අවුල් වෙලා දූවිලි පිරුණු, පොත්පත් පමනක් නොව විටෙක රෙදි පවා තබා තිබූ මේසය මත මාගේ සටහන් පොතෙහි සටහනක් තබන තවත් එක දවසක්. අහසත් එක්ක තරහ වෙච්ච පුංචිම පුංචි වැහි බිංදු එකින් එක අහස අත ඇරල පොළොව හොයාගෙන එනව. පෙරේද වගේ නෙමෙයි අද එයත් එක්ක මේඝලතායි විජ්ජුලතායි දෙන්නම එකතු වෙලා!!! තවත් එක පුංචි වැහි බිංදුවක් මට ජනේලෙන් පේන තැඹිලි ගහේ අත්තක් දිගේ හිමින් හිමින් රූටගෙන ඇවිත් බිම තිබ්බ තණකොළ අත්තක් බදාගෙන සිප ගන්නව.. ලැජ්ජ නැද්ද මන්ද මෙහෙම ප්‍රසිද්ධියෙ හැසිරෙන්න...!!
දෙවියනේ..!
මම එහෙම කියන වෙලාවෙත් පවනි මගෙ ළඟ හිටියෙ නෑ. රාස්සිගෙ අව්ව වැටිල සීතල මිශ්‍ර තුනී අන්ධකාරයක් ඒ වෙනකොටත් මගේ කාමරේ ඇතුළට ගොඩක් කාන්දු වෙලා තිබුන. මට සෑහෙන්න බය හිතුන. මේ බය හිතෙන අඳුරත් එක්ක මගේ පවනි'ට මොකක් හරි කරදරයක්වත් වෙලා ද කියල..... මගේ ඇඟේ රෝම කූප කෙළින් වුනා! "මගේ පවනිට කරදරයක් කරල තිබුණොත් එහෙම, සේරටම කොටනව" කියල මම හයියෙන් කෑ..ගැහුව! මගේ හඬ මැකී යනවත් එක්කම මගේ හඬ පරයා පවනි කෑ ගහන සද්දෙ මට ඇහෙන්න ගත්ත.. මම ටිකක් දැඩිව, වාඩි වෙලා හිටිය පුටුවෙන් ඉස්සිලා ජනේලෙ විනිවිදගෙන පේන මිදුල දිහා බැලුව. ඒ වෙලාවෙ උණුසුම් ආදරණීය හැඟීමක් මගෙ මුළු ඇඟම වෙළාගන්නව වගේ දැණුනත් ඊට වඩා දැඩිව විරුද්ධව මගේ කෝපය නැඟී හිටිය.
මෙන්න මේ කෙල්ල මහ වැස්සෙ මිදුලට වෙලා නටනව කිසි ගානක්වත් නැතුව!!!
"බිමට වැටෙන සෑම වැහි බිඳුවක්ම තම දෑතින් පොඩි කිරීමට ඈ මහත් උත්සාහ දරයි. විටෙක ඈ දෑත එකතු කර දෑතට එකතු වන වතුර ටික වේගයෙන් උඩ දමා එයට හිස අල්වයි. පවනි තවමත් තුන වසරේ පමණ දැරියකැයි මට හිතෙන්නේ මෙවන් වේලා වලටය. තවත් විටෙක ඈ අහස මත ඇති සියලු දේ තම හිසට වැටෙන්නාක් මෙන් සිතා දෑතින් හිස බදාගෙන බිමට පාත් වෙයි. ඇගේ ලොකු තාත්තා කියා දී ඇති පරිදි ගහ යට වැහි දෙක දැයි බැලීමට මෙන් ඈ තැඹිලි ගසේ අතු හා එක එල්ලේ සිට ගනියි. මේ සියල්ල දකින විට මා හට මාගේ කුඩා කාලය මතක් වේ. පවනි විසින් මේ රඟ දක්වන්නේ මගේම බාල විය නොවේදැයි විටෙක මට සිතේ. ඒ එසේමය. ඒ මාගේ බාල බොළඳ ළමා කාලයයි.”

ම් ම්! දැං පවනි කියන්නෙ කවුද?? O.o
ReplyDeleteo ooowwww...
ReplyDelete:)
පවනිලා දෙන්නෙක් ඉන්නවයි ? මේ දවස් වල හීතල වැඩියි වැස්සට තෙමෙන එක භයානකයි
ReplyDeleteඅනේ මන්දා.. හොල්මන් වගේ නේ...
ReplyDeleteහිස් අහස - ඔව් ටිකක් වැස්සට නම් තෙමුණ..
ReplyDeleteඑහෙනම් ඒක වෙන්නැති කාරනේ...
;-)
Nj_A - හොල්මන්? අපොයි නෑ.... මේක ලියන වෙලාවෙ එහෙම කෙනෙක් නම් ලඟ හිටියෙ නෑ ඕන්...
:-)
තෙමෙන්ට එපා බොල.. හෙම්බිලිස්සාව හැදෙයි..
ReplyDeleteමාත් ගියා දගකාර අතීතයට.. උපරිමයි.. වැස්ස ඒ දගය වැඩි කරලා වගේ..
හෙමිරිස්සාවට වඩා ඒ මතකෙ වටිනවනෙ ඕන්... ආයෙමත් තෙමෙන්නට සිතේ....
ReplyDeletewoooooooooooooow.....
ReplyDeleteකියන්න වචන නෑ.....
නියමයි.....