javascript:void(0)

Monday, April 9, 2012

අවුස්සල බලන්න

..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."

කුණුගොඩකි 
මාගේ ජීවිතය...

එන්න කපුටනි...
අවුස්සා බලන්න
මගෙ ජීවිතය..
ආයෙත්;
ඉඩ ලැබෙන එකක්
 නෑති වෙයි...

17 comments:

  1. අපේ ජීවිතත් එච්චර තමා!

    [ඉඩ ලැබෙන එකක්
    නෑති වෙයි...] නොඅල්ලන ලදී O.o

    ReplyDelete
    Replies
    1. අපි හැමෝගෙම ජීවිත එහෙම තමයි කියල නම් මටත් හිතෙනව...

      හහා.... මම දන්නව ඇයි ඇල්ලුවෙ නැත්තෙ කියල..... බය වෙන්ට කාරි නෑ... ඕක ගොඩක් කලින් ලියපු එකක්..... ඒකෙ තවත් තේරුමක් තියෙනව... ඉඩ ලැබෙන එකක් නැතුව යන්ට ගිහින්... වාසනාවට හෝ අවාසනාවට ඒකෙන් බේරුනා මම....
      :)

      Delete
  2. කුණුගොඩක් අවුස්සන එක නම් අප්‍රසන්න කටයුත්තක්. නමුත් ඉතින් ඔය කුණු ගොඩ අවුස්සලා බැලුවොතින්, වටිනා යමක් හොයාගන්න බැරිවෙන එකකුත් නැහැ.

    www.trickslanka.com

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත...... මේ කුණු ගොඩෙත් එහෙම එවුව ගොඩක් තියෙන වගෙ ගොඩක් අය කියනව.... ඔය කුණුගොඩෙත් එහෙම එවුව ගොඩාක් තියෙන වගත් මට දැනෙනව....
      :)

      Delete
  3. කුණු බොහොමයක් ප්‍රතිචක්‍රීකරණය කළ හැකියි

    ReplyDelete
    Replies
    1. මේකත් දැන් එහෙම ප්‍රතිචක්‍රීකණය වෙච්ච එකක්.....
      :)

      ස්තූතියි සිඳූ... සාදරයෙන් පිළිගන්නව මගෙ මතක වස්තුවට ඔයාව.....
      :)

      Delete
  4. කුණු ගොඩක් අස්සේ උනත් මැණික් හැංගිලා තියෙන්න පුළුවන් කියලා අමතක කරන්න එපා..

    ReplyDelete
    Replies
    1. ඔව්.... මේ කමන්ට් කරල තියෙන්නෙත් ඒම මැණිකක් තමයි....
      :)

      ස්තුතියි ඔයාටත්....

      Delete
  5. කුණුගොඩ ප්‍රතිචක්‍රීකරණයට ආසන්නයි වගේ....
    එකනේ කියන්නෙ "ආයෙත්;ඉඩ ලැබෙන එකක් නෑති වෙයි..." කියල...

    කපුටනි ඉක්මන් කරන්න මේ කුණු ගොඩේද වටිනා යමක් ඇත.......

    ReplyDelete
    Replies
    1. ඔයාටත් දැනිල තියෙන හැඩයි....

      දැන් මේක හොඳ විදියට ප්‍රතිචක්‍රීකරණය වෙලයි තියෙන්නෙ....
      ගත යුත්තක් තියේ...

      ස්තූතියි ඔයාටත් ගොඩක්...
      :)

      Delete
  6. නිකම්ම නිකන් කුනු ගොඩකට ගැන කියවෙනවට වඩා ජීවිතය ගැන වැඩි යමක් මේ පදපෙළ තුල මම දැක්කා...

    ReplyDelete
    Replies
    1. සන්තෝසයි මට ගොඩක්... ඔයා හරියටම ඒ කුණුගොඩ දැකල තියෙනව.... හරියට මම දැක්ක වගෙම....

      ස්තූතියි තොටියෝ ඔයාටත්....
      :)

      Delete
  7. කපුටන්ට කොහොමත් එන්න දෙන්න එපා ජීවිතය තුලට.

    ReplyDelete
    Replies
    1. හැම කුණුගොඩක්ම කපුටන්ට අයිතියි... ගේම තියෙන්නෙ කපුටන්ට අභියෝග කරන එක මත.... අවුස්සන්න දෙන්නෙ නැති එක සාර්ථක විසදුමක් තමයි... ඒත් ඒකෙන් කුණුගොඩේ තියෙන වටිනාකම් එලියට එන්න තියෙන අවස්ථාව ඇහිරෙනව වගෙ නේද? හරියට මේ වගෙ?
      :)

      Delete
    2. කපුටන්ව ප්‍රශ්නයක් කරගන්න කුණුගොඩවල් වලට ඒ විසඳුම ගොඩක් සාර්ථකයි කුණුගොඩේ පැවැත්මට.... ඒම නේද?
      :)

      Delete
  8. කපුටෝ කිව්වෙ අපිටද බොලං???
    එල එල...

    ReplyDelete

මම ලියන ඒව ගැන අදහසක් තියෙනව නම් ලියල යන්න... හැබැයි එහෙම නොකල කියල මම තරහ වෙන්නෙත් නෑ... :) කරදර කලේ නැතත් හිතේ කහටක් නැතුව එක කොමෙන්ටුවක් වත් දාල යන්න පුලුවන් නම් මට ඔයාලගෙ ඒ එක කොමෙන්ටුවක් රටකට රාජ්ජෙකට වඩා වටිනව.... ....