javascript:void(0)

Wednesday, January 11, 2012

ගාල්ලෙ ගෙට්ටුව සහ “The අපිට වෙච්ච දේ Show”

..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."

                   ඔන්න ඉතින් හෙට උදේ 6 වෙද්දි කොළඹට යන්ටය කියල මටත් ට්‍රේන් එකක් ගන්ට සිතාලා ගත්ත කෝල් එකක් ඉස්ටේසමට. "හරි මගුලක් නෙ, තමුසෙට යන්ට ඕන වෙලාවට ට්‍රේන් දෙන්ට තමුසෙ වෙල්ගමගෙ පුතා ය කියලය හිතන් ඉන්නෙ "කියල අහපි ඉස්ටේසන් මාස්ටර්!!.
 
                   ඔක්ක කොරන්ටය... ඉතින් 05.05 ට්‍රේන් එකේ 6 වෙනකොට මම කොටුවෙය ඕන්.. ( වැරදියට හිතනව එහෙම නෙමෙයි, මේක ඉස්ටේසම ) කොටුවෙ ඉස්ටේසම ඉස්සරහ බස්ටෑන්ඩ් එකේ ඉඳගෙන ඉන්නකොට කවුද කොල්ලො තුන් තෙනෙක් (තුන් දෙනෙක් කිවුවට එකෙක්ට පට්ට වයසයි, තව එකෙක්ගෙ ඇඟිල්ලක අප්සට් එකක්) මොකක්දෝ ගාල්ලෙ යන එකක් ගැන කතා කොරනව මට එහා පැත්තෙ ඉඳන්... ඒ අස්සෙ හිටපු තුන් කාලෙ කලිසමකට බැහැගත්තු එකෙක් කියපි, ඒ මම නාකිය බං"කියල.. විළි ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ.... !!

                    ඔන්න ඉතින් හයත් වෙලා තිඋන නිසා උදෑසන ආහාරය, අතුරුපස සහ විටමින් ප්ලෑනත් (කාගෙද මන්ද ප්ලෑනක් ලු ඕන්) කැන්සල් කොරල වර්ණා කෙල්ලගෙ කිරිටොපි ටිකක් වත් කාල ඕන් බඩ පුරවගන්ට හිතාගෙන කොට්ටාවට යන්ට බස් එකේ යනවලු... ඒ අස්සෙ බස් එකේ සේරම බලනව කවුද මේ ලස්සන කෙල්ලත් එක්ක යන ඇඟිලි කෑල්ල කියල... ලොල් ය..
 -----------------------------------------------------------------------------------------------------
“The අපිට වෙච්ච දේ Show” එක මෙතනින් බලාලා එන්ටකෝ ඕන්...
------------------------------------------------------------------------------------------------------
 $#@%#$^%$^&&%^&*^&(^&()^&*$^$#%@#$!~$!@%^#$^&%$&%^

-------------නිසි බළධාරීන්ගේ දැඩි ඉල්ලීම පරිදි මෙයි තිබූ ඡායාරූප දෙක ඉවත් කරන ලදී. (දුටු විටම ඇති වන වැරදි වැටහීම ප්‍රධාන හේතුව බවද දැනගන්නට ලැබුණි )-------------

        ඒ අතර අප ගමන් ගත් වාහනයේ සිටි ළඳුන් දෙදෙනෙක්, ඇඟේ ගෑවාම සුදු වෙනව නම් මූණෙ ගෑවම මොක කියා සොබාවික රහස් බොඩි ලෝසන් මූනේ උලා ගැනීමටද අමතක කලේ නැත.  කෙසේ හෝ අප රූමස්සලට පැමිනෙන විට අපගේ පැමිණීම පිළිබඳව අයෙක් සිහින දකිමින් පසු වූ බවක් දක්නට තිබිනි... ඉන්පසු සිදු වූ සිදුවීම බොහෝ දෙනෙක් දන්නා නිසා ඒ ගැන කතා නොකරමි. 


ආපසු කොළඹ කරා පැමිණීමේදී සිදු වූ ඔබ නොදත් සුවිශේෂී සිදුවීම මෙන්න...


       අතර මගදී සිදු වූ ශක්තිමත් පානය මිළදී ගැනීම නිසා නොසංසුන් වූ බස් රථයේ මගීන් වහ වහා ඒ බව වසන් කිරීම සඳහා ගීත ගායනය ආරම්භ කිරීය. ඒ අතරින් දහයේ කණුව දොළහට වැදුනු වයසක පුද්ගලයා විසින් තම ගීත ගායන හැකියාව තම ජීවිතයේ අමරණීය මතක සටහන් ගළපමින් විශිෂ්ට ගීත ගායනයක නිරතවීය.....

දිලීප ගෙන් - 8

වයසක මනුස්සයාගේ වයසට නොගැළපෙන ගීතය

කමොන් ගායිස්... දිස් ඉස් ද වේ වී රොක් දෙ බ්ලොග් ගායිස්
සෝ නායිස්....
:ඩී
:ඩී  :ඩී  :ඩී

මත්පැන් පානය ශරීරයට අහිතකරයි . එයින් අංශභාගය (එනම් ශරීරයේ පැත්තක් පණ නැති වීම), ඇස් පෙනීම දුර්වල වීම, කුඩා මොළය ක්ෂය වීම, මතකය අඩු වීම සහ සිහිය මද වීම, (Dementia) අත් පා දැවිල්ල පමණක් නොව නින්ද නොයාම වැනි රෝග ඇති වීමටද හේතුවේ.!!
ප.ලි. - පසුව දැනගන්නට ලැබුනේ අයිංස්ටයින් විසින් නිපදවන ලදුව ස්ටීව් ජොබ්ස් විසින් වැඩි දියුණු කරන ලද අයිස්කැට පන්නයේ ඔරලෝසුවක් භාවිතා කිරීම නිසා වර්ණනාගේ සියළු වැඩ පිළිවෙල ප්‍රමාද වූ බවයි. පසුව සොයා ගැනුනේ දින ගණනක් තිස්සේ නොසෝදන ලද හස්ථයක එය බැඳ තැබීමෙන් එයට ඇතුළු වී තිබූ විශේෂ ඔක්සයිඩයක් නිසා ඔරලෝසුවේ තත්පර කටුවේ ප්‍රවේගය අඩු වී තිබූ බවයි...
 සංයුක්ත ගණිත උපදෙස් - ඇඟිල්ලකිනි.

ප.ප.ලි. - සම්පූර්ණ ගමන තුළ සිදු වූ භයානකම සිදුවීම.!!



නමට වඩා පඩියට ලොල් වී සිදුකළ පාපතර ක්‍රියාව - එල්ලා මැරීම!!!

මෙහි එන ලොල් සිංහල බාසාවේ එන ලොල් = ආශාව, ලෝබ වීම බව සලකන්න













අපි සමූහ ඡායාරූපයක් ගැනීමට සෙට් වූ හැටි  (පිංතූරය පාට පාට කෙල්ලගෙනි)











අපි ගත්තු සමූහ ඡායාරූපය (පිංතූරය පාට පාට කෙල්ලගෙනි)



ස්තූතිය - මෙම අවස්ථාව සංවිධානය කළ අභීත අයියා, රංග අයියා, මගේ මරණය, රාජ් අයියා ඇතුළු නම් වශයෙන් සඳහන් නොකල සිංහල බ්ලොග් කලාවේ ප්‍රවීන සහ ජ්‍යේෂයින්ටත්, විශේෂයෙන්ම කොළඹ සිට මෙම අවස්ථාවට සහභගී වූ පිරිස මනාව සංවිධානය කොටගෙන බාධක කම්කටොළු මධ්‍යයයේ එම කටයුත්ත සාර්ථකව නිම කළ රාජ් අයියාට මාගේ  හදපිරි ස්තූතිය.

28 comments:

  1. මෙන්න අපි නොදන්න ටිකක්.. එල ඈ.... ඔය බස් එකේ ටිකක් තවා දාපං...

    ReplyDelete
  2. අර කොහොමද බං අරක අල්ලන්නෙ නැතුව බොන්නෙ අර පාට පාට ගෑනු ළමයා... අපිටවත් බෑනෙ.... :(

    ReplyDelete
    Replies
    1. poddo ewata krama saha vidi thiyenawaaa

      Delete
  3. ඒවා ක්‍රම සහා විදි පොඩ්ඩෝ.. :ඩි

    ReplyDelete
  4. @ පොඩි මෑන් - ඕව මල්ලි ගාල්ලෙ වත් ලොවෙත් නැති සිස්ටම් තමයි... අපේ අයියලගෙ ගුරුහරුකම් වල ප්‍රතිඵල...බලහල්ලකො එයාගෙ ටැලෙන්ට් එක....

    ඒ මදිවට මටත් ඕක පොවන්ට හැදුව...... අනූ නමයෙන් බේරුනේ....

    :ඩී

    ReplyDelete
    Replies
    1. පවනි අක්කිටත් ඔහොම ඉගන්නුවද අක්කි ? :P

      Delete
    2. හහ්... අපි නම් බොයි ඔය ජරාව... මාර ගේමක් දුන්නෙ වර්ණා කෙල්ල මටත් ඕව පොවන්ට.... හිකිස්.... සිස්ටම් එක නම් දනී...

      Delete
    3. මුන් මාව මුලාවේ දාලා ඔය පින්තුර කැල්ල ගත්තේ. මම බොන්නේ නැහැ ඔය මල ජරාව :/

      Delete
    4. ඒම තමයි කියන්නෙ.. අයින්ස්ටයින්ගෙ ඔරලෝසු පාවිච්චි කරන මේ තරම් බුද්ධිමත් පාට පාට කෙල්ලව මුලාවෙ දාන්ට?
      හිකිස්....
      දන්නෝ දනිති.. අපි නම් හොඳින්ම දනිති...!!
      ලොල් ය!!

      Delete
  5. @ වර්ණා - එකෙන්ම... නැද්ද පැට්ටො..... :ඩී

    ReplyDelete
  6. හොදා හොදා! හදුනගන්ට ලැබීම සතුටක්.:D

    ReplyDelete
  7. අලේ මගෙ පවනි කෙල්ලත් පෝස්ටුවක් දාල නෙව.මොනා උනත් අනිත් අයගෙන් නොකියවුනු දේවල් ටිකක් තිබුනා.කොහොමින් කොහොම උනත් උබේ ලිංගික විපර්යාසෙ නිසා ගෙට්ටුවෙදි මගෙ බලාපොරොත්තු බිඳුන බොල :O ;D

    ReplyDelete
  8. @ යසයා - මටත් එසේමැයි.... හඳුනාගැනීමට ලැබීම සතුටක් ඕන්...


    @ සඳකිඳුරා - අයියෝ සල්ලි.......
    හිකිස්...... සඳ කිඳුරාගේ පමණක් නොව, නම් සඳහන් කල තවත් කීපදෙනෙක්ටම අත් වූයේ එකම ඉරණම බව ඉතාමත් සංවේගයෙන් දන්වා සිටිමි. :ඩී

    සෑහෙන්ට බොන්ට වුනා නේද ඒ නිසා....
    ;)

    ReplyDelete
  9. එල්ලා මැරීමට තීරණය කලේ “පඩි තකා“ නොව..කාන්තාවකගේ නමක් භාවිතා කරමින් පිරිමියෙක් සිටීම හා ඇන්දවීම වෙනුවෙන්ය

    ReplyDelete
    Replies
    1. ඇන්ඳවීම හෝ කාන්තාවකගේ නමින් ඇගේ හැකියාවකි.... හිකිස්....
      හා නැද්ද හා???

      ඒසේ වුවත් බුද්ධිමත් ජනතාව වන ඔබලා එසේ ඇඳීමට හේතුව කිම්?

      තවත එම කරුණ සම්බන්දයෙන් ඔබ හේතු දක්වන්නේ කිම?
      "අහ්... අයියද ඔය වැඩේ කලේ???" ලොල් ය

      :D :D :D

      Delete
  10. වර්නා අක්ක මර මැජික් කාරියක්නෙ බලනකොට.....හිකිස්......

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි බෝල අවුරුදු ගානක ප්‍රැක්ටිස් එක හැක හැක

      Delete
    2. ආවූ...
      බෝල අවුරුදු... අධික අවුරුදු වල පස්සෙ ආපු වර්ශන් එක..
      :D

      Delete
  11. බලන් යනකොට ගෙට්ටුවේ කාන්තාව වර්ණ අක්කනේ!...ලොල්!

    ReplyDelete
  12. ආහ්...මේ ඉන්නෙ පවනි මලයා නේද???? හොදා හොදා.... :))

    ReplyDelete
    Replies
    1. ආ??
      කෝ කොහෙද කොහෙද???

      :D

      Delete
  13. adoo cream gala newei mechchara lasana une haroida ... oya nikan asawata api cream tikak ga gaththe..? muna welenawata climate eka wenas una hinda ... :D lol

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. ඒක ඇත්ත.. ඔය සිරියාවන්ත පිංබර මූණු පොඩ්ඩ ලස්සන වෙන්න ඇත්තෙ නම් ක්‍රීම් ගල නෙවෙයි වෙන්ට ඇත් තමා ඕන්....
      :xD

      ආ......??
      ක්ලයිමේට් වෙනස් වෙන්ට???
      අයි මර්වින් මාම ඒ පැත්තට වහලයක් ගහල වායුසමීකරණය කළාද???
      lolz!

      Delete
  14. ඒ උබේ තට්ටෙ ගැනත් ලියපිය.. :P

    ReplyDelete

මම ලියන ඒව ගැන අදහසක් තියෙනව නම් ලියල යන්න... හැබැයි එහෙම නොකල කියල මම තරහ වෙන්නෙත් නෑ... :) කරදර කලේ නැතත් හිතේ කහටක් නැතුව එක කොමෙන්ටුවක් වත් දාල යන්න පුලුවන් නම් මට ඔයාලගෙ ඒ එක කොමෙන්ටුවක් රටකට රාජ්ජෙකට වඩා වටිනව.... ....