාත්‍රයක් විතරයි.

          මම ඒ දිහා බලාගෙන හිටිය.එකපාරටම මම ඒ වත්ත මැද්දෙ ඉන්නව මම දැක්ක. මගෙ ඇස් කළුවර වුනා. ආයෙ මම එළිය දකිනකොට මම හිටියෙ ඒ වත්තෙ මැද. පේන තෙක්මානෙක කිසිම කෙනෙක් නෑ. මම.., මම විතරක්මයි. එතැන පුංචි ගස් කීපයක් තිබ්බ. ඒ හැර වෙන කිසිම දෙයක් තිබ්බෙ නෑ. මට ලොකු සතුටක් දැනුන. මට කරදර කරන්න කවුරුත් නෑ.

          ඒත් ඒ සතුට තිබ්බෙ බොහොම ටික වෙලාවයි. මට කතා කරන්නවත් කවුරුත් නැති බව දැනුනෙ එතකොට. මට සතුටුයි කියල කියන්නවත් කෙනෙක් හිටියෙ නෑ. අනේ!! මම තනි වෙලා. මම බිම ඉඳගත්ත. ගම්පහ විතර ටවුන් එකක් ගැන හිතන්න. එතන ගොඩනැගිලි, බස්, අජීවී, සජීවී කිසිම දෙයක් නෑ. ඔයා විතරක් තනියම. ඔයාට වතුර තිබහ වත් බඩගින්නක් වත් දැනෙන්නෙ නෑ. ඔයාගෙ හොඳම යාලුව නෑ. වෙන යාලුවොත් නෑ. අම්මත් නෑ. තාත්තත් නෑ. ඔයා විතරක් තනියම. ඔයා එක දිගට දවස් තුනක් විතර දිවුවොත් ඔයාට කතාකරන්න එක මිනිහෙක්ව හම්බ වෙන්න පුලුවනි. ඒත් ඔයාට එහෙම දුවන්න බෑ. ඒ අතරෙ ඔයාට මතක් වෙනව නුදුරු අතීතෙ ඔයාගෙන් වියෝ වුණු සමීපතමයන්... ඔයාගෙ හදවත බර වෙලා ඔයාට ඇඬෙන්න වගෙත් එනව. ඔයාට ඒ වෙලාවෙ කොහොම හැඟීම් පහල වෙයිද? මැරෙන්න? දුවන්න? මුකුත් නොකර එතනටම වෙලා ඉඳගෙන ඉන්න? ?

  අන්න ඒ වගේ හැඟීමක්, අර වත්ත මැද්දෙ මුකුත් නැතිව බිම ඉඳගෙන හිටපු මටත් ඇති වුනා...

             විශ්වාස කරන්න අන්න ඒ ඒ හැඟීම, ඒ චිත්‍රය, ඒ මනෝභාවයන් තමයි මගෙ මේසෙ ඉස්සරහ පුටුවෙ වාඩි වෙලා හිටපු පවනිගෙ ඇස් දෙක තුළත් මම දැක්කෙ.....!!

9 comments:

  1. තනිකම..........
    ඔ්කට බය වෙන්න එපා .... එ්ක හරිම සිරා උපකරණයක්!

    ReplyDelete
  2. ඒ උනාට හරිම දරුණු ආයුධයක් ඒක...
    ආයුධ අත අරින එක තමයි හොඳම....

    ReplyDelete
  3. එහෙනං ඉතිං සොරිම තමයි! ;)

    ReplyDelete
  4. සොරි වෙන්න ඕනෙ ඔය ආයුදේ අල්ලන් හිටියොත් තමයි...
    ඉක්මනටම අත ඇරගන්න විදියක් හොයාගන්න එක තමයි හොඳ....
    :)

    ReplyDelete
  5. සොරි වෙන්න ඕනෙ ඔය ආයුදේ අල්ලන් හිටියොත් තමයි...
    ඉක්මනටම අත ඇරගන්න විදියක් හොයාගන්න එක තමයි හොඳ....
    :)

    ReplyDelete
  6. තනිකම කිව්වට මේකට බය හිතෙනවා.. දුක හිතුනම තනි වෙන්න එපා.. බය වැඩි වෙනවා.. දුකට සමාජ ගත වෙන්න.. සතුටට තනි වුනාට කමක් නැහැ ඒත් සමාජ ගතව බෙදා ගන්න..

    ReplyDelete
  7. උත්සහයක් දරල තියෙනව... තවදුරටත් උත්සහ කරනව... බොහොම ස්තූතියි සහෝ...

    ReplyDelete
  8. පවනිව බලන්න අපු මුල්ම දවසේ මේ වගේ බය හිතන දෙයක්නේ දකින්න වුනේ.....තන්කිකම හොදයි වෙලාවකට...එත් හැම වෙලේම තනිකමට රජවෙන්න දෙන්න එපා....

    ReplyDelete
    Replies
    1. අනේ.. ඔයාව බය කරා නම් සමාවෙන්න... ඒත් බය හිතෙන කටුක දේවල් ගැන කතා කරන්න නෙ මම ගොඩක් ආස... මොකද ඒකනෙ යථාර්තය...
      :)

      ඔව්.... ඒත් ඒ තනිකම ඒක්ක අපිට ගොඩක් දේවල් විඳින්න පුරුදු වෙනව කියලයි මට නම් හිතෙන්නෙ..... නෑ.. ඒකට හැම වෙලේම රජ වෙන්න දෙන්නෙ නෑ.. ඒත් ඒකට ගොඩක් ආදරේ කරනව මම.....

      බෝම ස්තූතියි මාව බලල යන්ට ආවට.... ආයෙමත් එන්ට මේ පැත්තට ඇවිත් යන්ට...
      :)

      Delete

මම ලියන ඒව ගැන අදහසක් තියෙනව නම් ලියල යන්න... හැබැයි එහෙම නොකල කියල මම තරහ වෙන්නෙත් නෑ... :) කරදර කලේ නැතත් හිතේ කහටක් නැතුව එක කොමෙන්ටුවක් වත් දාල යන්න පුලුවන් නම් මට ඔයාලගෙ ඒ එක කොමෙන්ටුවක් රටකට රාජ්ජෙකට වඩා වටිනව.... ....