javascript:void(0)

Monday, February 18, 2013

ලොකු මහප්පා


..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."




මට මතකයි...මගෙ චූටි කාලෙ මතකයක්.... මයෙ හිතෙ මම පහ වසරෙ හෝ හය වසරේ ඉද්දි..... මම යනව... අපෙ අම්මයි තාත්තයි...මමයි.. අයියයි... රඹුක්කන.... අපෙ තාත්තගෙ ලොකු අයිය... මට නම් මහප්පලගෙ ගෙදර...... අපි එහෙ යනකොට... හුගක් වෙලාවට.. යටගම ස්ටේෂන් එකෙන් බහිනව.... අපි එනකම් කීය වෙනකම් හරි ලොකු මහප්ප ස්ටේෂන් එකේ කොණකට වෙලා ඇන තියාගෙන බලන් ඉන්නව අපි එනවයි කිවුවොත්..... එහෙම යටගම ස්ටේෂන් එකෙන් බහින්නෙ මා ඔයේ වතුර අඩු දවස් වලට....

     පුදුමයි නේද? “මා ඔයේ වතුරයි අපේ ගමනෙ සම්බන්ධයයි ගැන?
 නෑ.. පුදුම වෙන්න ඕන නෑ.. ස්ටේෂන් එක තියෙන්නෙ ඔයෙන් මෙහා පැත්තෙ.... මහප්පලගෙ ගෙදර තියෙන්නෙ ඔයෙන් එහා පැත්තෙ...... අපි ස්ටේෂන් එකෙන් බැහැල මහප්පත් එක්කම ඔය ළඟට යනකම් පයින් යනව.. ඒ ගියාම... හැමෝම සපත්තු සෙරෙප්පු ගලෝල අතට අරගෙන බෑග් උස්සගන ඇඟෙන් භාගයක් විතර තෙමිගෙන අනිත් ඉවුරෙන් මතු වෙද්දි මම විතරක් සපත්තු දාගෙන චුට්ටක් වත් නොතෙමි අනිත් ඉවුරට ආපු හැටි.. මහප්පලගෙ ගෙදර අයට පුදුමයක්...

      ඒ මගෙ මහප්පගෙ හිතේ මං ගැන තිබුන ආදරේ..... මහප්ප කොහොමත් ටිකක් උසයි... ඔය ළඟට යනකම් මාව වඩාගෙන ගිහින්.. ඔය ළඟදි මාව බිමින් තියල, සරමත් හදාගෙන මාව තියාගන්නව එයාගෙ ඔලුවෙන්.... මමත් හරි ආසාවෙන් මහප්පගෙ බෙල්ල දෙපැත්තෙන් කකුල් දෙක ඉස්සරහට දාගෙන හයියෙන් මහප්පගෙ ඔලුව අල්ලගත්තම තමයි මහප්ප අර මහ වතුර පාරට බහින්නෙ මාවත් තියාගෙන.... ඔයෙන් එගොඩට යනකම් වතුර බිඳක් ගෑවෙන්නෙ දෙන්නෙ නෑ මගෙ කකුලෙ.... :'(
ඒ තමයි පිරිමි දරුවො නොහිටිය මගෙ ලොකු මහප්ප මට පිටට නොපෙන්නපු ආදරේ....
:(

ඒත් අද.....
අදත් එදා වගෙම.... ඒ "මා ඔය" අද මයෙ හිත වගේම "ඔය" ඉවුරත් ටිකින් ටික තුවාල කරගෙන එදා වගෙම ගලාගෙන යනව..... ඒත්...හිස මත තියාගෙන මාව ඔයෙන් එගොඩ කරපු ඒ උත්තම පරුෂ නාමපදය "ලොකු මහප්පා" අපි හැමෝම දාල යන්න ගිහින්.... ගෙදර ඉන්න මට මේ තරමට දැනෙන ඒ වෙනස හෙට ඒ "දෙණ" අසලදි... වෙන කවදාටත් වඩා මගෙ හිතට දැනේවි..... එවෙලෙට.... දැනෙන හැඟිම් අතර පත්ලටම කිඳා බැහැපු මගෙ දුක..... කියාගන්න... ලියාගන්න.... මට මේ වචන මදි වේවි....
ඒත්...
හෙටත්...
මා ඔය.... ඔබ මා පසු කරමින් කාලය ඒක්ක දිගු ගමනක් යාවි,
"
ලොකු මහප්පා"
කියන...
මතකය විතරක් අපිට ඉතුරු කරල..

ඒ අමරණීය මතක සරණිය මේ "පොඩි පුතා"ට දීපු පිණින්ම මතු උපදින ජාති ජාතිත් නිදුක් නිරෝගීව ජීවත් වෙන්නත් මතු අජරාමර නිවන් සුව ලබන්නත් හැකිවේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනව "ලොකු මහප්පෙ..."




                                 -----ඔබට අජාරමර නිවන් සුව අත්වේවා ලොකු මහප්පෙ----
                                                                                                

12 comments:

  1. ලොකු මහප්පට නිවන් සුව පතනවා..!!!!

    ReplyDelete
  2. නිවන් සුව පතනවා !!

    ReplyDelete
  3. සාතිශය සංවේගය....!

    ReplyDelete
  4. පවනි මල්ලියෝ ඔබේ මහප්පාට නිවන් සැප ලැබේවා..

    ReplyDelete
  5. මන් මේකට කොමන්ට් එකක් බුකියේත් දැම්මා මචන්.
    මට කියන්න බැහැ උඹට දුක්වෙන්න එපයි කියලා ඒත් මේක තමයි අපි කාටත් අන්තිමේදී උරුම වෙන අවසානය.එහෙම හිතලා හිත හදාගනින්.මරණය කාටත් පොදුයිනේ.

    ReplyDelete
  6. ලොකු මහප්පට නිවන් සුව ලැබේවා!!!!!!!!

    ReplyDelete
  7. සංවේදී ලියවිල්ලක්...ලොකු මහප්පගෙ මනුස්සකම, දරු සෙනෙහස මේ ලියවිල්ල පුරාම මට දැනුනා...මුලු හදින්ම පතන්නම් අජරාමර නිවන් සුව...

    ReplyDelete
  8. විශිෂ්ටයි !!!කාලෙකින් කියවපු සංවේදී සටහනක්

    ReplyDelete
  9. කමෙන්ට්ස් වලට ගොඩාක් ස්තූතියි....
    ඇත්තටම මට ඕන උනේ මට දැනුන දුක වේදනාව පිට කරගන්න විදියක්.... මෙහෙම තමයි මට ඒක කරන්න උනේ.....
    :(

    ReplyDelete
  10. හ්ම්ම්ම්ම්...දුකයි ගොඩාක්....
    :'(

    ReplyDelete

මම ලියන ඒව ගැන අදහසක් තියෙනව නම් ලියල යන්න... හැබැයි එහෙම නොකල කියල මම තරහ වෙන්නෙත් නෑ... :) කරදර කලේ නැතත් හිතේ කහටක් නැතුව එක කොමෙන්ටුවක් වත් දාල යන්න පුලුවන් නම් මට ඔයාලගෙ ඒ එක කොමෙන්ටුවක් රටකට රාජ්ජෙකට වඩා වටිනව.... ....