javascript:void(0)

Friday, September 28, 2012

අප සරණයි නේහ්?


..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."

                මම 12 වසරෙ ඉන්න කාලෙ මම ප්‍රධාන විෂයන් තුනටම අමතර පංති ගියා. ඒත් ඒ අවුරුද්ද ඇතුලත කවමදාවත් උදේ වරුවෙ ඉස්කෝලෙ නොයා පංති එන්න වෙන විදියට උදේ වරුවෙ අමතර පංති දාල නෑ කිසිම අමතර පංති ගුරුවරයෙක්. උසස්පෙළ පළමු වසර තුළ උදෑසන පාසල් කාලය අවහිර වන පරිදි පෙ.ව.8 සිට ප.ව.2 දක්වා පංති දැමීම කිසිදු අමතර පංති ගුරුවරයෙකු විසින් සිදු නොකරන දෙයක්!!! ඒක සාමාන්‍ය සිරිතක් වගේ. කොහොමත් පළමු වසර තුළ එහෙම පංති දැම්මොත් ළමයි එන්නෙ නැති බව එයාල දන්නව . මොකද උසස්පෙළ පළවෙනි අවුරුද්ද පැමිණීම අනිවාර්යයෙන්ම බලනව. ඒක ඔනෑම උසස්පෙළ හදාරන ශිෂ්‍යයෙක් දන්නව. අනික එහෙම ඉස්කෝලෙ නොයා පංතිය යන්න බයයි... බැරිම වෙලා වත් මම 12 වසරෙ ඉද්දි මට එහෙම පංතියක් වැටුන නම් අපේ අම්මල තාත්තල කීයටවත් එදාට ඒ පංතියට යවන්නෙ නෑ. ඉස්කෝලෙ යන්න.. ගිහින් ඉස්කෝලෙ ඇරිල ඕන නම් ඒ පංතියට යන්න.. එහෙම බැරි නම් ඉස්කෝලෙ ඇරිල ගෙදර එන්න කියල තමයි එයාල කියන්නෙ. ඒත් මම කෝම හරි නාහෙන් අඬල හරි පංති යන්න ගෙදරින් අවසර ගත්ත නම්, එදාට අපෙ අම්ම හරි තාත්ත හරි එනව මගෙත් එක්ක, කවුද මේ සතියෙ දවසක ඉස්කෝලෙ කට් වෙන විදියට පංති දාපු ගුරුවරය කියල බලන්න....යි මම පංතියට යනවද කියල බලාගන්නත් එක්ක...

---හිතන්න ඒ කාලෙ අපේ අම්මලට තාත්තලට සමාජය ගැන තිබුන දැනුම අවබෝධය කොයි තරම් ද කියල.... Common sense එක?---

                   එහෙම දවසකට මාව තියා, අපේ උඩහ ගෙදර ඉන්න තනකොළ කපන මනුස්සයගෙ පුතාව වත් ඒ මනුස්සය යවන්නෙ නෑ පංති..!! ( ඌ එහෙම ගිය දවසක මාට්ටු උනා තාත්ත :ඩී ) ඔන්න අපි නම් ගමේ. අපි සල්ලිකාර ලොකු තානාන්තර තියෙන ලොකු මිනිස්සුත් නෙමෙයි... :පී

     ඒ මම කොල්ලෙක් වෙලා අපේ අම්මලගෙ තාත්තලගෙ විමසිලිමත් බව... හොයා බලන බව... හිතන්න කෙල්ලෙක්ගෙ දෙමවුපියෙක්/භාරකාරයෙක් උනාම මීට වඩා කොයි තරම් සැළකි
ලිමත් වෙන්න ඕනද කියල...?

          එහෙම සතියෙ
දවසක ඉස්කෝලෙත් නොයවා සම්පුර්ණ දවසක පංතියකට (Full day class)යවන්න තරම්..?? එහෙම යන.. පංතිය.. තියෙන්නෙ කොහෙද? කවුද උගන්නන ගුරුවරය කියලවත් සොයා නොබලන්න තරම්?

        එහෙම යවල 5ට ඇරෙනවයි කියපු පංතියට ගිය තමන්ගෙ දුව, එක්කන් එන්න ගිය තාත්තට 6.30 වෙද්දිත් දුවව දකින්න වත් නොලැබුනාම...? පරක්කු නිසා පංතිය ළඟට ගියාම දුව වෙන පැත්තක ඉඳන් පංති ඇරෙන්න පරක්කු උනා කියාගෙන ළඟට එද්දි වත්..?


එතනදි මම ප්‍රධාන දුර්වල තැන් කීපයක්ම දකිනව..

* උසස්පෙළ පළමු වසර තුළ පාසල් කාලය තුළ (7.30-1.30) විශේෂයෙන්ම කිසිදු ප්‍රධාන නගරයක අමතර පංති නොපැවැත්වෙන බව (12 වසරේ අධ්‍යාපනය ලබන සිසුන් සඳහා)නොදැනීම, ඒ පිළිබඳ අනවබෝධය...(ලෝකය සමාජය පිළිබඳ අවබෝධයක් නොමැතිකම, common sense නැති වීම )

* එසේ පංතියක් පැවැත්වෙන්නේ නම්, ඒ අදාල පංතිය පැවැත්වෙන ස්ථානය, අදාල ගුරුවරයා හා අදාල පංතිය පැවැත්වීමට හේතුව පිළිබඳ නොසැළකිලිමත් වීම. (කොහොමත් කලින් හේතුව missing නම් මේකත් missing නෙ :ඩී)

*5ට පංතිය අවසන් වන බව කී තම දියණිය 6 වන විටත් නොපැමිණෙන විට පංති පැවැත්වෙන ස්ථානයට ගොස් අදාල පංතිය නිම වීමට ප්‍රමාද වන හේතුව පිළිබඳව වත් සොයා නොබැලීම. අඩුම තරමින් අදාල පංතිය පැවැත්වෙන ස්ථානයට ගොස් ඒ අසල සිටින නිසි පුද්ගලයෙකුගෙන් වත් මේ වනතුරුත් පැවැත්වෙන පංතිය කුමක්දැයි සොයා නොබැලීම.

*6.30 වන විටත් තම දියණිය නොපැමිනීම නිසා පංතිය අසලට යන විට වෙනත් දෙසක සිට දියණිය පැමිණි විට, එසේ පැමිණෙන්නට හේතුව, අදාල පංතිය පැවැත්වුන ස්ථානය හා අදාල ගුරුවරයා පිළිබඳ විමසා එවෙලේවත් එම ගුරුවරයා හමු නොවීම.  විශේෂයෙන්ම උසස්පෙළ හදාරණ තරුණ දැරියකගේ පියෙක්.

* මේ සියල්ලටමත් වඩා තම දියණිය හදාරණ විෂයයන්, අදාල විෂයයන් සඳහා සහභාගී වන අමතර පංති, ඒවා පැවැත්වෙන ස්ථාන මෙන්ම එම අමතර පංති මෙහෙයවන ගුරුවරු පිළිබඳව ඇති ඉතා දැඩි අනවබෝධය... නොදැනීම... නොසැළකිලිමත් වීම.

* දියණිය අදාල දිනයේදි සහභාගී වූ අමතර පංතිය, පංතියේදී කරන ලද ඉගැන්වීම් පිළිබඳ දැනගැනීම සඳහා ඇති නිසි ක්‍රම්වේදයන් නොදන්නාකම. (අවම අවබෝධය, ලෝකය පිළිබඳ නොදැනීම මෙන්ම මේ සියල්ලටත් වඩා තම දියණිය පිළිබඳ නොදැනීම )

(රැකියාවක නියුතු වන මගේ පියා මසකට වරක් වත් මගේ අදාල පංති ප්‍රවේශපත්‍රය, මාගේ අදාල දිනයන් සඳහා වන සටහන් පරීක්ෂා කර ඇත... ඔහුට නොහැකි විට මෙන්ම මට හොරෙන්ද මාගේ මෑණියන් ඒ සියල්ල සිදු කර ඇත :ඩී....ඒ මගේ දෙමවුපියන්ගේ "නිසි ක්‍රම්වේදයන්" පිළිබඳ දැනීමය :ඩී )


------සත්‍ය සිදුවීමක් ඇසුරිණි-----


කොල්ලොන්ට නම් හරි වටිනව මේ වගෙ කෙල්ලන්ව? නේද?
ඒ උනාට....? පව් නේද අර අසරණ අම්ම තාත්ත?
හොඳ කොල්ලෙක්ට අහු උනොත් නම් හොඳයි...
ඒත්...
මම වගෙ කොල්ලෙක්ට අහු උනොත් නම්... අප සරණයි නේහ්? :ඩී

                    ඒ වගේම මේ කෙල්ලත් එක්ක යාලු වෙන කොල්ල කොයි තරම් බුද්ධියෙන් වැඩ කරන කොල්ලෙක් වෙන්න ඕනද මේ කෙල්ලව හසුරවන්න? මම කියන්නෙ හොඳ විදියෙ කොල්ලෙක් ගැන. මොකද බුද්ධිමත් කොල්ලෙක් නම් මම තේරුම් ගත්ත වගේ මෙන්න මේක තේරුම් ගන්නව මේ සිද්ධියෙන්, "මේ ලෝකෙ තමන් ගොඩක්ම ආදරේ කරන තමන්ව චූටි කාලෙ ඉඳල ලොකුමහත් කරල අවුරුදු දහ අටක්ම හොඳින් බලාගත්තු තාත්තට මෙහෙම කරන්න පුලුවන් නම් එයාට වෙන කෙනෙක්ගෙ ආදරයක් වෙනුවෙන්.., ඒ අවුරුදු දෙක තුනක ආදරයක් තියෙන වෙන කෙනාට ඔයිටත් වඩා කොයි තරම් දේවල් කරන්න පුලුවන් වෙයි ද?.. තාත්තට මෙහෙම නම්..?" ;) හෑහ් :@ මම බුද්ධිමත් ලු... ලොල්!!

මගෙ දැනුන විදියට නම් මම කරන්නෙ මෙන්න මෙහෙම දෙයක් -

  • ඉස්සෙල්ලම එයාගෙ අවංකකම මට පෙන්නන්න කියනව.
  • එයාට, මට පිටින් ලෝකෙත් එක්ක සම්බන්ධ වෙන්න පුලුවන් මාර්ග හොයාගෙන එයාට නොදැනෙන්ඩ ඒ මාර්ග වලින් හුවමාරු වෙන දේවල් ගැන හොඳ සැළකිල්ලකින් ඉන්නව....
  • ඊට පස්සෙ හොඳ උපක්‍රමයක් යොදල එයාගෙ අවංකකම පරීක්ෂා කරනව.
  • (ඒ මොහොත වෙනතුරු එයා මට අවංකව කටයුතු කරල තියෙනව නම්... මගෙන් කිසි දෙයක් හංගල නැත්තම් හොඳයි. මට විස්වාසය තියන්න පුලුවන්. ඒත් අර දෙවෙනි කරුණ දිගටම කරනව.)
  • (එයා මගෙ විස්වාසය බිඳල තියෙනව නම්, එක වතාවක් හෝ දෙපාරක් සමාව දෙනව. ඒත් තුන් හතර පාරක් සමාව දෙන්න යන්නෙ නම් නෑ. )
  • මේ සියල්ල සිදු වෙනව වගේම ඒ මාර්ග වලින් හුවමාරු වෙන දේවල් මම දැනගන්න විදිය කෝමටවත්ම එයාට දැනගන්න අරින්නෙ නෑ.
  •  විස්වාසය තියන්න බැරි නම් ඒ හේතුවත් ඇතුළුව ප්‍රායෝගික නොවන හේතුවක් දාල සම්බන්ධය නවත්තන බවක් අඟවනව... එතනදි එයාගෙ තීරණය මත සම්බන්ධය නවත්තන හෝ දිගටම ගෙනියන එක තීරණය කරනව.



මේ ගැන සම්පූර්ණ අදහස් ඕන මට ඔයාලගෙන්.... ඔයාල මේ ප්‍රශ්නෙ දකින විදිය...  ඔයාට දැනුන විදිය... මට දැනුන විදියට මම කරනවයි කියපු දේව ගැන ඔයාගෙ අදහස..... මම හිතන්නෙ.. මේකට දරුවො ඉන්න දෙමවුපියො වගෙම ආදරවන්තයින්ගෙත් අදහස් ගොඩක් ඇති මේ ගැන...

                                                  ---------ස්තූතියි---------



22 comments:

  1. විස්වාසය තියන්න බැරි නම් ඒ හේතුවත් ඇතුළුව ප්‍රායෝගික නොවන හේතුවක් දාල සම්බන්ධය නවත්තන බවක් අඟවනව... එතනදි එයාගෙ තීරණය මත සම්බන්ධය නවත්තන හෝ දිගටම ගෙනියන එක තීරණය කරනව. .....................// මෙටික නම් අල්ලුවේ නෑ//

    ReplyDelete
    Replies
    1. හෙහේ..
      ඔයාට අහු උනා හරියටම හරි එතනදි..
      ;)

      මොනව උනත් අපිටත් හෘදසාක්ෂියක් තියෙනව නෙ... ඒකට සාධාරණව වැඩ කරන්න ඕන අපි මොන දේ කලත්...

      Delete
  2. කලෙකින් මෙ පැත්තෙ ආවෙ කතාව නම් ඇත්ත....

    ReplyDelete
    Replies
    1. ඔව්... වැඩකටයුතුත් එක්ක හුග දවසකින් ලියන්නත් බැරි උනා නෙව...

      Delete
  3. අනේ මං නං ඔවුවා කරන්න යන්නෑ බං...
    මුල ඉදංම විස්වාස කරනවා...
    එතකොට කිසි අවුලක් නෑනේ...
    පරීක්ෂණ පවත්ව පවත්ව ඉන්න ගියොත් කෙල්ල බලයි මේ යකාට මාර සැකයක්නේ තීන්නේ කීලා...

    ReplyDelete
    Replies
    1. මුළ ඉඳලම විශ්වාස කලාට කාරි නෑ..එහෙම කෙනෙක්ව නම්...
      ඒත් මෙහෙම කෙනෙක්ට ඒක හරියන්නෙ නෑ..

      තමන්ට ඔප්පු කරල පෙන්නන්න සාක්ෂි නැත්තම් පරීක්ෂණ කරල වැඩක් නෑ.. කොහොමත් සාධාරණ සැකයක් නැත්තම් පරීක්ෂණයක් කරන්නෙත් නෑ නෙව...
      ;)

      සැළකිල්ලෙන් ඉඳල එයාට නොදැනෙන්න... ඔප්පු කරන්න පුලුවන් සාක්ෂි හම්බ උනොත්... සාධාරණ සැකයක් මත පරීක්ෂා කරල බලන එකෙ වරදක් නෑ කියලයි මට නම් හිතෙන්නෙ.. නියපොත්තෙන් කඩන්න තියෙන එක පොරවෙන් කපන්න තරම් වෙනකම් බලන් ඉඳල එහෙම උන දවසකට දුක් වෙනවට වඩා මේ විදිය හොඳයි කියලයි මට නම් දැනුනෙ...
      මන්ද ඉතින්... ඒක මට දැනුන විදිය නෙ ඕන්...
      :ඩී

      Delete
  4. ම්! පිලිවෙල හොඳයි!

    ReplyDelete
    Replies
    1. ආහ් හහ් හා...
      අන්න එතනදි සයන්ස්කාරයොත් මගෙත් එක්ක එකඟයි වගෙ...
      :ඩී

      Delete
  5. අනේ මන්දා.... පරීක්ෂණ කොරන්න ඉස්සර කෙල්ලෙක් හොයාගෙන ඉන්න එපැයි.

    ReplyDelete
    Replies
    1. හිකිස් ඒකත් ඇත්ත නෙ..

      අස්සය ගේන්න කලින් ඉස්තාලෙ ගහල වැඩක් නෑ නෙ...
      අස්සය ගෙනාවට පස්සෙ එපැයි අස්සයගෙ හැටි බලල, හීලෑකම බලල ඉස්තාලෙ ගහන්න ඕන..


      :ඩී

      Delete
    2. ඒකනේ.අස්වයෝ ගොඩාරියක් ඉන්නවා.තොරගත්තා කෙනෙක්.පස්සේ බලදි මේන්න එයාට ඉන්නවා හාම්පුතෙක්.මට කලින් අස්වයාව අරන්නේ.

      Delete
    3. හෙහේ... කතාවක් තිබේ...
      කෙල්ලෙක් හොයන්නේ තමන්ගේ අනාගතය සාර්ථකව ගෙවිය හැකි කොල්ලෙක්ව ය... එහෙත් කොල්ලෙක් හොයන්නේ තමුන්ගේ අතීතය සාර්ථකව ගෙවූ කෙල්ලෙක්ව ය...

      පොඩ්ඩක් අතීතෙත් හොයල බැලුව නම් හොඳයි වගේ නේද?
      :)

      Delete
  6. මේව කිය කිය කරන දේවල් නෙමේ.

    ReplyDelete
    Replies
    1. ඔව් හැබැයි... කිය කිය කරන වැඩ නම් නෙමෙයි තමයි.... ඒත් මේව දන්නෙ නැති ඈයොන්ව දැනුවත් කරන්න ඕන නිසයි ලියල දැම්මෙ....
      අපි විතරක් කාටවත් නොකිය මේව කලා ට නොදන්න උන් පව් නෙ... එයාලව අමාරුවෙ වැටෙන්න කලින් පොඩ්ඩක් දැනුවත් කලොත් හොඳයි නේද කියල හිතුන නිසා ලියල දැම්ම අෆ්ෆ...
      :)

      Delete
  7. හ්ම්ම්..ඔයා කිව්ව ටික මරු :)
    ජය!

    ReplyDelete
    Replies
    1. අහ්....

      ස්තූතියි හිරිහිමාවි...
      :)

      Delete
  8. ඇත්ත.... දෙමව්පියෝ තමන්ගේ ළමයි ගැන මීට වඩා අවධානයෙන් ඉන්න ඕන තමයි... ඒ වගේම හිට්ලර් වගේ නොවී ආදරෙන් ඉන්නත් ඕන... ළමයි එයාලට බය නම් මොකුත් කියන්නේ නෑ...

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මමත් කියන්නෙ... විශේෂයෙන්ම ගෑණු ළමයෙක්ගෙ දෙමවුපියො මීට වඩා සැළකිලිමත් වෙන්න ඕන මීට වඩා කියන අදහසේ මම නම් ඉන්නෙ... තේරෙන ලෝකෙ ගැන ස්මාජය ගැන දන්න ටිකක් කපටි විදියෙ කෙල්ලෙක් නම් ලෝකෙ කාල වතුර බීල හරි බේරේවි... ඒත් අහිංසක කෙල්ලෙක් ගෙ කතාව මේ වගෙ උනොත් එහෙම?

      අම්මල දරුවන්ට ගොඩක් සමීපව ඉන්නව නම් මේ ප්‍රශ්න ගොඩක් අඩුයි... ඒත් එහෙමයි කියල.. ටිකක් ලොකු වයසක ඉන්න දරුවෙක්ට අම්මලට කියන්න බැරි දේවලුත් තියෙන්නෙ බැරිකමක් නෑ නේද?
      :)

      Delete
  9. දෙමව්පියෝ නම් ගොඩක් තමන්ගේ දරුවෝ ගැන හොයලා බලන්න ඕන තමා... ඒක නෙවෙයි... අර අනිත් බ්ලොග් එක තියලා තියෙන්නේ මට ලියන්ඩද? ජූලි මාසෙන් පස්සේ මෙලෝ දෙයක් ලියලා නෑ... ලියන්න ලියන්න... ඒකෙ හරි වැදගත් ලිපි ගොඩක් තියෙනවා...වැදගත්කම සම්පූර්ණ වෙන්නේ බ්ලොග් එකේ ලිපි ගාන වැඩි වුණාම... ඉලෙක්‍ ට්‍රොනික් වල ලියන්ට තියෙන දේවල් කියලා ඉවර කරන්න බෑ නේ... දිගටම ලියන්න... ඕං ඊළඟපාර එනකොට පෝස්ටුවක් දාලා තිබුනේ නැත්නම් කම්ප්ලේන් කරනවා අඩවි රජාට...එහෙනම් මං යනෝ...

    ReplyDelete
    Replies
    1. ඔව්... දරුවන්ට ගොඩක් සමීපම නොවුනත්... සොයා බලන එක නම් ගොඩක්ම වැදගත් කියලයි මම නම් හිතන්නෙ....
      ජීවිත කියන්නෙ සමහරුන්ට සෙල්ලමක් වෙච්ච සමාජයක ජීවත් වෙන අපිට වැරදිම් සිද්ධ වෙන්න තියෙන අවස්ථා බොහෝම වැඩියි බෝම පුංචි කාලයක් තුළ....


      අහ්... ඒක ලියන්ට පොඩ්ඩක් පරක්කු උනාට සමාව භාජනය කරන සේක්වා...
      කලබල අස්සේ හිතට නිදහසක් ලැබුනෙ නැති නිසයි ටිකක් ප්‍රමාද උනේ.... ළඟදිම ඒකෙත් වැඩ පටන් ගන්නව..
      :)

      ස්තුතියි අළුත් මල්ලි....

      Delete
  10. අනිවා පවනි කොල්ලෝ අතරෙත් ඉන්නවා ඔය වගේ උන්..

    ReplyDelete
    Replies
    1. ඔව්.. ඔය කිවුවට දෙගොල්ලොම ඉන්නව ඔය වගේ....
      ඒත් කොල්ලන්ට වගෙ නෙවෙයි.. කෙල්ලන්ට අවධානම වැඩියි නෙ ඔය වගෙ වැඩ වල....
      වයසෙ වැරැද්ද ද දන්නෙ නෑ.. උන්ට ඒක දැනෙන්නෙ නෑ... ඒක එහෙම වෙන්න ඇති.. අපිටත් ඔය කාලෙ ඔය වගෙ අවධානම් දැනුනෙ බොහොම අඩුවෙන්ම නෙ...

      Delete

මම ලියන ඒව ගැන අදහසක් තියෙනව නම් ලියල යන්න... හැබැයි එහෙම නොකල කියල මම තරහ වෙන්නෙත් නෑ... :) කරදර කලේ නැතත් හිතේ කහටක් නැතුව එක කොමෙන්ටුවක් වත් දාල යන්න පුලුවන් නම් මට ඔයාලගෙ ඒ එක කොමෙන්ටුවක් රටකට රාජ්ජෙකට වඩා වටිනව.... ....