javascript:void(0)

Sunday, April 7, 2013

එදා සහ අද -- 2


..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."

             

  හොඳයි... මම අද ඉන්න IT Institute එකේ තත්වය ගැන මම කලින් කියපු පෝස්ට් එක බලලම එන්නකො -->එදා සහ අද --1


ඔන්න ඒ දවස් වල නම් මට මෙතන වෙච්ච සිද්ධිත් එක්ක තිබුනෙ ලොකූ කනගාටුවක්..... ඒත් දැන් නම් මට පුංචි සතුටක් තියෙනව... මම හිතන්නෙ අර මගෙ සහෝදරය අපිට VB.NET උගන්නන්න ආපු දවසෙ එයා විඳපු සතුට අද මමත් විඳිනව බොහොම නිහතමානීව..

      මම මෙතන්ට ආවෙ Seminar එකකට... එතනින් මම මෙතන මගෙ අධ්‍යාපන කටයුතු ආරම්භ කලා. ඒ අතර මගෙ නමත් තිබ්බ ඉහළින්ම.. මම අද වගේ ම එදත් "විප්ලවකාරයෙක්"!. ඉතින් ඒ ගමනෙදි මම ප්‍රශ්න ගොඩකුත් ඇති කරගත්ත මෙතනත් එක්ක.. ඒ හැම දේකින්ම මම හොඳට මුවහත් උනා. ඒ අතරෙ ඉගෙනගන්න එකට අමතරව මම ඉන්න තැන වෙනුවෙන් විශය පරිභාහිර ක්‍රියාකාරකම් ගොඩකුත් කලා. රණ්ඩුත් උනා.. ගේම ඉල්ලුව... කොටින්ම ආයතනයෙ කළමනාකාරීත්වයට මූණටම බැනපු දවසුත් නොතිබුනා නෙමෙයි.. සමහර ගුරුවරු අපි නිසා ආයතනයත් හැරල යන්න ගියා.. සමහර ගුරුවරු අපේ පංතියට එන්නත් බය උනා. ඒ වෙන දෙයක් නිසා නෙමෙයි.. හොඳ දැණුමක් සහ අවබෝධයක් තිබුන ගුරුවරු කිසි කෙනෙක් අපේ පංතිය ගන්න බය උනේ නෑ...එහෙම ගුරුවරු අපේ පංතියට උගන්නන්න තිබුන ආසාව ඒ කාලෙ හිටපු ශිෂ්‍යයො විදියට අපි හොඳටම දැක්ක...

                මගෙ ඊළඟ කඩයිම තරණය කරන්නත් මම මෙච්චර ප්‍රශ්න තියෙද්දිත් මේ ආයතනයම තෝරගත්තු ප්‍රධානම කාරණාව උනේ ඔය මම කලින් කියපු විදියෙ ගුරුවරු සහ අපේ කළමනාකාරතුමිය... ඇය අපිට ඉගැන්වීම් නොකලත් ඇයට තිබුන පරිණත අත්දැකීම් ටිකත් එක්ක අපේ ප්‍රශ්න දිහා බෝම සංවේදී විදියට බැලුව (ඇත්තම කිවුවොත් ඒක ඇයගෙ රාජකාරිය නෙ කෝමත් ;) )

               දෙවෙනි කඩයිම නම් බොහෝම අසීරු උනා.. ඇත්තම කිවුවොත් දැන දැනම අමාරුවෙ වැටීමක් උනා වගෙ තමයි... ඒත් අපිට කලින් හිටපු අයියල අක්කල (අර මම කලින් පෝස්ටුවෙ කියපු දෙන්න මූලිකවම)  මගෙත් එක්ක ඉන්නව කියල තිබුන විස්වාසෙ නිසා වගෙම ඒ විස්වාසෙ එයාල රැකපු නිසා බෝම අමාරුවකින්, 100%ක්ම නැතත් යම්තාක් දුරකට මට ගොඩ එන්න පුලුවන් උනා..

                   ඊළඟ කඩයිම දැන් මම පහු කරමින් ඉන්නව බොහොම සාර්ථකව.... ඒ ගැන සතුටුයි මට.. මම ඉගෙනගත්තු, මම ගොඩක් කැපවීම් කරපු මේ ආයතනයෙ මම කාලයක් ශිෂ්‍යයෙක්....   නිළධාරියෙක්...   අද මම එතන ගුරුවරයෙක්.. මට හම්බ වෙච්ච පළවෙනිම පංතිය මට ගොඩක් සුවිශේෂයි.. ඒකත් හරිම අහම්බයක්. ඒ පංතිය මට හම්බ උනේ ඊට දිනකට කළින්... :)  අනික.. මේ IT Institute එක තුළ මගේ වෘත්තීය ගුරු ජීවිතයේ පළවෙනිම දවස මගේ උපන්දිනය වීම මට ඊටත් වඩා ලොකු සතුටක්....

          මගෙ පළවෙනිම පංතියට ගිය දවසෙ...   ඒ ළමයි අතරෙ ඉඳගෙන පිටිපස්සෙම පේළියට වෙලා.......... උගන්නන හැම දේකින්ම ප්‍රශ්නයක් අහපු මගේ ශිෂ්‍ය ජීවිතය මතක් උනා මට නිතරම...... ඒක මට මැවිල පෙනුන බොහොම අපූරුවට...... 

            මට මගේ ළමයි ගැන ඇත්තටම සතුටුයි.. මොකද මම ඉගෙනගන්න කාලෙ මට වෙච්ච අඩුපාඩු.... ඉගැන්වීම් වල ප්‍රශ්න මම හොඳින්ම දැනගෙන හිටිය.. මට වෙච්ච ඒ ප්‍රශ්න මගෙන් වෙන්න දෙන්නෙ නෑ කියන ලොකු අධිෂ්ඨානයක් එක්ක මම මෙතනට ආපු නිසා මම කවදාවත් මගෙන් ඉගෙනගන්න ළමයින්ට මම එහෙම වෙන්න දෙන්නෙ නෑ... මම හිතන්නෙ ගුරුවරයෙක්ගෙන් සිද්ද වෙන්න ඕනත් ඒ දේම කියලයි...

            මම ළමයි ඉස්සරහට යන්න බය නෑ.... මොකද මම පංති භාරගන්නෙ ප්‍රශ්න නැතුව ඒ අදාල විශය උගන්නන්න මට දැනුම සහ අවබෝධය තියෙනව කියල මගෙ ගැනම මම තෘප්තිමත් නම් විතරයි... ඒ වගෙම.. මම නොදන්නා දෙයක් තියෙනව නම් ඒක නොදන්න බව කියන්නත් මම මැලි වෙන්නෙත් නෑ.. ඒ නිසාම ද කොහෙද මට පංති වල ළමයින්ගෙනුත් හොඳ සහයෝගයක් ලැබෙනව. පහසුකම් සම්බන්ධව නම් ප්‍රශ්න නැතුවමත් නෙමෙයි.. ඒත් ඉතින් ඒව මට අදාල රාජකාරිත් නෙමෙයි.. යම්තාක් දුරට ඒ දේවල්  සම්බන්ධව කටයුතු කලාට ඒව මට සීමාසහිතයි..  :)

     ඉතින්... ඔන්න ඕක තමයි අද මගේ තත්වය... මම ඉගෙනගත්තු තැනම අද මම ගුරුවරයෙක් වෙලා.... මම රණ්ඩු කරපු කාර්ය මණ්ඩලය දැන් මගෙත් එක්ක බොහොම සුහදව වැඩ කරනව.....මේ වෙනකොට මම ප්‍රධාන විශයන් තුනක් සහ විශේෂ විශය නිර්දේශයන් එකක් එක්ක පංති හතරකට ඉගැන්වීම් කරනව....

             මගෙ ඊළඟ කඩයිම "අවසන් වසර" තවත් මාස දෙකකින් ආරම්භ කරන්න සූදානම්.. ඒකත් මේ ආයතනය තුළින්ම අවසන් කරන්නයි මගෙ අදහස... ඒකත් මට බොහොම ලොකු සහයක් මේ ආයතනයෙන්ම ලැබෙයි කියල මම හිතනව.. නැතත් ඉතින් ඒක ඒ තරම් ප්‍රශ්නයකුත් නෙමෙයි.. :) ඒත් ඉතින් නුපුරුදු තැනක් නෙමේ නෙ...

    මොන දේ උනත් මට පංතියක් සාර්ථකව කරන්න ශිෂ්‍යයින්ගෙන් මූලිකව බලාපොරොත්තු වෙන කාරණා දෙකක් තියෙනව.... එකක් කැපවීමෙන් ඉගෙනගැනීම..අනික සුහදශීලී වීම.... මගෙ පංති වල දැන් ඉන්න ළමයි මේ ගැන ගොඩක්ම හොඳින් දන්නව....  මම හිතන්නෙ එයාල මේ මම කියනවට වඩා දෙයක් කියයි මගෙ ගැන ඇහුවොත්... :)

8 comments:

  1. සර් පංතියෙ ඊට වඩා ලමය හිටියනෙ....?ඒ ගැන තමා දුක.

    ReplyDelete
    Replies
    1. ඒක ඉතින් වෙලාව තමයි ලමයිනේ.... හදිසියෙ ලියපු පෝස්ට් එකක්... නිසා.. එදාම හදිසියෙ පිංතූරෙ ගත්තෙ.... නැත්තම් මේකෙ තව ලමයි කීපදෙනෙක් අඩුයි නෙ....ඒ නිසා දුක් වෙන්න එපා.. මම දන්නව හිතට හරි නෑ කියල... මටත් හිතට හරි නෑ... හැමෝම එක්ක ඉඳල පිංතූරෙ ගන්න තිබුන නම් තමයි හොඳ....

      Delete
  2. තව දෙයක් කියන්නම්කො...මට IT එපා වෙලා තිබුන වෙලාවක මට හම්බවුන හොදම ඒ වගෙම තෙරුනෙ නැති දෙයක් සිය වතාවක් ඇහුවත් තරහ නොගෙන කියල දෙන මම ඉගෙනගෙන තියන දෙවනි ගුරුවරයා...අයෙ හම්බ වෙන එකක් නෑ.. එහෙම ගුරුවරු....:) .හම්බවුනත් ඉතින් කලාතුරකින් තමා...ඇත්තටම හොද ගුරුවරයෙක්. Thank u sir.

    ReplyDelete
  3. බෝම ස්තූතියි නලින් අයියේ...
    :)

    ReplyDelete
  4. මුලදි මට it ගැන කිසිම ආසාවක් තිබ්බෙ නෑ. Course එක කරේ ගෙදර නිකං ඉන්න හින්ද. ඒත් පස්සෙ සර් කරපු HTML පාඩමෙන් පස්සෙ මට IT වලට මාර කැමැත්තක් ඇතිඋනා. (හැබැයි අර මුලින්ම කරපු EPD පාඩම නං අයියෝ ...) හැබැයි WEB පාඩම් ටික නම් නියමයි .
    හිහී....සර් ට මතකද , අපි ප්‍රශ්න අහද්දි ගූගල් search කරල හොයන්න කිව්වෙ .(හෙහේ......සර් ටත් එහෙමද සර් ප්‍රශ්න අහනකොට ඒ දවස්වල කිව්වෙ . ) හැබැයි ඒක ඇත්තටම හොඳයි. දැන් තමා ඒක තේරෙන්නේ .
    මං සර්ට සුබපතනව .Good luck!.

    ReplyDelete

මම ලියන ඒව ගැන අදහසක් තියෙනව නම් ලියල යන්න... හැබැයි එහෙම නොකල කියල මම තරහ වෙන්නෙත් නෑ... :) කරදර කලේ නැතත් හිතේ කහටක් නැතුව එක කොමෙන්ටුවක් වත් දාල යන්න පුලුවන් නම් මට ඔයාලගෙ ඒ එක කොමෙන්ටුවක් රටකට රාජ්ජෙකට වඩා වටිනව.... ....