javascript:void(0)

Sunday, April 15, 2012

සංගීතය


..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."

පිංතූරෙ ගත්තෙ >>--> මෙතනින්
                  
               සංගීතය විශ්ව භාෂාවක් බව ඔබත් පිළිගන්නවද?? බොහොම හොදයි.. මම විශ්වාස කරනව ඔබ ඒක පිළිගන්නව කියල.....හරි...අපි එහෙම හිතමුකො....

        අද දිනය 2010 අගෝස්තු දා හතර....මට දීල තියෙනව තර්ක ශාස්ත්‍රය හා විද්‍යාත්මක  ක්‍රමය කියල ප්‍රශ්න පත්තරයක්....සිංහල දෙමළ ඉංග්‍රීසි කියන භාෂා තුනෙන්ම එක ප්‍රශ්න පත්‍රය බැගින් දීල තියෙනව...මෙහෙම හිතන්න.. දක්ෂ...බුද්ධිමත් මිනිහෙක් ඉන්නව..ඒත් එයාගෙ ඇස් පේන්නෙත් නැහැ... කතා කරන්නත් බැහැ... හිතන්න එය කොහොමද මේ තර්ක ශාස්ත්‍රය ඉගෙන ගන්නෙ??? සංගීතය විශ්ව භාෂාවක් නම් ඔයාලට පුලුවන්ද එයාට ඒ භාෂාවෙන් තර්ක ශාස්ත්‍රය උගන්වන්න??  සංගීතය විශ්ව භාෂාවක් නම් හැමෝටම ඒක තේරුම්ගන්න පුලුවන් වෙන්න ඕනනෙ!!!!
    සාමාන්‍ය මිනිස්සු වගේ සංගීතයෙන්ම ප්‍රශ්න පත්‍රයට උත්තර සපයන්න....

                  ඉතින් මම ලියනව මගෙ ප්‍රශ්න පත්‍රයේ " මා ප්‍රශ්න පත්‍රය මුද්‍රණය කර තිබෙන කිසිදු භාෂාවක් නොදන්නෙමි... මා හට සංගීතය නැමැති විශ්ව භාෂාවෙන්  නිර්මාණය කරන ලද තර්ක ශාස්ත්‍රය හා විද්‍යාත්මක ක්‍රමය i නැමැති ප්‍රශ්න පත්‍රය එම විශ්ව භාෂාවෙන් මුද්‍රණය කර හෝ කුමන හෝ අයුරකින් ලබා දෙන්න" කියල...






ලොල් ය.....

:ඩී


ප.ලි. - මේ නිර්මානයෙන් සංගීතය කියන විෂය හෑල්ලුවට ලක් වීමක් උනා වගෙ නම්. අනේ මට සමාවෙන්න.... මම එහෙම දෙයක් අදහස් කලේ නෑ... මට ඕන වුනේ මගෙ ප්‍රශ්න පත්‍රය ගැන පොඩි අදහසක් දෙන්න විතරයි.. ඇත්තටම මට සමාවෙන්නෙ ඕනෙ ඒකට.. ඉල්ලනව ඔයාලගෙන් එහෙම අදහසකින් නැතුව මේ නිර්මාන දිහා බලල ඒ අදහස ගන්න කියල...

22 comments:

  1. අනේ මන්දා බොලාටත් අවේලාවේ හිතෙන එව්වා..

    :)

    ReplyDelete
    Replies
    1. කරන්ට වැඩකුත් තියෙන්ට එපැයි ඕන්.....
      ;)

      Delete
  2. ඇසුත් නොපෙනේ නම්,මුවද ගොලු නම් ඒ තැනැත්තා දෙසවන්ද බිහිරි වේ නිතැතින්ම,
    ඒ හැරත් එයන් අයෙකුට තර්ක ශාස්ත්‍රය ඉගෙනගෙන පළක් නැත

    ReplyDelete
    Replies
    1. කිසි කලෙක ඉගෙනගත් දෙයක් වටිනාකම් නැති වන්නේ නැත....
      මෙවන් පුද්ගයෙකු පිළිබඳ හොඳම නිදසුන ශ්‍රේෂ්ට බිතෝවන් ගත හැක.... ඔහුගේ අවසාන නිර්මානය කරන අවධියේ ඔහුගේ කන පවා නොඇසෙන තත්වයට ඔහු පත්වී සිටි අතර ඔහුගේ අවසන් නිර්මානයද ලෝකප්‍රසිද්ධ විය...

      ස්තූතියි ඔයාගෙ අදහසටත්...
      බෝම වැදගත් අදහසක්...
      :)

      Delete
  3. ඔය ඇස් පෙන්නේ නැති කන් ඇහෙන්නේ නැති අයට මේ දවසස් වල එන්න කියන්න මගේ බ්ලොගේ පැත්තට. මං දැන් කස්ටියට අමුතුම විශ්ව බාසාවක් උගන්නගෙන යනවනේ.

    ReplyDelete
    Replies
    1. එමි එමි... පළමු වැන්නා මම වෙමි....
      බලමු ඒ විස්ව බාසාවත් ඉගෙනගෙන....
      :)

      ස්තූතියි රෙප් මහත්තයා....

      Delete
  4. අද හිස තෙල් ගාද්දි වැරදි තෙලක් වත් ගෑවිලාද??

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද.... ඒ වගෙයි නේද?
      :ඩී

      Delete
  5. ඇහ්....මේ මොකෝ හලේ මේ.....????

    ReplyDelete
    Replies
    1. පික්සු වගෙ නේද?
      හෙහේ......
      අපෙ හැටි නෙව.....
      :)

      Delete
  6. නියම කථාව - මේ ලෝකේ "තියන" දේවත් හරි හැටි නොදැන විශ්වයටම බලපාන දේවල් හදන්නේ කොහොමද?
    කෙටියෙන් උපහාසාත්මක කිව්වට සෑහෙන්න හිතන්නත් පුලුවන් ඕනනම් නේද?
    - ජය -

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මගෙ Theme එක - "කල්පිතය යථාර්තයට ගැළපවීම"
      :)

      ඔව්... ගොඩක් ගැඹුරට කල්පනා කරන්න පුලුවන් දෙයක් බෝම සැහැල්ලුවට කියල දැම්ම....
      සතුටුයි මටත් හිතුන දේ සාර්ථකව ඔයාටත් හිතන්න ඉඩ හදල දෙන්න පුලුවන් වෙච්ච එකට...
      :)

      සාදරයෙන් පිළිගන්නව ඔබතුමාවත් මගෙ මතක වස්තුවට.....

      ස්තූතියි ඔයාගෙ අදහසටත්...

      Delete
  7. තමන්ට තේරුම් ගන්න බැරි උන පලියට සංගීතය කියන විශය ගැන අවතක්සේරු කරන එක සුදුසු නෑ නේද...? මොකද මේ වනවිට වෛද්‍ය විද්‍යාවෙන් පවා පිලිගෙන තියෙනවා සංගීතයට ඕනම සත්වයෙක් ක්ශනික ප්‍රතිචාර දක්වනවය කියල...නියම සංගීතය තෙරුම් ගන්න,විඳින්න....ඇස් පේන්න කන් ඇහෙන්න ඕනම නෑ....හොඳම උදාහරනය ගස් වැල්......ඒවට ඇස් කන් නෑ නේද...? ඒත් සංගීතට ගස් වැල් පවා ප්‍රතිචාර දක්වනබව අද ලෝකයෙ වෛද්‍ය විද්‍යාවෙන් පිලිගන්නවා...කාලෙන් කාලෙට එන "රැලි" සංගීතය නෙමෙයි......සැබෑ සංගීතය අහන්න ලැබුනු දවසට තේරුම් ගන්න පුලුවන් වෙයි "සංගීතය" කියන්නෙ මොකක්ද කියල...

    ReplyDelete
    Replies
    1. බෝම හොඳ තර්කයක්...
      මම සංගීතය අවතක්සේරු කලා කියල මට නම් හිතෙන්නෙ නෑ... මේකෙ එහෙම දෙයක් මම නොදැනුවත්ව හරි සිද්ධ වෙලා තියෙනව නම් සමාවෙන්න. මෙතනදි සංගීතය පිළිබඳව මම පොඩි තර්කානුකූල මතයක් ඉදිරිපත් කරල තියෙනව.... එච්චරයි...

      "කන් ඇහෙන්න ඕනම නෑ"
      මම නම් හිතන්නෙ මිනිස්සුන්ට සංගීතය රස විඳින්න කන් ඇහෙන්න ඕනෙ.... දැන් ඇහෙන්නෙ නැති වුනත් කලින් හරි අඩුම ගානෙ සප්තස්වර වල සංඛ්‍යාත දෙතුන් පාරක් අහලවත් තියෙන්න ඕනෙ....

      "සංගීතයට ඕනම සත්වයෙක් ක්ශනික ප්‍රතිචාර දක්වනවය කියල"
      සංගීතයට ප්‍රතිචාර දක්වනවයි රස විඳිනවයි කියන එක මම නම් හිතන්නෙ දෙකක්... ගොඩක් සත්තු එහෙම තමයි.. පරණ සැමන් ටින් එකකට යකඩ කෑල්ලකින් තට්ටු කරල බලන්න.. ගොඩක් සත්තු ඒකට ප්‍රතිචාර දක්වයි... ඒකට නම් මමත් එකඟයි..

      ඔබ හරි.... මම සංගීතය කියන විෂය ගොඩක් ගැඹුරින් ඉගෙනගත්තු කෙනෙක් නම් නෙමෙයි... ඒ නිසා මම ඒ ගැන ගොඩක් ගැඹුරින් තේරුම් අරන් නැතුව ඇති.... ඒත් ඔබ හිතනව නම් මම සැබෑ සංගීතය රස විඳල නෑ කියල... ඔබට වැරදිලා...
      :)

      හොඳ සංවාදයක්... නොදැකපු පැති දෙක තුනක්ම සංවාදයට ලක් වුනා.... ඔබටත් බෝම ස්තුතියි සහෝ....
      ලොකු අයියව සාදරයෙන් පිළිගන්නව මගේ මතක වස්තුවට...
      :)

      Delete
  8. මොකෝ මේ ඔලු ගෙඩිය කොහේ හරි වදුනාන :/

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්....
      නොදැණුවත්වම කොහෙ හරි වැදිල තියෙන හැඩයි...
      :ඩී

      Delete
  9. සංගීතෙ ගැන ඔයාගෙ තර්කෙනම් පිලි ගන්න බෑ.සංගීතය විශ්ව භාෂාවක් වෙන්නෙ ඇහැට පේන හින්දාවත් ලෝකෙම පැතුරුනු දෙයක් නිසාවත් නෙවෙයි.හිතට දැනෙන දෙයක් හින්දා.අම්ම කෙනෙක් නැළවිලි ගී කියද්දි ළමයෙක් නැලවෙන්නෙ ඒ කියන භාෂාව මොකක් වුනත් පපුවට දැනෙන හින්දා.සංගීතය විශ්ව භාෂාවක්ම තමයි.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්...
      එතන මට වැරදීමක් වෙලා තියෙන බව මමත් පිළිගන්නව.
      ඇත්තටම මට සංගීතය විශ්ව භාශාවක් කියන දේ ප්‍රශ්න කරන්න ඕනෙ උනේ නෑ...

      මට ඕන උනේ මගේ තර්ක ශාස්ත්‍රය ප්‍රශ්න පත්‍රය ගැන පොඩි අදහසක් දෙන්න විතරයි...

      මේ නිර්මානයෙන් සංගීතය කියන විෂය හෑල්ලුවට ලක් වීමක් උනා වගෙ නම්. අනේ මට සමාවෙන්න....

      Delete

මම ලියන ඒව ගැන අදහසක් තියෙනව නම් ලියල යන්න... හැබැයි එහෙම නොකල කියල මම තරහ වෙන්නෙත් නෑ... :) කරදර කලේ නැතත් හිතේ කහටක් නැතුව එක කොමෙන්ටුවක් වත් දාල යන්න පුලුවන් නම් මට ඔයාලගෙ ඒ එක කොමෙන්ටුවක් රටකට රාජ්ජෙකට වඩා වටිනව.... ....