javascript:void(0)

Friday, March 9, 2012

ගේම දිනන්නෝ ?

..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."


ජීවිතය
ද පැය තුනේ තර්ක ශාස්ත්‍රය හා විද්‍යාත්මක ක්‍රමය II ප්‍රශ්න පත්‍රය වාගේය...
"ගැටලු ජාලයකි"
ප්‍රශ්නය කියවා තේරුම්ගත හැක. එහෙත් පිළිතුරු නොදනී. 
සමහර ගැටලු වලට පිළිතුරු දනිතත් ඒවා ලිවිය යුතු භාෂාව (විදිය ) නොදනී. 
විභාගය ගේමකි!!!
ගේම දිනන්නෝ ලෝකය දිනති ( අප කුඩා කල සිටම අසා තිබෙන්නෙ එසේ වන බැවිනි. පසුව වෙනස් විය )
එහෙත් එයින් ජීවිතය ජය ගන්නේ කිහිපදෙනෙකි.
එහෙත් ගේම පරාද වන අයද සිටිත්.
 ඒ අතරින් ගේම පරාද වුවත් ගේම දිනූවන්ට වඩා හොඳින් ජීවිතය දිනන අය ද සිටිත්. මටත් අවැසි වන්නේ එසේ වීමටමැයි.  
එහෙත් කල හැක්කේ පැය තුන ගෙවෙන තුරු ගැටලු ජාලය දෙස බලා සිටීම පමණකි.
 මන්ද යත් එම ගැටලු වලට තවමත් මා පිළිතුරු නොදන්නා බැවිනි...!!!



What to do then.. 
just looking at the paper and
 determine how things really happening...
:(

16 comments:

  1. සමහර ගැටළු වට පිළිතුරු හොයන එක සෑහෙනම අමාරු වැඩක්.. සමහර වෙලාවට කොච්චර හිතුවත් එකම තැන..

    ReplyDelete
    Replies
    1. ඔව්.. ඒක ඇත්ත... ඒ වගේ ප්‍රශ්න දිහා බලල කාලය ඉවර වෙනකම් ඉන්න එක තමයි කරන්න වෙලා තියෙන්නෙ...... අපි අපේ ජීවිත වලත් කරන්නෙ ඒ දේම තමයි කියලයි මට නම් හිතෙන්නෙ...

      Delete
  2. [ඒ අතරින් ගේම පරාද වුවත් ගේම දිනූවන්ට වඩා හොඳින් ජීවිතය දිනන අය ද සිටිත්. මටත් අවැසි වන්නේ එසේ වීමටමැයි. ] සුභපැතුම් මිත්‍රයා! :) :) :)

    ReplyDelete
    Replies
    1. මම දන්නව අපි හැමෝටම ඕනෙ එහෙම වෙන්න....
      ස්තූතියි මිත්‍රයා....

      Delete
  3. විභාග ගැන නැතුව වෙන ඕන දෙයක් ගැන අදමයි ඔන්න ආවේ

    ReplyDelete
    Replies
    1. ජීව්තෙත් විභාගයක් වෙච්චි මේ වගේ දෙයක් කතා නොකර කෝමෙයි..
      :ඩී

      හහා... බෝම ස්තූතියි සහෝ... ආයෙමත් එන්ට මේ පැත්තෙ ඇවිත් යන්ට....

      Delete
  4. ඕනම දෙයකට බය නොවී මුහුණ දෙන්න.. ජීවිතය ලස්සනයි.. එකට ලස්සන වෙන්න ඉඩ දෙන්න

    ReplyDelete
    Replies
    1. මුහුණ දෙන්නට නම් කිසිදු බයක් නැත... ඒ වුනත් මෙවන් ගැටලු වලදී බලා සිටිනවා හැර කිරීමට කිසිවක් මට ඉතිරි වී නැත... හිකිස්...
      පස්සෙ බලපුවමයි තේරුනේ.... එහෙම බලාගෙන ඉඳල පස්සෙ ඒව මතක් කරන එකෙත් හරි පුදුම ලස්සනක් තියේ....
      ස්තූතියි මැණික....

      Delete
  5. ඇන ගනින්.... එච්චරයි....
    බේරුණොත් උඹට හිතෙයි තව කොච්චර දෙවල් තියෙනවද ඕක නැතුවට කරන්න කියලා..


    (මම කිව්වේ "ගොන් පොර" ගැන..)

    ReplyDelete
    Replies
    1. හහා.... ඒකත් ඇත්ත....

      බයිද වේ තම තමන්ට උප්පැන්නේ ලබා දී ඇති නම් හා ඔබගේ ක්‍රියාකාරකම් මෙහි සඳහන් නොකිරීම ඔබගේ යුතුකමකි...
      :ඩී

      Delete
  6. Replies
    1. "කාලයට ඉඩ දිම"

      හොඳම විසදුම මා සොයාගත්...

      Delete
  7. කාලය සියලු ම ප්‍රශ්න වලට විසඳුම් සපයනු ඇත..

    ReplyDelete
    Replies
    1. ඔව්.... ඒක තමයි හොඳම විසදුම.... කාලය ගොඩක් තුවාල සුවපත් කරනව...

      Delete
  8. පැය 3ක් කියන්ෙන් මුලු ජීවිෙත්ම ෙන ෙම් බන්...

    ReplyDelete
    Replies
    1. ඔව්.... ඇත්ත... ඒත් මේ පැය තුන තුළ මිනිහෙක්ගෙ ගොඩක් දේවල් තීරණය වෙනව..... අත්දැකීම් තියේ නෙහ්?

      Delete

මම ලියන ඒව ගැන අදහසක් තියෙනව නම් ලියල යන්න... හැබැයි එහෙම නොකල කියල මම තරහ වෙන්නෙත් නෑ... :) කරදර කලේ නැතත් හිතේ කහටක් නැතුව එක කොමෙන්ටුවක් වත් දාල යන්න පුලුවන් නම් මට ඔයාලගෙ ඒ එක කොමෙන්ටුවක් රටකට රාජ්ජෙකට වඩා වටිනව.... ....