javascript:void(0)

Sunday, April 1, 2012

පුංචි බලාපොරොතුවක්

..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."


කියන්න මට...
දුක හිතෙන්නෙ නැති
දෙයක්..

මම දන්නව..
ඔයා..
කියන්න හදන්නෙ...
මට ගොඩාක්
දුක හිතෙන දෙයක් බව....
අනේ.......



කියන්න මට...
දුක හිතෙන්නෙ නැති
දෙයක්....

මගෙ හදවතට....
පුංචි සතුටක්...
දෙන්න පුලුවන්..
කතාවක්...



කියන්න මට....
දුක හිතෙන්නෙ නැති
දෙයක්...

ජිව්තේ ගැන...
ආදරේ ගැන.....
කවදාවත්ම..
අමතක කරන්න...
බැරි දෙයක්...



කියන්න මට....
දුක හිතෙන්නෙ නැති 
දෙයක්....

මට ජීවත් වෙන්න..
බලාපොරොතුවක්...
වෙන්න පුලුවන්..
දෙයක්..

ඔය මොකුත් නැතුව...
දෙන්න මට..
ජීවත් වෙන්න..
"පුංචි බලාපොරොතුවක්"....

Tuesday, April 5, 2011

26 comments:

  1. පුංචිම පුංච් බලාපොරොත්තුවකට උනත් ඇති ජීවිතය ජීවත් කරන්න..

    ReplyDelete
    Replies
    1. ඔයාගෙ අදහස එක්ක මමත් එකඟයි... අපි හැමෝම ජීවත් වෙන්නෙ මොකක් හරි බලාපොරොත්තුවක් නිසා... ඒක් බෝම පුංචි එකක් උනත්...ඒකත් බලාපොරොත්තුවක්..... ස්තූතියි...

      Delete
  2. balaporoththu nisane api jiwath wenne....jiwath wenna punchi balaporothuwak unath athi.....

    ReplyDelete
    Replies
    1. ඒක තමයි යාලු මමත් කියන්නෙ.... අපි අපේ ජීවිත වල පුංචි හරි බලාපොරොත්තුවක් තියාගන්න ඕන.... ඔයාටත් එහෙම තියෙනව නේද?

      Delete
    2. nathuwa nathuwa....matath thiyenawa.....

      Delete
    3. ඔය ළමයගෙ ඒ බලාපොරොත්තුව ඒ විදියටම ඉෂ්ට වේවා කියල ප්‍රාර්ථනා කරනව මම...
      :)

      Delete
    4. අහ්හ්හ්හ්හ් thanku thanku :)

      Delete
  3. සිහින නොදකින
    ඉසව්වක සිට
    දකින්නට නුඹ
    පෙරුම් පුරමින
    දිවිය ගෙවනට
    හුස්ම වැටෙනට
    තියේ මට අද
    බලාපොරෙතුව..

    ReplyDelete
    Replies
    1. ලස්සනයි යාලු.....

      "තියේ මට අද
      බලාපොරෙතුව.."
      <3 <3 <3

      සෑම්ට හැමදාමත් ලස්සන බලාපොරොත්තු තියෙන වග මට දැනිල තියෙනව සෑම් හැමදාමත් ලියන ඒවයින්....

      Delete
  4. ඔය මොකුත් නැතුව...
    දෙන්න මට..
    ජීවත් වෙන්න..
    "පුංචි බලාපොරොතුවක්"....

    හරිම ලස්සනයි පවනි...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තරූ......

      ඔයාගෙත් තියෙන හැම බලාපොරොත්තුවක්ම සඵල වෙන්න කියල ප්‍රාර්තනා කරනව මම හැමදාමත්...

      Delete
  5. Replies
    1. ඔයා මගෙ පිටුවට අලුත්..... බෝම ස්තූතියි මාව බලන්න මේ පැත්තට ආවට...
      ආයෙමත් එන්න....
      ස්තූතියි ඔයාටත්....
      :)

      Delete
  6. බලාෙපාෙරාත්තු අපිව ජීවත් කරවනවා බන්...

    ReplyDelete
    Replies
    1. ඔව්...අපේ ජීවිත ගෙතිල තියෙන්නෙ බලාපොරොත්තු වටා....
      ස්තූතියි..

      බන්? මෙන්න මේ කොල්ල මට බන් කියනව..... ඉන්නව මම අම්මට කියන්න!!!
      ;)

      Delete
  7. පොඩි අවුලකට තියෙන්නෙ... දුක හිතෙන්නෙ නැති දේවල් නැති එකයි!

    ReplyDelete
    Replies
    1. පෘතග්ජන මිනිස්සු වෙච්ච අපිට දුක හිතෙන්නෙ නැති බලාපොරොත්තු නම් නෑ තමයි... ඔයා ඒක දැකපු විදියට මම කැමතියි.... මොකද අපි යථාර්තය එක්ක ජීවත් වෙන මිනිස්සු නෙ.... ස්තූතියි ඔයාටත් අලි බබෝ.....
      :)

      Delete
  8. අනේ හරිම ලස්සන කවිය... ජීවිතය ජීවත් කරවන්නේ ආදරය, බලාපොරොත්තු මේ හැමදේම...

    ReplyDelete
    Replies
    1. ඔව්... ඒ ලස්සනට මමත් කැමතියි...අපි හැමෝම කැමතියි.... අකමැති උනත් පිළිගන්න ඕනෙ අපි හැමෝම ජීවත් වෙන්නෙ බලාපොරොත්තු නිසයි කියන එක...

      ස්තූතියි ඔයාටත් ගොඩක්....

      Delete
  9. පුංචි බලාපොරොත්තු ලොකු ඒවාට වඩා වටිනවා.

    ReplyDelete
    Replies
    1. හරියටම හරි.... පුංචි බලාපොත්තු අපිට ජීවය දෙනව ගොඩක්....

      ස්තූතියි ඔයාටත්....
      :)

      Delete
  10. ඒ බලාපොරොත්තුව හිතේ හිරකරන් මං තාමත් ජිවත් වෙනවා ඔයා වෙනුවෙන්

    ReplyDelete
    Replies
    1. මම වෙනුවෙන්?
      ඔයා??
      අනේ.........

      Delete
  11. hmm.. balaporoththu apiwa jiwath karawanawa...........

    ReplyDelete
    Replies
    1. අන්න ඒ නිසයි බලාපොරොත්තු මේ තරම් වටින්නෙ...

      බෝම ස්තූතියි මේ පැත්තට ආවට ඔයාටත්... පිළිගන්නව සාදරයෙන්.
      :)

      Delete

මම ලියන ඒව ගැන අදහසක් තියෙනව නම් ලියල යන්න... හැබැයි එහෙම නොකල කියල මම තරහ වෙන්නෙත් නෑ... :) කරදර කලේ නැතත් හිතේ කහටක් නැතුව එක කොමෙන්ටුවක් වත් දාල යන්න පුලුවන් නම් මට ඔයාලගෙ ඒ එක කොමෙන්ටුවක් රටකට රාජ්ජෙකට වඩා වටිනව.... ....