javascript:void(0)

Sunday, March 18, 2012

"(2012 සයිබර් සිහින බක්මහ උළෙලේ ප්‍රථම තරගය සදහා)"

..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."

පිංතූරෙ ගත්තෙ >>>--> මෙතනින්
 
රසවත් නිර්මාණ ගොඩකි
ලයික් ගොඩකි
කමෙන්ට් ගොඩකි
ලයික් පරයා
ලයික් වැටෙයි
ඉල්ලීම් වර්ෂාවකි...
"..අනේ අපිටත් ලයික්
අපිටත් දෙන්න ලයික්
..මෙන්න ලින්ක්.."
ආධාරකරුවන් පැමිණෙයි
භීෂණය පැතිරෙයි;
කෙළවර,
ගත යුත්තක්
ඉතිරි වේ...


2012 සයිබර් සිහින බක්මහ උළෙලේ ප්‍රථම තරගය සදහා නොවේ....!!


ළමා....යි අපි දකිනවට වඩා අපේ සාහිත්‍යය ගොඩාක් ඉදිරියෙන් ඉන්නව සයිබර් අවකාසෙ තුළ... එන්න බලන්න එහි අසිරිය චුට්ටක් >>------> මෙන්න මෙතනින්...

සිංහල සාහිත්‍යයේ පැරණිම කාව්‍ය ආකෘතිය වෙච්ච ගී කාව්‍ය ආකෘතිය යොදාගෙන වගෙම එළිසමයකින් ඡන්දසකින් විරිතකින් සම්න්විත වෙච්ච සිව්පද ආකෘතිය යොදාගෙන කරන නිර්මාන  අද වෙනකොට ටිකක් අඩු වුනත් ඒ සම්පූර්ණ අඩුව සෑහෙන දුරට පුරවමින් එළිසමයකින්, ඡන්දසකින්, විරිතකින් විනිර්මුක්ත නව කාව්‍ය ආකෘතිය..එහෙමත් නැත්තම් නිසඳැස් කාව්‍ය ආකෘතිය යොදාගෙන කරන නිර්මාන අපේ කාව්‍ය සාහිත්‍ය පෝෂණය කරන අපූරුව බලන්ට ලස්සනයි...

ඒ විතරක් නෙමෙයි තවමත් නිශ්චිත නමක් යෙදිල නැති (නමක් මම දැනුවත්ව නම් තවම නෑ) නිදහස් ආරෙ ලිවීම් මේ සයිබර් අවකාසෙ බොහෝමයි... නිදහස් ආරෙ කිවුවෙ ඒව කෙටි කතා වත් නවකතා වත් නොවන විදියෙ ලිවීම් නිසයි....

සයිබර් අවකාසෙ ලියවෙන කෙටිකතා නවකතා ත් බොහෝමයි.... එහි බොහෝම සාර්ථක නවකතා කෙටිකතා මම දැකල තියෙනව.

(තරහ වෙන්න නැති වෙයි කස්ටිය මම මේක මෙහෙම කිවුවට... :)  ඒත් ඇත්තම කිවුවොත් මම සමහර කෙටිකතා නවකතා නම් කියවන්නෙම නෑ. මොකද ටිකක් කියවනකොට ඒ දැනෙන "මහා බොළඳ ආදර කතා වටේ ගෙතිල තියෙන ගතිය"ට මම ආස නෑ... )


කොහොම වුනත්... - - -

        මහත් වූ කැපකිරීම් වල ප්‍රතිපලයක් ලෙස බිහි වූ මෙම සයිබර් අවකාශයේ සිංහලෙන් ලිවීමට ලැබුණු හැකියාව නිසා එදා මෙදාතුර කාලය ඇතුලත බිහි වූ බිහි වෙමින් පවතින සියලුම බ්ලොග්කරුවන් සිදු කරන සාහිත්‍යයට පමණක් සීමා නොවූ (ජීවිතයට වැදගත් සියල්ල පිළිබඳව ලිවීම්) මෙහෙවර පිළිබඳව සියලු සිංහල බ්ලොග්කරුවන්ට මාගේ ප්‍රණාමය!!!!

6 comments:

  1. ඔබතුමා ඇතුළු සැමටම මගෙත් ප්‍රණාමය!!!!

    ReplyDelete
  2. මාත් එකක් දැම්ම බොල.. පොඩි සෑමාගේ ලිපියක්.. අවුරුදු උත්සවේ සංවිධායක මඩුල්ලට ලිව්ව පොඩි සෑමගෙ අක්ක තරගෙකට එනවා කියලා.. ලයික් 30යි වැටුනේ. :(

    සිරා මචං.. මේවායෙන් තේරෙනවා බ්ලොග් ලෝකේ නිර්මාන වලට තියෙන ඉල්ලුම..

    ReplyDelete
    Replies
    1. හිකිස්....
      ඒනම් අපිටත් බලන්ට බැරියැ අවුරුදු උත්සවේට ආපුවම.....
      ;)
      ස්තූතියි ඔබටත්....

      Delete
  3. මේ ටිකේම මාත් ඔය තරගෙට වැටෙන ඒවා කියවමින් ඉන්නේ..

    ReplyDelete
    Replies
    1. ඔව්... ගොඩාක් ලස්සන අදහස් පළ වෙනව නේද?
      හිතාගන්නත් බෑ. කටින් සද්ද බද්ද නැති ඒ හිත් වලෑඅ දේවල් කොච්චර ලස්සනට ලියවෙනවද කියල..... නේද?

      Delete

මම ලියන ඒව ගැන අදහසක් තියෙනව නම් ලියල යන්න... හැබැයි එහෙම නොකල කියල මම තරහ වෙන්නෙත් නෑ... :) කරදර කලේ නැතත් හිතේ කහටක් නැතුව එක කොමෙන්ටුවක් වත් දාල යන්න පුලුවන් නම් මට ඔයාලගෙ ඒ එක කොමෙන්ටුවක් රටකට රාජ්ජෙකට වඩා වටිනව.... ....