javascript:void(0)

Friday, April 26, 2013

"connecting people"

..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."

 මම තනිකම... පාලුව.. අලුතින් පුරුදු වෙන කෙනෙක් නෙමෙයි... ගොඩක් අය වගෙම මමත් ඒකෙ පතුලටම වැටිච්ච... පස්සෙ ඒ පතුලටම වෙලා ඒක රස වින්ද කෙනෙක්.... ඒ පතුලෙ ගොඩක් භයානව වගෙම ගොඩක්ම ගැඹුරු තැන් ස්පර්ශ කරපු කෙනෙක්..... ඉතින්.. මට ආයෙ ඒකෙ අමුත්තක් නම් නෑ.... මොකද මම ඒකට හැඩගැහිල... හුරු වෙලා තිබුන..
      කාලයක් මම මගෙ ෆෝන් එකට 50 කාඩ් එකක් දාපුවම මාස එක හමාරකට වඩා ඒක පාවිච්චි කලා... මට මොබිටෙල් එකෙක්, යාලුවො එක්කෙනෙක් දෙන්නෙක්ගෙන් හැර වැඩිය මැසේජ් ආවෙත් නෑ.. කෝල් නම් කොහොමටවත්ම නෑ.... ඒ දවස් වල ඉඳලම අපේ ගෙදර පරිසරය මාව හැඩගස්සල තියෙන විදිය නිසා එන කෝල් එකක්වත් ආන්සර් කරන පුරුද්දක් මට නෑ නෙ.. :)  ඒ නිසා.. මට ෆෝන් එක මහ දෙයක් උනේ නෑ.. ඒකත් එකක් විතරමයි..... කොටින්ම...  මම සමහර වෙලාවට ෆෝන් එක පාවිච්චි කලෙත් නෑ...  (මම බ්‍රිටිශ් කවුන්සිල් ගිහින් ඉවර වෙනකොටත් මගෙ ෆෝන් එකක් තිබුනෙ නෑ කියල ගොඩක් අය දන්නව).  අනික ෆේස්බුක්. මම කාලයක් ෆෝන් එකට ෆේස්බුක් එකට ඇලිලම හිටිය කියන කතාව පිළිගන්නව.. ඒකට සාක්ෂිත් ඕන තරම්... ඒත් අර මම කලින් කියපු.... පාලුවෙ තනිකමෙ ගිලෙන්න ටිකින් ටික පටන් ගන්නවත් එක්කම... ඒ හැම දෙයක්ම අත අරින්න පුලුවන් මහ අමුතු හයියක් මගෙ හිතට ආව.... මම ඒක ක්‍රියාත්මක කලා.... අන්න ඒ තමයි මම ගොඩක් තනි වෙච්ච මම බ්‍රිටිශ් කවුන්සිල් එහෙම ගිය කාලෙ.... :) විස්වාස කරන්න ඒ කාලෙ මම ෆෝන් එකක් පාවිච්චි කලේ නෑ. මම ඉන්ටර්නෙට් ගියෙ ෆෝන් එක කනෙක්ට් කරල නිසා ෆෝන් එක නැවැත්තුවයින් ඉන්ටර්නෙට් යන එකත් අත ඇරිය මම.. ෆේස්බුක් නම් ඩිඇක්ටිවේට්ම කරල දැම්ම.....

ඒත්... ඒ කාලෙ... මට අමුතුවෙන් දැනෙන්න තනිකමක් පාලුවක් තිබුනෙ නෑ මගෙ ජීවිතේ. එහෙමයි කියල ඒ කාලෙ මගෙ ජීවිතේ විවිධත්වයක් තිබුන කාලෙකුත් නෙමෙයි.... පාලුවක් තනිකමක් නැති උනාට... නොදැනුනාට.. කරන්න වැඩක් නැතුව...උදේට කාල ආයෙ දවල්ට කනකම් ඇඳට වෙලා බිත්තිය දිහා බලාගෙන හිටපු කාලයකුත් තිබුන.. ඒත්.. එහෙමයි කියල.. මට කම්මැලි ගතියක්.... පාලුවක්.. තනිකමක්... මගෙ හිතේ අහලකවත් තිබුනෙ නෑ.. මම හොඳට කෑව..බිවුව... මට කිසි ලෙඩක් තිබුනෙත් නෑ,,,, මම ඒක ෆට්ටෙටම වින්ඳ...

        ඒත් අද.... මට හරි අමුතුයි... එච්චර පුරුදු වෙලා හිටපු මාව හොඳටම වෙනස් කලා එක චරිතයක්... ඒ චරිතය ගොඩාක් පාලුවෙන්.. තනිකමෙන් හිටපු චරිතයක්... කොටින්ම 365 දවසම ගෙදරට වෙලා හිටපු කරන්න විශේෂ වැඩක් නැතිකමට...දවසම වගෙ ෆේස්බුක් එකට වෙලා හිටපු චරිතයක්... ඒ කාලෙ මම දවසටම එක පාරයි ෆේස්බුක් එන්නෙ.... ඒ එන්නෙ අලුත් පිංතූර, කොමඩි ටිකක් බලල පොඩ්ඩක් සතුටු වෙලා අලුත් දෙයක් බලල යන්න මිසක ෆේස්බුක් එක හැමදාම කියනව වගෙ "connecting people" වෙන්න නම් නෙමෙයි. ඒ චරිතය හරි අමුතු විදියට මාව එයාට නතු කරගත්තෙ.... කොයි තරම් ද කියනව නම් දැඩි හිතක් එක්ක දැඩි ප්‍රතිපත්ති තිබුන මාව බලල් පැටියෙක් වගෙ එයා ඔන්ලයින් එන වෙලාවට මාවත් ඌන්ලයින් ගෙන්නව ගන්න සමත් උනා. තවත් පුදුමයක්. මගෙ ෆේස්බුක් යාලුවො හොඳටම දන්නව, මම ෆේස්බුක් දවසෙම ලොග් වෙලා හිටියත් ඔන්ලයින් නම් යන්නෙ නැති විත්තිය.
 එහෙමයි ඒ චරිතය මාව වෙනස් කරගත්තෙ...

දවසට එක පාරක් කෑම කන ගමන් විතරක් ෆේස්බුක් ගිය මාව ගෙදර ඉන්න කොයි වෙලෙත් ෆේස්බුක් එකට ගෙන්නවගන්න ඒ චරිතය සමත් උනා. (මගෙ ෆේස්බුක් එකේ ඕන තරම් චරිත ඉඳීත්දිත් මේ අමුතු චරිතය තමයි මට අල්ලල ගියෙ ඒක කරපු වැඩ ටික නිසා, මොකද එයාට කලින් ඉඳල අවුරුදු ගාණක ඉඳන් මගෙ ෆේස්බුක් එකේ හිටිය චරිත වලටවත් ඒ වැඩ ටික කරන්න සමත් නොවුන නිසා..). කොටින්ම මාව උදේ ඇහැරුණ වෙලාවෙ ඉඳල වැඩට යනකනුත්, ආයෙ කෑම කන පැයේදිත්, ආයෙමත් වැඩ ඇරිල ආපු ගමනුත් මාව එයාට ඕන විදියට ෆේස්බුක් ඔන්ලයින් ගෙන්නවගත්ත. ඒ චරිතය ගැන පොඩ්ඩක් හොයන්න ඇති වෙච්ච අමුතු ආසාව නිසාම මමත් එයාට විතරක් ඔන්ලයින් දාල ෆේස්බුක් යනව ඒ දවස් වල..

      ෆෝන් එක ගෙදර දාල වැඩට, පංති වලට පවා ගිය මට.. අන්තිමේ වොශ් රූම් ගිහින් එන ටිකටත් ෆෝන් එක ඈත් කරන එක පවා අපහසු තත්වයකට ගේන්න ඒ චරිතය සමත් උනා.. කොහොම හරි ඒ චරිතය මාව ෆෝන් එකටයි ෆේස්බුක් එකටයි ඇබ්බැහි කලා. ඒ චරිතය නම් කොහොමත් ඒ දෙකටම ඇබ්බැහි වෙලයි හිටියෙ. :)

ඒත් අද.... අද හරි අමුතුයි....
ඒ චරිතය දැනට දවස් දෙකකට විතර කලින් එයාලගෙ බාප්පලගෙ ගෙදර ගිහින්. ඒ නිසා ෆෝන් එකෙන් මැසේජ් කරන්නවත් ෆේස්බුක් එකෙන් මැසේජ් කරන්නවත් ටිකක් අමාරුයි ලු. බාප්පයි ඒ කට්ටියයි නිතර එයාගෙ ෆෝන් එක ගැන විමසිල්ලෙන් ලු. ගියපු දවසෙම එයාගෙ ෆෝන් දෙකෙන් එකක් බලන්න කියල ඉල්ලගෙන මැසේජ් කෝල් එහෙම ඔක්කොම බැලුව ලු. වෙලාවට එහෙ යන්න කලින් ඒකෙ ඔක්කොම ඩිලීට් කරල තිබුන නිසා ශේප් වෙලා. ඊයෙ දෙවෙනි දවස. ඊයෙ නම් ඔය ඔක්කොම හිටියත්... කීපවතාවක්ම හොරෙන්ම ෆෝන් එකෙන් ෆේස්බුක් ලොග් වෙලා මට මැසේජ් කරා. චැට් කරා. ඒත් අද.... අද තුන්වෙනි දවස... අද දවසටම උදේ ආපු ගුඩ් මෝනින් මැසේජ් එක විතරමයි..... මට ෆෝන් එක ෆේස්බුක් එක නැතුව ජීවත් වෙන්න බැරි තත්වෙට පත් කරපු කොයි වෙලෙත් හැම විනාඩියකම ෆෝන් එකෙන් ෆේස්බුක් එකෙන් මගෙ ලගට වෙලා ඉඳන් මාවත් ලඟින් තියාගත්තු ඒ චරිතෙ... නිහඬයි දවසම...
මාව දාල ගිහින් නම් නෑ... මට ඒ චරිතය එක්ක තරහ යන්නෙත් නෑ...
ඒත්..
මෙහෙම වෙලාවට මට හිතෙනව අර ඉස්සර වගේ, "ශේහ්... ආදරේ නොකර හිටිය නම් මෙහෙම වෙන්නෙ නෑ නෙ" කියල...
ඔව්... එහෙම වෙන එකක් නම් නෑ තමයි... ඒත් එහෙම උනා නම් අඩු ගානෙ මම උන්නද මලා ද කියල වත් බලන්න කෙනෙක් ඉතුරු වෙන්නෙත් නෑ නෙ මට...
ඒකෙත් දෙපැත්තක් හැම එකකම වගේ.... නේද...
:)


ප.ලි. - මේක මම ගොඩාක් ඉස්සර... ගොඩාක් ඉස්සර ලියපු එකක්....අදට වලංගු නැති එකක් (මට ) ඒත් අමතක වෙන්න කලින් පෝස්ට් කරල දාන්න හිතුන.... මොකද මේක ගිය අවුරුද්දෙ ලියපු එකක්.... :)

Sunday, April 7, 2013

එදා සහ අද -- 2


..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."

             

  හොඳයි... මම අද ඉන්න IT Institute එකේ තත්වය ගැන මම කලින් කියපු පෝස්ට් එක බලලම එන්නකො -->එදා සහ අද --1


ඔන්න ඒ දවස් වල නම් මට මෙතන වෙච්ච සිද්ධිත් එක්ක තිබුනෙ ලොකූ කනගාටුවක්..... ඒත් දැන් නම් මට පුංචි සතුටක් තියෙනව... මම හිතන්නෙ අර මගෙ සහෝදරය අපිට VB.NET උගන්නන්න ආපු දවසෙ එයා විඳපු සතුට අද මමත් විඳිනව බොහොම නිහතමානීව..

      මම මෙතන්ට ආවෙ Seminar එකකට... එතනින් මම මෙතන මගෙ අධ්‍යාපන කටයුතු ආරම්භ කලා. ඒ අතර මගෙ නමත් තිබ්බ ඉහළින්ම.. මම අද වගේ ම එදත් "විප්ලවකාරයෙක්"!. ඉතින් ඒ ගමනෙදි මම ප්‍රශ්න ගොඩකුත් ඇති කරගත්ත මෙතනත් එක්ක.. ඒ හැම දේකින්ම මම හොඳට මුවහත් උනා. ඒ අතරෙ ඉගෙනගන්න එකට අමතරව මම ඉන්න තැන වෙනුවෙන් විශය පරිභාහිර ක්‍රියාකාරකම් ගොඩකුත් කලා. රණ්ඩුත් උනා.. ගේම ඉල්ලුව... කොටින්ම ආයතනයෙ කළමනාකාරීත්වයට මූණටම බැනපු දවසුත් නොතිබුනා නෙමෙයි.. සමහර ගුරුවරු අපි නිසා ආයතනයත් හැරල යන්න ගියා.. සමහර ගුරුවරු අපේ පංතියට එන්නත් බය උනා. ඒ වෙන දෙයක් නිසා නෙමෙයි.. හොඳ දැණුමක් සහ අවබෝධයක් තිබුන ගුරුවරු කිසි කෙනෙක් අපේ පංතිය ගන්න බය උනේ නෑ...එහෙම ගුරුවරු අපේ පංතියට උගන්නන්න තිබුන ආසාව ඒ කාලෙ හිටපු ශිෂ්‍යයො විදියට අපි හොඳටම දැක්ක...

                මගෙ ඊළඟ කඩයිම තරණය කරන්නත් මම මෙච්චර ප්‍රශ්න තියෙද්දිත් මේ ආයතනයම තෝරගත්තු ප්‍රධානම කාරණාව උනේ ඔය මම කලින් කියපු විදියෙ ගුරුවරු සහ අපේ කළමනාකාරතුමිය... ඇය අපිට ඉගැන්වීම් නොකලත් ඇයට තිබුන පරිණත අත්දැකීම් ටිකත් එක්ක අපේ ප්‍රශ්න දිහා බෝම සංවේදී විදියට බැලුව (ඇත්තම කිවුවොත් ඒක ඇයගෙ රාජකාරිය නෙ කෝමත් ;) )

               දෙවෙනි කඩයිම නම් බොහෝම අසීරු උනා.. ඇත්තම කිවුවොත් දැන දැනම අමාරුවෙ වැටීමක් උනා වගෙ තමයි... ඒත් අපිට කලින් හිටපු අයියල අක්කල (අර මම කලින් පෝස්ටුවෙ කියපු දෙන්න මූලිකවම)  මගෙත් එක්ක ඉන්නව කියල තිබුන විස්වාසෙ නිසා වගෙම ඒ විස්වාසෙ එයාල රැකපු නිසා බෝම අමාරුවකින්, 100%ක්ම නැතත් යම්තාක් දුරකට මට ගොඩ එන්න පුලුවන් උනා..

                   ඊළඟ කඩයිම දැන් මම පහු කරමින් ඉන්නව බොහොම සාර්ථකව.... ඒ ගැන සතුටුයි මට.. මම ඉගෙනගත්තු, මම ගොඩක් කැපවීම් කරපු මේ ආයතනයෙ මම කාලයක් ශිෂ්‍යයෙක්....   නිළධාරියෙක්...   අද මම එතන ගුරුවරයෙක්.. මට හම්බ වෙච්ච පළවෙනිම පංතිය මට ගොඩක් සුවිශේෂයි.. ඒකත් හරිම අහම්බයක්. ඒ පංතිය මට හම්බ උනේ ඊට දිනකට කළින්... :)  අනික.. මේ IT Institute එක තුළ මගේ වෘත්තීය ගුරු ජීවිතයේ පළවෙනිම දවස මගේ උපන්දිනය වීම මට ඊටත් වඩා ලොකු සතුටක්....

          මගෙ පළවෙනිම පංතියට ගිය දවසෙ...   ඒ ළමයි අතරෙ ඉඳගෙන පිටිපස්සෙම පේළියට වෙලා.......... උගන්නන හැම දේකින්ම ප්‍රශ්නයක් අහපු මගේ ශිෂ්‍ය ජීවිතය මතක් උනා මට නිතරම...... ඒක මට මැවිල පෙනුන බොහොම අපූරුවට...... 

            මට මගේ ළමයි ගැන ඇත්තටම සතුටුයි.. මොකද මම ඉගෙනගන්න කාලෙ මට වෙච්ච අඩුපාඩු.... ඉගැන්වීම් වල ප්‍රශ්න මම හොඳින්ම දැනගෙන හිටිය.. මට වෙච්ච ඒ ප්‍රශ්න මගෙන් වෙන්න දෙන්නෙ නෑ කියන ලොකු අධිෂ්ඨානයක් එක්ක මම මෙතනට ආපු නිසා මම කවදාවත් මගෙන් ඉගෙනගන්න ළමයින්ට මම එහෙම වෙන්න දෙන්නෙ නෑ... මම හිතන්නෙ ගුරුවරයෙක්ගෙන් සිද්ද වෙන්න ඕනත් ඒ දේම කියලයි...

            මම ළමයි ඉස්සරහට යන්න බය නෑ.... මොකද මම පංති භාරගන්නෙ ප්‍රශ්න නැතුව ඒ අදාල විශය උගන්නන්න මට දැනුම සහ අවබෝධය තියෙනව කියල මගෙ ගැනම මම තෘප්තිමත් නම් විතරයි... ඒ වගෙම.. මම නොදන්නා දෙයක් තියෙනව නම් ඒක නොදන්න බව කියන්නත් මම මැලි වෙන්නෙත් නෑ.. ඒ නිසාම ද කොහෙද මට පංති වල ළමයින්ගෙනුත් හොඳ සහයෝගයක් ලැබෙනව. පහසුකම් සම්බන්ධව නම් ප්‍රශ්න නැතුවමත් නෙමෙයි.. ඒත් ඉතින් ඒව මට අදාල රාජකාරිත් නෙමෙයි.. යම්තාක් දුරට ඒ දේවල්  සම්බන්ධව කටයුතු කලාට ඒව මට සීමාසහිතයි..  :)

     ඉතින්... ඔන්න ඕක තමයි අද මගේ තත්වය... මම ඉගෙනගත්තු තැනම අද මම ගුරුවරයෙක් වෙලා.... මම රණ්ඩු කරපු කාර්ය මණ්ඩලය දැන් මගෙත් එක්ක බොහොම සුහදව වැඩ කරනව.....මේ වෙනකොට මම ප්‍රධාන විශයන් තුනක් සහ විශේෂ විශය නිර්දේශයන් එකක් එක්ක පංති හතරකට ඉගැන්වීම් කරනව....

             මගෙ ඊළඟ කඩයිම "අවසන් වසර" තවත් මාස දෙකකින් ආරම්භ කරන්න සූදානම්.. ඒකත් මේ ආයතනය තුළින්ම අවසන් කරන්නයි මගෙ අදහස... ඒකත් මට බොහොම ලොකු සහයක් මේ ආයතනයෙන්ම ලැබෙයි කියල මම හිතනව.. නැතත් ඉතින් ඒක ඒ තරම් ප්‍රශ්නයකුත් නෙමෙයි.. :) ඒත් ඉතින් නුපුරුදු තැනක් නෙමේ නෙ...

    මොන දේ උනත් මට පංතියක් සාර්ථකව කරන්න ශිෂ්‍යයින්ගෙන් මූලිකව බලාපොරොත්තු වෙන කාරණා දෙකක් තියෙනව.... එකක් කැපවීමෙන් ඉගෙනගැනීම..අනික සුහදශීලී වීම.... මගෙ පංති වල දැන් ඉන්න ළමයි මේ ගැන ගොඩක්ම හොඳින් දන්නව....  මම හිතන්නෙ එයාල මේ මම කියනවට වඩා දෙයක් කියයි මගෙ ගැන ඇහුවොත්... :)