javascript:void(0)

Wednesday, June 13, 2012

මංසන්ධිය

..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."

^^^^^^^
->->->->->->->-^-^-^-^-^->->->->->->->->
හිතෙනවද
ඔයාට;
ඔයාගෙ ජීවිතේ
ලැබුණු දේවල් වලට
වඩා
නොලැබුණ දේවල්
වැඩියි කියල???
දුක් වෙන්න එපා....
අපි හිතන්නෙත්
ඔයා හිතන විදියටම
තමයි
ඒත්.....
වෙනස
ඔයා තාමත්
ඒ ගැන හිතන එකයි
අපි
තව දුරටත්
ඒ ගැන, 
නොහිතන එකයි...
වෙනස් වෙන්න..

 වහාම...!!!
^^^^^^^
->->->->->->->-^-^-^-^-^->->->->->->->->




දිනය - 2011.03.16
ස්ථානය - බුත්පිටිය මධ්‍ය මහා විද්‍යාලය,මහර
අවස්ථාව - මැතිවරණ රාජකාරි (මැතිවරණ දිනයට පෙර දින )

31 comments:

  1. හැමදේම මිනිස්සුන්ට ලැබෙන්නේ නැහැ.... ඒක ලෝක සොබාවය

    ReplyDelete
    Replies
    1. අන්න ඒක තමයි අපි තේරුම් ගන්න ඕන.. එහෙම නොලැබෙන දේවල් ගැන වගෙම නොලැබිච්ච දේවල් ගැනත් හිත හිත පසුතැවෙන එක තේරුමක් නෑ කියලයි මටත් හිතෙන්නෙ...

      Delete
  2. පට්ට කතාව....ඇත්තටම මෙහෙමයි වෙන්න ඕනි...

    ReplyDelete
    Replies
    1. ටිකක් අමාරුවෙන් උනත් කරගන්න පුලුවන් එක තමයි වටින්නෙ...

      Delete
  3. මට නම් මේකට එකහෙලාම එකග වෙන්න බෑ. නොලැබුන දෙවල් ගැන දුක් නොවුනත් ඒ ගැන නොහිතා හිටියොත්, ඒ කියන්නෙ බලාපොරොත්තු තියාගත්තෙ නැත්නම් ලෝකය එකම තැන....

    ReplyDelete
    Replies
    1. බලාපොරොත්තු ඕන..
      ඒත් දුක් වෙන එක, පසුතැවි තැවි ඉන්න එක, ඕනවට වඩා ඒ ගැන හිතන එක තේරුමක් නෑ මම නම් හිතන්නෙ...

      Delete
  4. බලපොරොත්තු මිනිසා ජිවත් කරවනවා...හැබැ අන්තෙට නොයා.....

    ReplyDelete
    Replies
    1. ++
      කිසිම දෙයක් ඕනවට වැඩියෙන් ඕනම නෑ,,,!!

      Delete
  5. අපි කව්ද එතකො‍ට ඔයා කව්ද?

    ReplyDelete
    Replies
    1. වෙනස් වෙච්ච අය අපි.... නොවුන අය ඔයා..
      :)

      Delete
  6. "වෙනස් නොවන එකම දේ වෙනස් වීමනේ" ඒකනිසා වෙනස් විදියට හිතන ඒක හොදයි තමා ...

    ReplyDelete
  7. නොලැබුනු දේ ගැන සිතා පලක් නැහැ... :)

    ReplyDelete
    Replies
    1. ඕනවට වඩා හිතන දුක් වෙන එක තේරුමක් නෑ...!!
      :)

      Delete
    2. @‍ප‍ව‍නි,
      ‍දුක්‍ ‍වෙන්‍‍නෙ ‍ඕ‍ගොල්‍‍ලො ‍නෙ , ‍සො‍බා‍ද‍හ‍ම ‍මි‍නිස්‍‍සුන්‍‍ට ‍දුන්‍‍න ‍දා‍යා‍ද‍යක්‍ ‍ත‍ම‍යි ‍කා‍ල‍යත්‍ ‍එක්‍‍ක ‍ත‍මන්‍‍ට ‍එ‍න ‍දුක්‍ ‍ක‍ර‍ද‍ර ‍හි‍තෙන්‍ ‍අ‍ම‍ත‍ක ‍ක‍ර‍ල ‍ජී‍වත්‍ ‍වෙන්‍‍න ප්‍ර‍යෝ‍ජ‍න‍වත්‍ ‍දෙ‍යක්‍ ‍ක‍රන්‍‍න ‍ඉ‍ඩ ‍ස‍ලස්‍‍ව‍ල ‍ති‍යෙ‍න ‍එ‍ක . ‍ඒ‍කෙ ‍ආ‍ය ‍විග්‍ර‍හ ‍ක‍රන්‍‍න ‍දෙ‍යක්‍ ‍නෑ‍නෙ . ‍‍අ‍පි‍අ ‍ඕ‍න ‍කෙ‍නෙක්‍ ‍දන්‍‍න ‍දෙ‍යක්‍ ‍ගැ‍න ‍ආ‍ය ප්‍රශ්‍‍න ‍ක‍රන්‍‍නෙ ‍මො‍ක‍ට‍ද? , ‍ඒ‍ක ‍හ‍රි‍ය‍ට ‍නි‍කන්‍ ‍ම‍ගේ ‍න‍හ‍ය ‍ගැ‍න ‍ම‍ට ‍කි‍ය‍ල ‍දෙන්‍‍ඩ ‍එ‍න‍ව ‍ව‍ගේ ‍ව‍ඩක්‍ ‍නෙහ්‍ ............................... ‍හහ්‍ :

      Delete
    3. ඒත් ඒ වගෙ ප්‍රශ්නෙකට වැටුනම ඔය වගෙ දේවල්.. ඔය මොරාල් එක හිතට එනව අඩුයි නෙ ඇනෝ...
      හැමෝම එක වගෙ නෑ නෙ.... පහසුවෙන් දරාගන්න ඔයාල වගෙම අමාරුවෙන් දරාගන්න අයත් ඉන්නව ඇනෝ මේ සමාජෙ...

      "අ‍පි‍අ ‍ඕ‍න ‍කෙ‍නෙක්‍ ‍දන්‍‍න ‍දෙ‍යක්‍ ‍ගැ‍න ‍ආ‍ය ප්‍රශ්‍‍න ‍ක‍රන්‍‍නෙ ‍මො‍ක‍ට‍ද?" කියල ඇනෝ මගෙන් අහනව නම්.... මොකද කියන්නෙ ඇනෝ ඔය කමෙන්ට් එකට දාල තියෙන ටිකම මමත් දන්න නිසා ඇනෝ කරන්න හදන්නෙත් " "ඒ‍ක ‍හ‍රි‍ය‍ට ‍නි‍කන්‍ ‍ම‍ගේ ‍න‍හ‍ය ‍ගැ‍න ‍ම‍ට ‍කි‍ය‍ල ‍දෙන්‍‍ඩ ‍එ‍න‍ව ‍ව‍ගේ ‍ව‍ඩක්‍ ‍නෙහ්‍" කියල කිවුවොත්?
      :ඩී

      Delete
  8. ඔය කිව්වට කරන්න අමාරුම වැඩෙත් ඕකම තමා.

    ReplyDelete
    Replies
    1. ඔව්... මමත් හොඳට දන්නව ඕක කොයි තරම් අමාරුද කියල...
      ඒත්..
      අපේ ගොඩ ඒම තියෙන්නෙ අමාරුවෙන් හරි ඕක කරගැනීම මත තමයි කියන එක අවබෝධ වෙනකොට ටික ටික, අමාරුවට වඩා හිත හයිය වෙනව...
      :)

      Delete
  9. හ්ම්ම්ම්..... ඇත්ත!

    ReplyDelete
  10. අනේ මං නං ඔ්ව හිතන්නෑ!

    ReplyDelete
    Replies
    1. හහා...
      ඔව් ඔව්... ඒක සරීර සෞඛයට හොඳයි තමයි..
      ;)

      Delete
  11. බැ මට කැමරාව නම් ඔනිමයි.. !

    ReplyDelete
    Replies
    1. දුක් වෙන්න එපා..
      අපි ලොකූ කැමරාවක් ගමු!!
      :ඩී

      Delete
  12. වෙමුකෝ වෙනස්..... :-)

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. හහා.....

      එසේම වේවා රජතුමෝ...!!

      Delete
  13. ජීවිතේ ලැබීම් වලට වඩා හිමි උනේ නොලැබීම්
    ඒ මොන දේ නැති උනත් දරාගෙන උන්න නම් තමයි

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මමත් කියන්නෙ.. ප්‍රශ්නයක් උනාම... එවෙලෙට අපි ගොඩක් හැඟීම්බර වෙලා.. ගොඩක් කල්පනා කරල.. ඒක තමයි ලොකුම ප්‍රශ්නෙ.. කවුරුවත් මේ තරම් ලොකු ප්‍රශ්නෙකට මූණ දීල නෑ කියල අපි අපිවම උස්සගෙන උඩින් තියාගත්තට... ප්‍රශ්නෙ වෙලා අවුරුදු 3,4කට පස්සෙ ඒ දිහා බලපුවම.. අයියෝ. මේ පොඩි දේට නෙ මෙච්චර ඔලුව උඩ තියන් ලොකූ ප්‍රශ්නයක් විදියට අරගෙන ජීවිතෙත් නාස්ති කරගත්තෙ කියල හිතෙන්නෙ... ඒත්.. ප්‍රශ්නෙට මූණ දීල ඉන්න වෙලාවට ඕක කොච්චර කිවුවත් අපේ හිත් සූදානම් නෑ නෙ අෆ්ෆ එවෙලෙට ඕව පිළිගන්න..
      :)

      ස්තූතියි මලේ...
      මට කියන්න ඕන උන දේ ඔයා හරියටම ගත්ත..

      Delete

මම ලියන ඒව ගැන අදහසක් තියෙනව නම් ලියල යන්න... හැබැයි එහෙම නොකල කියල මම තරහ වෙන්නෙත් නෑ... :) කරදර කලේ නැතත් හිතේ කහටක් නැතුව එක කොමෙන්ටුවක් වත් දාල යන්න පුලුවන් නම් මට ඔයාලගෙ ඒ එක කොමෙන්ටුවක් රටකට රාජ්ජෙකට වඩා වටිනව.... ....