ආදර කතාවෙ පළවෙනි කොටස ---> මෙතනින්
මගේ ආදරවන්තියව මට හමු වීම
ආයෙමත්.... මට ගෙදර කරන්න තරම් විශේෂ වැඩක් නොතිබුන අතර වර්ක්ශොප් එකේ වැඩට ගියා. ඒ අතර මම අපේ ප්‍රදේශයේ ජනප්‍රිය ආයතනයක තොරතුරු තාක්ෂණ ඩිප්ලෝමාවක් හදාරන්න ගියා. ඒ කාලයේ පංති එන යහලුවන් එක්ක සම්බන්ධ වෙන්න ජංගම දුරකතනය සහ ෆේස්බුක් නැවත භාවිතය පටන් ගත්ත.
ඔන්න ඔය කාලෙ මගෙ නෑදෑ වෙන අක්ක කෙනෙක් එයාගෙ දුව ගැන ලැබුන තොරතුරක් මත මගෙන් උදවුවක් ඉල්ලුව. එයාගෙ දුව එයාට හොරෙන් ෆේස්බුක් එකවුන්ට් එකක් හදාගෙන ද කියල බලන්නයි කියල. ඔන්න ඉතින් මම හොයන්න පටන් ගත්ත. එයාගෙ නම ශලිනි. මම කොයි තරම් හෙවුවත් එහෙම එකක් හම්බ උනේ නෑ, ඒ කිවුවෙ අර මගෙ නංගි කෙනාගෙ කියල සැක කල හැකි එකවුන්ට් එකක්. ඒත් මට දෙයක් හම්බ උනා!! ඒ ශලිනි කියල ෆේස්බුක් එකවුන්ට් එකක් , මගෙ ලිස්ට් එකේ යාලුවො කීපදෙනෙකුත් ඒ එකවුන්ට් එකේ හිටිය. මේ අර නංගිද කියල පොඩි සැකයක් තිබුන නිසා කෝකටත් කියල රික්වෙස්ට් එකක් දැම්ම. ඔන්න මගෙ ආදර කතාවෙ ආරම්භය... මීට වසර 3,4කට පමණ පෙර ශලිනි නම් අන්වර්ථ නාමයකින් මුහුණු පොතේ සැඟවී සිටි මගේ ආදරවන්තිය හමු වීම.
මුලදි මම ඈ එක්ක මැසේජ් කලේ ඇගේ පිංතූර වලට කමෙන්ට් කලේ මේ අර මට හොයන්න කියපු නංගි ද කියල පුංචි සැකයකුත් එක්ක. ඒත් පසුකාලීනව ඒ සැකය දුරු වෙලා මේ කියපු ශලිනි මගෙ හොඳම යාලුවෙක් උනා. මේ කාලය ඇතුලත මම ගොඩක් දේවල් මගෙ ආදරවන්තිය පිළිබඳව දැනගත්ත. ඈ ගැන ගොඩක් අධ්‍යයනය කලා.
මීළඟට ඈ පිළිබඳව මගේ අධ්‍යයනය, ඇගේ විස්තර, ඇගේ අතීතය.... මීළඟ පෝස්ටුවෙන් බලාපොරොත්තු වන්න...
සැ. යු. - මෙම පෝස්ටුව තුළ මෙයට සම්බන්ධ ලින්ක් කීපයක්ම දමා තිබේ.