javascript:void(0)

Thursday, January 12, 2012

අදහස් දෙකක් අතර පරතරය

..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."

                    මේක එක දවසක මයෙ ෆේස්බුක් ස්ටේටස් එකක් ඕන්.....දුකෙන් හිටපු දවසක් නම් නෙමෙයි.. ඒත් අනේ මන්ද....




                    " කවුරුත් නැහැ. මම විතරයි. මම හරි කැමතියි මේ වගේ ගොඩක් අය ඉන්න තැනක මැද්දක ඉන්නකොට දැනෙන තනිකමට... මම හිතන්නෙ මම ඒ තනිකමට ආදරේ කරනව.

                 මට තේරෙන්නෙ නෑ. මට දැනෙන්නෙ මෙච්චරයි. ඒ දැනෙන තනිකමට මම ගොඩක් ආසයි ඒකෙන් මම තව තවත් අසනීප වුනත්!!! හිතට එන අදහස් දෙකක් අතර පරතරයෙදි දැනෙන නිහඬ තනිකමට මම ගොඩක් ආදරේ කරනව..."

           ඔය වෙලාවෙ කවුරුවත් ඔන්ලයින් හිටියෙ වත් නොටිපිකේසොං එකක් වත් තිඋනෙ නැති මහ පාළු වෙලාවක්.... අනේ මන්ද.... හිතාගන්න බෑ මොන විදියෙ සතුටක් මට දැනුනද කියල නම් ඒ වෙලාවෙ...



2010.07.08   09.20p.m.

21 comments:

  1. මුලින් යුගල වී පසුස විඳවනවාට වඩා තනිකම ටොප්ම අාතල් එකකි!

    ReplyDelete
  2. ඔව්... ඒකෙත් පට්ට ආතල් එකක් නම් තියේ....
    මම තවමත් ඒ ආතල් එක ගනිමි....

    ReplyDelete
  3. ඕක තනිකම නෙමෙයි බොස්!
    හුදකලාව!
    අපි හුදකලාවට කැමතියි!
    තනිකමට තමයි අකමැති!

    ReplyDelete
    Replies
    1. ඒමෙයි....? එහෙම වෙන්ට ඇති එහෙනම් ඕන්... මමත් ඕකට ඒ තරම් කැමති ඒ නිසාම වෙන්ට ඇති..

      Delete
  4. මේ පෝස්ට් එකට නම් කියන්න තියෙන්නෙ මට මුනිවත හොදයි දෙබසින් දුක වෑඩි හින්දා කියල තමා. තනිකම හොදයි හිතට දුක නොදෑනේ නම්

    ReplyDelete
    Replies
    1. හිතට දුකක් නොදැනෙන කිසිම දෙයක් නෑ නෙ හංසියො මේ ලෝකෙ... කිසිදු දෙයක් ගත යුත්තක් නැත... සෑම දෙයක් ගැනම වින්දනාත්මක ඇසකින් බැලීම යෙහෙකි. සැම විටම සතුටින් සිටිය නොහැකි වුවත් දුක වුවද වින්දනය කල හැකි බැවිනි.

      Delete
  5. තනිකම භාවනාවක් කියලා කියනවා නේ . මමත් බොහෝ වේලාවට කැමති තනි වෙන්ඩ තමා ..

    තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාලුවේ ..

    ReplyDelete
    Replies
    1. ඒකනෙ..... තමන්ගෙ ලෝකෙ තනි වෙන එක හිතට හරි පුදුම හැඟීම් ඇති කරවනව..... ඒ වෙලාවට තමයි ඕන් අපි කරපු ගොන් වැඩ මෝඩ වැඩ දැන් කරමින් ඉන්න ඒ වගේ වැඩ ගැන එහෙම හොඳටම කල්පනා වෙන්නෙ,,,,,|
      ;)
      බෝම ස්තූතියි සහෝ......

      Delete
  6. මාත් හරි කැමති තනි වෙන්න.. ගොඩක් දේවල් හිතට කොහෙන්දෝ ඉඳං ගලාගෙන එනවා එතකොට.. පද රචකයෝ කවි, සින්දු එහෙම කියන්නේ එහෙම වෙන්ටැ... ජයවේවා සහෝ!!!

    ReplyDelete
    Replies
    1. තනිකම තියෙන තැන ගොඩක් රසවත් නිර්මාණ බිහි වෙනව..... මම කරපු ගොඩක් නිර්මාණයන් ගොඩක්ම ලියවුනේත් ඔය වගේ හිටපු වෙලාවල් වල තමයි..... එතකොට හිතට එන අදහස් ඒ විදියටම ලියවෙන්නෙ නෑ... ඒව තව තවත් හදවතින් ඔපමට්ටම් කරල තමයි ලියවෙන්නෙ...

      මතක තියාගන්ට... ඔය වගෙ හිතට එන අදහස් දෙකක් අතරෙ තියෙන පරතය නැතිම කොරල දාපු සුවිශේෂ කෙනෙක් ඉන්නව.... ඒ තමයි බුදුරජාණන් වහන්සේ........

      Delete
  7. මාත් ගොඩක් කැමති තනියම ඉන්න
    තනියම ඉන්න කිසිම සද්දයක් ඇහෙන්නේ නැති තැනක

    ReplyDelete
    Replies
    1. ඒකනෙ අයියන්ඩි.... ඒකට මයෙ ගම් පලාත නම් කියාපු පැත්ත.....
      ගලාගෙන යන අත්තනගලු ඔය අයිනෙ වංගුවෙ කුඹුක් ගහ යටට වෙලා (පොඩ්ඩක් මොනව් හරි කොරල )ගලාගෙන යන වතුර පාර අයිනෙ හැළහොල්මනක් නැතුව ඔහේ බලාගෙන ඉන්ට මම හරිම ආසයි... දවසක එන්ටකො පොට් එක පෙන්නන්ට.. මහ දුරකුත් නෙමෙයි නෙව...

      Delete
  8. අනේ මන්දා.... වෙලාවකට තනියම ඉද්දිත් එපා වෙනවා, නිදාගන්න එක තමයි හොඳම වැඩේ එතකොට!

    ReplyDelete
    Replies
    1. ඒ නින්ද යන්නෙ තනිකම නිසා නම් නෙමෙයි ඕන්..... හැබැයි තනිකම ඕනවට වඩා උනොත් නම් නින්ද යනව තමයි...
      :D

      Delete
  9. තනියම ඉන්න එක වෙලාවකට මහා වදයක්... හිතට කියාගන්න බැරි දුකක් ආවම ඒක දරාගන්න බැරි වුනාම තනිකමත් ඒ එක්ක එකතු වුනාම ඒ වේදනාව වැඩියි..

    ReplyDelete
    Replies
    1. කියාගන්න බැරි තරම් දුකකින් ඉන්නකොට නම් තනිකම හරිම වදයක් වගෙ දැනෙනව තමයි... ඒකයි මම කිවුවෙ,"ගොඩක් ආසයි ඒකෙන් මම තව තවත් අසනීප වුනත්!!!" කියල....
      එහෙම නැතුව සැහැල්ලුවෙන් ඉන්න වෙලාවට නම් ඒ තනිකම.... හරිම වින්දනීය බවක් මට දැනිල තියේ...

      Delete
  10. ඇත්තටම තනිකම තමා අපේ ජිවිත ජිවත් කරන්නේ... මාත් තනික්මට ගෝඩක් ආදරෙයි....

    ReplyDelete
    Replies
    1. තනිකම විඳින්න පුලුවන් අයට ජීවිතේ ගොඩක් දුක් දරාගන්න පුලුවන් කියලයි මට නම් හිතෙන්නෙ...
      ස්තූතියි ඔයාගෙ අදහසටත්...

      Delete

මම ලියන ඒව ගැන අදහසක් තියෙනව නම් ලියල යන්න... හැබැයි එහෙම නොකල කියල මම තරහ වෙන්නෙත් නෑ... :) කරදර කලේ නැතත් හිතේ කහටක් නැතුව එක කොමෙන්ටුවක් වත් දාල යන්න පුලුවන් නම් මට ඔයාලගෙ ඒ එක කොමෙන්ටුවක් රටකට රාජ්ජෙකට වඩා වටිනව.... ....