javascript:void(0)

Saturday, March 24, 2012

අපි ජීවත් වෙන්නෙ??????

..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."

පිංතූරෙ ගත්තෙ >>--> මෙතනින්
                     

   හොදින් හිතල බලනකොට මට නම් හිතෙන්නෙ අපි කවුරුත් ජීවත් වෙන්නෙ අපිට වුවමනා නිසා නෙමෙයි!!!!
        මන්ද මම මේ කියන දේ අනිත් අයටත් දැනෙන්නෙ එහෙමමද කියල නම්....
                 මම උදාහරණයකට ගත්තොත් මම ජීවත් වෙන්නෙත් මට වුවමනාවකට නෙමෙයි!!!!

  මා මත බලාපොරොත්තු ගොඩ ගහගෙන ඉන්න දෙවෙනි තුන්වෙනි පාර්ශව කීපයක් නිසයි!!!
ඔයාලටත් එහෙම හිතෙන්නෙ නැද්ද??
                ඇත්තම කියනව නම් දැන් හුගක් දෙනෙක් කියන විදියට 2012 අවසානෙ දි ලෝක විනාසෙ වෙනව නම් ඒක ලොකු දෙයක්..... ලෝකෙම නැති වුනත් අඩු ගානෙ මාව වත්!!!! 

        අපි චූටි කාලෙ ඉදල අපේ අම්මල තාත්තලගෙ බලාපොරොත්තු සඵල කරවන්න ජීවත් වෙනව....
   තර්කානුකූලව හිතල බැලුවොත් අපි ජීවත් වෙන්නෙ අපේ ඉලක්කයකට යන්නමද??????
නැහ නේද??? (හැමෝටම අදාල නැති වෙන්න පුලුවන්)

         හදවතට එකගව කතා කලොත් පාරෙ හිගා කකා ජීවත් වෙන හිගන්නට හොද ඉලක්කයක් තියෙනව එයාගෙම, අපට නැති වුනත්!!!!
   අඩු ගානෙ එයාට ඊළග ආහාර වේල ලබාගන්නවත් එයාට ඉලක්කයක් තියෙනව!!!!!!
ඒත් එක්ක බලනකොට එක අතකට අපේ ජීවිත කොයි තරම් අවාසනාවන්තද???

ඔයාලට ඒක කොහොමද දැනෙන්නෙ????

ප.ලි. - සෑහෙන කාලෙකට කලින් මට ජීවිතේ ගැන හිතුණු දෙයක්...... අනේ මන්ද..... මට ආයෙමත් ළඟදි මේක හම්බ වුන නිසා ලියල දාන්න හිතුන....
ඔයාල මොකද හිතන්නෙ?



ඒ දවස් වල මේකට ලැබුණු අදහස් නම රහිතව මම මෙහෙම දාන්නම්කො... -


THS - "මම දන්න විදියට නම් අපි ජීවත් වෙන්නෙ තනියම ඉන්න කාලේ,
ගෑණු පරාණයක් දා ගත්තම බාගෙට මැරෙනවා!!!!!
බැදගත්ත දාට??????????????
හම්!!!!!!!!............
Game over!!..
"
Pirate - "mage kathawa oita wada wenas bun....man jiwat wenne man kemati nisa... mata one nisa... meka mage jivite.... me jivita kale man kemati deyak kemati vidiyakata karanawa......"
Pooh - "Samahara walawata ma kathawa aththak. . . . .bt smtimz. . . Naa! Adara gana balaporoththu tiyagaththoth jiwath wanna apaama onawata! Nada iya? ? ?"
CRS - "man nam jeevath wenne marenna thawa kal thiyena nisa, mechchara ikmanata marenna pin madiy machoo thawa jeevithe duk widinna one"
DM - "matat ahema akak tiyanawa at me samaje hituwata wada napuru aim kudu pattan karanawa. mata nan me dusta samaje epa wela amma tatta aim dunnat hlp aka dunnan kohewat adalatwayak nati kawru hari katuwa gahanawa"

                 කොටින්ම කිවුවොත් මේකට වැටිච්ච එක අහිංසක නංගි කෙනෙක්ගෙ කමෙන්ට් එකක් නිසා මට සෑහෙන කරදර වලට මූණ දෙන්නත් වුනා. ගෙදරින් පිට වෙලා කන්න බොනවත් නැතුව හිටපු මට ඒක ගොඩක් ලොකු ප්‍රශ්නයක් වුනත් මට ඊට වඩා ඒ නංගි ගැන හිතල තීරණයක් ගන්න වුනා, ටිකක් දරුණු වුනත් ඒක හරි කියල මම අදටත් විස්වාස කරනව. කවද හරි මේ පෝස්ට් එක එයා දකීවි. එහෙම දවසකට එයාට හිතුනොත් මම එයාට මොකක් හරි වරදක් කලා කියල... ඒකටත් මට සමාවෙන්
.... ( මගේ පෙම්වතියක් ගැන නොවේ)

27 comments:

  1. හිත හදා ගන්නනම් හොඳයිනේද?හිත කඩන්වැටෙන වෙලාවට

    ReplyDelete
    Replies
    1. ඔව්... මටත් එහෙම හිතෙනව...... මටත් ගොඩක් දේවල් එපා වෙච්ච වෙලාවට මේක ආයෙ ආයෙ කියවනව මම..
      ස්තූතියි ඔයාට....

      Delete
  2. මම නම් මේ දැන් ජීවත් වෙන්නේ මට ඔන ජීවිතේ නෙමෙයි..

    ReplyDelete
    Replies
    1. මමත් කාලයක් එහෙම ජීවත් වුනා (මගෙ නොවන උවමනා වලට ) ඒත් දැන් නම් මට දැනෙනව මම ජීවත් වෙන්නෙ මගෙ වුවමනාවට කියල. ඒත් ඒ ගැන ඊට වඩා සංකීර්ණ විදියට හිතන්න ගියාම... අම්මෝ පිස්සු වගෙ.... ඒ නිසා මෙහෙම හිතල හිත හදාගන්නව...

      Delete
  3. ඒ කියන්නේ ඇත්ත කතාවක්...

    ReplyDelete
    Replies
    1. දැනිල තියෙනව වගෙ සෑමා ටත්!!!
      :)

      Delete
  4. මම නම් ජීවත්වෙන්නේ මැරෙන්න බැරි නිසා

    ReplyDelete
    Replies
    1. එහෙම හිතන්න එපා... තමන්ගෙ හිත තමන් විසින්ම කඩාවට්ට ගන්න එක ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි.. තමන්ගෙම කියල පුංචි බලාපොරොත්තුවක් හොයාගන්න උත්සහ කරන්න... මගෙ ඊළඟ පෝස්ට් එකත් ඒ ගැනම තමයි ලියවිලා තියෙන්නෙත්...
      :)

      Delete
  5. එ් කතාවෙත් අැත්තක් නැත්තෙ නෑ!

    ReplyDelete
    Replies
    1. හෙහේ..
      ද්විත්ව නිෂේධනය....

      අලි මල්ලි චුට්ටක් කල්පනා කරල බලල තියෙනව වගෙ....
      :)

      Delete
  6. මම ජීවත් වෙන්න ආසයි !!!

    ReplyDelete
    Replies
    1. මමත්...
      ඔයාට දැනිල තියෙනව නේද ලස්සන...
      :)

      Delete
  7. ජීවිතේ හරි පුදුමයි.. වෙලාවකට මැරෙන්න හිතෙනවා...තව වෙලාවකට ඒකේ අනිත් පැත්ත.. ඒක තමා ජීවිතේ හැටි.. අනේ මන්දා..

    ReplyDelete
    Replies
    1. වෙලාවකට මැරෙන්න හිතෙනව... ඒ අපිට ජීවත් වෙන්න පුංචිම බලාපොරොත්තුවක් වත් නැතුව ගියහම.... ආයෙ පුංචි බලාපොරොත්තුවක් ලැබුනම ඒ මත ජීවත් වෙන්න ආස හිතෙනව.... ඒත් එහෙම බලාපොරොත්තුවක් බිඳුනම... මැරෙන්න හිතෙනව... අනේ මන්ද නේද කෙල්ලෙ....?

      Delete
  8. ජීවිතය රඟ මඩලක් අපි ඒකේ නළුවො කියලා කවුද කියලා තියෙනවා
    මටත් ගොඩක් වෙලාවට හිතෙන දෙක මන් ජීවත් වෙනවා නෙමෙයි රඟ පෑමක් කරනවා කියන එක :-)

    ReplyDelete
    Replies
    1. ඔව්... ඒ කතාව ඇත්තක් කියල මටත් ගොඩක් වෙලාවට හිතිල තියෙනව මරේ..
      අපි කොයි තරම් අපේ වුවමනාවට, සතුටින් ජීවත් උනත් අපි කරන්නෙ රඟපෑමක්ද මන්ද කියල හිතෙන වෙලාවල් ගොඩයි තමයි....

      ස්තූතියි මරේ මේ පැත්තට ආවට...
      :)

      Delete
  9. ඔව්..කතාව ඇත්ත.....
    හොඳ ඉලක්ක තියෙන අයට නම් ඕක ඒ තරම් දැනෙන්නෙ නැතුවඇති...

    මම අදුරනව ඔය කියපු ළමයවත්...


    -තතු දත්තෙක්-

    ReplyDelete
    Replies
    1. ඔව්.. ඉලක්ක... බලාපොරොත්තු තමයි නේද අපිව ජීවත් කරවන්නෙ....

      "මම අදුරනව ඔය කියපු ළමයවත්..."
      ම්ම්ම්ම්ම්???

      Delete
  10. kathawanam sampurnama aththa.......
    mama nam marenna bari nisa jiwath wenawa.....

    ReplyDelete
    Replies
    1. මැරෙන්න බැරි නිසා ජීවත් වෙන්න එපා යාලු...
      ජීවත් වෙන්න ඉලක්කයක් බලාපොරොත්තුවක් මත....
      පුංචි බලාපොරොත්තුවක් හොයාගන්න... ජීවත් වෙන්න....

      මගෙ අලුත්ම පෝස්ට් එකත් ඒ වගෙ එකක් තමයි....
      ස්තූතියි ඔයාටත්.....
      :)

      Delete
    2. සතුටින් වගෙ ගොඩක්....
      :)
      නේද?

      Delete
    3. Mmmmmmm...oyata kohomada therune eka??

      Delete
    4. මම වගෙම කෙනෙක්ගෙ හිත කියවන්න අමාරු නෑ යාලු මට..... ඒක හරියට වාහනයක් වේගෙන් යන සද්දෙට ඒ ළඟ තියෙන කඩේක වීදුරු දෙදරනව වගෙ....
      :)

      Delete
    5. opzzz :)
      මම ඔයා වගේ ද?????
      woooow I love it...

      Delete
    6. හෙහේ.. පොඩි ළමයට ඒක හරියට තේරුනේ නෑ වගේ...
      ඒ වුනාට කාරි නෑ එහෙම හිතාගන්නකො...
      :)

      Delete
  11. This comment has been removed by the author.

    ReplyDelete

මම ලියන ඒව ගැන අදහසක් තියෙනව නම් ලියල යන්න... හැබැයි එහෙම නොකල කියල මම තරහ වෙන්නෙත් නෑ... :) කරදර කලේ නැතත් හිතේ කහටක් නැතුව එක කොමෙන්ටුවක් වත් දාල යන්න පුලුවන් නම් මට ඔයාලගෙ ඒ එක කොමෙන්ටුවක් රටකට රාජ්ජෙකට වඩා වටිනව.... ....