javascript:void(0)

Thursday, September 29, 2011

......................................
"පවනි"
..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."

                                   "එයා හරිම එඩිතරයි". වෙලාවකට අර යුගාන්තය නවකතාවෙ එමලින් වගෙ හරිම ලැජ්ජාශීලීයි.. "එහෙත් නොබිඳෙන සිතක් ඇතියකි. ඉහළ පැලැන්තියේ අය සමග කටයුතු කරද්දී ඇගේ උගත්කම පරයමින් ගමේකම මතුව පෙනෙන්නේ යැයි විටෙක සිතේ". පිරිමි නමක් තියන්නෙ නැතුව මේ වගේ නමක් තියන්න මට හිතුනෙත් මේ වගේ ලැජ්ජාශීලී ගතිය නිසාම තමයි... "කොතරම් කීවද ඈ විටෙක බොළඳය. එසේ කියන්නේ ඈ කෙතරම් බොළඳ බව පිලිකුල් කලත්, ඉතා දැඩි බරපතල කරුණුවලදී ඒවා ගැන සිතා ඈ බොළඳ ලෙස දුක් වන බැවිනි. ඈ ඉතා සංවේදීය. 

                                 කණ්ඩායමක් සමග කටයුතු කරද්දී ඈ තම කණ්ඩායමේ අය පිළිබඳව තමාටත් වඩා කල්පනා කරයි. ජීවිතයේ බොහෝ ගැටළු වලට මුහුණ දී ඇති ඈ අත්දැකීමෙන්ම තවත් අයෙකුට ඇතිවන එවැනි ගැටළු බුද්ධියෙන් අවබෝධ කරගෙන කටයුතු කරයි. කතා කිරීමට ඈ බිය නැත. තාත්තාට වුවත් කිව යුතු දේ කෙලින්ම කියා දමයි.  ඈ නොසිතන තරම් ආත්ම විශ්වාසය මත පදනම් වූ ශරීර ශක්තියක් ඈ සතුය. සබකෝලය ඇයට තවත්පයට පෑගෙන දූවිල්ලක් බඳුය.


පවනි කියන්නෙ මම ගොඩක් ආදරේ කරන මාත් එක්ක රණ්ඩු වෙන මගේම ආදරණීය "සිත"... සමහර වෙලාවට "පවනි" කියන්නෙ මගේ සිතුවිලි...

8 comments:

  1. ම්. . . මට දැනුයි නෙ තේරුනේ පවනි

    ReplyDelete
  2. ඒකනෙ... බලන්ටකො, ඕකි නිසා මට වෙච්චි හදිය...
    අයියෝ සල්ලි නේද ඕන්...?
    :D

    ReplyDelete
  3. පවනි.. හිත එක්ක රන්ඩු වෙනවද?

    ReplyDelete
  4. ටිකක් විතර.... සමහර වෙලාවට නම් ඕන් තනි අවුල!!

    ReplyDelete
  5. හ්ම්ම් ෂෝයි නම

    ReplyDelete
  6. Mmmmmm....therune dan thamai.... :)

    ReplyDelete

මම ලියන ඒව ගැන අදහසක් තියෙනව නම් ලියල යන්න... හැබැයි එහෙම නොකල කියල මම තරහ වෙන්නෙත් නෑ... :) කරදර කලේ නැතත් හිතේ කහටක් නැතුව එක කොමෙන්ටුවක් වත් දාල යන්න පුලුවන් නම් මට ඔයාලගෙ ඒ එක කොමෙන්ටුවක් රටකට රාජ්ජෙකට වඩා වටිනව.... ....