javascript:void(0)

Tuesday, December 31, 2013

--වාසනාවට ඇත්ත කතාවක්--"

..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."


      මේක මගෙ යාලුවෙක් මේ ළඟකදි කියපු කතාවක්. මේ යාලුවව මට හම්බ උනෙ ගම්පහ ගාඩර් එක උඩදි... ඒ එනකොටත් තව කවුද අයියල දෙන්නෙක් එක්ක එයා හිටියෙ. මට නම් කිවුවෙ චැනල් ෆයිව් එකේ මොකක්ද එකකට සෙට් උනා කියල... එයා කියපු කතාවත් එක්ක මට හිතුන.. සමහර කොල්ලන්ගෙ ඇත්තම කතාවත් මේ වගේමයි නේද කියල.. ඒ නිසා ඕන දෙයක් වෙන්න කියල ඔන්න ඒකත් මම ලියල දැම්ම... මේකට හේතු වෙච්ච එයාගෙ කතාව මම මේ විදියට එයාගෙම වචන වලින් දාන්නම්..

 "  ඒ කාලෙ බොන්න ඕන... සල්ලි නෑ.. හැබැයි ඇති වෙන්න බොන්න හම්බ වෙනව නිකම්ම...

   ඊට පස්සෙ... බොන්න ඕන.. ඒත් සල්ලි නෑ.. හැබැයි ඇති වෙන්න බොන්න හම්බ වෙනව නිකම්ම.... ඒත් සල්ලි නොදී බොන්න අකමැති නිසා වැඩිය බිවුවෙ නෑ...

   මම එහෙම වෙච්ච නිසා ඊට පස්සෙ, බොන්න ඕන... බොන්න සල්ලිත් නෑ, නිකම් බොන්න හම්බ වෙන්නෙත් නෑ..
 

     දැන් මට බොන්න එහෙමට උවමනාවක් නෑ, ඒත්... මට ඇති වෙන්න.. බොන්න සල්ලි තියෙනව, ඇති වෙන්න බොන්නත් හම්බ වෙනව නිකම්ම...
 ඒත් මම දැන් බොන එක පස්සෙ යන්නෙ නෑ, එහෙමට කියල බොන්නෙත් නෑ...බොන්න උවමනාවකුත් නෑ..."

මම මේ කියන්නෙ ගොඩක් පෝසත් සල්ලි තියෙන පිරිමි ළමයි ගැන නෙවෙයි.. මේ කතාව, ඒ තරම්ම සල්ලි නැති යාන වාහන නැති සාමාන්‍ය පංතියෙ පවුලකට ඉපදෙන ටිකක් විනෝදයට බර වගකීම් වැඩිය නැති උසස්පෙළ කරන වයසෙ කොල්ලො ගැන..

             මම ඉතුරු ටික කියන්න යන්නෙ නෑ... ඔය මගෙ යාලුව කියපු කාරණා ටික කියවල බලල ඔයාලම කමෙන්ට් එකක් දාල යන්නකො.. මම මේ කියන කතාවෙ යම් කිසි ගැළපීමක් තියෙනව නේද කියල..
කෙටවල


             ඔය කියන මගෙ යාලුවට උසස්පෙළ කරල ඉවර වෙච්ච කාලෙ හරියට යාලුවො හිටිය... ඒ අතරෙ ටිකක් යහමින් සල්ලි තිබුන අයත් හිටිය. ඒ කාලෙ විනෝදයටමයි බර... ජීවිතේ කිසිම වගකීමක් බරක් දැනෙන්නෙ නැති කාලයක් නෙ...
           බොන එක හොඳයි කියනව නෙමෙයි.... ඒත් මම මේ කතා කරන්නෙ යථාර්තය ගැන. ඒ කාලෙ ජීවිතේ කියන්නෙ කොල්ලො ටිකක් එක්ක සෙට් වෙලා බොන එක, ෆන් ගන්න එක, හොරෙන් නාන්න ට්‍රිප් යන්න එහෙම සෙට් වෙන එක.. පිස්සු වැඩ කරන එක, විශේශයෙන්ම කැපී පෙනෙන්න උත්සහ කරන එක, මෝඩ වැඩ කරන එක එහෙම.. අනිත් වැදගත්ම දේ වලි වලට එහෙම යන එක... ඒක ඔය කාලෙ වයසෙ හැටියක් නෙ.... මොන්ටානා එකට හැරෙන පාර ළඟ කේක් කඩේ ඉස්සරහ කල්ලි ගැහෙන, කල්ලි ගැහිල තියෙන කොල්ලො නම් මේ කියන කතාව හොඳටම දන්නව නෙ..

 
අලවල
           හැබැයි මම මේ කතා කරන මගෙ යාලුවත් අන්න ඒ කල්ලි වල හිටපු කෙනෙක් ඉස්සර... ඒ චරිතයෙ ඉස්සරයි අදයි වෙනස එදා හොඳටම මම දැක්ක ඒ ගාඩර් එක උඩ හම්බ උන මොහොතට.... වචන වලට කියාගන්න බැරි උනත් උසස් පෙළ කරන, කරපු කාලෙ නිදහසේ වගකීම් නැතුව ගෙවපු සරල නිදහස් ජීව්තේ ගැන ලොකූ කතාවක් ඒ ඇත් ඇතුලෙ ලියවෙලා තියෙනව මම දැක්ක...

අලුත් මිණුවන්ගොඩ පාර


             බලන්න ඔයාලටත් මම මේ කියපු විදියෙ ජීවිතයක් තිබුන ද කියල ඒ කාලෙ... සාහර විට සමහර අය නම් මේ දවස් වල ගෙවන්නෙ මේ කියපු ජීව්තේ... ඒත්.. මේ වෙනකොට ඔය මම කියපු විදියෙ ජීවිතයක් ගත කරපු, මේ පෝස්ට් එක කියවන ගමන් ඒ කාලෙ කරපු වැඩ මතක් කර කර හිනා වෙන, දුක් වෙන අය මේ වෙනකොටත් පෝස්ට් එක කියවන එක පැත්තකට දාල තමන් ගත කරපු ඒ ලස්සන කාලෙ ගැන බෝම ලස්සන චිත්ත රූපයක් මවාවෙගෙන ඒක රස විඳිනව  ඇති... අන්න ඒ අයට මගේ මේ කතාව වෙන කාටවත්ම වඩා හොඳටම දැනේවි...

සතුටු වෙන්න, දුක් වෙන්න එපා.. කවද හරි අපිට සතුටු වෙන්න ඉතුරු වෙන්නෙ ඔය ටික විතරමයි... --මතකයන්--- 

--මතක වස්තුව-- ලියන පවනි තරංගා

Tuesday, December 3, 2013

අපේ බීච් පාටිය - ගෙට්ටුව 2013
--මුහුද අපේ...... ලොල්--"


..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."

       
                 අම්මියෝ... මගේ මතක වස්තුව සෑහෙන්න පරණ වෙලා මකුළුදැල් බැඳලත් එක්ක.. 
:ඩී


         හරි හරි... ඒක නෙමෙයි අද කතාව... අද කතාව අපේ බ්ලොග් ලියන උන්දැල එකතු වෙන ගෙට්ටුව ගැන... තුන් වෙනි හෝ හතරවෙනි ගෙට්ටුව මයෙ හිතේ...

             ගාල්ලෙ ගෙට්ටුවෙදිත් හරි හරි වැඩ උනා ලු... හයි වේ එකේ යන්ඩ කලින් බස් තල්ලු කරපු උන්දැල, නුවර ඉඳන් කැන්ඩි යන්න හදදු උන්දැල, විටමින් ගන්ඩ කඩවල් වල ගිහින් වයස නෑ කියල විටමින් නැතුව ආපු උන්දැල, පාන්දරින්ම කිරි ටොපි හදන් ආපු උන්දැල, අපිට උදේට කන්න බනිස් ගෙනත් දීපු උන්දැල, බස් රථය ඇතුලත වැඩිහිටියන්ට පමණැයි රූපරාමු වීඩියෝ කල සහ ඒවායේ රඟපාපු උන්දැල, කොළඹ කට්ටිය එනකොට වැල්ලෙ නිදාගෙන හිටි උන්දැල, පොරොන්දු ඉෂ්ට කොරන්ට ගිහින් මත්පැන් බෝතල් කටේ තියන් බීපු උන්දැල.. ඒ ඔක්කොටමත් වඩා මං එනකම් බලන් හිටපු මාව කාර් එකේ එක්කන් යන්න බලන් හිටපු එහෙම උන්දැල මේ වෙනකොට කටවල් ඇරගෙන බාගෙට හිනා වෙවී එදා වෙච්ච සිද්ධි මතක් කරනව ඇති.... බලන්ට... ඔයාත් ඔය කියන සිද්ධිය වල උන්න ද දන්නවද එහෙම කියල....

 මේ බලන්ට -ගාල්ලෙ ගෙට්ටුව සහ “The අපිට වෙච්ච දේ Show”





 ඔන්න ඉතින් ඒකත් ඉවර උනා... ඊට පස්සෙ මෙහෙමයි..
ඊට පස්සෙ ඕන් තවත් මොකක්ද ගෙට්ටුවක් තිබුන ලු.. ගම්පහ ද කොහෙද කියල පැත්තෙ..
මටත් කතා කලා ඕන්...    ;)  සිරා අයිය කියල කෙනෙක්.... බෝම අමාරුවෙන් බේරුනේ... අම්ම දැනගත්ත නම් කොල්ලෙක් එක්ක කතා කරනව කියල, විසුමක් වෙන්නෙ නෑ..   :ඩී



               ඒකෙත් හරි හරි සිද්ධි තමයි උනේ... කවුද මන්ද උන්දැ කෙනෙක් නම් ලිස්ට් එක අතේ තියන් ගේට්ටුව ළඟට වෙලා බලන් උන්න ලු එන කට්ටිය කවුද එයාලගෙ නම් මොනවද කියල හොයාගන්න එහෙම..... තවත් අය ගෙට්ටුවට ඇවිත් ගෙට්ටුවට නෙමෙයි වගේ ඇවිත් මල් වත්තෙ ගේට්ටුව ළඟ ඉඳගෙන උන්න ලු... සමහරු ගෙට්ටුවට එනවයි කියල ගම්පහට ඇවිත්, ගම්පහ නගරය ගැන මාර ආදරයක් ඇතිවෙල ප්ලැට්ෆෝම් ටිකට් එකක් අරන් ස්ටේෂන් එකට වෙලා නිදාගෙන උන්න ලු.. ඇන්ඩ් සෝ ඔන්..

මෙන්න ඒකෙ විස්තර අපේ රජාගෙ කතා කරන පිංතූර වලින්...

ගෙට්ටුවේ කැතම කැත කතා කරන පොටෝ!!! - Live & Exclusive -

මඩ පොටෝ Season 2

එන්න එන්න!!!! තව ගහගම්මු!!! - මඩ පොටෝ Season 2

 හරි හරි... ඒව ඉවරයි... ඔන්න තවත් සීසන් එකක් ඇවිත් ඒකට..... සයිබර් ගෙට්ටුව 2013....!!!!! :)
 මේ පාර ගෙට්ටුව තියෙන්නෙ ගල්කිස්ස බීච් එකේ... ගොඩක් කස්ටිය යනව ලු... මන්ද.. මාව නම් යවන පාටක් නෑ අපෙ ගෙදරින්.. ඒ උනාට උපරිම උත්සහය දරන්නම්කො...
මෙන්න ගෙට්ටුව ගැන විස්තර...

මෙන්න දවස  ---->

දෙසැම්බර් 21 වෙනිදා

මෙන්න තැන ----->

ගල්කිස්ස ජෝ ජෝ'ස් ප්ලේස් ( Jo Jo's Place in Mount Lavinia )

මෙන්න මෙතනින් වැඩි විස්තර ---->

 ගිනියම් ඉර ........ සඳ සිසිලස ............අතරේ හොයනවා හොයනවා අපි අපි කවුරුද?

 

Sunday, July 28, 2013

අනේ මන්ද.....

..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."




හිටගන්න
           පුළුවන්...
ඉදගන්න
           පුටු නෑ..
ලිව්ව කෙනත්
            නෑ!!!!

ලොවෙත් නෑ!!





Saturday, February 12, 2011 at 10:02pm At Pe Workshop

Friday, April 26, 2013

"connecting people"

..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."

 මම තනිකම... පාලුව.. අලුතින් පුරුදු වෙන කෙනෙක් නෙමෙයි... ගොඩක් අය වගෙම මමත් ඒකෙ පතුලටම වැටිච්ච... පස්සෙ ඒ පතුලටම වෙලා ඒක රස වින්ද කෙනෙක්.... ඒ පතුලෙ ගොඩක් භයානව වගෙම ගොඩක්ම ගැඹුරු තැන් ස්පර්ශ කරපු කෙනෙක්..... ඉතින්.. මට ආයෙ ඒකෙ අමුත්තක් නම් නෑ.... මොකද මම ඒකට හැඩගැහිල... හුරු වෙලා තිබුන..
      කාලයක් මම මගෙ ෆෝන් එකට 50 කාඩ් එකක් දාපුවම මාස එක හමාරකට වඩා ඒක පාවිච්චි කලා... මට මොබිටෙල් එකෙක්, යාලුවො එක්කෙනෙක් දෙන්නෙක්ගෙන් හැර වැඩිය මැසේජ් ආවෙත් නෑ.. කෝල් නම් කොහොමටවත්ම නෑ.... ඒ දවස් වල ඉඳලම අපේ ගෙදර පරිසරය මාව හැඩගස්සල තියෙන විදිය නිසා එන කෝල් එකක්වත් ආන්සර් කරන පුරුද්දක් මට නෑ නෙ.. :)  ඒ නිසා.. මට ෆෝන් එක මහ දෙයක් උනේ නෑ.. ඒකත් එකක් විතරමයි..... කොටින්ම...  මම සමහර වෙලාවට ෆෝන් එක පාවිච්චි කලෙත් නෑ...  (මම බ්‍රිටිශ් කවුන්සිල් ගිහින් ඉවර වෙනකොටත් මගෙ ෆෝන් එකක් තිබුනෙ නෑ කියල ගොඩක් අය දන්නව).  අනික ෆේස්බුක්. මම කාලයක් ෆෝන් එකට ෆේස්බුක් එකට ඇලිලම හිටිය කියන කතාව පිළිගන්නව.. ඒකට සාක්ෂිත් ඕන තරම්... ඒත් අර මම කලින් කියපු.... පාලුවෙ තනිකමෙ ගිලෙන්න ටිකින් ටික පටන් ගන්නවත් එක්කම... ඒ හැම දෙයක්ම අත අරින්න පුලුවන් මහ අමුතු හයියක් මගෙ හිතට ආව.... මම ඒක ක්‍රියාත්මක කලා.... අන්න ඒ තමයි මම ගොඩක් තනි වෙච්ච මම බ්‍රිටිශ් කවුන්සිල් එහෙම ගිය කාලෙ.... :) විස්වාස කරන්න ඒ කාලෙ මම ෆෝන් එකක් පාවිච්චි කලේ නෑ. මම ඉන්ටර්නෙට් ගියෙ ෆෝන් එක කනෙක්ට් කරල නිසා ෆෝන් එක නැවැත්තුවයින් ඉන්ටර්නෙට් යන එකත් අත ඇරිය මම.. ෆේස්බුක් නම් ඩිඇක්ටිවේට්ම කරල දැම්ම.....

ඒත්... ඒ කාලෙ... මට අමුතුවෙන් දැනෙන්න තනිකමක් පාලුවක් තිබුනෙ නෑ මගෙ ජීවිතේ. එහෙමයි කියල ඒ කාලෙ මගෙ ජීවිතේ විවිධත්වයක් තිබුන කාලෙකුත් නෙමෙයි.... පාලුවක් තනිකමක් නැති උනාට... නොදැනුනාට.. කරන්න වැඩක් නැතුව...උදේට කාල ආයෙ දවල්ට කනකම් ඇඳට වෙලා බිත්තිය දිහා බලාගෙන හිටපු කාලයකුත් තිබුන.. ඒත්.. එහෙමයි කියල.. මට කම්මැලි ගතියක්.... පාලුවක්.. තනිකමක්... මගෙ හිතේ අහලකවත් තිබුනෙ නෑ.. මම හොඳට කෑව..බිවුව... මට කිසි ලෙඩක් තිබුනෙත් නෑ,,,, මම ඒක ෆට්ටෙටම වින්ඳ...

        ඒත් අද.... මට හරි අමුතුයි... එච්චර පුරුදු වෙලා හිටපු මාව හොඳටම වෙනස් කලා එක චරිතයක්... ඒ චරිතය ගොඩාක් පාලුවෙන්.. තනිකමෙන් හිටපු චරිතයක්... කොටින්ම 365 දවසම ගෙදරට වෙලා හිටපු කරන්න විශේෂ වැඩක් නැතිකමට...දවසම වගෙ ෆේස්බුක් එකට වෙලා හිටපු චරිතයක්... ඒ කාලෙ මම දවසටම එක පාරයි ෆේස්බුක් එන්නෙ.... ඒ එන්නෙ අලුත් පිංතූර, කොමඩි ටිකක් බලල පොඩ්ඩක් සතුටු වෙලා අලුත් දෙයක් බලල යන්න මිසක ෆේස්බුක් එක හැමදාම කියනව වගෙ "connecting people" වෙන්න නම් නෙමෙයි. ඒ චරිතය හරි අමුතු විදියට මාව එයාට නතු කරගත්තෙ.... කොයි තරම් ද කියනව නම් දැඩි හිතක් එක්ක දැඩි ප්‍රතිපත්ති තිබුන මාව බලල් පැටියෙක් වගෙ එයා ඔන්ලයින් එන වෙලාවට මාවත් ඌන්ලයින් ගෙන්නව ගන්න සමත් උනා. තවත් පුදුමයක්. මගෙ ෆේස්බුක් යාලුවො හොඳටම දන්නව, මම ෆේස්බුක් දවසෙම ලොග් වෙලා හිටියත් ඔන්ලයින් නම් යන්නෙ නැති විත්තිය.
 එහෙමයි ඒ චරිතය මාව වෙනස් කරගත්තෙ...

දවසට එක පාරක් කෑම කන ගමන් විතරක් ෆේස්බුක් ගිය මාව ගෙදර ඉන්න කොයි වෙලෙත් ෆේස්බුක් එකට ගෙන්නවගන්න ඒ චරිතය සමත් උනා. (මගෙ ෆේස්බුක් එකේ ඕන තරම් චරිත ඉඳීත්දිත් මේ අමුතු චරිතය තමයි මට අල්ලල ගියෙ ඒක කරපු වැඩ ටික නිසා, මොකද එයාට කලින් ඉඳල අවුරුදු ගාණක ඉඳන් මගෙ ෆේස්බුක් එකේ හිටිය චරිත වලටවත් ඒ වැඩ ටික කරන්න සමත් නොවුන නිසා..). කොටින්ම මාව උදේ ඇහැරුණ වෙලාවෙ ඉඳල වැඩට යනකනුත්, ආයෙ කෑම කන පැයේදිත්, ආයෙමත් වැඩ ඇරිල ආපු ගමනුත් මාව එයාට ඕන විදියට ෆේස්බුක් ඔන්ලයින් ගෙන්නවගත්ත. ඒ චරිතය ගැන පොඩ්ඩක් හොයන්න ඇති වෙච්ච අමුතු ආසාව නිසාම මමත් එයාට විතරක් ඔන්ලයින් දාල ෆේස්බුක් යනව ඒ දවස් වල..

      ෆෝන් එක ගෙදර දාල වැඩට, පංති වලට පවා ගිය මට.. අන්තිමේ වොශ් රූම් ගිහින් එන ටිකටත් ෆෝන් එක ඈත් කරන එක පවා අපහසු තත්වයකට ගේන්න ඒ චරිතය සමත් උනා.. කොහොම හරි ඒ චරිතය මාව ෆෝන් එකටයි ෆේස්බුක් එකටයි ඇබ්බැහි කලා. ඒ චරිතය නම් කොහොමත් ඒ දෙකටම ඇබ්බැහි වෙලයි හිටියෙ. :)

ඒත් අද.... අද හරි අමුතුයි....
ඒ චරිතය දැනට දවස් දෙකකට විතර කලින් එයාලගෙ බාප්පලගෙ ගෙදර ගිහින්. ඒ නිසා ෆෝන් එකෙන් මැසේජ් කරන්නවත් ෆේස්බුක් එකෙන් මැසේජ් කරන්නවත් ටිකක් අමාරුයි ලු. බාප්පයි ඒ කට්ටියයි නිතර එයාගෙ ෆෝන් එක ගැන විමසිල්ලෙන් ලු. ගියපු දවසෙම එයාගෙ ෆෝන් දෙකෙන් එකක් බලන්න කියල ඉල්ලගෙන මැසේජ් කෝල් එහෙම ඔක්කොම බැලුව ලු. වෙලාවට එහෙ යන්න කලින් ඒකෙ ඔක්කොම ඩිලීට් කරල තිබුන නිසා ශේප් වෙලා. ඊයෙ දෙවෙනි දවස. ඊයෙ නම් ඔය ඔක්කොම හිටියත්... කීපවතාවක්ම හොරෙන්ම ෆෝන් එකෙන් ෆේස්බුක් ලොග් වෙලා මට මැසේජ් කරා. චැට් කරා. ඒත් අද.... අද තුන්වෙනි දවස... අද දවසටම උදේ ආපු ගුඩ් මෝනින් මැසේජ් එක විතරමයි..... මට ෆෝන් එක ෆේස්බුක් එක නැතුව ජීවත් වෙන්න බැරි තත්වෙට පත් කරපු කොයි වෙලෙත් හැම විනාඩියකම ෆෝන් එකෙන් ෆේස්බුක් එකෙන් මගෙ ලගට වෙලා ඉඳන් මාවත් ලඟින් තියාගත්තු ඒ චරිතෙ... නිහඬයි දවසම...
මාව දාල ගිහින් නම් නෑ... මට ඒ චරිතය එක්ක තරහ යන්නෙත් නෑ...
ඒත්..
මෙහෙම වෙලාවට මට හිතෙනව අර ඉස්සර වගේ, "ශේහ්... ආදරේ නොකර හිටිය නම් මෙහෙම වෙන්නෙ නෑ නෙ" කියල...
ඔව්... එහෙම වෙන එකක් නම් නෑ තමයි... ඒත් එහෙම උනා නම් අඩු ගානෙ මම උන්නද මලා ද කියල වත් බලන්න කෙනෙක් ඉතුරු වෙන්නෙත් නෑ නෙ මට...
ඒකෙත් දෙපැත්තක් හැම එකකම වගේ.... නේද...
:)


ප.ලි. - මේක මම ගොඩාක් ඉස්සර... ගොඩාක් ඉස්සර ලියපු එකක්....අදට වලංගු නැති එකක් (මට ) ඒත් අමතක වෙන්න කලින් පෝස්ට් කරල දාන්න හිතුන.... මොකද මේක ගිය අවුරුද්දෙ ලියපු එකක්.... :)

Sunday, April 7, 2013

එදා සහ අද -- 2


..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."

             

  හොඳයි... මම අද ඉන්න IT Institute එකේ තත්වය ගැන මම කලින් කියපු පෝස්ට් එක බලලම එන්නකො -->එදා සහ අද --1


ඔන්න ඒ දවස් වල නම් මට මෙතන වෙච්ච සිද්ධිත් එක්ක තිබුනෙ ලොකූ කනගාටුවක්..... ඒත් දැන් නම් මට පුංචි සතුටක් තියෙනව... මම හිතන්නෙ අර මගෙ සහෝදරය අපිට VB.NET උගන්නන්න ආපු දවසෙ එයා විඳපු සතුට අද මමත් විඳිනව බොහොම නිහතමානීව..

      මම මෙතන්ට ආවෙ Seminar එකකට... එතනින් මම මෙතන මගෙ අධ්‍යාපන කටයුතු ආරම්භ කලා. ඒ අතර මගෙ නමත් තිබ්බ ඉහළින්ම.. මම අද වගේ ම එදත් "විප්ලවකාරයෙක්"!. ඉතින් ඒ ගමනෙදි මම ප්‍රශ්න ගොඩකුත් ඇති කරගත්ත මෙතනත් එක්ක.. ඒ හැම දේකින්ම මම හොඳට මුවහත් උනා. ඒ අතරෙ ඉගෙනගන්න එකට අමතරව මම ඉන්න තැන වෙනුවෙන් විශය පරිභාහිර ක්‍රියාකාරකම් ගොඩකුත් කලා. රණ්ඩුත් උනා.. ගේම ඉල්ලුව... කොටින්ම ආයතනයෙ කළමනාකාරීත්වයට මූණටම බැනපු දවසුත් නොතිබුනා නෙමෙයි.. සමහර ගුරුවරු අපි නිසා ආයතනයත් හැරල යන්න ගියා.. සමහර ගුරුවරු අපේ පංතියට එන්නත් බය උනා. ඒ වෙන දෙයක් නිසා නෙමෙයි.. හොඳ දැණුමක් සහ අවබෝධයක් තිබුන ගුරුවරු කිසි කෙනෙක් අපේ පංතිය ගන්න බය උනේ නෑ...එහෙම ගුරුවරු අපේ පංතියට උගන්නන්න තිබුන ආසාව ඒ කාලෙ හිටපු ශිෂ්‍යයො විදියට අපි හොඳටම දැක්ක...

                මගෙ ඊළඟ කඩයිම තරණය කරන්නත් මම මෙච්චර ප්‍රශ්න තියෙද්දිත් මේ ආයතනයම තෝරගත්තු ප්‍රධානම කාරණාව උනේ ඔය මම කලින් කියපු විදියෙ ගුරුවරු සහ අපේ කළමනාකාරතුමිය... ඇය අපිට ඉගැන්වීම් නොකලත් ඇයට තිබුන පරිණත අත්දැකීම් ටිකත් එක්ක අපේ ප්‍රශ්න දිහා බෝම සංවේදී විදියට බැලුව (ඇත්තම කිවුවොත් ඒක ඇයගෙ රාජකාරිය නෙ කෝමත් ;) )

               දෙවෙනි කඩයිම නම් බොහෝම අසීරු උනා.. ඇත්තම කිවුවොත් දැන දැනම අමාරුවෙ වැටීමක් උනා වගෙ තමයි... ඒත් අපිට කලින් හිටපු අයියල අක්කල (අර මම කලින් පෝස්ටුවෙ කියපු දෙන්න මූලිකවම)  මගෙත් එක්ක ඉන්නව කියල තිබුන විස්වාසෙ නිසා වගෙම ඒ විස්වාසෙ එයාල රැකපු නිසා බෝම අමාරුවකින්, 100%ක්ම නැතත් යම්තාක් දුරකට මට ගොඩ එන්න පුලුවන් උනා..

                   ඊළඟ කඩයිම දැන් මම පහු කරමින් ඉන්නව බොහොම සාර්ථකව.... ඒ ගැන සතුටුයි මට.. මම ඉගෙනගත්තු, මම ගොඩක් කැපවීම් කරපු මේ ආයතනයෙ මම කාලයක් ශිෂ්‍යයෙක්....   නිළධාරියෙක්...   අද මම එතන ගුරුවරයෙක්.. මට හම්බ වෙච්ච පළවෙනිම පංතිය මට ගොඩක් සුවිශේෂයි.. ඒකත් හරිම අහම්බයක්. ඒ පංතිය මට හම්බ උනේ ඊට දිනකට කළින්... :)  අනික.. මේ IT Institute එක තුළ මගේ වෘත්තීය ගුරු ජීවිතයේ පළවෙනිම දවස මගේ උපන්දිනය වීම මට ඊටත් වඩා ලොකු සතුටක්....

          මගෙ පළවෙනිම පංතියට ගිය දවසෙ...   ඒ ළමයි අතරෙ ඉඳගෙන පිටිපස්සෙම පේළියට වෙලා.......... උගන්නන හැම දේකින්ම ප්‍රශ්නයක් අහපු මගේ ශිෂ්‍ය ජීවිතය මතක් උනා මට නිතරම...... ඒක මට මැවිල පෙනුන බොහොම අපූරුවට...... 

            මට මගේ ළමයි ගැන ඇත්තටම සතුටුයි.. මොකද මම ඉගෙනගන්න කාලෙ මට වෙච්ච අඩුපාඩු.... ඉගැන්වීම් වල ප්‍රශ්න මම හොඳින්ම දැනගෙන හිටිය.. මට වෙච්ච ඒ ප්‍රශ්න මගෙන් වෙන්න දෙන්නෙ නෑ කියන ලොකු අධිෂ්ඨානයක් එක්ක මම මෙතනට ආපු නිසා මම කවදාවත් මගෙන් ඉගෙනගන්න ළමයින්ට මම එහෙම වෙන්න දෙන්නෙ නෑ... මම හිතන්නෙ ගුරුවරයෙක්ගෙන් සිද්ද වෙන්න ඕනත් ඒ දේම කියලයි...

            මම ළමයි ඉස්සරහට යන්න බය නෑ.... මොකද මම පංති භාරගන්නෙ ප්‍රශ්න නැතුව ඒ අදාල විශය උගන්නන්න මට දැනුම සහ අවබෝධය තියෙනව කියල මගෙ ගැනම මම තෘප්තිමත් නම් විතරයි... ඒ වගෙම.. මම නොදන්නා දෙයක් තියෙනව නම් ඒක නොදන්න බව කියන්නත් මම මැලි වෙන්නෙත් නෑ.. ඒ නිසාම ද කොහෙද මට පංති වල ළමයින්ගෙනුත් හොඳ සහයෝගයක් ලැබෙනව. පහසුකම් සම්බන්ධව නම් ප්‍රශ්න නැතුවමත් නෙමෙයි.. ඒත් ඉතින් ඒව මට අදාල රාජකාරිත් නෙමෙයි.. යම්තාක් දුරට ඒ දේවල්  සම්බන්ධව කටයුතු කලාට ඒව මට සීමාසහිතයි..  :)

     ඉතින්... ඔන්න ඕක තමයි අද මගේ තත්වය... මම ඉගෙනගත්තු තැනම අද මම ගුරුවරයෙක් වෙලා.... මම රණ්ඩු කරපු කාර්ය මණ්ඩලය දැන් මගෙත් එක්ක බොහොම සුහදව වැඩ කරනව.....මේ වෙනකොට මම ප්‍රධාන විශයන් තුනක් සහ විශේෂ විශය නිර්දේශයන් එකක් එක්ක පංති හතරකට ඉගැන්වීම් කරනව....

             මගෙ ඊළඟ කඩයිම "අවසන් වසර" තවත් මාස දෙකකින් ආරම්භ කරන්න සූදානම්.. ඒකත් මේ ආයතනය තුළින්ම අවසන් කරන්නයි මගෙ අදහස... ඒකත් මට බොහොම ලොකු සහයක් මේ ආයතනයෙන්ම ලැබෙයි කියල මම හිතනව.. නැතත් ඉතින් ඒක ඒ තරම් ප්‍රශ්නයකුත් නෙමෙයි.. :) ඒත් ඉතින් නුපුරුදු තැනක් නෙමේ නෙ...

    මොන දේ උනත් මට පංතියක් සාර්ථකව කරන්න ශිෂ්‍යයින්ගෙන් මූලිකව බලාපොරොත්තු වෙන කාරණා දෙකක් තියෙනව.... එකක් කැපවීමෙන් ඉගෙනගැනීම..අනික සුහදශීලී වීම.... මගෙ පංති වල දැන් ඉන්න ළමයි මේ ගැන ගොඩක්ම හොඳින් දන්නව....  මම හිතන්නෙ එයාල මේ මම කියනවට වඩා දෙයක් කියයි මගෙ ගැන ඇහුවොත්... :)

Friday, March 29, 2013

එදා සහ අද -- 1


..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."

අද මම ලියන්නෙ යන්නෙ අලුත්ම තත්වය මගෙ ගැන....ඒත් ඒකට කලින් පොඩ්ඩක් වටේ කැරකිලා එන්න ඕන මාතෘකාව ගැන හොඳ අදහසක් එන්න... :)  ඒ නිසා පුංචි වටයක් ගිහින් එමු....

        ඔයාලට මතක නම් නැතුව ඇති..ඒත් සමහර අයට නම් මතක ඇති.. කාලයක් මම ඉගෙනගත්තු IT Institute එකේ මට තිබුන තත්වය ගැන... මම එතන ශිෂ්‍යයෙක් විදියට එන්න පුලුවන් ඉහළම තැන වෙච්ච ශිෂ්‍ය සංගමයේ සභාපති තනතුරෙත් හිටිය කාලයක්... ඒත් මගෙන්ම වෙච්ච වරදක් නිසා මට ඒ හැම දෙයක්ම නැති වෙලා අන්තිමට මට එතන ඇතිවෙච්ච බොහොම ශෝචනීය තත්වය ගැන පෝස්ටුවක් පවා ලිවුව... මේ තියෙන්නෙ ඒක --> තනි සෙට් එක

            අද මම ගොඩක් සතුටින්... එදා මගෙත් එක්ක හිටපු "බීක්" අදටත් එදා වගෙම මගෙත් එක්ක ඉන්නව.. හරිම හොඳ අක්ක කෙනෙක්, මගෙ ජීවිතේට හම්බ වෙච්ච.... අදටත් මම ගොඩක් ගරු කරනව බීක්ට මගෙත් එක්ක වෙනස් නොවී හිටපු එකට.....

             ඒ වගේම මම දැනට හදාරණ විෂය සම්බන්ධව මට හමු වෙච්ච වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගුරුවරයෙක් වෙච්ච මගෙ සහෝදරයෙක් වගේ ඉන්න අයිය කෙනෙකුත් ඉන්නව.. මේ අයියට පිං සිද්ධ වෙන්න අද මම සෑහෙන තැනකට ඇවිත් ඉන්නව... ඒ වගේම ඉදිරියත් මාව අත අරින්නෙ නෑ කියන ලොකු විස්වාසෙත් මගෙ හිතේ තියෙනව...අදටත් මම සලකන්න පුලුවන් හැම වෙලාවකම මට පුලුවන් තරමින් සලකනව මගෙ ඒ ගුරුතුමාට.... ගුරුතුමා උනාට ඉතින්.. මගෙ අයිය කෙනෙක් වගේ නිසා අයිය කියල තමයි ඉතින් කතා කරන්නෙ නම්.. ;)

            ඔන්න දැනුයි මගෙ කතාව... ඉතින් අර කලින් පෝස්ට් එකේ කිවුව වගේ තත්වයක් මට, මම ඉගෙනගත්තු IT Institute එක තුළ ඇති වෙලා තිබුන නිසා මම සභාපති උනත් නිකම් නමට විතරක් සභාපති කෙනෙක් වෙලයි තිබුනෙ.... මාව දැනුවත් කිරීමකින් තොරවත් ගොඩක් දේවල් සිද්ධ වෙලත් තිබුන.. ඒකෙ අසාධාරණකමක් දකින්නෙත් නෑ මම එක අතකට... හැබැයි ගොඩක් දුක හිතුන, මට වැඩ කරන්න පුලුවන් කාලෙ මම රැකියාවට පවා යන්නෙ නැතුව ඒ ආයතනය වෙනුවෙන් ගොඩක් කැපවීම් කරල තියෙද්දිත් මේ වගෙ පුංචි දෙයක් මූලික කරගෙන මට එහෙම සලකපු එක ගැන පුංචි දුකක් ඇති නොවුනමත් නෙමෙයි....

       ඒත් මම මගේ ජීවිතේ සිද්ධ වෙන දේවල් වලින් ඉගෙනගන්නව වගෙම ඒ වෙච්ච දේවල් වලිනුත් මම ගොඩක් දේවල් ඉගෙනගත්ත.... ඒ තමයි මගේ මේ ආයතනය තුළ වැඩ ගන්න පුලුවන් අයගෙන් උපරිම වැඩ ගත්තට පස්සෙ එහෙම කෙනෙක් හිටියද කියලත් අමතක කරන තැනක් බව දැනගත්තු එක.... ඒක මට අයියල කීපදෙනෙක්ම කියල තිබුනත් එදා තමයි හොඳින්ම දැනගත්තෙ... ඒක දැනගත්තු එකෙත් ලොකු වටිනාකමක් තියනව.... අඩු ගානෙ දැන් මම ඒ බව තේරුම් අරන් වැඩ කරන්න පුලුවන්කමක් ලැබිල තියෙනව.... එහෙම නොවුන නම් අදටත් මම මගෙ වැඩත් පාලු කරගෙන මැරීගෙන වැඩ නෙ ඒකෙ... :)


-----------අපි අපේ ජීවිත වල දැණුමට අමතර ගොඩක් දේවල් කොච්චර කියල දුන්නත් ඒව ඇත්තටම ඉගෙනගන්නෙ අත්දැකීම් තුළින්.... මම ඒක ගොඩාක් විස්වාස කරන දෙයක්..-----------
       ඒ දවස් වල මගෙත් එක්ක එක පිම්මෙ, හැල්මෙ දුවපු ගොඩක් අය නෑ එතන...කීප දෙනෙක් විතරක් ඉන්නව.. ගොඩක් අය ආගිය අතක් නෑ... සමහර අය මට වඩා ගොඩක් ඉහළින් යන්නෙ (මට නම් දැක්කම හිනාත් යනව :D ). සමහරු ඉස්සර තරම් ෆිට් නෑ.ඒත් ඉස්සර වගේ දැන් මට ඒක ප්‍රශ්නයක් නෙමෙයි....එදා මම අවබෝධ කරගත්තු දේවල් එක්ක, එක එක්කෙනා එක්ක වැඩ කරන්න ඕන කොහොමද,ආශ්‍රය කරන්න ඕන කොහොමද, පිටින් පෙනුනට ඇතුළ කොහොමද කියල හොඳ අවබෝධයකින් ඉන්න නිසා සහ යථා ස්වභාවය දන්න නිසා මට දැන් ඒ කිසි දේක ගාණක් නෑ... මගෙ ගමන යන්න ඒ කිසි කෙනෙක් ප්‍රශ්නයක් නෙමෙයි කියල මම තේරුම් අරන් ඉන්නව හොඳින්..

මේක දැනටමත් දිග වැඩියි නේද? ඒ  නිසා හොඳම කොටස ඊළඟ පෝස්ට් එකෙන් දාන්නම්කො...


රසවත්ම කොටස - මීළඟ කොටසින් හමුවෙමු...

 ප.ලි. -  සමහර විට මේ පෝස්ට් එකට හරි හැටි කමෙන්ට් එකක් දාන්න ගොඩක් අයට අදහසක් නැතුව ඇති....  ඒත් ඊළඟ පෝස්ට් එක දැම්මම නම් මම මේ කතාව කිවුවෙ මොකටද කියල තේරෙයි..

තනි සෙට් එක පෝස්ට් එකට නාකියා දාපු කමෙන්ට් එක මට ගොඩක් ප්‍රයෝජනවත් උනා... ඒ නිසා කියන්න ඕන නාකියා ටත් බෝම ස්තූතියි මට ඒ ලබා දුන්න උපදෙසට..        



Monday, February 18, 2013

ලොකු මහප්පා


..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."




මට මතකයි...මගෙ චූටි කාලෙ මතකයක්.... මයෙ හිතෙ මම පහ වසරෙ හෝ හය වසරේ ඉද්දි..... මම යනව... අපෙ අම්මයි තාත්තයි...මමයි.. අයියයි... රඹුක්කන.... අපෙ තාත්තගෙ ලොකු අයිය... මට නම් මහප්පලගෙ ගෙදර...... අපි එහෙ යනකොට... හුගක් වෙලාවට.. යටගම ස්ටේෂන් එකෙන් බහිනව.... අපි එනකම් කීය වෙනකම් හරි ලොකු මහප්ප ස්ටේෂන් එකේ කොණකට වෙලා ඇන තියාගෙන බලන් ඉන්නව අපි එනවයි කිවුවොත්..... එහෙම යටගම ස්ටේෂන් එකෙන් බහින්නෙ මා ඔයේ වතුර අඩු දවස් වලට....

     පුදුමයි නේද? “මා ඔයේ වතුරයි අපේ ගමනෙ සම්බන්ධයයි ගැන?
 නෑ.. පුදුම වෙන්න ඕන නෑ.. ස්ටේෂන් එක තියෙන්නෙ ඔයෙන් මෙහා පැත්තෙ.... මහප්පලගෙ ගෙදර තියෙන්නෙ ඔයෙන් එහා පැත්තෙ...... අපි ස්ටේෂන් එකෙන් බැහැල මහප්පත් එක්කම ඔය ළඟට යනකම් පයින් යනව.. ඒ ගියාම... හැමෝම සපත්තු සෙරෙප්පු ගලෝල අතට අරගෙන බෑග් උස්සගන ඇඟෙන් භාගයක් විතර තෙමිගෙන අනිත් ඉවුරෙන් මතු වෙද්දි මම විතරක් සපත්තු දාගෙන චුට්ටක් වත් නොතෙමි අනිත් ඉවුරට ආපු හැටි.. මහප්පලගෙ ගෙදර අයට පුදුමයක්...

      ඒ මගෙ මහප්පගෙ හිතේ මං ගැන තිබුන ආදරේ..... මහප්ප කොහොමත් ටිකක් උසයි... ඔය ළඟට යනකම් මාව වඩාගෙන ගිහින්.. ඔය ළඟදි මාව බිමින් තියල, සරමත් හදාගෙන මාව තියාගන්නව එයාගෙ ඔලුවෙන්.... මමත් හරි ආසාවෙන් මහප්පගෙ බෙල්ල දෙපැත්තෙන් කකුල් දෙක ඉස්සරහට දාගෙන හයියෙන් මහප්පගෙ ඔලුව අල්ලගත්තම තමයි මහප්ප අර මහ වතුර පාරට බහින්නෙ මාවත් තියාගෙන.... ඔයෙන් එගොඩට යනකම් වතුර බිඳක් ගෑවෙන්නෙ දෙන්නෙ නෑ මගෙ කකුලෙ.... :'(
ඒ තමයි පිරිමි දරුවො නොහිටිය මගෙ ලොකු මහප්ප මට පිටට නොපෙන්නපු ආදරේ....
:(

ඒත් අද.....
අදත් එදා වගෙම.... ඒ "මා ඔය" අද මයෙ හිත වගේම "ඔය" ඉවුරත් ටිකින් ටික තුවාල කරගෙන එදා වගෙම ගලාගෙන යනව..... ඒත්...හිස මත තියාගෙන මාව ඔයෙන් එගොඩ කරපු ඒ උත්තම පරුෂ නාමපදය "ලොකු මහප්පා" අපි හැමෝම දාල යන්න ගිහින්.... ගෙදර ඉන්න මට මේ තරමට දැනෙන ඒ වෙනස හෙට ඒ "දෙණ" අසලදි... වෙන කවදාටත් වඩා මගෙ හිතට දැනේවි..... එවෙලෙට.... දැනෙන හැඟිම් අතර පත්ලටම කිඳා බැහැපු මගෙ දුක..... කියාගන්න... ලියාගන්න.... මට මේ වචන මදි වේවි....
ඒත්...
හෙටත්...
මා ඔය.... ඔබ මා පසු කරමින් කාලය ඒක්ක දිගු ගමනක් යාවි,
"
ලොකු මහප්පා"
කියන...
මතකය විතරක් අපිට ඉතුරු කරල..

ඒ අමරණීය මතක සරණිය මේ "පොඩි පුතා"ට දීපු පිණින්ම මතු උපදින ජාති ජාතිත් නිදුක් නිරෝගීව ජීවත් වෙන්නත් මතු අජරාමර නිවන් සුව ලබන්නත් හැකිවේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනව "ලොකු මහප්පෙ..."




                                 -----ඔබට අජාරමර නිවන් සුව අත්වේවා ලොකු මහප්පෙ----
                                                                                                

Sunday, January 20, 2013

වාර්ශික සුහද හමුව 2013


..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."

...:|වාර්ෂික සුහද හමුව 2013|:...




ඔන්න තවත් නව වසරක්..... සයිබර් අවකාශයේ අකුරු කරන බ්ලොග් කරුවන්ට කාරිණියන්ට.... ආයෙමත්.... හමු වෙලා එකිනෙකා අඳුනගන්න... කතා කරන්න.... පිංතූර ගන්න.. ලැබෙන තවත් සුවිශේෂී අවස්ථාවක්.... :)

අෆෝයි.... ලයින් එක ලොකු වැඩි උනා වගේ නේද?:ඩී

මේකයි සිද්ධිය... මේක අපේ බ්ලොග්කරුවන්ගෙ ගෙට් එක...

1. දිනය - 2013.01.27
2. ස්ථානය - ගම්පහ මල් වත්ත (හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය) 
3. ගෙට්ටුව ආරම්භ වෙන්නෙ - උදෑසන 9.00
4. උද්‍යානයට ඇතුලුවීමට අය කරන ප්‍රවේශ පත්‍ර‍ ගාස්තුව
හා
දිවා ආහාරයත් ඇතුලත් 
ප්‍රවේශ පත්‍ර‍යක් -
රු 200/- 
5. ගෙට්ටුව අවසන් කරන වෙලාව - හවස 3.00

ගම්පහ නගරයේ සිට පයින් යන දුරින් උද්භිද උද්‍යානය පිහිටා තිබේ..... පයින් එන තරමට.. සහ උදෙන්ම එන තරමට නැරඹිය හැකි දේවල් බොහෝ ය.. ;)

ෂල්ලි ඇති අයට ඕනෑ නම් තීවීල් එකක් හෝ වාහනයක වුවත් යා හැක.. ඒත් ඉතින් බස් එකේ ගියත් බැහැල ටිකක් දුර පයින් යන්න වෙනව....
:)

ඒත් සංවිධායක මහත්තුරු ඔයාලව පයින් යවන්න සූදානම් නෑ වගේ.... :) එයාල කියල තියෙන වෙලාවට ගම්පහට ආවොත්.... ඔයාලට පයින් යන්න වෙන එකක් නැති වෙයි වගෙ... ;)


ගමන් මාර්ගය දක්වා තිබෙන්නෙ ගම්පහ නගරයේ සිටයි. කොහොමත් ගම්පහට එන එක බොලාගෙ වැඩක් නෙව.... :ඩී

--------------------------------------------------------------

මීට කළින් ගෙට් එකේ සොඳුරු මතක බලන්න ආසයි ද???මෙන්න මේවට ගිහින් බලන්න....

--------------------------------------------------------------
බ්ලොග් ලියන්නන් මෙන්ම බ්ලොග් කියවන්නන්ටත් මෙම අවස්ථාව විවෘත ය. බ්ලොග් කියවන්නන්ට තම ප්‍රියතම බ්ලොග් කරුවන්/කාරිණියන් හමු වීමට හැකි මෙම විශේෂ අවස්ථාව මග ඇරගන්ට නම් එපා ඔන්න... :)


මම ගොඩාක් ආදරේ කරන මගේ ගොඩක් පෝස්ට් වලට හේතුපාදක වෙලා තියෙන නගරය තමයි ගම්පහ. මගෙ සමහර පෝස්ට්.... ගම්පහ නගරයෙ යම් යම් සුවිශේෂී ස්ථාන අලලා ලියවුණු ඒව....


     ඒ නිසයි මම අදටත් කියන්නෙ.... ගම්පහ නගරය මට නම් මතක සරණියක්...... පිටකොටුවට නොයා ජීවිතේ ගැන හැම දෙයක්ම ඉගෙන ගන්න පුලුවන්, ජීවිතේ රස විඳින්න පුලුවන්..ජීවිතේට අමරණීය මතකයන් එකතු කරගන්න පුලුවන් සුන්දර නගරයක් ගම්පහ!!!!

ඔය ජීවිත වලින් වැඩක් නෑ එක පාරක් වත් කැළණි පන්සලටයි ගම්පහ මල් වත්තටයි ගිහින් නැත්තම්!!!

හෙහේ.. ඒ දෙකටම ගියත් වැඩක් නෑ, දැන් රටේ ගොඩක් ඉහළ තැන් වල පෞද්ගලික පංති කරන ගුරුවරු ටියුෂන් කලාවේ අ යන්න ආ යන්න පුරුදු වෙච්ච ගම්පහ නගරයෙ හෝල් ක්ලාස් එකකට එක පාරක් වත් ගිහින් නැත්තම්..
ලොල්!!!

මේ සම්බන්ධ අනිත් පෝස්ට් ටික මෙන්න --
සෑමා ලියූ ලිපිය මෙතැනින්
රෙපා ලියූ ලිපිය මෙතැනින්
ජිංජි ලියූ ලිපිය මෙතැනින් 
සිරා ලියූ ලිපිය මෙතැනින්

ප.ලි. - මල් වත්ත තුළ යුගල වශයෙන් අශෝබන ලෙස හැසිරීම සපුරා තහනම් නැති අතර එවන් අවස්ථා නිසා ලක් වන්නට සිදුවන මඩ ප්‍රහාර සම්බන්ධව කවුරුවත් කාටවත් වග කියනු නොලැබේ...
;)