" වැස්සත් එක්ක ප්රශ්නත් හේදිලාම ගිහින් වගේ...
ආයෙත් අපි හිනා වෙනවා....
හැම වෙලේම වැස්ස අපිට ගේන්නෙ සතුටක්..
ඒත්,
ඇයි හැමතැනම මඩ වලවල් විතරක් ඉතුරු වෙලා??
ඒක නම් ප්රශ්නයක්???
චූටි කාලෙ වගේ, ඒවට පනින්න තිබ්බා නම්...
අපෝ......
එහෙම කරන්න එපාලු, අපි දැන් ලොකු ළමයිලු...
හැමෝම එහෙම කියනවා.... "
---උපුටා ගැනීමකි---
copyrights©(- Edited by Hasz Salvatore & Hashan Salinda -)
ආයෙත් අපි හිනා වෙනවා....
හැම වෙලේම වැස්ස අපිට ගේන්නෙ සතුටක්..
ඒත්,
ඇයි හැමතැනම මඩ වලවල් විතරක් ඉතුරු වෙලා??
ඒක නම් ප්රශ්නයක්???
චූටි කාලෙ වගේ, ඒවට පනින්න තිබ්බා නම්...
අපෝ......
එහෙම කරන්න එපාලු, අපි දැන් ලොකු ළමයිලු...
හැමෝම එහෙම කියනවා.... "
---උපුටා ගැනීමකි---
copyrights©(- Edited by Hasz Salvatore & Hashan Salinda -)
මම ආසයි මේකෙ එක පාරටම පේන්නෙ නැති යථාර්තයට... මම ටිකක් අඳුරන නංගි කෙනෙක් ලියල තියෙන්නෙ... මට ඒකට උත්තරයක් ලියන්නම හිතුන... ඒ නිසයි මෙහෙම ලිවුවෙ..... අපි අපේ ජීවිත වලදි ප්රශ්න එක්ක හරි හරියට ගැටෙනව... ඒ ප්රශ්න නිසා අපිට පොත පතින් ඉගනගන්න බැරි විදියෙ ලොකු දැණුම් සම්භාරයක් ලැබනව... සමහරු එයින් වැටෙනව... සමහරු ඒක කාගෙන ඉන්නව.. සමහරු ඒව අභිබවා යනව... අන්තිමට කියපු දෙගොල්ලන්ටම ටිකක් රළු උනත් ජයග්රාහී මාර්ගයක් විවෘතයි...
ඒක මට දැනුනෙ මෙහෙමයි... -
ඒක මට දැනුනෙ මෙහෙමයි... -
වැස්සත් එක්ක
ප්රශ්න හේදි හේදි ගියත්...
ඉවර වෙන්නෙ නෑ..
අපේ ප්රශ්න....
කවදාවත්...
දුකයි සැපයි අතරෙ
තියෙන්නෙ..
වෙන් කරන්න බැරි
බැඳීමක්..
වැස්ස අපිට සතුටක්..
මඩ වලවල් අපිට දුකක්...
වැස්ස නැත්තම් මඩ වලවලුත් නෑ..
සතුට නැත්තම් දුකත් නෑ....
මඩ වලවලුයි...
වැස්සයි නැත්තම්....
අපිට කවදාවත්ම....
ජීවිතේ ගැඹුර දැනෙන්නෙත් නෑ...
"එහෙම කරන්න එපාලු,
අපි දැන් ලොකු ළමයිලු"
කියල
අපෙ අම්මල කියන්නෙ ඒ වගෙ...